Showing posts with label CTB. Show all posts
Showing posts with label CTB. Show all posts

Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Thursday, September 8, 2022

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Galle depot

This photo was taken in May 1972 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Galle depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී2762) in Galle. This photo was taken in May 1972 while it was allocated for the services between Dalawella and Galle. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ගාල්ලේ දී. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇති අතර මෙම රථයේ එංගලන්ත ඇණි අංකය RTL 763 ලෙස වේ.  Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දළවැල්ල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Technical Specifications
Make :- Leyland
Model :- Titan RTL
Body By :- Park Royal in England
Steering system :- manual
Year of manufacture :- 1950
Year of registration in Sri Lanka: 1967 
SLTB type :- A+
Stats :- Withdrawn

Monday, January 25, 2021

Bedford A3 bus of Ceylon Transport Board

This photo was taken in 1959 in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Bedford A3 bus (22ශ්‍රී0803) at Kirindiwela in 1959. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ බෙඩ්ෆෝර්ඩ් A3 වර්ගයට අයත් පැරණි බස් රථයක් 1959 වසරේ කිරිඳිවැල දී. පුද්ගලික බස් සමාගමක් සතුව තිබී ජනසතුවට සමගාමීව 1958 වසරේ ලංගම වෙත ලබාගත් බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, October 2, 2020

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Jaffna depot

This photo was taken in 1972 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Jaffna depot, (Ex London transport) Leyland RTL double decker bus (22ශ්‍රී2692) in Jaffna. This photo was taken in 1972 while it was running under the route number 764 between Jaffna and Palaly. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් යාපනයේ දී. රථය 1959 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 764 යටතේ යාපනය හා පළාලි අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Wednesday, June 26, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 04

1958 වසරේ ජනවාරි මස  ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවේ ඉංජිනේරු අංශය ස්ථාපිත කිරීම සංඛේතවත් කරමින් ඉංජිනේරු අංශයේ සේවක පිරිස එක්ව ලබාගත් මෙම සමූහ ඡායාරූපය ලංගම මතක සටහන් අතර තවත් නොමැකෙන මතක සටහනක් වනු නොඅනුමානය. ඩිපෝව පිහිටුවීම සංඛේතවත් කරමින් ලබාදුන් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයක් ද පසුබිමේ දිස්වේ.

ඡායාරූපය අප වෙත ලබා දුන් රතනපුර ඩිපෝවේ ඉංජිනේරු අංශයට අපගේ ස්තූතිය.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Thursday, April 11, 2019

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Meetotamulla depot

This photo was taken on 1973 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Meetotamulla depot, ex London Transport Leyland RTW double-decker bus (23ශ්‍රී3078) in Colombo Fort. Allocated for the services on the route no. 166 between Angoda and Fort. Photo by: Andy on flickr -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Leyland  RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම දෙමහල් බස් රථය, ලන්ඩනයේ ධාවනය වී පසුව ලංගම මගින් මිලදී ගත්තකි. 1973 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 166 යටතේ අංගොඩ හා කොළඹ කොටුව අතර ධාවනයට යොදවා තිබී ඇත. කෙසේ වූවද මේ වන මාර්ග අංක 166 යටතේ කිසිදු ශ්‍රී ලංගම බස් රථයක් ධාවනය නොවේ. ඡායාරූපය: Andy on flickr.

Saturday, March 23, 2019

AEC RFW coach from CTB Udubaddawa tourist depot

This photo was taken in 1965 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Udubaddawa tourist depot, AEC RFW (standing for Regal Four Wide) Coach (23ශ්‍රී1437) in Kandy. -- 1965 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) විශේෂ සංචාර සේවා ඇණිය සඳහා එංගලන්තයෙන් ආනයනය කර ඇති, උඩුබද්දාව විශේෂ සංචාර ඩිපෝවට අයත්ව තිබුණු AEC RFW වර්ගයේ බස් රථයක මහනුවරදී ලබාගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් එකල සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර මේවායේ බඳ බ්‍රිතාන්‍ය AEC සමාගම මගින් නිමවා ඇත. එම සමාගම මගින් මෙම වර්ගයේ බස් රථ 15 ක් නිපදවා ඇති අතර එයින් 13 ක් ලංගම විශේෂ සංචාර ඇණිය සඳහා මිලදී ගෙන ඇත. එම රථ 23-1431 සිට 23-1443 අතර ලියාපදිංචි අංක ලැබී ඇත. මෙම බස් රථ වල එන්ජිම බසයේ මැද පිහිටා ඇති අතර එන්ජිමට අවශ්‍ය වාතාස්‍රය ලබාගැනීමට ඉදිරි රෝදයට පිටුපසින් ඇති සිදුර භාවිතා කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, August 27, 2018

