Showing posts with label TL. Show all posts
Showing posts with label TL. Show all posts

Monday, May 29, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Lanka Ashok Leyland Viking 193 bus (TL 113 / 62-2378) at Kollupitiya. The bus acquired to the PTS fleet in 1995. This photo was taken in November 2012 while it was allocated for the services between Kirindiwela and Kollupitiya under route number 202/177  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ල්ලුපිටිය දුම්රියපොළ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 202/177 යටතේ කොල්ලුපිටිය හා කිරිඳිවැල අතර ධාවනයට සපයා තිබුණි.
This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, January 16, 2023

Ashok Leyland Lynx 4200 new buses form SLTB Thalangama depot

This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ashok Leyalnd Lynx 4200 new buses (NE-1353 / NE-1356) in the depot premises. The buses acquired to the depot fleet in January 2023. This photo was taken on 11th January 2023 just before the buses allocated to the routes. Buses will allocate to the 344 Malabe - Athurugiriya route and the 374 Battaramulla - Pelawatta routes. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ නව බස් රථ ද්විත්වයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථ 2023 වසරේ ජනවාරි මස 05 වන දින ඩිපෝවට ලැබී ඇත. 2023 වසරේ ජනවාරි මස 11 වන දින ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ සිය මංගල ධාවනයට පෙර ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි. බස් රථ ද්විත්වය මාර්ග අංක 344 යටතේ අතුරුගිරිය - මාලබේ හා මාර්ග අංක 374 යටතේ පැලවත්ත - බත්තරමුල්ල යන මාර්ග සඳහා ධාවනයට යෙදවෙනු ඇත.

Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Thursday, December 31, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6631) at the Galle face green. The bus acquired to the SLTB Maharagama depot fleet in 2013. Transferred to the Thalangama depot in mid-2020. Rehabilitated by the Thalangama depot workers under the year-end special rehabilitation project. The will be allocated for the expressway services between Kaduwela and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ මහරගම ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත තලංගම ඩිපෝව වෙත සපයා දී ඇති රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවෙන් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල හා මාතර අතර සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Friday, April 3, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Thalangama depot

This photo was taken on February 29, 2020 in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9934) at Battaramulla. Allocated for the services between Kollupitiya and Kaduwela under the route number 177. Acquired to the SLTB fleet in September 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් බත්තරමුල්ලේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 30, 2019

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on June 17, 2019 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ashok Leyland Viking Hinopower bus (TL 82 / NA-5291) near the Bambalapitiya railway station. Allocated with the Bambalapitiya 190 Godagama evening office turn. Photo by Primal Madushanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දී. 2007 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි. බම්බලපිටිය 190 ගොඩගම පස්වරු (පැය 17.00) කාර්යාල සේවාව යටතේ ධාවනයට යෙදවූ අවස්ථාවකි. මෙම ලිපිය ඉදිරිපත් කරන මා ද ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය තුල සිටීම විශේෂය. ඡායාරූපය ප්‍රීමාල් මධුසංක.

Tuesday, May 7, 2019

Lanka Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on September 02, 2012 in Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Lanka Ashok Leyland Viking bus (TL 114 / 62-2379) playing on the route number 177 from Kaduwela to kollupitiya near the Kollupitiya junction. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වන අවස්ථාවක කොල්ලුපිටිය මංසන්ධිය අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. 2012 වසරේ ඒකළ ලක්දිව ඉංජිනේරු සමාගම මගින් සිදු කල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර ඇත. 2017 වසර දක්වා ධාවනයේ පැවති මෙම රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත.

Friday, December 7, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2016 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, 54 seater Ashok Leyland Viking Tubro bus (TL 88 / NB-8257) in the depot premises. Allocated for the service between Panadura and Kandy under the route number 17. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 17 ඔස්සේ පානදුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, February 1, 2018

CTB bodied Isuzu BF 50 bus from SLCTB Thalangama depot

This photo was taken in 1981 in Maradana, Colombo, Western, LK.
Click for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU BF50 bus (TL 89 / 23ශ්‍රී7214) playing on the "Green Circle route no. 1" at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථයක් "කොළ කවය 1" සේවය යටතේ කොටුව බලා ධාවනය වන අවස්ථාවක මරදාන නගරය පසු කරමින්. මෙම කොළ කවය බස් සේවය කොළඹ නගරය වටා කවාකාරයෙන් ධාවනය ධාවනය වී ඇති අතර ඕනෑම ස්ථානයකට අයකර ඇත්තේ එකම ගාස්තුවකි. මෙම කොළ කවය සේවා මහනුවර හා කොළඹ නගර ආශ්‍රිතව එකල ක්‍රියාත්මක වී ඇති අතර එම සේවා කොළ කවය 1, කොළ කවය 2 ආදී වශයෙන් අංක කොට ඇත.   1970 දශකයේ මැද භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

Friday, May 6, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on April 23, 2016 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Ashok Leyland Viking Hinopower bus (TL 40 / NA-3607) at Battaramulla. Playing to Kaduwela under the route number 177. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බත්තරමුල්ලේ දී. රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Tuesday, March 15, 2016

SLTB Breakdown Service (Thalangma Depot)

