Sunday, February 14, 2021

Multimodal Transport Center, Makumbura -- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයක නවතා ඇති ම.බ.කා. ඩිපෝවට අයත් King Long XMQ6127CY වර්ගයේ බස් රථයක්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවා පුද්ගලික සමාගමට (මහාමාර්ග අමාත්‍යංශය අනුබද්ධ) අයත්  YUTONG ZK6930H වර්ගයේ බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගී බස් රථ පර්යනතයන්හි නවතා ඇති ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝවට සහ අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථ
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යනු කොළඹ ආශ්‍රිත පොදු ප්‍රවාහන මාධ්‍යන් කීපයක් එක් ස්ථානයකට ගොනු කර සැකසූ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. කොළඹින් බාහිර ප්‍රදේශ වල සිට පැමිණෙන බස් රථ ඇතුළු වාහන කොළඹ නගරයට ඇතුළු කරවීම වෙනුවට ප්‍රවාහන මධ්‍යස්ථාන කීපයකට රැස් කර කොළඹට ඇතුළු වන රථ සංඛ්‍යාව සීමා කරවීමේ රජයේ සැලැස්මේ පළමු පියවර ලෙස මෙය සැලකේ. 2019 වසරේ මාර්තු මස 31 දින විවෘත කරන ලද මධ්‍යස්ථාය මේ වන විට අධිවේගී මාර්ගයේ මහරගම දෙසට පැමිණෙන බස් රථ, හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපබෝගී බස් රථ, කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය හා ශ්‍රී ලංගම අළුතින් හඳුන්වාදුන් "Park and ride City Bus" යන සේවාවන් සම්බන්ධීකරණය කරයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නවතා ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාව, තංගල්ල, මහරගම, අම්බලන්තොට, ම.බ.කා. ඩිපෝවන්ට සහ කොළඹ City Bus සේවාවට අයත්  බස් රථ
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඒ වෙත පැමිණෙන මගී ජනතාවට පහත සඳහන් පහසුකම් ලබා දේ.
  • සුඛෝපබෝගී බස් රථ සේවාවන් ලබා ගැනීමේ හැකියාව.
  • හයිලෙවල් මාර්ගයේ ධාවනය වන සාමාන්‍ය බස් රථ සේවා ලබා ගැනීම.
  • Park and Ride City Bus සේවාව යටතේ ආරක්ෂිතව වාහන නවතා යෑමේ පහසුකම.
  • කැළණිවැලි මාර්ගයේ දුම්රිය සේවාවන් සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ හැකියාව.
  • නවීන මගී පර්යන්ත සහ මගීන්ට රැඳී සිටීමට ස්ථාන.
  • ඩිජිටල් කාලසටහන් මගින් බස් රථ හා දුම්රිය තොරතුරු ලබා ගැනීමේ හැතියාව.
  • භාණ්ඩ හැසිරවීම සඳහා විශේෂ පහසුකම්.
  • ව්‍යායාම කි‍රීමේ පහසුකම.
  • ATM පහසුකම්.
  • ශ්‍රවණාගාර පහසුකම්
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනුබද්ධ දුම්රිය ස්ථානය 
 මගීන්ට රැඳී සිටීමට ඇති ස්ථානයක් 
ස්වයන්ක්‍රීය පඩිපෙල්
පඩිපෙල්
ආපන ශාලාව 
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
ශ්‍රවණාගාරය
මාර්ග තදබදය අවම කරීම පිණිස ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා මෙවැනි නවමු ඉදිකිරීම් මනා පිටිවහලක් වනු නොඅනුමානය. සියළුදෙනා වෙනුවෙන් මෙය රැක ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීම වේ.
ප්‍රධාන පිවිසුම 
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිලිබඳ තවත් තොරතුරු පිරික්සීමේ හැකියාව පවතී. 
නිල වෙබ් අඩවිය: www.mmck.lk

සටහන: උත්පල දිල්හාන්

No comments:

Post a Comment