Showing posts with label KPP. Show all posts
Showing posts with label KPP. Show all posts

Tuesday, January 17, 2023

SLCTB bodied TATA LP 1210/36 bus from SLCTB Kappetipola depot

This photo was taken in 1983 in Ohiya, Uva, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Keppetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී9919) at Ohoya. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1981. This photo was taken in 1983 while it was plaing to welimada from Udaweriya (via Boralanda and Ohiya) under route number 990.  This photo is copyrighted to the respective photographer. Courtesy: Chaminda Lakmal Kalubowila. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1981 වසරේ ධාවනයට එක්ල කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඔහිය දී. 1983 ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 990 යටතේ උඩවෙරිය සිට වැලිමඩ බලා (බොරලන්ද හා ඔහිය හරහා) ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතු වේ. ඡායාරූපය උපුටා ගැනීම චන්දිම ලක්මාල් කළුබෝවිල මහතා.

Thursday, January 21, 2021

CTB bodied Mercedes-Benz LP 322/42 modified bus from SLTB Kappetipola DTS

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola DTS, Mercedes-Benz LP 322/42 bus, featuring a body built by the Werahera Workshop, photographed at the Kappetipola Depot on 28 November 2013. The bus was originally acquired by the CTB Badulla Depot in 1963 and was later transferred to Kappetipola Depot in the early 1980s. Following its transfer, it was allocated to passenger services between Nuwara Eliya and Badulla. After a relatively short period in regular passenger service, the bus was transferred to the Driver Training School, where it was used for driver training purposes. By the time of this photograph, the bus had undergone several repairs and modifications. The front section had been altered considerably, giving it an appearance resembling a TATA bus, particularly around the front fascia. Despite these modifications, the vehicle remains an interesting example of an early Mercedes-Benz bus operated by the CTB and later retained for training purposes. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුව 1980 දශකයේ මුල් භාගයේ කැප්පෙටිපොල ඩිපෝව වෙත ලැබී ඇති රථය බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යෙදවී ඇත. පසුව ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යලය වෙත මෙලෙස ලබාදී ඇත. රථයේ පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා එහි මුල් මර්සිඩීස්-බෙන්ස් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති අතර ටාටා බස් රථයක මුහුණුවරක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, September 19, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on November 11, 2019, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (KPP 114 / NC-2204) at Nuwara-Eliya. Acquired to the SLTB fleet in 2015. Allocated for the services between Welimada and Nebgombo under the route number 79. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 10, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 03

This photo was taken in 1992 in Kappetipola, Uva, LK.
Click for the full size picture.
1992 වසරේ, සීමා සහිත කැප්පෙටිපොළ ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම කැප්පෙටිපොළ ඩිපෝව) වෙත මිල දී ගත් රුබී බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් (61-4233), ඩිපෝ පරිශ්‍රයේයේදී. බස් රථය ඩිපෝව වෙත ලබාගෙන දින කිහිපයකට පසු මෙලෙස ඡායාරූපය ලබාගෙන ඇත. මේ වන විට මෙම බස් රථය ධාවනයේ නොමැත.

එවකට කැප්පෙටිපොළ ඩිපෝවේ රියදුරු එම්. එම්. පී. අප්පුහාමි මහතා ඡායාරූපයේ පෙනී සිටී. මතක සටහන ඡායාරූපගත කර ඇත්තේ එන්. ඩි. එම්. අබේසේකර මහතා විසිනි. ලංගම බස් අඩවිය වෙත ලබාදෙන ලද්දේ එම්. එම්. පී. අප්පුහාමි මහතාගේ පුත් ප්‍රීමාල් මධුසංක මහතා විසිනි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Tuesday, May 14, 2019

Ruby bodied TATA LP 1510/36 bus from UBCO Kappetipola depot

This photo was taken on May 12, 2003 in Ambagasdowa, Uva, LK using a Vivitar 35mm 440PZ.
Click for the full size picture.
Uva Bus Company Ltd. (UBCO / Now SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-9828) playing on the Udapussallawa Welimada route in May 2003. Photo by: Primal Madusanka --  ඌ. බ. ස. (ඌව බස් සමාගම, වත්මන් ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව වැලිමඩ මාර්ගයේ ධාවනය වන අවස්ථාවකි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථය මුල් කාලීනව උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති අතර 2006 - 2015 කාලසීමාවේ දී පමණ මස්පන්න හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. මේ දක්වා ධාවනයේ පවතින රථය මේ වන විට ලද්දුම හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

Tuesday, June 12, 2018

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Kappetipola depot

This photo was taken on December 30, 2012 in  Welimada, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1210/36 bus (61-3733) at the Welimada bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වැලිමඩ හා හපුතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය පසු කාලීනව හඟුරන්කෙත රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී ඇති අතර ඒ පිලිබඳ අප පල කල සම්පූර්ණ ලිපිය >> මෙතැනින් <<

Wednesday, September 28, 2016

Ruby bodied TATA 1510 D bus from SLTB Kappetipola depot

This photo was taken on July 27, 2014 in Welimada, Uva, LK, using a Panasonic DMC-LS6
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot TATA 1510 D Ruby bodied bus (GE-1466) at Welimada bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක මස්පන්න බලා ධාවනයට යොදවා ඇත.

Tuesday, November 10, 2015

Ashok Leyland Lynx double door bus from SLTB Kappetipola depot

This photo was taken on May 31, 2015 in Welimada, Uva, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot  Ashok Leyland Lynx (double door) bus (NC-3001) at Welimada bus stand. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මෙම බස් රථය ඉඳිගහදෝව හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Sunday, December 28, 2014

SLTB breakdown service - Kappetipola depot

This photo was taken on November 28, 2013 in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1505) in the depot premises. Ruby bodied TATA LP 1210/36 bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංමගම පිරිවිතරයන්ට රුබී සමාගම මගින් බඳ නිමවූ බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, November 18, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kappetipola depot

This photo was taken on November 15, 2014 in Kappetipola, Uva, LK, using a LG-D325.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 909/36 (63-2462) in the depot premises. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Davuldena and Welimada. Photo by: Madura Ratnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වැලිමඩ හා දවුල්දෙන අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූය: මධුර රත්නායක

Sunday, September 21, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on September 06, 2014 in Welimada, Uva, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ashok Leyland Viking 210 Tubro bus (KPP 103 / NB-8204) at the Welimada bus stand. Acquired to the SLTB fleet in 2014. Ready to leave for Colombo under route number 79. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ 2014 වසරේ අගෝස්තු මස ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Sunday, August 3, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kappetipola depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (NB-4475) at Ampara. Allocated for the services between Nuwaraeliya and Ampara under the route number 77. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අම්පාරේ දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2013 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

Sunday, April 20, 2014

Ashok Leyland Comte minior bus from SLTB Kappetipola depot

This photo was taken on April 13,2014 in walimada, Uva, LK using LG Optimus L5 E612.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot Ashok Leyland Comet Minior bus (GE-0156) at Welimada. Rehabilitated and modified by the depot. Photos by: Madura Rathnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් වැලිමඩ දී. හොරණ ඩිපෝව මගින් ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය කැප්පෙටිපොල ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූප: මධුර රත්නායක

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on January 25, 2014 in Kappetipola, Uva, LK using LG Optimus L5 E612.
Click for the full size picture.

Monday, January 6, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Kappetipola depot

This photo was taken on October 17, 2013 in Kappetipola, Uva, LK using LG Optimus L5 E612
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ashok Leyland Lynx D type bus (NB-5661) at Kappetipola. Photo by: Madura Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් කැප්පෙටිපොල දී. රථය මාර්ග අංක 137 ඔස්සේ උඩුපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2013 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයකි. ඡායාරූපය: මදුර රත්නායක.

Sunday, December 29, 2013

Wesco ISUZU MT111L bus from U. B. Co. Kappetipola depot

This photo was taken on December  2003 in Welimada, Uva, LK.
Click for the full size picture.
U. B. Co. Ltd (Uva bus Company Ltd., Now SLTB) Kappetipola depot, Wesco ISUZU MT111L bus (62-4645) in the depot premises in 2003. Photo by: Primal Madusanka. -- ඌ. බ. ස. (ඌව බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L  තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1998 වසරේ ධාවනයට ලැබී ඇති මෙම බස් රථය එම වසරේ සිට 2005 වසර දක්වා අඛණ්ඩව මාර්ග අංක 99 ඔස්සේ කොළඹ හා වැලිමඩ අතර ධාවනය වී ඇත. 2005 වසරෙන් පසු කෙටි ධාවනයට යෙදවී ඇති බස් රථය 2013 වසරේ ධාවනයෙන් ඉවත් වන තුරුම බණ්ඩාරවෙල හා වැලිමඩ අතර ධාවනය වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2003 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ සිට පැමිණි අවස්ථාවක දීය. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

Sunday, October 20, 2013

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kappetipola depot

This photo was taken on October 20, 2012 in Ohiya, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot,  Ruby bodied TATA LP 909/36 (KPP 74 / 63-0821) at Ohiya. Photo by Niroshan Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ RUBY සමාගම මගිනි. රථයේ පැති වීදුරු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ වැලිමඩ සිට බොරලන්ද හරහා ඔහිය දක්වා ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.

Monday, September 23, 2013

SLTB supply division - Kappetipola depot

This photo was taken on September 12, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී0715) at the central bus stand, Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. රථයේ ලියාපදිංචි අංකය 29ශ්‍රී0715 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමන් සකසා ඇත.

Monday, September 2, 2013

PTS Welimada bus stand in the 90's

This photo was taken in 1995 in Welimada, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / now SLTB) buses at the Welimada bus stand in the 90's -- 1995 වසරේ වැලිමඩ බස් නැවතුමේ නවතා ඇති ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් (වත්මන් ශ්‍රී ලං.ග.ම.) බස් රථ. සියල්ලම පාහේ කැප්පෙටිපොල ඩිපෝවට අයත්ය. ඡායාරූපය: එන්. ඩී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබුණු ප්‍රිමාල් මදුසංක මයාටද විශේෂ ස්තූතිය

Saturday, August 3, 2013

Wesco TATA LPO 1313/55 Modified bus from SLTB Kappetipola depot

This photo was taken on July 24, 2013 in Haputhale, Uva, LK, using a Sony Cybershot DSE W310
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Wesco TATA LPO 1313/55 modified bus (KPP 70 / 62-7709) playing on the Haputhale 134 Walmada route. Body built by Wesco with Duple Metsec. Recently modified by the depot. Photo by : Yashmal Néranja -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 බස් රථයකි. මුල් බඳ වෙස්කෝ  සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොලේ දී නිපදවා ඇති අතර පසු කාලීනව ඩිපෝව මගින් සිදුකල අලුත්වැඩියාවන් වලදී ටාටා 1210 බස් රථයක හා ලටෙක් 1210 බස් රථයක කොටස් යොදා මුහුණත වෙනස් කර ඇත. මාර්ග අංක 134 යටතේ වැලිමඩ - හපුතලේ මාර්ගයේ ධාවනය වන අතරතුර හපුත්ලේ ආසන්නයේ දී ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය: යෂ්මාල් නේරන්ජ

Sunday, July 7, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from PTS Kappetipola depot

This photo was taken in 1995 in Galahagama, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kappetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (29ශ්‍රී0664) playing to Galahagama on a rural route. Photo by: N. G. M. Abesekara. Special Thanks to  Primal Madusanka -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්ව තිබුණු, 1980 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ එකලස් කර ධාවනයට එක් කරන ලද ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගලහගම බලා ධාවනය වෙමින්. ඡායාරූපය 1995 වසරේ ලබාගත්තකි. ඡායාරූපය: එන්. ජී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබූ ප්‍රිමාල් මදුසංක මහතාට විශේෂ ස්තූතිය.