Voll bodied Mercedes-Benz OP 312 bus from CTB Kandy south depot

This photo was taken on February, 1977 in  Kandy, Central, LK.
Click for the full size picture
Ceylon Transport Board (CTB / Now SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී1666) in Kandy in February 1977. Photo by:  Martin White. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මර්සිඩීස් බෙන්ස් OP 312 වර්ගයේ බස් රථයක් 1977 වසරේ පෙබරවාරි මස මහනුවර දී. 1958 වසරේ ලංගම පිහිටුවීමට සමගාමීව මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. කෙසේ වූවද ධාවනයට එක්වී වසර 19කට පසුවද මෙලෙස දැක ගැනීමට ලැබී ඇත. ඡායාරූපය : Martin White

Sunday, December 17, 2017

CTB bodied Mercedes-Benz LP322 bus from CTB Kandy South depot

This photo was taken in 1971 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Kandy south depot, CTB bodied Mercedes-Benz LP322 bus (23ශ්‍රී0648) in Kandy. Acquired to the CTB fleet in 1963.  Pic by: Barry Wilkinson -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP322 වර්ගයේ බස් රථයක් 1971 වසරේ මහනුවර නගරයේ දී.  (ඡායාරූපය: Barry Wilkinson)

Wednesday, November 29, 2017

CTB bodied Austin 830WF bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
A brand new, CTB bodied Austin 830WF 24 seater in Colomo in 1971. The bus is on  trade plates awaiting allocation of it's new registration number (Photo by: Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) මගින් බඳ සැකසූ ඔස්ටින් 830WF වර්ගයේ නවතම බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1970 දශකයේ මුල් භාගයේ පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇති මෙම බස් රථ ආසන 24 කින් සමන්විත වී ඇත. 23ශ්‍රී කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති මෙම රථයට ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටවත් එහි ලියාපදිංචි අංකය ලැබී නොමැත. (ඡායාරූපය: Barry Wilkinson)

Monday, July 10, 2017

ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය

1950 දශකයේ කොළඹ නගරයේ ධාවනය වූ ට්‍රෑම් කාර් රථයක් සහ ට්‍රොලි බස් රථයක් 
1958 වසරේ ජනවාරි 01 වන දින, ඒ දක්වා දිවයිනේ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම් 70 ක් රජයට පවරා ගනිමින් ලංගම පිහිටවූ බව, අප පෙරදී පල කල 1958 බස් ජනසතුව ලිපිය ඇසුරු කල ඔබ දැනටමත් දන්නා කරුණකි. එහෙත් 1958 ට පෙර කොළඹ නගරය ආශ්‍රිතව පොදු ප්‍රවාහනය ගැන කතා කිරීමේදී බස් සමාගම් වලටම සීමා වීමට නොහැකි කරුණක් ඇත. මන්ද යත්, එවකට කොළඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ විශාල වගකීමක් කොළඹ මහා නගර සභාව සතුවද පැවති හෙයිනි. එම වගකීමට උර දෙමින් කොළඹ නගර සීමාවන් තුල ට්‍රෑම් සේවාව හා ට්‍රොලි බස් සේවාව පවතවාගෙන යාම කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට (Colombo Municipal Passenger Transport Department) භාර වී තිබී ඇත.

