Showing posts with label 30sri. Show all posts
Showing posts with label 30sri. Show all posts

Friday, July 31, 2026

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on July 12, 2017, in Bnadarawela, Uva, LK, using a HUAWEI NMO-L31.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot TATA LP 1210/42 bus (BW 05 / 30ශ්‍රී3124) photographed in Bandarawela on 12 July 2017. This classic SLTB Type C bus, built by the Central Workshop, Ekala on a TATA LP 1210/42 chassis, was manufactured in India in 1983 and registered on 1 September 1983. The bus was originally allocated to Negombo Depot before being transferred to Bandarawela Depot, where it continued to provide reliable passenger transport for many years. At the time this photograph was taken, the bus was operating on a local service between Boralanda and Bandarawela, representing one of the long-serving TATA buses that played a significant role in Sri Lanka's public transport system during the 1980s and beyond. Photo by Achinthya Sithuranaka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් 2017 වසරේ ජුලි මස 12 වන දින බණ්ඩාරවෙල දී. ශ්‍රීලංගම ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ඇති රථය 1983 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බොරලන්ද හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා ඇත.  මෙම බස් රථය, 1980 දශකය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු මෙන්ම දීර්ඝ කාලීන  සේවාවක් ඉටු කළ,  ලංගම බඳ සහිත TATA 1210 බස් රථවලින් එකක් නියෝජනය කරයි. චායාරූපය: අචින්ත්‍ය සිතුරංක 

Monday, September 26, 2022

SRILANGAMA bodied Ashok Leyland Viking 210 bus from SRILANGAMA Moratuwa depot

This photo was taken on April 1984 in Kandy, Central LK.
Click for the full-size picture.
SRILANGAMA (now SLTB) Moratuwa depot SRILANGAMA bodied, Ashok Leyland Viking 210 bus (MR 139 / 30ශ්‍රී3356) at Colombo Fort. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 1984 while it was running to Pettah from Moratuwa under route number 100. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් කොළඹ කොටුවේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් කර ඇත. 1984 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- SRILANGAMA Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1983
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Wednesday, December 15, 2021

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SRILANGAMA Matale depot

This photo was taken in 1987 in Galigamuwa, Sabaragamuwa, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Matale depot SRILANGAMA bodied TATA LP 1210/52 bus (ML 08 / 30ශ්‍රී8095) playing to Matale along the Kandy road in 1987. The body was built by SRILANGMA Ekala Workshop and allocated for the services in 1984. This photo is copyrighted to the respective photographer. Courtesy: Mohamed Saheem -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මාතලේ ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1987 වසරේ දී, මාර්ග අංක 08 යටතේ කොළඹ සිට මාතලේ බලා ධාවනය වෙමින්. 1984 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයේ බඳ නිමවා ඇත්තේ ශ්‍රීලංගම ඒකළ වැඩපොළ මගිනි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: මොහොමඩ් ශාහිම්.

Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

Tuesday, October 20, 2020

SLTB breakdown service - Yatinuwara depot

This photo was taken on April 28, 2016, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2386) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 ශ්‍රීලංගම මගින් බඳ එකලස් කර ධාවනයට එක්වී ඇති බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, July 8, 2019

ISUZU JCR 500 luxury bus from SRILANGAMA Katubedda tourist depot

This photo was taken in 1993 in Kandy, Central, LK.
Click for the full size picture.
SRILANGAMA Katubedda tourist depot, ISUZU JCR 500 luxury bus (30ශ්‍රී6607) in Kandy in 1993 with a Navy duty. Few buses imported from Japan in 1983 for the special tours. Photo by Alistair Douglas. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ශ්‍රීලංගම කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනයවූ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් 1993 වසරේ මහනුවර නගරයේ දී. 1983 වසරේ මෙම වර්ගයේ බස් රථ කිහිපයක් ජපානයෙන් ආනයනය කර ඇත්තේ විශේෂ සේවා වෙනුවෙනි. සුඛෝපබෝගී බස් රථයක් වී ඇති මෙහි ප්‍රධාන එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇති අතර වායුසමන පද්ධතියේ එන්ජිම ඉදිරිපස පිහිටුවා ඇත. ධාවනයට එක්වී වසර 10 කට පසු මෙම බස් රථය වායුසමනය නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවාවක් වෙනුවෙන් මහනුවරට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය ඇලිස්ටර් ඩග්ලස් මහතා. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Monday, July 1, 2019

SLTB Supply division - Sabaragamuwa regional office

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sabaragamuwa regional office, TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී8935) in the Rambukkana depot premises. Srilangama bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් රඹුක්කන ඩිපෝ පරිශ්‍රයේ දී. කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය, රඹුක්කන ඩිපෝවේ පිහිටි ප්‍රාදේශීය ටයර් ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

