Showing posts with label Newb. Show all posts
Showing posts with label Newb. Show all posts

Monday, August 3, 2026

Lanka Metro Transit Receives 104 Brand-New Foton BJ6129C Buses

This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
This photo was taken on August 03, 2026, in Wattala, Western, LK, using a Xiaomi 17T.
Click for the full-size picture.
Lanka Metro Transit (LMT) has taken delivery of 104 brand-new Foton BJ6129C buses, marking another significant step towards modernizing Sri Lanka's public transport fleet. The new buses arrived in the country on 29 July 2026 and are currently stationed at the State Engineering Corporation (SEC) yard in Wattala, where they are undergoing inspection and pre-delivery preparations before entering passenger service. -- 2026 ජූලි මස 29 වන දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම වෙත ගෙන එන ලද ෆෝටන් BJ6129C බස් රථ 104 ක කාණ්ඩයකින් කොටසක් ශ්‍රී ලංකාවට ලැබුණි.  ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ඇණිය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි බස් රථ දැනට වත්තල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) අංගනයේ ස්ථානගත කර ඇති අතර, මගී සේවයට පිවිසීමට පෙර ඒවා පරීක්ෂා කිරීම සහ බෙදා හැරීමට පෙර සූදානම් කිරීම්, ආදාළ නියෝජිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම විසින් සිදු කරනු ලැබේ. 

Tuesday, April 21, 2026

New Foton BJ6129C buses for the Lanka Metro Transit

This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
A new urban bus service was launched today under the Lanka Metro Transit (LMT) Company. As part of this initiative, 10 Foton BJ6129C model city buses received under the Clean Sri Lanka project were deployed for operation today as a pilot project. These buses, specially designed for urban transport, are equipped with essential features expected in a modern public transportation system. These include low-floor access, facilities to accommodate wheelchairs for passengers with disabilities, and automated fare payment systems. -- අද දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම යටතේ නවතම නාගරික බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. ඒ යටතේ LMT වෙත Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලැබුණු ෆෝටන් BJ6129C වර්ගයේ නාගරික සේවා බස් රථ 10ක් අද දින නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනයට එක් කරන ලදී. නාගරික සේවා වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු මෙම බස් රථ පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ හැකියාව ඇතුළු සම්මත පොදු ප්‍රවාහන පද්ධතියක පැවතිය යුතු පහසුකම් වලින් සමන්විතය.  

Thursday, January 5, 2023

Ashok Leyland Lynx 4200 new buses for the SLTB

This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Today the Sri Lanka Transport Board (SLTB) received 75 new Ashok Leyland LYNX 4200 buses. Those will allocate to depots islandwide. Totally 500 buses will be received under this project. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් LYNX 4200 වර්ගයේ ආසන 32 බස් රථ 75 ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ ඩිපෝවන් වෙත සංඛේතාත්මකව බෙදා දුන් බස් රථ 75 ක් ශ්‍රී ලංගම තලංගම ඩිපෝ පරිශ්‍රයේ නවතා ඇති අකාරය ඡායාරූපයේ දැක්වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ බස් රථ 500 ක් ලැබීමට නියමිතය.

Friday, January 15, 2021

කොළඹ 'City Bus' සේවය -- Colombo 'City Bus' Service

'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 'City Bus' සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙය ක්‍රියාත්මක වන්නේ 'Park and Ride' සේවාවක් හෙවත් මගියාගේ පුද්ගලික වාහනය ගාල් කර බස් රථයෙන් කොළඹ නගරයට ඇතුළු විය හැකි අයුරිනි. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (2021 ජනවාරි 15) දින පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබා ගන්නා ලද බස් රථ බස් රථ 25 ක පමණ ඇණියකින් මුල් අදියරේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා Toyota Coaster, Mitsubishi Rosa යන වර්ග ප්‍රමුඛව යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඉදිරියේ දී පත්ල පහත් (low Floor) නාගරික සේවා බස් රථ 200 ක ඇණියක් මෙම සේවාව සඳහා ශ්‍රී ලංගමට ලබා දීමට නියමිතය.
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. 
ආසනගත මගීන් පමණක් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. 