Monday, December 26, 2016

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ratmalana depot, ex London Transport Leyland  RTW double-decker bus (23ශ්‍රී2690) in Colombo. Playing on route no. 100 Panadura - Colombo (Express Service) . (Pic by: Lloyd Rich on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්මලාන ඩිපෝව මගින් මාර්ග අංක 100 න් කොළඹ සිට පානදුර බලා සීග්‍රගාමී සේවා යටතේ ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේදීය. (ඡායාරූපය: ලොයිඩ් රිච්)

Tuesday, July 12, 2016

CTB bodied Austin 5.1 bus from Ceylon Transport Board

This photo was taken in 1958 in Haputhale, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Austin 5.1 bus (22ශ්‍රී2427) at Haputhale on a misty morning in 1958. (Photo courtesy: Ceylon Transport Board - Annual Report 1959) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ ඔස්ටින් 5.1 වර්ගයට අයත් පැරණි බස් රථයක් 1958 වසරේ මීදුම් සහිත උදෑසනක හපුතලේ දී. මෙය ලංගම මගින් එකලස් කරන ලද මුල් කාලීන බඳකින් යුත් ආසන 34 කින් සමන්විත බස් රථයකි. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1959 වර්ෂය පිලිබඳ වාර්තාව (ඉංග්‍රීසි පිටපත)

Thursday, June 9, 2016

Ikarus 31 buses of Ceylon Transport Board

This photo was taken in 1958 in Werahara, Western. LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ikarus 31 bus at Werahara workshop premises in 1958. 10 of these buses acquired to Ratmalana and Homagama depots. (Photo courtesy: Ceylon Transport Board - Annual Report 1959) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ ඉකාර්ස් 31 වරගයේ බස් රථයක් ඩිපෝ වෙත බෙදා දීමට පෙර වේරහැර වැඩපොළ පරිශ්‍රයේ දී. ජනසතුවට සමගාමීව මෙම වර්ගයේ බස් රථ 10 ක් ලංගමට ලැබී ඇති අතර ඒවා  රත්මලාන සහ හෝමාගම ඩිපෝවන් වෙත අනියුක්ත වී ඇති බව සැලයි. මේවා සම්පූර්ණයේම හංගේරියාවේ නිෂ්පාදිතය. 22ශ්‍රී1940 සිට 22ශ්‍රී1949 දක්වා මේවාට ලියාපදිංචි අංක ලැබී ඇත. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1959 වර්ෂය පිලිබඳ වාර්තාව (ඉංග්‍රීසි පිටපත)

Saturday, May 21, 2016

Leyland RTL double decker bus from CTB Ratmalana depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot (Ex London transport) Leyland RTL double decker buses (23ශ්‍රී3277) in Colombo. This photo was taken on 1973 while running under rout no 100 Moratuwa - Pettah. Photo courtesy: Wiltsguy on flickr. -- 1973 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී මාර්ග අංක 100 යටතේ මොරටුව හා පිටකොටුව අතර ධාවනය වෙමින්. මෙම බස් රථ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මෙම බස් රථය 1968 වසරේ ලංගම ට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කර පසුව ශ්‍රී ලංකාවට මෙම බස් රථ ලබාදී ඇත. අවාසනාවට මෙන් ශ්‍රී ලංගම සතුව දැනට මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. අනාගත පරපුරට දැකගනීම් පිණිස සංරක්ෂණය කල යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. (ඡායාරූපය: Wiltsguy on flickr)

Saturday, March 19, 2016

Classic Mercedes-Benz LP311/36 bus from CTB Ratnapura depot

This photo was taken in 1969 in Embilipitiya, Sabaragamuwa, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Ratnapura depot, classic Mercedes-Benz LP 311/36 bus plying on a rural route at Embilipitiya area in 1969. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වූ පැරණි මර්සිඩීස්-බෙන්ස්  LP 311/36 වර්ගයේ බස් රථයක් 1969 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින්. ජර්මනියෙන් ආනයනය කල මර්සිඩීස්-බෙන්ස්  LP 311/36 තට්ටුවක් මත ලංගම මධ්‍යම වැඩපොළවලදී බඳ සකසා මෙම බස් රථ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Wednesday, January 27, 2016

