Saturday, August 30, 2014

යළි පණ ලබන ලංගම

රටේ ජනතාවගේ වටිනා කාලය බොහෝ දුරට නාස්ති වන්නේ මහ මඟට බව පසුගිය කාලයේ කරන ලද පර්යේෂණ කිහිපයකින්ම හෙළි වී තිබුණි. ප්‍රවාහන විශේෂඥයකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ වරෙක ගාලු පාරේ වාහන ධාවන වේගය සම්බන්ධව පර්යේෂණයක් කළේ ය. එහිදී සොයා ගත හැකි වූයේ කොළඹට ආසන්නයේදී වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 7 කට ආසන්න වන බවයි.

මේ තත්ත්වය තවත් උග්‍ර වන්නේ පොදු ප්‍රවාහන සේවයකින් ගමන් කරන්නේ නම් ය. අතර මඟ බස් නැවතුම් පොළවල බස් රථ නවතාගෙන සිටීමෙන් රටේ දේශීය විනිමය විදේශයන්ට ඇදී යාමට හේතු වන ඉන්ධන වැය වීමත් මිනිස් සම්පතේ කාලය විනාශ වීමත් මාර්ග තදබදය ඇතිවීමත් යන ව්‍යසනයන් තුනම සිදු වේ.

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෞද්ගලික බස් රථ සේවාව විසින් බස් කර්මාන්තයේ අණසක පතුරවාගෙන සිටීමත් එම සේවාව නියාමනය කිරීමට ඇති ආයතන මඟින් එම කාර්යය නිසි පරිදි සිදු නොවීමත්ය. එම ආයතන ඒ සම්බන්ධව කරුණු දක්වමින් නිරතුරුවම පවසන්නේ සේවක සංඛ්‍යාව මදි බව මෙන්ම පෞද්ගලික බස් රථ සඳහා පවත්නා නීති රීති හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන බවයි.

කරුණු කෙසේ හෝ වේවා එදා සිට අද දක්වාම ජනතා හිත මිතුරකු වූ ලංගම බස් රථවලින් මේ ගැහැට කිසිවක් සිදු වූයේ නැත. සේවාව නිසි පරිදි ඉටු විය. සිදු වූ එකම දෙය නම් ලංගම විකුණාගෙන කෑමට විවිධ දේශපාලඥයන් විසින් කටයුතු කිරීමය.

ලංගම සතුව තිබූ ප්‍රාදේශීය වැඩ පළ වු ඒකල වේරහැර කහගොල්ල, ගාල්ල (පෙට්ටිගල වත්ත) කුණු කොල්ලයට අලෙවි විය. බස් රථ නඩත්තු කිරීමට අලුත්වැඩියා කිරීමට තැනක් නැති විය. අබලන් වූ බස් රථ ඩිපෝවලම ගාල් විය. පසුව හිතවත් අයට කුණු කොල්ලයට එම බස් රථ වෙන්දේසි විය. ලංගම ඇද වැටීම සිදු වූයේ මේ අනුවය. එහෙත් මේ වන විට ලංගමට නව පණක් ලබා දීමට කටයුතු කර ඇත.

විනාශ මුඛයට පත් වීමට ගොස් තිබූ ලංගමට නව පණක් ලබා දී ඇත. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බස් රථ 2200 ක් එක්වරම ලංගමට ආනයනය කරමින් පවතී. එයින් බස් රථ 203 ක් මේ වන විටත් මෙරටට ලැබී ඇත. ඒවා ඩිපෝවන්හි අවශ්‍යතා අනුව මෙ වන විටත් බෙදා හැර ධාවනයට එක් කර ඇත. ආනයනය කරනු ලබන බස් රථ අතුරින් 1400 ක් ආසන 54 කින් යුක්ත වන ඒවායි. එම බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 45 කි. ඉතිරි බස්රථ 800 ආසන 42 කින් යුක්ත ඒවාය. එම එක් බස් රථයක වටිනාක ම ලක්ෂ 42 කි.
  
මේ අනුව සමස්ත බස් රථවල විනාකම කෝටි 1068 කි. මේ තරම් විශාල මුදලක් ජනතා ප්‍රවාහනයට එකවර වැය කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. එසේම එය මහ හඩින් අඩ බෙර නොගසා සිදු කිරීමද විශේෂත්වයකි.