මගීන්ට සිය පුද්ගලික වාහනය ආසන්නතම Park & Ride රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ තවදුරටත් පුළුල් කිරීමට ලංගම සූදානමින් සිටී. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දැනට, දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
'City Bus' සේවාව ක්‍රියාත්මක වන මාර්ග සිතියම. නිල් පැහැයෙන් වාහන ගාල් කල හැකි ස්ථාන දැක්වේ.
ධාවන_මාර්ගය 01
මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මාකුඹුර 

ධාවන_මාර්ගය 02
මාකුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ව්‍යාපෘතියට හිමිව ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය, බස් රථ කාල සටහන සහ ආසන්නතම බස් රථයේ ළඟාවීම දැනගැනීමටත් හඳුන්වා දී ඇති විශේෂ 'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) දියත් කිරීමද සමඟාමීව සිදුකෙරිණි.
'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) 
'City Bus' ජංගම දුරකථන මෘදුකාංගය (APP) මෙතැනින් ගන්න  

විවෘත කිරීමෙන් පසු නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමාද එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
'City Bus' සේවාව ආරම්භ කරමින් ජනාධිපතිතුමා අතින් විවෘත වූ බස් රථය.
ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමතිවරුන් සහ ශ්‍රී ලංගම සභාපතිතුමා බස් රථයෙන් ගමන් කිරීම.

Friday, December 4, 2020

SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Dambulla depot

This photo was taken in 1991 in Dambulla, Central, LK.
Click for the full-size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Dambulla depot, SLCTB bodied Mercedes-Benz OF 1113/44 bus (60ශ්‍රී8500) in the depot premises. The brand new bus at the PTS Dambulla opening ceremony in 1991. Photo courtesy: Chandana Wijesinghe. -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ.ස.ප්‍ර.සේ. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ බඳ නිමවූ මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1990 වසරේ ජර්මනියෙන් ගෙන්වන ලද මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ තට්ටු 256 ක තොගයකින් කොටසක්, ඒකල වැඩපොළ වෙත සපයා මෙලෙස බඳ නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථ සීමිත ගණනක් පමණක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒකල වැඩපොළ මඟින් ද බඳ මාදිලි කීපයක් යටතේ මේවා එකලස් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන මාදිලියේ එකදු බස් රථයක් හෝ වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණියේ දක්නට නැත. 1991 වසරේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ සීමාසහිත දඹුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය පිහිටවූ දිනයේ වන අතර උත්සවයට සමගාමීව බස් රථය ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය: චන්දන විජේසිංහ. 

Tuesday, September 17, 2019

New Ashok Leyland 12M and Lynx buses for the SLTB

This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Today the Sri Lanka Transport board (SLTB) received 18 of new Ashok Leyland 12M 50 seater and 03 of Ashok Leyland LYNX 33 seater buses. Those are allocated to several depots. Totally 272 buses will allocate under this project. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 බස් රථ 18 ක් සහ අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ ආසන 33 බස් රථ 3ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ ඩිපෝවන් 06 ක් වෙත සංඛේතාත්මකව බෙදා දුන් බස් රථ 06 ක් ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩාංගන පරිශ්‍රයේ නවතා ඇති අකාරය ඡායාරූපයේ දැක්වේ. අදාළ බස් රථ ඩිපෝවන් මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ බස් රථ ඩිපෝවන් වෙත, ආසන 50 බස් රථ 272 ක් සහ ආසන 33 බස් රථ 53ක් වශයෙන් බෙදී යනු ඇත.

Ashok Leyland 12M buses -- අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථ

This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
අශෝක් ලේලන්ඩ් 12M  වර්ගයේ මෙම බස් රථ, මේ දක්වා ශ්‍රී ලංගම යටතේ සාමාන්‍ය හා අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථ වලට වඩා යම් වෙනස්කම් වලින් යුක්තය. මෙහි කැපී පෙනෙන වෙනසක් වන්නේ රථය දිගින් වැඩි වීමය. තට්ටුවේ මුළු දිග මීටර 11.7 ක් ලෙස සඳහන් වේ. මෙහි බඳ ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කරන ලද්දක් වන අතර පැත්තෙන් පැමිණෙන ආපදා දොරටුව මෙන්ම පසුපස මුහුණතේ ආපදා දොරටුව වශයෙන් දොරටු දෙකක් රථ සතුය. සමස්ථ බස් රථයේ උස සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා තරමක් වැඩිය. පළලින් වැඩි 2X2 රටාවට සකසූ උස් ඇන්ද සහිත ආසන රථ සතු වන අතර ආසන අතර මගීන්ට පහසුවෙන් හුවමාරු විය හැකි ඉඩක් තිබේ. තාක්‍ෂණික වෙනස්කම් වශයෙන් ගත් කල ඉන්දියානු BS4 තාක්‍ෂණයට අනුකූලව රථ නිමවී ඇති අතර කොමන්රේල් තාක්‍ෂණයෙන් යුතු එනිජ්මක් රථ සතුය. 
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

ටියුබ් රහිත ටයර් වලින් රථ සමවිත වන අතර දුම් බටය ඉදිපස රෝදයට පිටුපසින් පිහිටා තිබීම විශේෂත්වයකි.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

