Showing posts with label Uva. Show all posts
Showing posts with label Uva. Show all posts

Saturday, July 13, 2024

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Bandarawela depot

This photo was taken on July 07, 2024, in Colombo 11, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2113) at the Colombo central bus stand. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Bandarawela.This photo was taken in July 2024 while it was parked in the CBS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. රථය කොළඹ හා බණ්ඩාරවෙල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.

Friday, April 12, 2024

Ashok Leyland Commet Minor modified bus from SLTB Bandarawela depot

This photo was taken on April 06, 2024, in Dambethanna, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Comet Minor modified bus (GD-9921) near the lake Richmond on the Haputhale Dambethanna road. The bus acquired to Ruhnu bus company's Tangalle depot fleet in 2001. Recently transfferd to the Bandarawela depot due to timetable requiremnets. This photo was taken in April 2024 while it was allocated for the service between Bandarawela and Dambethanna under the route number 326. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හපුතලේ දඹේතැන්න මාර්ගයේ ලේක් රිච්මන්ඩ් අසල දී. 2001 වසරේ ධාවනයට එක් වී ඇති රථය රුහුණු බස් සමාගමේ තංගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන ධාවන අවශ්‍යතා මත මෙලෙස බණ්ඩාරවෙල ඩිපෝව වෙත ලබා දී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 326 යටතේ බණ්ඩාරවෙල සිට දඹේතැන්න බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, October 29, 2023

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Monaragala depot

This photo was taken on October 28, 2023, in Makumbura, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2077) at Makumbura. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Monaragala.This photo was taken in October 2023 while it was leaving for Colombo from Makumbura MMC. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුරේ දී. රථය කොළඹ හා මොණරාගල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2023 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ බලා පිටත් වෙමින් තිබුණි.

Saturday, February 11, 2023

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Mahiyangana depot

This photo was taken on September 03, 2022, in Mahiyanganaya, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (MY 45 / NC-0035) at the Mahiyanganaya bus stand. The bus acquired to the depot fleet in 2014. This photo was taken in Septermber 2022 while it was allocated for the services between Mahiyanganaya and Dambulla under route bumber 581-1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහියංගණය බස් නැවතුමේ දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2022 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 581-1 යටතේ මහියංගණය හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, January 17, 2023

SLCTB bodied TATA LP 1210/36 bus from SLCTB Kappetipola depot

This photo was taken in 1983 in Ohiya, Uva, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Keppetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී9919) at Ohoya. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1981. This photo was taken in 1983 while it was plaing to welimada from Udaweriya (via Boralanda and Ohiya) under route number 990.  This photo is copyrighted to the respective photographer. Courtesy: Chaminda Lakmal Kalubowila. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1981 වසරේ ධාවනයට එක්ල කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඔහිය දී. 1983 ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 990 යටතේ උඩවෙරිය සිට වැලිමඩ බලා (බොරලන්ද හා ඔහිය හරහා) ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතු වේ. ඡායාරූපය උපුටා ගැනීම චන්දිම ලක්මාල් කළුබෝවිල මහතා.

Wednesday, October 26, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Viking 222 Hinopower bus (BW  64 / NA-4130) in the depot premises. Acquired to the SLTB fleet in 2007. This photo was taken in May 2017 while it was allocated for the services between Badulla and Bandarawela under route number 296. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර්  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. 2017 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Seating Capacity :- 54
Year of Manufacturing :- 2006
No of Buses :- 492
SLTB type :- B+
Status :- In service

Information as at 20.10.2022

Tuesday, September 27, 2022

Antony bodied TATA LP 1510/52 bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, Antony bodied TATA LP 1510/52 bus (SBD 04 / NA-3300) in the Monaragala depot premises. The bus was acquired to the SLTB fleet in 2006. This photo was taken in March 2019 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාන්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට  තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Antony Garages (Pvt) Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Power
Seating Capacity :- 42
Year of Manufacturing :- 2006
No of Buses :- 727
SLTB type :- B
Status :- In Service

Information as at 23.06.2022

Tuesday, September 20, 2022

SLTB bus stand - Girandurukotte

This photo was taken on September 03, 2022, in  Girandurukotte, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture
Girandurukotte SLTB bus stand in September 2022. -- ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මහියංගණ ඩිපෝවට අයත් බස් රථ 2022 වසරේ සැප්තැම්බර් මස 03 වන දින.