බස් රථ සේවාව සම්බන්ධව වැඩි වශයෙන් කටයුතු කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් අපි ඒ පිළිබඳව විමසුවෙමු.
‘රටේ සංවර්ධනය වේගයෙන් ඉදිරියට ඇදී යන වේලාවේ පාරට එන මඟියාට ඉක්මනින් තම මනාන්තයට ගෙන යාම අපේ වගකීමක්. ප්‍රවාහන අමාත්‍යාංශය විතරක් නෙමයි පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ වලටත් ඒ වගකීම තියෙනවා.

ජනතාවට 100% ක බස් සේවාව සපයපු ලංගම බස් සේවය දැන් සලසන්නේ 24% ක ප්‍රවාහන සේවයක් විතරයි. මේ බස් රථ සේවාවේ ප්‍රධාන අරමුණ එම සංඛ්‍යාව 27% දක්වා වැඩි කර එය ස්ථාවරව තබා ගෙන යාමයි. එමඟින් කාර්යක්ෂම සේවාවක් ඇති කරන්න අපි කටයුතු කරනවා.

තාමත් රටේ සියලු ග්‍රාමීය මාර්ගවල වගේම නගරයෙන් බැහැර සියලු මාර්ගවල පළමු බස් එක වගේම අන්තිම බස් එකත් දුවන්නේ ලංගමින්. ඒ වගේම නිදහස් අධ්‍යාපනයට අත දීමක් ලෙසින් වාර ප්‍රවේශ පත්‍ර ලබා දිමත් සිදු කරනවා. මේ සියල්ල මඟියා දන්නවා. ඒ වගේම විනය ගරුක සේවාවක් ලබා දෙන්නේ ලංගමින් එම නිසා අදටත් ලංගම පෞද්ගලික බස් දෙකක් ආවොත් මඟියා නගින්නේ ලංගම බස් එකට.

මේ වන විට ලංගම සේවකයන් 35 000 ක් ඉන්නවා. ඒ අය නඩත්තු කරන්නෙ බස් 5000 කින්. රියැදුරු කොන්දොස්තරවරුන්ගේ අඩුපාඩු සපුරාලන්න මේ වනවිට සේවකයන් බඳවා ගන්නවා.

මේ වන විට පෞද්ගලික වාහන භාවිතා කරන පිරිස වැඩිවෙමින් පවතින නිසා ලංගමට ඒ අභියෝගයටත් මුහුණ දෙන්න වෙලා. ත්‍රී රෝද රථ වගේම යතුරු පැදි භාවිතය නිසා ආදායම අහිමි වුණත් ලංගම සේවාව නිසි අයුරින් කාර්යක්ෂම ලෙසින් පවත්වා ගැනීමට කටයුතු කරනවා.

කෙසේ වුවත් ආර්ථික වශයෙන් ඵලදායි වන නාරාහේන්පිට/ බොරුල්ල/ කොටුව මාර්ගවල ලංගම බස් රථ නොමැතිවිමටත් මේ බස් රථ මඟින් පිළියමක් ලබා දීමට කටයුතු කරනු ලබන අතර දුර ගමන් සේවා බස් රථ විධිමත් කර ධාවනය කිරීමද මේ බස් රථ ඇණියේ බලාපොරොත්තුවකි.

එමෙන්ම අම්පාර ලංගම ටයර් කම්හල පණ ගැන්වීම මෙන්ම මාතලේ කලුදෑවල ලංගම වැඩපොළ පණ ගැන්වීම මඟින්ද ලංගමට නව පණක් ලබා දීමට කටයුතු කෙරේ.

එසේම ඒකාබද්ධ කාලසටහන් මඟින් රාත්‍රී බස් රථ සේවාවද විධිමත් කිරීමට මේ බස් රථ සමඟ කටයුතු කෙරෙනු ඇත. ඒකාබද්ධ සේවාවට අනුව 3ට 2 අනුපාතයට බස් රථ ධාවනය කෙරෙනු ඇත. ඒ අනුව පෞද්ගලික බස් රථ 3 කට ලංගම බස් රථ 2 ක් බැගින් කාල සටහන් සැකසෙනු ඇත. එම ඒකාබද්ධ සේවාව සමඟින් සියලු බස් රථ අනිවාර්යයෙන්ම යම් දින කිහිපයක් රාත්‍රී සේවාවට යටත් වනු ඇත.

