Showing posts with label SRILANGMA. Show all posts
Showing posts with label SRILANGMA. Show all posts

Monday, September 26, 2022

SRILANGAMA bodied Ashok Leyland Viking 210 bus from SRILANGAMA Moratuwa depot

This photo was taken on April 1984 in Kandy, Central LK.
Click for the full-size picture.
SRILANGAMA (now SLTB) Moratuwa depot SRILANGAMA bodied, Ashok Leyland Viking 210 bus (MR 139 / 30ශ්‍රී3356) at Colombo Fort. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 1984 while it was running to Pettah from Moratuwa under route number 100. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් කොළඹ කොටුවේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් කර ඇත. 1984 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- SRILANGAMA Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1983
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Wednesday, December 15, 2021

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SRILANGAMA Matale depot

This photo was taken in 1987 in Galigamuwa, Sabaragamuwa, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Matale depot SRILANGAMA bodied TATA LP 1210/52 bus (ML 08 / 30ශ්‍රී8095) playing to Matale along the Kandy road in 1987. The body was built by SRILANGMA Ekala Workshop and allocated for the services in 1984. This photo is copyrighted to the respective photographer. Courtesy: Mohamed Saheem -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මාතලේ ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1987 වසරේ දී, මාර්ග අංක 08 යටතේ කොළඹ සිට මාතලේ බලා ධාවනය වෙමින්. 1984 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයේ බඳ නිමවා ඇත්තේ ශ්‍රීලංගම ඒකළ වැඩපොළ මගිනි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: මොහොමඩ් ශාහිම්.

Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

Friday, April 2, 2021

CTB bodied Leyland Comet bus from SRILANGAMA Galle depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
Srilangama (now SLTB) Galle depot, CTB bodied Leyland Comet bus (GL 115 / 23ශ්‍රී2964) at Galle. The bus allocated to the CTB fleet in 1968. This photo was taken in 1987 while it was allocated for the services between Galle and Yakkalamulla under route number 382. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝවට අයත්, ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1987 වසරේ ගාල්ලේ දී. රථය 1968 වසරේ ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා යක්කලමුල්ල අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 382 යටතේය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, April 27, 2020

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kadawatha depot

This photo was taken on 1989 in Galle Face Green, Colombo, Western, LK.
Click for the full size picture.
SRILANGAMA (now SLTB) Kadawatha depot, Kitamura bodied ISUZU ECR 500 bus (KW 31 / 60ශ්‍රී3167) at the Galle Face green with a special hire. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. Photo by Chandrarathne Rajapakshe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටිය අසල දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ විශේෂ චාරිකාවක් සඳහා යෙදවුණු අවස්ථාවක දීය.

ඡයාරූපය: 1989 වසරේ ශ්‍රීලංගම කඩවත ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල, වසර 36 ක ලංගම සේවාව සම්පූර්ණ කර මේ වන විට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රරතන රාජපක්‍ෂ මහතා විසිනි. ඡයාරූපය අප වෙත ලබා දුන්නේ එතුමාගේ පුත් චතුර රාජපක්‍ෂ මහතාය.

Monday, July 8, 2019

ISUZU JCR 500 luxury bus from SRILANGAMA Katubedda tourist depot

This photo was taken in 1993 in Kandy, Central, LK.
Click for the full size picture.
SRILANGAMA Katubedda tourist depot, ISUZU JCR 500 luxury bus (30ශ්‍රී6607) in Kandy in 1993 with a Navy duty. Few buses imported from Japan in 1983 for the special tours. Photo by Alistair Douglas. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ශ්‍රීලංගම කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනයවූ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් 1993 වසරේ මහනුවර නගරයේ දී. 1983 වසරේ මෙම වර්ගයේ බස් රථ කිහිපයක් ජපානයෙන් ආනයනය කර ඇත්තේ විශේෂ සේවා වෙනුවෙනි. සුඛෝපබෝගී බස් රථයක් වී ඇති මෙහි ප්‍රධාන එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇති අතර වායුසමන පද්ධතියේ එන්ජිම ඉදිරිපස පිහිටුවා ඇත. ධාවනයට එක්වී වසර 10 කට පසු මෙම බස් රථය වායුසමනය නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවාවක් වෙනුවෙන් මහනුවරට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය ඇලිස්ටර් ඩග්ලස් මහතා. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

Tuesday, July 10, 2018

SRILANGAMA bodied TAM bus from SRILANGAMA Galle depot

This photo was taken in 1990 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, SRILANGAMA bodied TAM (Tovarna avtomobilov Maribor, a chassis manufactured in Slovenia) bus (GL 32 / 60ශ්‍රී5590) at Galle in 1990. Allocated for a services on a local route from Galle to Balagoda under the route number 505.  This photo was taken by Mr. Andy Izatt. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රීලංගම බඳ සහිත ටෑම් වර්ගයේ බස් රථයක් 1990 වසරේ ගාල්ලේ දී. 1988 වසරේ ස්ලෝවේනියාවෙන් ගෙන්වන ලද තට්ටුවක් මත ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 505 යටතේ ගාල්ල සහ බලගොඩ අතර (පෝද්දල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Andy Izatt. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Saturday, June 9, 2018