This photo was taken on February 20, 2016 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot ISUZU TX 50B breakdown service vehicle (23ශ්‍රී6233) at Koswatta, Battaramulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තලංගම ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ බත්තරමුල්ල, කොස්වත්තේ දී. පැරණි ඉසුසූ TX 50B බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, January 4, 2016

CTB bodied Isuzu TX 50B bus from SLCTB Thalangama depot

This photo was taken in 1980's in Colombo, Western, LK.
Click on the image for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU TX 50B bus (TL 45 / 23ශ්‍රී6152) playing on route 177 to Kaduwela. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ TX 50B වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ පිටකොටුව සිට කඩුවෙල බලා ධාවනය වෙමින්. 1974 වසරේ, ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ නිමවා ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල භාගයේ දීය. කෙසේ වූවද මේ වන විට මෙම TX 50B වර්ගයේ බස් රථයක් ඡායාරූපයනින්ද දැක ගත හැක්කේද ඉතා කළාතුරකිනි. තවද මෙම ඡායාරූපය ලබාගත අවධියේ මාර්ග අංක 177 යටතේ ධාවනය වූ බස් රථ පිටකොටුව සහ කඩුවෙල අතර ධාවනය වීම විශේෂය. මෙම වටිනා ඡායාරූපය අප වෙත එවූ ඩේව් ස්පෙන්සර් මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

Wednesday, September 30, 2015

Wesco ISUZU MT111 L bus from SLTB Thalangama depot

This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Wesco ISUZU MT111 L bus (TL 127 / 62-4384) at Borella bus stand. Body built by Wesco with Duple Metsec. The bus awaiting it's turn on route 174. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L  බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මාර්ග අංක 174 යටතේ කොට්ටාව හා බොරැල්ල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. දැනට තලංගම ඩිපෝව යටතේ ධාවනය වන එකම Wesco බස් රථය මෙය වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, July 24, 2015

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 bus (TL 151 / 63-1775) in the depot premises. The bus acquired to the CMBC fleet in 1999. Allocated for the services between Koswatta and Pettah under the route number 152 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථයේ බඳ නිමවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Builders Pvt Ltd) මගිනි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 152 යටතේ කොස්වත්ත හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, April 26, 2015

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Thalangma depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ruby bodied TATA LP 1510/36 bus (TL 196 / GG-0854) in the depot premises. The bus acquired to the CMBC fleet in 2000. Allocated for the services on a local route between Bandarawatta and Borella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බණ්ඩාරවත්ත හා බොරැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, February 13, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangma depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Bharat bodied Ashok Leyland Viking bus (TL 20 / 63-2980) at Kataragama. Acquired to the CMBC fleet in 1999. Rehabilitated in 2014 by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇති රථයේ බඳ භාරත් (Bharat Coach Builders) සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර 2014 වසරේ දී නැවත ධාවනයට සපයා ඇත්තේ හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, December 12, 2014

Ashok Leyland Viking 193 Turbo 42 seater bus from SLTB Thalangma depot

This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Ashok Leyland Viking 193 Tubro 42 seater bus (NC-0071) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kaduwela and Kollupitiya under the route number 177 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ දෙසැම්බර් මස, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Tuesday, October 14, 2014

Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 Hinopower bus (TL 24 / NA-1230) at the Kollupiya bus stand. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Avissawella and Kollupitiya under the route number 177/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177/3 යටතේ අවිස්සාවේල්ල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, March 21, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Thalangma depot

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Bharat bodied Ashok Leyland Viking bus (TL 161 / 63-2979) in the depot premises. Rehabilitated in 2013 by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ භාරත් කෝච් සමාගමේ නිෂ්පාදිතය. 1999 වසරේ ධාවනයට එක්වී පසු කාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, තලංගම ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර 2013 වසරේ දී නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, December 19, 2013

Latec TATA LP 1510/52 bus from SLTB Thalangama depot

This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Latec TATA LP 1510/52 bus (TL 195 / 63-3459) at the Battaramulla, Koswatta bus stop on the way to the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, බත්තරමුල්ල කොස්වත්ත බස් නැවතුමේ දී. 1999 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථයේ මුලින් ආසන පිහිටුවා ඇත්තේ පැත්තට මුනුණලා ය (කෙටි දුර බලවේග කට්ටල දුම්රිය වල මෙන්). වැඩි මගීන් පිරිසකට පහසුවෙන් හිටගෙන යා හැකිද යන්න පරීක්‍ෂා කිරීම සඳහා කරන ලද නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් එසේ කර තිබුණි. එහෙත් මගීන්ට ඇති වූ අපහසුතා නිසා එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති අතර රථයේ ආසන නැවත සාමාන්‍ය පරිදි සැකසීමට කටයුතු කර ඇත. රථයේ කලක් ධාවනයන් සීමා කර තිබී ඇති අතර, මීට මාස කීපයකට ඉහතදී අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ බස් රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර බහුලව ධාවනය වන අතර ඡායාරූප ලබාගත් අවස්ථාවේ කඩුවෙල සිට කොස්වත්ත බලා පැමිණියේ ඩිපෝව වෙත පිටත් වීමේ අපේක්ෂාවෙනි.

This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.