ලංගම ඩිපෝ 113 න් 80ක පමණ සංඛ්‍යාවකට මේ වන විට ස්ථායි මට්ටමකට පැමිණි ඇති අතර ඉතිරි ඩිපෝ 35 ක පමණ ප්‍රමාණයද කඩිනමින් කාර්යක්ෂම තත්ත්වයට ගෙන ඒම ලංගම අපේක්ෂාව වී ඇත. විශේෂයෙන්ම අඩු මිල ප්‍රමිතියෙන් අඩු අමතර කොටස් ලංගම බස් රථ සඳහා යෙදවීම කලකට ඉහතදී සිදු වී ඇති නමුත් මේ වන විට ලංගම බස් රථ සඳහා ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක අමතර කොටස් යෙදීමට උපදෙස් ලබා දී ඇත. එසේම පරිපාලනය විධිමත් කර ධාවනය විධිමත් කිරීමටද පියවර ගෙන තිබීම තුළින් ලංගම ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයෙන් මේ වන විට පෞද්ගලික බස් සේවාව අභිභවා ලංගම බස් රථ පෙරට ඒම තුළින් පැහැදිලි වන්නේ ලංගම තරගකාරිත්වය අතින් තවමත් පෙරමුණේ ගමන් කරන්නට සමත් බවයි. අධිවේගී මාර්ගයේ බස් රථවලින් දිනකට ලක්ෂ තිස් තුනකට ආසන්න මුදලක් උපයා ගැනීමට ලංගම සමත්ව ඇත. බස් රථයක ගෙවා අවසන් වන විට වටිනාකම වනුයේ ලක්ෂ 120කි.
අධිවේගී මඟේ සැප බසයක මාසික ආදායම ලක්ෂ 15 ඉක්මවයි. ඒ අනුව බස් රථයක් සම්පූර්ණ වටිනාකම මාස 8 කදී ලංගමට ඉපැයිය හැකිය. රාජ්‍ය ප්‍රවාහන සේවය මේ අයුරින් ශක්තිමත් වුවහොත් එහි වාසිය සැම විටම සැලසෙන්නේ පොදු ජනතාවටයි.

සමස්ත ලංගම සේවාවම ජාලගත කර තිබීම නිසා මේ වන විට සියලුම ඩිපෝ සම්බන්ධ විස්තර දිනපතා සිදුවන මෙහෙයුම් ක්‍රමවේදය ක්ෂණයකින් දැන ගැනීමට හැකිවීම තුළින් අඩුපාඩු සොයා ඒ සියල්ල නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. එසේ නොමැතිව බස් රථ පමණක්ම එක් කිරීමෙන් පමණක්ම ලංගම ගොඩ ගත නොහැකි වනු ඇත.

උපුටා ගැනීම:  සිළුමිණ (silumina.lk)  ඡායාරූප: sltbbus.blogspot.com

Friday, August 29, 2014

CTB bodied Leyland Comet bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී2360) in the depot premises. Acquired to the CTB Fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගම යටතේ නිපදවූ තට්ටුවකට වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේදී බඳ සකසා 1966 වසරේ ලංගම යටතේ ධාවනයට එක් වී ඇත. මුල් අවධියේ කොළඹ හා අනුරාධපුර අතර ධාවනය වී ඇති මෙම බස් රථය මෑත කාලීනව අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී තිබී ඇති අතර අවසානයේ ධාවනයෙන් ඉවත් කර වෙදේසි කිරීමට නිර්දේශ වී ඇත. එහෙත් ඩිපෝව හා මෙම බස් රථය අතර බැඳී පවතින අතීත වටිනාකම තේරුම් ගත් ඩිපෝ සේවක පිරිස, රථය වෙන්දේසියෙන් ඉවත් කොට නැවත පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට සපයා ඇත. පිටත මෙන්ම ඇතුලතින්ද රථයේ මුල් පෙනුම ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කර ඇති මෙම අපූරු රථය, දුටුවන් අතීතයට රැගෙන යනු නිසැකය.