Wednesday, September 7, 2022

Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Bibile depot

This photo was taken on September 02, 2022, in Bibile, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Bibile depot, Ruby bodied Ashok Leyland Viking 222 Hinopower bus (BB 24 / NA-3821) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 02nd Sepoember 2022 while it was in the depot. It is observed that the original appearance of the bus has changed a lot in later times.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2022 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිම කොට ඩිපෝව වෙත පැමිණෙමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නනිරීක්‍ෂණය වේ.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2006
No of Buses :- 467
SLTB type :- B+
Status :- in service

Information as at 07.09.2022

Tuesday, February 22, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking 222 Hinopower bus (WW 41 / NA-3648) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 19th March 2019 while it was parked in the depot.  Allocated for the services between Wellawaya and Haputhale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය හපුතලේ හා වැල්ලවාය අතර ධාවනයට යොදවා ඇත. 

Wednesday, January 5, 2022

Latec TATA LP 1510/52 bus from SLTB Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot Latec TATA LP 1510/52 bus (MON 18 / 63-4404) in the depot premises. Acquired to the NEBC fleet in 2000. This photo was taken in March 2019 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2000 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා නුවරඑළිය බස් සමාගමේ හැටන් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණි.

Tuesday, September 21, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)  Thanamalwila depot, Ashok Leyland Viking 210 Turbo bus (TW 20 / NB-8279) at the Wellawaya bus stand. The bus was acquired to the SLTB fleet in 2014. The bus was traveling from Tissamaharama to Colombo on December 31, 2017, when it met with a serious accident in the Thanamalwila area. The vehicle was severely damaged in the accident and the conductor Namal Kaushalya died on the spot. The vehicle was later sent to the Badulla Regional Workshop for repairs and was put back into operation in March 2018 after a complete overhaul. This photo was taken at the Wellawaya bus stand on March 19, 2019, and at the time of taking the photo, the bus was ready to run towards Thanamalwila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙම බස් රථය, 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින තිස්සමහාරාම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී, තණමල්විල ප්‍රදේශයේ දී දරුණු අනතුරකට ලක්වී ඇත. අනතුරින් රථයේ කොන්දොස්තර වරයා ලෙස සේවය කල නාමල් කෞශල්‍ය මහතා ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර මගීන් රැසක්ද තුවාල ලබා ඇත. එම අන්නතුරෙන් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර අලුත්වැඩියාව සඳහා රථය ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ (සමවායය) වෙත යොමු කර ඇත. පූර්ණ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ මාර්තු මස නැවත ධාවනයට එක්වී ඇති රථය, 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ වැල්ලවායේ සිට තණමල්විල බලා ධාවනයට සූදානමින් තිබුණි.

This bus which was sent to the SLTB Badulla Regional Workshop for repairs after the accident -- අනතුරෙන් පසු අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ වෙත යැවුණු මෙම බස් රථය වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken in January 2018, in Badulla, Uva, LK.
Click for the full-size picture.

Monday, April 19, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Uva regional office

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Ashok Leyland Viking  193 Hinopower bus (URO 03 / NA-1097) in the Badulla depot premises. Acquired to the SLTB Thanamalwila depot in 2005. Recently taken by the regional office and re-powered with a new engine. This photo was taken in October 2018 while it was allocated for the services between Badulla and Colombo under route number 98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ශ්‍රී ලංගම තණමල්විල ඩිපෝවට ලබා දී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස ඌව ප්‍රාදේශීය කාර්යාලයට පවරාගෙන ඇත. නව ටර්බෝ එන්ජින් කට්ටලයක් බද්ධ කර උස් ඇන්ද සහිත ආසන සකසා රථය මෙලෙස දුර සේවා සඳහා යෝග්‍ය වන පරිදි අලුත්වැඩියා කර ඇත. 2018 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 98 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඒ වන විට දුර සේවා වල නියුතු වූ පැරණි බස් රථ අතලොස්සෙන් එකකි.

