Showing posts with label Y1979. Show all posts
Showing posts with label Y1979. Show all posts

Friday, February 5, 2021

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLCTB Trincomalee depot

This photo was taken in 1981 in Trincomalee, Eastern, LK.
Click for the full size
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Trincomalee depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (TM 51 / 23ශ්‍රී9327) playing to Anuradhapura on route number 835 at Trincomalee in 1981. Body built by SLCTB and acquired to the depot fleet in 1979. Photo courtesy: Ape Langama -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලයේ දී. මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ මාර්ග අංක 835 යටතේ ත්‍රිකුණාමලයේ සිට අනුරධපුර බලා (තාවකාලික ධාවන වාරයක) ධාවනය වී ඇත. ඡයාරූපයේ අයිතිය මුල් ඡායාරූප ශිල්පියා සතුය. උපුටා ගැනීම: අපේ ලංගම

Saturday, May 16, 2020

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Ratmalana depot, SLCTB bodied Ashok Leyland Viking bus (RL 177 / 23ශ්‍රී9334) at the Colombo central bus stand in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Colombo and Hambantota under the route number 32. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ මාර්ග අංක 32 හම්බන්තොට වේදිකාවේ දී. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ හම්බන්තොට හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Geoff Bruse.

Thursday, October 3, 2019

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, SLCTB bodied TATA LP 1210/36, bus (23ශ්‍රී9915) in the depot premises. This bus has recently been transferred from Mawanella Depot to Rambukkana depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇත. රථය මාවනැල්ල ඩිපෝවෙන් රඹුක්කන ඩිපෝව වෙත මෑත කාලීනව මාරු වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Thursday, September 12, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Gampola depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Gampola depot, SLCTB bodied TATA LP 1210/52 bus (GP 76 / 23ශ්‍රී8861) in Kandy. Playing to Gampola on the route number 718. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1979 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 718 යටතේ මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Friday, July 26, 2019

SLCTB bodied Ashok Leyland Viking C type bus from SLTB Avissawella depot

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, SLCTB bodied Ashok Leyland Vinkg C type bus (AV 03 / 23ශ්‍රී9630) in the depot Premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් C කාණ්ඩයට අයත් බස් රථයකි. රථය 1979 වසරේ එවකට ශ්‍රී ලං.ම.ග.ම. හා එකතු වී ඇති අතර මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී, පසුව ධාවන අවශ්‍යතා මත මෙලෙස අවිස්සාවේල්ල ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගත් අවධියේ ධාවනයේ පැවතියද මෙම ලිපිය පල වන 2019 ජුලි වන විට රථය ධාවනයේ නොමැත.

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 2, 2015

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kesbewa depot

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KB 01 / 29ශ්‍රී0241) in the depot premises. Aquired to the SLCTB fleet in 1979. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් කැස්බෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. පසුකාළීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on March 19, 2015, in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, February 4, 2015

SLCTB bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on January 29, 2014 in Bandarawela, Uva, LK, using a NIKON D3100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, SLCTB bodied TATA LP 1210/42 bus (BW 01 / 29ශ්‍රී0015) at Bandarawela. Body built by SLCTB central workshop Ekala and acquired to the depot fleet in 1979. Allocated for the services between the local hospital and Bandarawela. Photo by: Muditha Nakandala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙලදී. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රෝහල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: මුදිත නාකන්දල

The bus in the depot premises in May 2017 -- රථය 2017 වසරේ මැයි මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 16, 2014

SLTB supply division - Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyland Viking 154 supply division vehicle (KD 78 / 23ශ්‍රී9616) at Kirindiwela. SLCTB bodied bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් කිරිඳිවැල දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදන සේවාවක් සඳහා යොදාගත් අවස්ථාවකි.

Saturday, July 5, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SRILANGAMA Galle depot

This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.
SRILANGMA (Now SLTB) Galle depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (GL 9 / 29ශ්‍රී0350) plying to Deniyaya under the route number 60 at Bentota in 1987. The bus acquired to the SLCTB Galle depot in 1979. Photo by: Ole Holbech -- ශ්‍රීලංගම (වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වී ඇති, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් 1987 වසරේ බෙන්තොට ප්‍රදේශය පසු කරමින්. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ගාල්ල ඩිපෝව යාට්තේ ධාවනයට එක් කළ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 60 ඔස්සේ දෙනියාය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Ole Holbech

මෙම බස් රථය සමඟ එම අවස්ථාවේ ධාවනය ධාවනය වූ තවත් ශ්‍රීලංගම බස් පෙළක්.
This photo was taken on 1987 in Bentota, Southern, LK.
Click for the full size picture.

Monday, April 28, 2014

Latec re-bodied TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec re-bodied TATA LP 1210/52 bus (23ශ්‍රී9710) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයකි. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳක් සහිතව ධාවනයට එක්වී ඇති මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව, පුද්ගලීකරණය කරන ලද කැප්පෙටිපොල වැඩපොල වෙත යවා නව ලටෙක් කෙස්කෝ බඳක් බද්ධ කර ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා එම බඳෙහි මුල් පෙනුමද බොහෝ සෙයින් වෙනස් වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිත විය.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 8, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Galle depot

This photo was taken on 1981 in Galle, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Galle depot, SLCTB bodied Ashok Leyland Viking bus (GL 11 / 29ශ්‍රී0438) at Galle in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Galle and Matara under the route number 350. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 350 යටතේ ගාල්ල හා මාතර අතර ධාවනයට යොදවා තිබී ඇත.