This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 27, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Brij bodied Ashok Leyland Viking 193 Hinopower bus (NA-1118) in the depot premises. The bus acquired to the SLTB fleet in 2005. Allocated for the services between Kesbewa and Pettah under the route number 120 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලේනඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර රථයේ බඳ ඉන්දියාවේ බ්‍රිජ් (Brij & Associates) සමාගම මගින් නිමවා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 120 යටතේ කැස්බෑව හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 25, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Central Bus Stand (CBS) depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ruby bodied Ashok Leyland Viking 193 Hinopower bus (CBS 05 / NA-0787) at Kataragama. The bus acquired to the SLTB fleet in 2005. Rehabilitated by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) ම. බ. කා ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් කතරගම දී. 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ම. බ. කා. ඩිපෝවේ සේවක පිරිස විසින් 2013 වසරේ දී මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ.

Sunday, August 24, 2014

SLTB breakdown service - Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyamblanduwa sub depot, Ashok Leyland Viking breakdown service vehicle (23ශ්‍රී7703) in the Monaragala depot premises. Ashok Leyland Viking bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1976 වසරේ ධාවනයට එක්වී ඇති, ලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

The Vehicle at the 18 bends (Dahaata Wanguwa) area in June 2014. Photo by Roshan Athauda -- මෙම රථය 2014 වසරේ ජුනි මස, දහඅට වංගුව ප්‍රදේශයේ දී. ඡායාරූපය: රොෂාන් අතාවුද
This photo was taken on June 06, 2014 in 18 bends (Dahaata Wanguwa), Central, LK, using a Sony LT25i.
Click for the full size picture.

Saturday, August 23, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7320) at the Puttalam bus stand. The bus acquired to the fleet in 2013. Allocated for the services between Puttalam and Colombo via the Katunayake Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පුත්තලම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, August 21, 2014

Latec TATA LP1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Latec TATA LP 1510/52 bus (PL 107 / GE-8860) at Polonnaruwa. The bus acquired to the fleet in 2000. Playing on a local route between Buddhayaya and Polonnaruwa under the route number 850. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පොළොන්නරුවේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 850 යටතේ කදුරුවෙල හා බුද්ධයාය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික.

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.

Wednesday, August 20, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,Ruby bodied TATA LP 909/36 bus (MW 07 / 63-2402) at the Kegalle bus stand. The bus acquired to the fleet in 1999. Allocated for the services between Mawanella and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 බස් රථයක් කෑගල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 1999 වසරේ ධාවනයට එකවී ඇත. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998/1999 කාල සීමාවේ මෙම වර්ගයේ බස් රථ 850 ක් එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය කෑගල්ල හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, August 19, 2014

Ashok Leyland Viking 193 Turbo and Ashok Leyland Viking 210 Turbo new buses for the SLTB

This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Newly arrived SLTB Ashok Leyland Viking Turbo Intercooler buses parked in front of the Udahamulla Depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථ පෙළක් ඩිපෝවන් වෙත බෙදා දීමට පෙර උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 2200 ක් ආසන 54 හා 42 වශයෙන් ලැබීමට නියමිත අතර මුල් අදියරේ දී බස් රථ 50 ක් පමණ ලැබී ඇත. ඉදිරියේදී තවත් බස් රථ ලැබීමට නියමිතය. ඇතැම් බස් රථ ඉලෙක්ට්‍රොනික නාම පුවරු හා GPS තාක්ෂණ උපකරණ වලින් ද සමන්විතය.

Rear view a the bus -- මෙම බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Inside of a bus -- බස් රථයක ඇතුලත
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

GPS camera of the bus -- බස් රථයක GPS කැමරාවක්
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Digital board -- ඉලෙක්ට්‍රොනික (LED) නාමපුවරු 
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

New (42 seater) Viking 193 buses at the Colombo harbor premises -- නව (ආසන 48) බස් රථ කොළඹ වරාය පරිශ්‍රයේ දී 
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.

Monday, August 18, 2014

SLCTB bodied Ashok Leyland Viking from SLCTB Hoarana depot

This photo was taken on 1981 in  Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB, Now Sri lanka Transport Board- SLTB) Horana depot, SLCTB bodied Ashok Leyland viking bus (HR 58 / 23ශ්‍රී8369) playing in Colombo under the route number 125. The bus acquired to the fleet in 1977. Photo by: Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම., වර්තමානයේ ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලංමගම විසින් බඳ සකසා ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් 1981 වසරේ කොළඹ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 125 යටතේ කරඳන හා කොළඹ අතර ධාවනය වී ඇත.