AEC Routemaster double decker buses

AEC Routemaster බස් රථ මෙරටට ලබාදීමට පෙර, මෙරටට ඒවායේ යෝග්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා මුලින් එවූ RL 155 / 60ශ්‍රී2542 දරන බස් රථය 1991 වසරේ රත්මලාන ඩිපෝ අංගනයේ දී.  මේ වන විට මෙම බස් රථය ධාවනය නොවන අතර නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මධ්‍යයේ අලංකරණය පිණිස ගාල් කර ඇත.
50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Buses are attached to the Ratmalana, Negombo and Yatinuwara depots under the SRILANGAMA. -- 1989 වසරේ ජනවාරි මස බ්‍රිතාන්‍ය ආධාර ලෙස මෙරටට ලැබී ඇති මෙම AEC  (ඒ.ඊ.සී. /Associated Equipment Company) Routemaster (රූට්මාස්ටර්) වර්ගයේ දෙමහල් බස් රථ එදා මෙදා තුර ලංගම රථ ඇණියේ ආකර්ශනයක් දිනා ගත් තවත් බස් රථ වර්ගයකි. ඒ යටතේ ශ්‍රීලංගම ට ලැබුණු මුළු බස් ගණන 50කි. ඊට අමතරව එම බස් රථ මෙරටට ලබා දීමට පෙර ඒවායේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා මුලින් 1 බස් රථයක් මෙරටට එවා ඇත. ඉහත ඡායාරූපයෙ දැක්වෙන එයට 60ශ්‍රී2542 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇති අතර එය රත්මලාන ඩිපෝවට අනියුක්ත කර ඇත. එහි පරීක්‍ෂණ ධාවනය සාර්ථක වූ තැන මෙම වර්ගයේ බස් රථ 50 ක් ලබා දී ඇත. ඒවාට 60ශ්‍රී66XX කාණ්ඩයේ ලියාපදිංචි අංක ලැබී ඇත.

AEC Routemaster රථ ශ්‍රී ලංගමට ලැබීමට සමගාමීව ඒවා ඩිපෝවන් 3ක් වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝවන් වන්නේ රත්මලාන, මීගමුව සහ යටිනුවරයි. කෙසේ වූවද ධාවනය අවශ්‍යතා මත පසුකාලීනව ඒවා තවත් ඩිපෝවන් අතර හුවමාරු වී ඇත.
AEC Routemaster බස් රථ උත්සවාකාරයෙන් බෙදා දීම. 1989 ජනවාරි කොළඹ ගාලු මුවදොර පිටිය අසල.

Saturday, September 12, 2015

SLCTB bodied Ashok Leyland Viking bus from SRILANGAMA Aluthgama depot

This photo was taken in 1985 in Aluthgama, Western, LK.
Click on the image for full size picture.
SRILANGAMA Alutgama depot, Ashok leyland Viking bus (23ශ්‍රී7980) at Aluthgama in 1985. Body built by SLCTB (Sri Lanka Central Transport Board, 1977-1983). (Image is copyright to the respective photographer) -- ශ්‍රීලංගම අලුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ, පැරණි අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අලුත්ගම නගරයේ දී. ඡායාරූපය 1985 වසරේ පමණ ලබාගෙන ඇත. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Wednesday, May 13, 2015

AEC Routemaster double-decker bus from Srilangama Negombo depot

This photo was taken in 1990 in Negombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (Srilangama) Negombo depot, AEC Routemaster Double-decker bus (NB 30 / 60ශ්‍රී6625) at Negombo in 1990. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. Photo courtesy: facebook.com/oldeceylon. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. බ්‍රිතාන්‍ය ආධාරයක් වශයෙන් 1988 වසරේදී ශ්‍රීලංගමට ලැබී ඇත. එලෙස ලැබුණු මුළු බස් රථ ගණන 40 කි. 1990 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම facebook.com/oldeceylon පිටුවෙනි.

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Saturday, July 5, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SRILANGAMA Galle depot

This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.
SRILANGMA (Now SLTB) Galle depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (GL 9 / 29ශ්‍රී0350) plying to Deniyaya under the route number 60 at Bentota in 1987. The bus acquired to the SLCTB Galle depot in 1979. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම (වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් 1987 වසරේ බෙන්තොට ප්‍රදේශය පසු කරමින්. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ගාල්ල ඩිපෝව යාට්තේ ධාවනයට එක් කළ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 60 ඔස්සේ දෙනියාය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Ole Holbech

මෙම බස් රථය සමඟ එම අවස්ථාවේ ධාවනය ධාවනය වූ තවත් ශ්‍රීලංගම බස් පෙළක්.
This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.

