Showing posts with label dimo. Show all posts
Showing posts with label dimo. Show all posts

Saturday, June 8, 2024

Dimo TATA LP 1210/52 bus from SLTB Wariyapola depot

This photo was taken in 2005 in Wariyapola, Wayamba, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Dimo TATA LP 1210/52 bus (61-8675) at the Wariyapola bus stand in 2005. This photo is copyrighted to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2005 වසරේ වාරියපොළ බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 12 කට පසු මෙලෙස දිස් වී ඇත. 2004 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංගම නැවත පිහිටවූවද, බස් සමාගම් යුගයේ පැවති කහ පැහැය ඡයාරූපය ලබාගන්නා අවස්ථාව තෙක්ම පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, September 16, 2022

Dimo TATA LPO 1313/47 bus from SLTB Yatinuwara depot

This photo was taken on December 09, 2011, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Dimo TATA LPO 1313/47 bus (YT 26 / 62-1800) in Kandy. The bus acquired to the PTS Yatinuwara fleet in 1995. This photo was taken in December 2011 while it was allocated for the services Kadugannawa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට සීමා සහිත යටිනුවර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

A photo of this bus taken at the depot premises in 2013 -- මෙම බස් රථය 2013 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Technical Specifications
Make :- Tata Motors
Model :- LPO 1313/47
Coach Builder :- Dimo Lanka Auto Assembly Ltd in Sri Lanka
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4725 mm
Seating Capacity :- 40
Steering type :- Power
Year of Manufacturing :- 1994
Date of Registration :- 08.03.1995
SLTB type :- B
Status :- Withdrawn

Information as at 16.09.2022

Tuesday, December 25, 2018

Dimo TATA LP 1210/52 bus from CMBC Moaratuwa depot

This photo was taken in 2004 in Moratuwa, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Dimo TATA LP 1210/52 bus (MR 23 / 62-0098) at the Moratuwa bus stand in 2004. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2004 වසරේ මොරටුව බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 10 කට පසු මෙලෙස දිස් වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, March 9, 2018

Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot

This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Anuradhapura depot, dimo TATA  LPO 1313/47 bus (62-1184) at Hunnasgiriya with a special tour in 1995. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථයක් 1995 වසරේ හුන්නස්ගිරියේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ මෙරටදී එකලස් කර ඇත්තේ ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගිනි. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Monday, January 26, 2015

Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot

This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Ja-Ela depot, dimo TATA LPO 1313/47 bus (JL 97 / 62-2090) at the Colombo central bus stand. Body built by Dimo Lanka autoassembly limited and acquired to the PTS fleet in 1995. Allocated for the services between Raddolugama and Colombo under the route number 188. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් 1997 වසරේදී කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 188 යටතේ රද්දොළුගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, November 30, 2014

The first Dimo bus of the PTS -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මුල්ම ඩිමෝ බස් රථය

This photo was taken on 1992 in Colombo, LK.
Click for full size picture.
This is the first Dimo bus of the Peoplized Transport Service (Now SLTB). Body built by Dimo Lanka Auto Assembly Ltd in 1992 on a TATA LPO 1313/47 chassis. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) වෙත ලැබුණු මුල්ම ඩිමෝ බඳ සහිත බස් රථය මෙයයි. මෙය ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ ඩිමෝ ලංකා සමාගම මගින් බස් රථ සඳහා බඳ (body) සැකසීම ආරම්භ කර පරීක්ෂණ ධාවනය සඳහා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත එවා ඇති මෙම බස් රථය පරීක්ෂන ධාවනයෙන් අනතුරුව ඩිපෝවක් වෙත අනියුක්ත කර ඇති බව සැලයි. මෙම බස් රථයෙන් පසුව ටාටා LP 1210/52, ටාටා LPO 1313/47 සහ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 යන වර්ග වලින් ඩිමෝ බඳ සහිත බස් රථ ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

Tuesday, November 4, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Dimo TATA LPO 1313/47 bus (WG 11 / 62-2127) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd and Acquired to the fleet in 1995. Allocated for the services between Kbaragala and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු ඇතැම් කොටස් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කබරගල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 23, 2014

Dimo TATA LP 1210/52 modified bus from SLTB Hoarana depot

This photo was taken on December 01, 2013 in Horana, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Dimo TATA LP 1210/52 modified bus (HR 46 / 62-0552) at the Horana bus stand. Body repaired and modified by the Elaka Lakdiwa workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. විවිධ හේතුන් මත මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. මෑත කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ සිදුකළ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙම බස් රථය මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

Friday, January 31, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Dimo TATA LPO 1313/47 bus (EMB 53 / 62-3894) in the depot premises. Body built by Dimo Lanka Auto Assembly Ltd. Acquired to the PTS fleet in 1995. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස්  කර ඇති රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, December 11, 2013

