Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment