Showing posts with label Y1992. Show all posts
Showing posts with label Y1992. Show all posts

Sunday, May 19, 2024

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/52 bus (MW 07 / 61-2141) at the Mawanella bus stand. The bus acquired to the PTS fleet in 1992. This photo was taken in October 2013 while it was allocated for the services between Ambadeniya and Mawanella under route number 417.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby  සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 417 යටතේ  අඹදෙනිය හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 30, 2022

Jay bodied TATA LP 1210/52 bus from SLTB Kandy South depot

This photo was taken on 14 October 2022 in Kandy, Central LK using a Canon PowerShot SX620 HS
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB)  Kandy South depot, Jay bodied Tata LP 1210/52 bus (61-5053) in the depot premises. The bus, which was launched in 1992 under the then PTS Kalutara (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Jay coach builders. Later, this bus has been used as a staff transport bus at Ekala Lakdiwa workshop and has been given to Kandy South depot in 2022 based on passenger service requirements. At the time of taking the photograph in October 2022, the bus was ready to run from Kandy to Pilimathalawa. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ජායි බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වී ඇති මෙම බස් රථය 2022 වසරේ මෙලෙස සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝව වෙත පවරා දී ඇත. 2022 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර සිට පිළිමතලාව බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක. 

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1210/52
Coach Builder :- Jay Coach Builders Ltd in India
Engine :- NA 692 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Year of Manufacturing :- 1992
SLTB type :- B
Received from:- SLTB Kalutara depot / Ekala Lakdiwa workshop 
Status :- In service

 Information as at 30.10.2022

Monday, October 17, 2022

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South

This photo was taken on May 4, 2012, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KS 29 / 61-4882) at the Kandy good shade bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kandy South in 1992. Allocated for the services on a local route between Ratemulla and Kandy under the route number 640. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1992 වසරේ එවකට සීමාසහිත මහනුවර දකුණ ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 640 යටතේ ගාල්තැන්න හරහා රටේමුල්ල හා මහනුවර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

Saturday, October 2, 2021

Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 2002 in Sigiriya, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC / now SLTB) Dambulla depot, Ruby bodied Tata LP 1210/52 bus (DB 30 / 61-3578) at Sigiriya. The bus, which was launched in 1992 under the then PTS (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Ruby coachbuilders. At the time of taking the photograph in 2002, the bus was ready to run from Sigiriya to Dambulla. This photo is copyright to the respective photographer. Photo Courtesy: Almy -- රජරට බස් සමාගමේ (ර.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2002 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිගිරිය සිට දඹුල්ල බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡයරූපය උපුටා ගැනීම: Almy

Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.

Saturday, July 20, 2019

SLTB Supply division - Kirindiwela depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot TATA LP 909/36 supply division vehicle (61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ ධාවනයට එක් වූ ජායි බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. 

මෙම රථය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය.

Thursday, September 3, 2015

Jay bodied TATA LP 909/36 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Jay bodied TATA LP 909/36 modified bus (KD 71 / 61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ ජායි (Jay) බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට  එක්වී ඇති අතර සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. සම්පාදක සේවා රථයක් ලෙස ශ්‍රී ලංගම බණ්ඩාරවෙල වැඩපොළ යටතේ තිබී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස කිරිඳිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක් කර තිබීම විශේෂය.
This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 23, 2015

Ashok Leyland Comet Minior modified bus from SLTB Gampola depot

This photo was taken on November 22, 2014, in Gampola, Central, LK, using a Sony Ericsson C905.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Ashok Leyland Comet Minior modified bus (GP 33 / 61-5550) at the Gampola bus stand. Acquired to the PTS fleet in 1992. Allocated for the on a local route between Ganhatha and Gampola. Photo by: Tharindu Wikramarathne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ගම්පොල බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථයේ මුල් පෙනුම පසුකාලීන අළුත්වැඩියාවන් නිසා බොහෝ සෙයින් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මර්ගයක් ඔස්සේ ගංහත හා ගම්පොළ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Sunday, November 30, 2014

The first Dimo bus of the PTS -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මුල්ම ඩිමෝ බස් රථය

This photo was taken on 1992 in Colombo, LK.
Click for full size picture.
This is the first Dimo bus of the Peoplized Transport Service (Now SLTB). Body built by Dimo Lanka Auto Assembly Ltd in 1992 on a TATA LPO 1313/47 chassis. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) වෙත ලැබුණු මුල්ම ඩිමෝ බඳ සහිත බස් රථය මෙයයි. මෙය ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ ඩිමෝ ලංකා සමාගම මගින් බස් රථ සඳහා බඳ (body) සැකසීම ආරම්භ කර පරීක්ෂණ ධාවනය සඳහා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත එවා ඇති මෙම බස් රථය පරීක්ෂන ධාවනයෙන් අනතුරුව ඩිපෝවක් වෙත අනියුක්ත කර ඇති බව සැලයි. මෙම බස් රථයෙන් පසුව ටාටා LP 1210/52, ටාටා LPO 1313/47 සහ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 යන වර්ග වලින් ඩිමෝ බඳ සහිත බස් රථ ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

Saturday, June 28, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on June 24, 2014 in Borella, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Bharat bodied Ashok Leyland Viking bus (UM 45 / 61-4121) at the Borella Junction. Acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බොරැල්ල මංසන්ධියේ දී. 1992 වසරේ දී එවකට සීමා සහිත මට්ටක්කුලිය ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව) මගින් ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස උඩහමුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝ සේවයක පිරිස දියත් කල වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 යටතේ නුගේගොඩ සිට බොරැල්ල බලා ධාවනයට යොදවා තිබුණි.