Sunday, August 17, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Hatton depot

This photo was taken on August 15, 2014 in Hatton, central, LK, using a Nokia Lumia 920
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-3543) at Hatton. The bus acquired to the fleet in 2006. Allocated for the services between Samimale and Hatton on a local route. Photo by : Janaka Wijesinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් හැටන් බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සාමිමලේ හා හැටන් අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ජනක විජේසිංහ

Saturday, August 16, 2014

SLTB breakdown service - Wellawaya depot

This photo was taken on August 08, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1985) at the Colombo central bus stand. Ruby bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී, කැප්පෙටිපොල හා වැල්ලවාය ඩිපෝවන් යටතේ ධාවනය වී ඇති, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, August 14, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kataragama depot DTS

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (63-1916) in the Kataragama depot premises. The bus acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.

Wednesday, August 13, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Avissawella depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ruby bodied TATA LP 1510/52 bus (63-3961) at Katharagama. The bus acquired to the fleet in 2000. Rehabilitated in 2013 by the Avissawella depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2013 වසරේ අග භාගයේ මෙලෙස අවිස්සාවේල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 11, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking 210 Turbo bus (HT 23 / NA-8899) at the Hatton bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Hatton and Colombo under the route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේ ඩිපෝව මගින් උපයා ගවීමේ පදනම මත මිලදී ගෙන ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

Sunday, August 10, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Kandy north depot

This photo was taken on July 22, 2014 in Kukuloya, Kandy, Central, LK, using a Samsung galaxy Ace 2.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Ruby bodied TATA LP 1510/42 bus (KN 102 / NA-3539) at Kukuloya. Acquired to the SLTB fleet in 2006. Allocated fro the services between Kukuloya and Kandy under the route number 620. Photo by: Nishantha Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් කුකුල්ඔය දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථය 2006 වසරේ වසරේ අග බාගයේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 620 යටතේ කුකුල්ඔය හා මනනුවර අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට එක් කොට තිබී ඇත. ඡායාරූපය: නිශාන්ත ඒකනායක

Saturday, August 9, 2014

UTKAL bodied Ashok Leyland Viking 193 buses from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, UTKAL bodied Ashok Leyland Viking 193 buses (KW 43 / 63-3607 , KW 44 / 63-3608) parked in the depot premises. Acquired in 2000 to the GBC (Gampaha Bus Company) fleet.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 UTKAL බඳ සහිත බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම (ග.බ.ස.) යටතේ ධාවනයට එක් වී ඇත. බස් රථ ද්විත්වයට ආසන්න ලියාපදිංචි අංක සහ ඇණි අංක ලැබී තිබීම විශේෂත්වයකි.

Friday, August 8, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී4208) at Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications and Acquired to the fleet in 1980. Allocated for the services between Kuttiyagolla and Badulla on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1210/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව බඳ සකසා 1980 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුට්ටියගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, August 6, 2014

SLTB breakdown service - Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8358) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1984 වසරේ ධාවනයට එක්වූ  ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, August 5, 2014

AZAD boiled Ashok Leyland Viking 193 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, AZAD boiled Ashok Leyland Viking 193 bus (DP 80 / 63-3364) at the Divulapitiya bus stand. The bus acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දිවුලපිටිය බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 24, 2013 in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 4, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kandy north depot

This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Latec TATA LP 1510/52 bus (KN 65 / GI-8056) at the Kandy goods shed bus stand. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර බස් නැවතුමේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීනව ධාවනයන් සිමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේ දී මහනුවර උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (31/12/2013 at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ දෙසැම්බර් 31 දින කතරගම දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 3, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kappetipola depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (NB-4475) at Ampara. Allocated for the services between Nuwaraeliya and Ampara under the route number 77. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අම්පාරේ දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2013 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

Saturday, August 2, 2014

Veera bodied Ashok Leyland ULE city bus from SLTB Maharagama depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-7226) at Matara. Allocated for the services between Mharagama and Matara via the southern express way (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් මාතර දී. ධාවන අවශ්‍යතා මත ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.