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Panadura depot

This photo was taken on February 02, 1974 in Colombo, Western, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Panadura depot, ex London Transport Leyland RTL double-decker bus (පාන 45 / 22ශ්‍රී3239) near the Dickman's road post office in Colombo. Playing on route no. 106 Panadura - Kotahena. (Pic by: Trevor Rowe / Photo courtesy: RTW 501 (Les) on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) පානදුර ඩිපෝව යටතේ මාර්ග අංක 106 න් පානදුර සිට කොටහේන බලා ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ ඩික්මන් පාරේ තැපැල් කාර්යාලය ඉදිරිපිට දී. 1960 දශකයේ මුල භාගයේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. මුලින් ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වී 1969 වසරේ පානදුර ඩිපෝවට අනියුක්ත වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1974 වසරේ පෙබරවාරි මස 2වන දිනය. (ඡායාරූපය: ට්‍රේවර් රෝව් මහතා / උපුටා ගැනීම flickr අඩවියෙන්)

Wednesday, August 12, 2015

SLTB Supply division (Ratmalana depot)

Ceylon Transport Board (CTB) Ratmalana depot, Leyland RTW supply division vehicle (23ශ්‍රී3124) at Mount Lavinia in 1970's. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ සම්පාදක සේවා රථයක් 1970 දශකයේ  අග බාගයේ ගල්කිස්සේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ලේලන්ඩ් RT වර්ගයේ තට්ටු  දෙකේ බස්  රථයක් පරිවර්තය කිරීමෙන් සකසා ඇත.

Thursday, June 11, 2015

බස් ජන සතුව 1958

මුල්ම ජනසතු බස් රථය. ලංගමය පිහිටුවීම සංඛේතවත් කරමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් කෙටි දුරක් ගමන් කල බස් රථයයි. මර්සිඩීස් බෙන්ස් O 321 HL මාදිලියේ බස් රථයක් වන මෙහි එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇත. නිට්ටඹුව ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය වර්තමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුය.
උපුටා ගැනීම:ලංගමට පනහයි කෘතියෙන්
ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පසු, අනාගත පුළුල් දැක්මකින් යුත් ශ්‍රී ලාංකික බුද්ධිමත් පොදු ජනතාව ජාතික අවුරුදු උත්සවයක් නොවන දිනයක කිරිබත් කැවුම් කොකිස් අතිරස සමඟ කෙසෙල් අනුභව කර ඇත්තේ කීප අවස්ථාවක දී පමණි. ආසන්නම උදාහරණය 2009 වසරේ මැයි මස 18 වන දින මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් දිනයයි. 1958 වසරේ ජනවාරි 01 වන දා ද සුවිශේෂ වූ තවත් එෙයිතිහාසික දිනයකි. එවකට අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමාගේ තීරණයකට අනුව පෙරදා (1957 දෙසැම්බර් 31) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහන සේවාවන්ට අයත් බස් රථ ජනතාව සන්තකය. එදිනද ජනතාව කිරිබත් කෑවේ බස් නැවතුම් පොළවලය, කඩපිල් වලය, පදික වේදිකා වලය, තුං මං සතර මං හන්දි වලය. බස් ජනසතුව එතරම් ජනතාවට සතුටු දායක වූයේ මන්ද යන්න 1958 ට පෙර ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පත්ව තිබූ තත්වය පිරික්සන ඕනෑම අයෙකුට වැටහේ.

Wednesday, June 3, 2015

Leyland RTW double-decker bus from CTB Ratmalana depot

This photo was taken in 1972 in Colombo, Western LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot, ex London transport Leyland RTW double-decker bus (23ශ්‍රී2093) in Colombo in 1972. Aquired to the CTB fleet in 1965. Playing to Moratuwa under the route number 100 on the Galle road. Photo by: Lloyd Rich. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ දෙමහල් බස් රථයක් 1972 වසරේ කොළඹ දී. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ධාවනයවී 1965 වසරේ ලංගම වෙත මිලදීගෙන ඇති රථය මාර්ග අංක 100 යටතේ මොරටුව හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. පසෙකින් ඇති මීතොටමුල්ල ඩිපෝවට අයත්ව තිබුණු Isuzu TX 50B වර්ගයේ 23ශ්‍රී6240 දරණ බස් රථය මාර්ග අංක 134 යටතේ ගල්කිස්ස දක්වා ධාවනය වූවකි. ඡායාරූපය: ලොයිඩ් රිච් මහතා