Friday, March 7, 2014

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2013 in Kataragama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied TATA LP 1210/52 bus (KTG 35 / 61-4675) at Kataragama. Allocated for the services between Kataragama and Sella Kataragama -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය විය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සෙල්ලකතරගම හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 5, 2014

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Hakmana depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Latec Kesco bodied Ashok Leyland viking bus (HM 02 / 61-3235) at the Matara bus stand. Allocated for the services between Kamburupitiya and Matara under the route number 353/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුම් පොළේ දී. 1992 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 353/4 ඔස්සේ කඹුරුපිටිය හා මාතර අතර ධාවනයට යොදවා ඇත.

Wednesday, January 8, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, re-bodied Ashok Leyland Viking bus (MT 38 / 61-1605) at the Marata bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිලදී ගෙන ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීන අලුත්වැඩියාවකදී එහි මුල් බඳ ඉවත් කර මෙම ලංගම මාදිලියේ බඳ බද්ධ කර ඇති බව නිරීක්ෂණය වේ.

මෙම බස් රථය 2012 ජුලි මස, මාතර බස් නැවතුමේ දී.
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 15, 2013

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, ACCL bodied Ashok Leyland Viking bus (61-3870) at the Bulathsinhala bus stand. Acquired to the Horana depot in 2012 from the Mattakkuliya depot. The bus ready to leave for Niggaha via Pahiyangala under the rout number 286/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන, ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බුලත්සිංහල බස් නැවතුමේ දී. රථය 2012 වසරේ හොරණ ඩිපෝවට ලැබී ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝවෙනි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 286/1 යටතේ බුලත්සිංහල හා නිග්ගහ අතර ධාවනයට යොදවා තිබුණි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකට පාහියංගල බලා යන මගීන්ට බුලත්සිංහල සිට මෙම බස් රථයෙන් ගමන්පහසුව සලසාගත හැක.

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W 
Click for the full size picture.

Saturday, December 7, 2013

SLTB breakdown service - Negombo depot

This photo was taken on June 13, 2013 in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, TATA LP 909/36 breakdown service vehicle (61-5519) in the depot premises. Jay bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LP 909/36 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය් හා එක්වූ ඉන්දියානු Jay බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. රථය ඇතැම් විට ඩිපොවට ඉන්ධන සම්පාදනය සඳහාද යොදා ගැනෙනා බව සැලයි.

Saturday, November 16, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5445) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයට ලඟා වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. ලංගම වහරේ දී "කාදර් ටාටා" යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත.

Monday, November 4, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Chilaw depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1210/52 bus (CL 81 / 61-3509) at Kataragama. Rehabilitated (2012) by the Chilaw depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීනව ධාවනය සීමාකර තිබියෙදී, හලාවත ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර ධාවනයට එකතු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 6, 2013

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Utkal bodied Ashok Leyland Viking bus (UM 17 / 61-3868) at Dehiwala. Allocated for the services on the route no 176 Dehiwala - Hettiyawatta. Originally acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් දෙහිවල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇත. මෙම බස් රථ 1992 වසරේ දී, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මතුගම, හෝමාගම සහ මට්ටක්කුලිය යන ඩිපෝවලට පමණක් ලැබී ඇති අතර පසුකාලීනව මට්ටක්කුලිය ඩිපෝවෙන් මෙම බස් රථය මෙලෙස උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල හා හෙට්ටියාවත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 5, 2012

Jay bodied TATA LP 909/36 bus from SLTB Wariyapla depot

This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot TATA LP 909/36 Jay bodied bus (WR 06 / 61-5514) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම වර්ගයේ බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත. බඳ නිපදවා ඇත්තේ ජායි කොච් සමාගම මගිනි. මෙම බස් රථයේ ඉදිරිපස් ප්‍රධාන ලාම්පු පමණක් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2012 වසරේ ජුලි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා (කළුගමුව හරහා) වාරියපොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, May 1, 2012

Latec Kesco bodied Ashok Leyland Viking 193 from SLTB Chilaw depot

This photo was taken on May 01, 2012, in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (CL 10 / 61-3230) at Battaramulla with a special tour. Body built by Latec with Duple Metsec (UK) and allocated to the PTS fleet in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී. රථයේ  බඳ (body) ලටෙක් සමාගම මගින් එංගලන්ත ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. කහගොල්ල වැඩපොළේ දී නිමවා 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි තිබුණි.

This photo was taken on May 09, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.