 Ashok Leyland LYNX buses -- අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථ
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙම ව්‍යාපෘතිය යටතේ ලැබුණු අශෝක් ලේලන්ඩ් LYNX බස් රථ වලද පූර්වයෙහි ලැබුණු බස් රථ වලට වඩා යම් යම් බාහිර වෙනස්කම් දක්නට ලැබේ. සමස්ථ බස් රථය උසින් වැඩි වීම ඒ අතරින් කැපී පෙනේ. තාක්‍ෂණික වෙනස්කම් වශයෙන් ගත් කල ඉන්දියානු BS4 තාක්‍ෂණයට අනුකූලව මෙම රථ ද නිමවී ඇති අතර කොමන්රේල් තාක්‍ෂණයෙන් යුතු එනිජ්මක් රථ සතුය. 
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
පසු සටහන: කෙසේ නමුදු මෙම ව්‍යාපෘතියට පෙරද  මෙම දෙවර්ගයේම බස් රථ කිහිපය බැගින් ඇතැම් ඩිපෝ මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදීගෙන ඇති බව සඳහන් කළ යුතුය. 

Monday, June 24, 2019

New King Long XMQ6127CY luxury buses for the SLTB

This photo was taken on June 21, 2019 in Battaramulla, Western, LK.
Click for the full size picture.
Newly arrived nine New King Long XMQ6127CY luxury buses parked in the Thalangama depot yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අලුතින් මිලදී ගත් කින්ග් ලෝන්ග් XMQ6127CY මාදිලියේ බස් රථ පෙළක් ඩිපෝවන් වෙත බෙදා දීමට පෙර තලංගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 9 ක් මුල් අදියරේ ලැබී ඇති අතර ඉදිරියේදී තවත් බස් රථ 37 ක් ලැබීමට නියමිත බව ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි. අධිසුඛෝපබෝගී කාණ්ඩයේ, ආසන පනස් එකකින් (51) යුත් මෙම බස් රථ Monocoque තාක්‍ෂණය අනුව නිමවා ඇති අතර පසුපස එන්ජිමකින්ද යුක්ත වේ. ඊට අමතරව සැකසිය හැකි ආසන, ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන හිරු ආවරණ, ජංගම දුරකථන බැටරි ආරෝපණයට USB සබඳතා, CCTV කැමරා පද්ධති, ශීතකරණ ඇතුළු අමතර පහසුකම් රැසක් අන්තර්ගතව පැමිණ ඇත. මෙම රථ ලංගමට මෙන්ම රථ වලින් ගමන් පහසුව සලසා ගන්නා මගී ජනතාවටද නවමු අත්දැකීමක් වනු ඇත.

ආසන වල ඇති බෝතල් රඳවනය සහ USB සබඳතාව.
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
බසයේ ඇති ශීතකරණය.
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මුල් අදියරේ ලැබුණු මෙම බස් රථ නවය (09) මිලදී ගත් ඩිපෝවන් වන්නේ මහරගම ඩිපෝව දෙකක් (02), අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය (SLTTS) දෙකක් (02), ම.බ.කා. ඩිපෝව දෙකක් (02), පොළොන්නරුව ඩිපෝව එකක් (01), මාතලේ ඩිපෝව එකක් (01) හා මාවනැල්ල ඩිපෝව එකක් (01) වශයෙනි. එළඹෙන ජුනි 27 දින රථ අදාළ ඩිපෝවන් වෙත බෙදා දීමට නියමිතය. එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්‍ෂ 180 ක් වන අතර අදාළ ඩිපෝවන් මගින් මේ වනවිටත් අදාළ මුදල සම්පූර්ණයෙන් ගෙවා තිබීම විශේෂත්වයකි. 
This photo was taken on June 21, 2019 in Battaramulla, Western, LK.
Click for the full size picture.
2019 ජුලි මස 04 දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
අදාළ රථ කොළඹ වරායෙන් ගොඩ බෑමෙන් පසු
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.

රථයක ඇතුලත - Interior of a King Long XMQ6127CY
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.

28th June 2019 Update -- 2019 ජුනි 28 දින යාවත්කාලීනය
This photo was taken on June 27, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 27, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
2019 ජුනි මස් 17 දින උත්සවාකාරයෙන් ඩිපෝවන් වෙත බෙදා දුන් කින්ග් ලෝන්ග් XMQ6127CY බස් රථ නාරාහේන්පිට ශ්‍රී ලං.ග.ම. ශාලිකා ක්‍රීඩා සංකීරණ පරිශ්‍රයේ දී.