මෙය බස් රථයක් ලෙස ධාවයන වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය

Tuesday, June 25, 2019

SRILANGAMA bodied TATA LP 1210/36, modified bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SRILANGAMA bodied TATA LP 1210/36, modified bus (ML 59 / 30ශ්‍රී2876) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රීලංගම බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මෑත කාලීනව නැවත පුනරුත්ථාපනය කර ඇති අතර පුනරුත්ථාපනයේ දී එහි මුල් පෙනුම බොහෝ සෙයින්  වෙනස් වී ඇත. වර්තමානයේ අතිරේක ධාවන වාරයන් ආවරණය සඳහා යොදා ගැනේ.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Sunday, March 31, 2019

SLTB breakdown service - Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8007) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, ටාටා  LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර පසුකාලීනව මෙලෙස ලටෙක් බසයකින් සපයා ගත් මුහුණතක් බද්ධ කොට ඇත. රථය 1984 වසරේ ශ්‍රීලංගම කැප්පෙටිපොළ ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇත.

Thursday, January 3, 2019

SLTB Breakdown Service - Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1696) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ශ්‍රී ලං.ම.ග.ම. කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක් කර ඇති මෙම රථය මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. පසුව 1990 දශකයේ මැද භාගයේ බදුල්ල ඩිපෝවට ලබා දී ඇති රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, December 6, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot

This photo was taken in 1992 in Negombo, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Negombo depot, Ruby bodied TATA LP 1210/52 bus (30ශ්‍රී2992) at Negombo in April 1992. Acquired to the service in 1982 under the Sri Lanka Central Transport Board. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ මීගමුවේ දී. 1982 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය මෙම වර්ගයේ මුල් කාලීනම බස් රථයකි. ඇතැම් විට පරීක්‍ෂණ ධාවනය වෙනුවෙන් මණ්ඩලය වෙත සපයන ලද්දක් විය හැකිය.

Sunday, January 14, 2018

SLTB supply division - Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Ashok Leyland Viking supply division service vehicle (30ශ්‍රී0585) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී0585 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසාගෙන ඇත.

Sunday, November 12, 2017

SLTB Breakdown Service - Nawalapitiy depot

This photo was taken on November 11, 2017 in Nawalapitiya, Central, LK, using an Apple iPhone 6s.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot TATA 1210 breakdown service vehicle (NW 72 / 30ශ්‍රී1988) in-front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝව ඉදිරිපිට දී. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Saturday, March 11, 2017

SLTB Supply Division (Chilaw Depot)

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot TATA 1210 supply division lorry (30ශ්‍රී9121) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී9121 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 D බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Friday, March 10, 2017

Classic SLCTB bodied TATA 1210 bus from SLTB DTS Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Driver Training School (DTS), TATA 1210 SLCTB bodied bus (30ශ්‍රී3058) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් මෙරටදී නිපදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, February 21, 2017

SLTB Supply Division (Alawwa depot)

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot TATA 1210 supply division lorry (30ශ්‍රී9155) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අලව්ව ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක්ඩි ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී9155 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 D බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Thursday, December 1, 2016

SLTB Breakdown Service (Bibila Depot)

This photo was taken on November 25, 2016 in Peliyagoda, Western, LK, using a Samsung SM-G530H.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, breakdown Service vehicle (BB 01 / 30ශ්‍රී7727) at Peliyagoda. Classic TATA 1210 SLCTB bodied bus converted as a breakdown service vehicle. (Pic by: Dulaj Hasintha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බිබිල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් පෑලියගොඩ දී. ලං.ම.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. ටයර් රැගෙන යාම පිණිස පෑලියගොඩ පිහිටි පෞද්ගලික ටයර් ගබඩාවක් වෙත පැමිණි අවස්ථාවකි. (ඡායාරූපය: දුලාජ් හසින්ත)

Thursday, November 17, 2016

Classic SLTB bodied TATA 1210 E bus from SLTB Kegalle depot

This photo was taken on December 27, 2014 in Kegalle, Sabaragamuwa, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 E bus (KL 42 / 30ශ්‍රී1707) at Kegalle bus stand. Body built by. (pic by: Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 E වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ බඳ ශ්‍රීලංගම මගින් නිපදවා ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම බස් රථ යොදවනු ලැබේ. 1983 දී පමණ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේරගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, September 26, 2015

SLTB Breakdown Service (Kadawatha Depot)

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, classic Ashok Leyland Cheetah breakdown service vehicle (KW 02 / 30ශ්‍රී5341) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් පැරණි, අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම අශෝක් ලේලන්ඩ් චීටා බස් රථ 1983 වසරේ ශ්‍රීලංගම හා එක්ව ඇති අතර ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිපදවූ මුල්ම බස් රථ වර්ගය වේ. පසුකාලීන වෙනස්කම් නිසා එහි මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත.

Monday, May 4, 2015

SLTB breakdown service - Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2089) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රීලංගම මගින් බඳ නිමවා කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති, ටාටා 1210 බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.