Showing posts with label AK. Show all posts
Showing posts with label AK. Show all posts

Wednesday, July 5, 2023

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Akuressa depot

This photo was taken on March 03, 2014, in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ruby bodied TATA LP 1510/52 bus (AK 26 / 63-3817) in the depot peremises. The bus acquired to Ruhunu bus company the fleet in 2000. This photo was taken in March 2014 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Sunday, December 25, 2022

Wesco TATA LP 1210/52 bus from RBC Akuressa depot

This photo was taken in 2004 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ruhunu Bus Company (RBC) Akuressa depot Wesco bodied TATA LP 1210/52 bus (AK 02 / 62-7677) at Galle bus stand in 2004. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the RBC Akuressa fleet in 1998. Allocated for the services between Galle and Akuressa under the route number 60. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- රුහුණු බස් සමාගමේ (සී/ස රු.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වී ඇති වෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේදී ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 60 යටතේ ගාල්ල සිට අකුරැස්ස බලා ධාවනයට සූදානමින් තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Friday, May 1, 2020

SLTB breakdown service - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1613) in the depot premises. Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1995 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Wednesday, January 1, 2020

SLTB bus stand - Akuressa

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Akuressa SLTB bus stand in December 2019. -- අකුරැස්ස ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අකුරැස්ස ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ දෙසැම්බර් මස 26 වන දින.

Friday, December 27, 2019

SLTB Supply division - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet supply division vehicle (28ශ්‍රී2096) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පිවිසුම් මාර්ගයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 28ශ්‍රී2096 ලෙස අංක ලැබී ඇත.

Friday, August 31, 2018

Ashok Leyland 12M FE Luxury bus from SLTB Akuressa depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuress depot, Ashok Leyland 12M FE luxury bus (NB-7292) at Matara. Allocated for the services on the southern expressway between Maharagama and Matra. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2014 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Thursday, September 1, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Akuressa depot

This photo was taken on March 03, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot Ashok Leyland Viking Hinopower bus (AK 37 / NA-3386) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය දෙනියාය  හා ගාල්ල අතර ධාවනයට යෙදවූවකි.

Saturday, February 20, 2016

Ashok Leyalnd Viking Turbo bus from SLTB Akuressa depot

This photo was taken on February 13, 2015 in Mutur, Trincomalee, Eastern, LK, using a SAMSUNG SHV-E210S.
Click on the image for full size picture.
Sri Lanka Transport board (SLTB) Akuressa depot, Ashok Leyland Viking Turbo bus (AK 30 / NB-9092) in the Mutur Army camp. The bus hired for a special tour. (Pic by: Miyura Sulochana) -- ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස්  රථයක් මූතූර් හමුදා  කඳවුර පරිශ්‍රයේ දී. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි. (ඡායාරූපය: මියුර සුලෝචන)

Saturday, December 27, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Akuressa depot

This photo was taken on November 07, 2013 in Matara, southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Lynx 3900 bus (AK 36 / NB-5436) at the Matara bus stand. Acquired to the SLTB fleet in 2013. Allocated for the service between Akuressa and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයට අයත් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 2013 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අකුරැස්ස හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, November 28, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Akuressa depot

This photo was taken on March 27, 2014 in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot Ruby bodied TATA LP 1510/42 bus (NA-4753) in the depot premises. The bus acquired to the SLTB fleet in 2007. Allocated for the services between Deniyaya and Kiriwaldola. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා ඇති මෙම බස් රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දෙනියාය හා කිරිවල්දොළ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 23, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on February 23, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Lanka Ashok Leyland Viking bus (AK 04 / 62-1908) at Matara. Body assembled in Sri Lanka by Lanka Ashok Leyland Limited. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Friday, October 11, 2013

SLTB breakdown service - Akuressa depot

This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet breakdown service vehicle (22ශ්‍රී6910) in the Yatinuwara depot premises. Classic CTB bodied Leyland comet bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් යටිනුවර ඩිපෝ පරිශ්‍රයේ දී. 1960 වසරේ ධාවනයට එක්වූ  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. රථය වර්තමානයේ බල ගැන්වෙන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වේ.

Monday, July 29, 2013

Lanka Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on July 02, 2012 in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot,  Lanka Ashok Leyland Viking bus (AK 63 / 61-9551) at the Karapitiya bus stand. Ready to leave for Akuressa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කරාපිටිය බස් නැවතුමේ දී, අකුරැස්ස බලා ධාවනය වීමට සූදානමින්. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Thursday, April 19, 2012

Re-bodied Ashok Leyland Viking 222 bus from SLTB Akuressa depot

This photo was taken on April 17, 2012, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport board Akuressa depot, Re-bodied Ashok Leyland Viking bus (AK 43 / 61-2438) at Matara. The bus was purchased in 1992 under the then peoplized transport services. Due to the dilapidation of the original body of the bus, an old SLCTB body has been fitted and rehabilitated. Allocated for the services between Matara and Akuressa when the photo was taken.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයට අයත්  බස් රථයක් මාතර දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට  එක්වී ඇති මෙම බස් රථයේ මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කොට මෙලෙස පුනරුත්ථාපනය කර ඇත. 2011 වසරේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් අකුරැස්ස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කොට තිබේ.

This bus in the Akuressa depot premises in March 2014. --  මෙම බස් රථය 2014 වසරේ මාර්තු මස අකුරැස්ස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.