Thursday, November 15, 2018

New Ashok Leyland 12M SLTB Edition 50 seater bus form SLTB Maharagama depot

This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Today the Sri Lanka Transport board (SLTB) received 15 of new Ashok Leyland 12M SLTB Edition 50 seater buses and those are allocated to several depots. Maharagama depot also received two buses and one of those you can see on the picture. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 බස් රථ 15ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ මහරගම ඩිපෝවට ලැබුණු බස් රථ දෙකෙන් එකක් ඡායාරූපයෙ දැක්වේ. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කල බඳකින් යුතු මෙම බස් රථ 2x2 ආසන සැකැස්මට නිමවා ඇත.  Common-rail තාක්‍ෂණය සහිත එනිජිමකින් යුතු රථ තවත් යාවත්කාලීන රැසක් සහිතව පැමිණ ඇත. ඩිපෝවන් මගින් සම්පූර්ණ මුදල් ගෙවා වෙන් කර ගත් බස් රථ මෙලෙස ඩිපෝවන් වෙත බෙදා දී ඇත. ඒ යටතේ පොලොන්නරුව ඩිපෝවට බස් රථ හතක්, හැටන්  ඩිපෝවට බස් රථ දෙකක්, වෙන්නප්පුව ඩිපෝවට  බස් රථ දෙකක්,  මහරගම ඩිපෝවට බස් රථ දෙකක් හා කුලියාපිටිය ඩිපෝවට එක් බස් රථයක් ලෙස බෙදී ගොස් ඇත.

රථයේ පිටුපස මුහුණතේ මෙන්ම දකුණු පැත්තෙන් ද ආපදා දොරටු පිහිටුවා ඇත.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, October 20, 2016

Ashok Leyland Lynx C type bus from SLTB Bibila depot

This photo was taken on February 05, 2016 in Mahiyanganaya, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture
Sri Lanka Transport Board (SLTB) Bibila depot Ashok Leyland Lynx C type bus (BB 73 / NC-3018) at Mahiyanganaya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් මහියංගණය බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. 2014 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි.

Wednesday, November 11, 2015

Ashok Leyland Turbo bus from SLTB Bibila depot

This photo was taken on September 04, 2015 in Beragala, Badulla, Uva, LK using a Nokia C6-00.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot Ashok Leyland Viking Turbo bus (BB 66 / NC-1166) at Beragala. The Bus running under route 99 Badulla - Colombo. (Pic by: Chandika Madushan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් බෙරගල දී.  බස් රථය මාර්ග අංක 99 ඔස්සේ බදුල්ල හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: චන්දික මදුෂාන්)

Tuesday, November 10, 2015

Ashok Leyland Lynx double door bus from SLTB Kappetipola depot

This photo was taken on May 31, 2015 in Welimada, Uva, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot  Ashok Leyland Lynx (double door) bus (NC-3001) at Welimada bus stand. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මෙම බස් රථය ඉඳිගහදෝව හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Sunday, September 6, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Sabaragamuwa regional office

This photo was taken on May 29, 2015 in Avissawella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Sabaragamuwa regional office, Ashok Leyland Viking Turbo bus (NB-9152) at Avissawella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් අවිස්සාවේල්ල බස් නැවතුමේ දී. රථය කෑගල්ල හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, August 20, 2015

New Ashok Leyland Lynx double door bus from SLTB Balangoda depot

This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot New Ashok Leyland Lynx (double door) bus (BG 131 / NC-2977) at Balangoda bus stand. (Pic by: Janaka Nishantha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලංගොඩ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවා ඩිපෝවන් වෙත සපයා දී ඇත. (ඡායාරූප: ජනක නිශාන්ත)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.

Tuesday, August 19, 2014

Ashok Leyland Viking 193 Turbo and Ashok Leyland Viking 210 Turbo new buses for the SLTB

This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Newly arrived SLTB Ashok Leyland Viking Turbo Intercooler buses parked in front of the Udahamulla Depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථ පෙළක් ඩිපෝවන් වෙත බෙදා දීමට පෙර උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 2200 ක් ආසන 54 හා 42 වශයෙන් ලැබීමට නියමිත අතර මුල් අදියරේ දී බස් රථ 50 ක් පමණ ලැබී ඇත. ඉදිරියේදී තවත් බස් රථ ලැබීමට නියමිතය. ඇතැම් බස් රථ ඉලෙක්ට්‍රොනික නාම පුවරු හා GPS තාක්ෂණ උපකරණ වලින් ද සමන්විතය.

Rear view a the bus -- මෙම බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Inside of a bus -- බස් රථයක ඇතුලත
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

GPS camera of the bus -- බස් රථයක GPS කැමරාවක්
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Digital board -- ඉලෙක්ට්‍රොනික (LED) නාමපුවරු 
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

New (42 seater) Viking 193 buses at the Colombo harbor premises -- නව (ආසන 48) බස් රථ කොළඹ වරාය පරිශ්‍රයේ දී 
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.