Thursday, March 25, 2021

Modified Ashok Leyland comet Minor open-top bus from SLTB Badulla depot

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, modified Ashok Leyland comet Minor open-top bus (GE-3869) in the depot premises. This vehicle operating under the Kalutara depot of the Kalutara Bus Company in 2000 was later taken away by the SLTB Badulla depot in 2019 and repaired and modified as a special tour bus in March 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ එවකට කළුතර බස් සමාගමේ කළුතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයන් සීමාකර තිබියෙදී 2019 වසරේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව විසින් රැගෙනවිත් මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස අලුත්වැඩියා කර 2021 වසරේ මාර්තු මස මෙලෙස ධාවනයට එක් කර ඇත. ඉදිරියේ දී ඇල්ල ඇතුළු සංචාරක කළාප ඉලක්ක කර විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග පවසයි.

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Thursday, January 21, 2021

CTB bodied Mercedes-Benz LP 322/42 modified bus from SLTB Kappetipola DTS

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot driver training school (DTS) CTB bodied Mercedes-Benz LP 322/42 modified bus (23ශ්‍රී0430) in the depot premises. The bus acquired to the CTB Badulla depot in 1963. Transferred to the Kappetipola depot in the early 1980s and allocated for the services between Nuwara-Eliya and Badulla. After a short period of public service, the bus transferred to the driver training school. Currently, it is different from it's original Mercedes-Benz look. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුව 1980 දශකයේ මුල් භාගයේ කැප්පෙටිපොල ඩිපෝව වෙත ලැබී ඇති රථය බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යෙදවී ඇත. පසුව ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යලය වෙත මෙලෙස ලබාදී ඇත. රථයේ පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා එහි මුල් මර්සිඩීස්-බෙන්ස් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති අතර ටාටා බස් රථයක මුහුණුවරක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, September 19, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on November 11, 2019, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (KPP 114 / NC-2204) at Nuwara-Eliya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Welimada and Nebgombo under the route number 79. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, August 10, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018, in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyalnd Lynx 3900 bus (MY 36 / NB-5427) in the depot premises. The bus acquired to the fleet in 2013. Allocated for the services between Mahagama and Hettipola via Mahiyangana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මහගම හා හෙට්ටිපොල අතර ධාවනයට යොදවා ඇත.

Tuesday, July 21, 2020

SLTB breakdown service - Dehiattakandiya depot

This photo was taken on June 20, 2020, in Muththettugala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Dehiattakandiya depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1579) at Muttettugala. Ruby bodied bus converted as the breakdown service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් මුත්තෙට්ටුගල දී. 1980 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රුබී බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Tuesday, May 19, 2020

SLTB Supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී1580) in the depot premises. Ruby bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ පිහිටි ඌව ප්‍රාදේශීය ගබඩාව අසල දී. 1980 වසරේ ධාවනයට එක් වූ රුබී බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. මෙම ලිපිය පළ වන දින වන විට මෙම රථය බණ්ඩාරවෙල බස් නැවතුම සුළු ආපදා සේවා රථයක් ලෙස යොදා ගැනෙන අතර මුහුණතද වෙනස්කම් වලට භාජනය වී ඇත.

Wednesday, May 6, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Bandarawela depot

This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 909/36 bus (BW 70 / 63-2104) at the Badulla bus stand. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Badulla and Ballaketuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2013 වසරේ පෙබරවාරි මස බදුල්ල බස් නැවතුමේදී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බල්ලකෙටුව හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.