Dimo bodied Mercedes-Benz OF 1113 buses


Dimo Lanka Auto Assembly Ltd. bodied Mercedes-Benz OF 1113 bus. Few buses attached to the Peoplized Transport Service (PTS / Now SLTB) fleet in early 90's. (Photo courtesy: Dimo Lanka newspaper ad) -- මුල් කාලීනව (1992) ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක ඡායාරූපයකි. එකල මෙම බස් රථ කිහිපයක් ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) යටතේ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපය උපුටා ගැනීම: ඩිමෝ සමාගම මගින් පල කළ පුවත්පත් දැන්වීමකිනි.)

Sunday, September 15, 2013

Dimo TATA LPO 1313/47 modified bus from SLTB Kandy south depot

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Dimo TATA LPO 1313/47 Modified bus (KS 150 / 62-2286) in Kandy. Rehabilitated and modified by the depot workers (2011) to celebrate the President's induction.  Photos by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2011) සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියා වේ දී මුහුණත යම් කොටස්, ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. රථයේ ආසන ද වෙස්කො අර්ධ සුඛෝපභෝගී බස් රථ වලින් සපයා ගත් ඒවාය. ඡායාරූප: චානක රත්නායක

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 21, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Thursday, August 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, dimo TATA LPO 1313/47 bus (AP 25 / 62-1509) at Anuradhapura. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ නිපදවා ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1994 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Dimo TATA LPO 1313/47 bus (KB 28 / 62-1853) in the depot premises. Body built by Dimo Lanka autoassembly Ltd. in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවකට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුමෙන් වෙනස් වී ඇත

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 10, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kandy north depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Dimo TATA LPO 1313/47 bus (KN 196 / 62-1501) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ඩිමෝ LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර නිමවා ඇති මෙම බස් රථය, ලංගම රථ ඇණිය හා එකතු වන්නේ 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Monday, April 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Dimo TATA LPO 1313/47 bus (JF 01 / 62-5029) at Katharagama. Body built by Dimo Lanka Auto assembly Ltd. Rehabilitated by the Jaffna depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථය 1994 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයෙන් ඉවත්කර තිබුණු රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් (2012 දෙසැම්බර්) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 15, 2013

Dimo TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot Dimo TATA LP 1210/52 bus (61-8531) in the depot premises. Body built by Dimo Lanka Auto-assembly LTD. Acquired in 1994 in PTS (Now SLTB) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයකි. ටාටා LP 1210/52 තට්ටුවක් (chassis) යොදාගෙන ඩිමෝ ලංකා සමාගම මගින් මෙහි බඳ (body) නිපදවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතු වන මෙම බස් රථ බොහොමයක් විවිධ හේතු නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇත. බඳ අධික බරකින් යුක්ත වීම නිසා තට්ටුවට දැරිය නොහැකි වීම, යකඩ බඳ ඉක්මනින් දිරායාමට ලක්වීම වැනි හේතු ප්‍රධාන වේ. කෙසේ වෙතත් බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම බස්  තවමත් ඉතා හොඳ තත්වයෙන් ධාවනයේ යෙදේ. ඉදිරිපස ප්‍රධාන ලාම්පු පමණක් පසුකාලීනව වෙනස් කොට ඇත.

ඡායාරූප හා තොරතුරු ලබාගැනීමේදී උපරිම සහාය ලබාදුන් බලන්ගොඩ ඩිපෝ අදිකාරී තුමා (ඩබ්. කේ. ගුණතිලක මයා), ඩිපෝ ඉංජිනේරුතුමා (අයි. ඇම්. ඇස්. බණ්ඩාර මයා), ඩිපෝ ෆොර්මන් (නයන ප්‍රදීප් මයා) තාක්ෂණ ශිල්පී (පද්මකුමාර අබේසිංහ බණ්ඩාර) යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිමෝ (dimo) බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයක්.

Friday, February 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kilinochchi depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, dimo TATA LPO 1313/47 bus (KC 19 / 62-3353) at Kataragama. Body built by Dimo Lanka auto assembly Ltd. This bus rehabilitated (2012) by Kilinochchi depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කිලිනොච්චි ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී කිලිනොච්චි ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 25, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Kirindiwela depot, Dimo TATA LPO 1313/47 bus (KD 02 / 62-1791) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1994. Rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. මම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී එකලස් කර ඇත. විවිධ හේතුන් නිසා මෙම බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත්ව තිබුනත් ඇතැම් ඩිපෝවල තවමත් මෙලෙස ධාවන මට්ටමේ පවතී. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන්  කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථ කොටස් උපයෝගී කොට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.