Sunday, January 19, 2014

CTB bodied TATA LP 1210/52 bus from SRILANGAMA Wennappuwa depot

This photo was taken on 1980 in Wennappuwa, wayamba, LK.
Click for the full size picture.
SRILANGAMA Wennappuwa depot, CTB bodied TATA LP 1210/52 bus (WP04 / 23ශ්‍රී6816) at Wennappuwa in 1983. Photo by: Jörg Behmann -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ලංගම බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1983 වසරේ වෙන්නප්පුවේ දී. රථය 1975 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය: Jörg Behmann

Friday, December 20, 2013

A classic picture of the Kandy bus stand in 1987

This photo was taken on 1987 in Kandy, Central LK.
Click for the full size picture.
SRILANGMA (now SLTB) buses at the Kandy bus stand in 1987 (Pic by: Ole Holbech) -- 1987 වසරේ මහනුවර බස් නැවතුමේ නවතා ඇති ශ්‍රීලංගමට අයත් (වත්මන් ශ්‍රී ලං.ග.ම.) බස් රථ. සියල්ලම පාහේ තනි දොරකින් යුතු ටාටා වර්ගයේ බස්රථ වේ. ඡායාරූපය: Ole Holbech

එකල බස් රථ වල පින්තාරු කර තිබුණු ශ්‍රීලංගම ලාංඡනය>> SRILANGAMA Logo 1983-1991

Sunday, December 8, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SRILANGAMA Negombo depot

This photo was taken on 1987 in Negumbo, Western LK.
Click for the full size picture.
SRILANGAMA Negombo depot, SLCTB bodied TATA LP 1210/36  bus (NB 102 / 23ශ්‍රී9113) at Negombo in 1987. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 බස් රථයක් 1987 වසරේ මීගමුවේ දී. ඡායාරූපය: Ole Holbech

පසුකාලීනව වැලිසර ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය වැලිසර ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇති අතර ඒ පිළිබඳ අප පළ කල ලිපිය මෙතැනින්

Monday, January 21, 2013

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kandy south depot

This photo was taken on 1987 in Kandy, Central, LK.
Click for the full-size picture.
SRILANGAMA (Now SLTB) Kandy south depot, Kitamura bodied ISUZU ECR 500 bus (KS 03 / 60ශ්‍රී3429) in Kandy. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and they had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This bus is Allocated with the Metro Rapid service between Kandy and Colombo under route number 01. Photo courtesy: Ranil Senevirathne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත්, කිතමුරා බඳ සහිත ISUZU ECR 500 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ 120 ක් ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. රූපයේ දැක්වෙන්නේ  මහනුවර දකුණ ඩිපෝවට අයත්ව තිබූ මෙට්‍රෝ රැපිඩ් සේවාව යටතේ මහනුවර හා කොළඹ අතර මාර්ග අංක 01 යටතේ ධාවනය වූ බස් රථයකි. වර්තමානයේ ශ්‍රී ලංගම යටතේ මෙම වර්ගයේ බස් රථ ධාවනයේ නොමැත. ඉහත ඡායාරූපය අප වෙත ඒවා තිබූ රනිල් සෙනවිරත්න මහතාට විශේෂ ස්තූතිය.

මෙම බස් රථ ශ්‍රී ලංගමට ලබාදීමට පෙර 1986 වසරේ දී, ශ්‍රී ලංගම නිලධාරීන් හා ඉසුසු සමාගමේ නිලධාරීන් ජපානයේ කිටමුරා කර්මාන්තශාලා පරිශ්‍රයේ දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්තාව. (ඡායාරූපය සඳහා විශේෂ ස්තූතිය රජිත සඳරුවන් මහතාට)
Click for the full size picture.

Tuesday, January 15, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Kandy north depot

This photo was taken on April 1984 in Kandy, Cental LK.
Click for the full size picture.
SRILANGMA (Now SLTB) Kandy North depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී1056) in the depot premises. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1984 period. They were attached to various depots. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මහනුවර උතුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1984 කාලය තුල මෙම වර්ගයේ බස් රථ කීපයක් ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. මෙම බස්  එකල  මා. අංක. 32 කතරගම- කොළඹ, මා. අංක. 98 පානම-කොළඹ වැනි දුර සේවා මාර්ග වල ධාවනය වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ විශේෂතා වේ. ඡායාරූපය අප වෙත ඒවා තිබූ රනිල් සෙනවිරත්න මහතාට ස්තූතිය.