Showing posts with label KTG. Show all posts
Showing posts with label KTG. Show all posts

Tuesday, May 13, 2025

Ashok Leyland Viking 210 Turbo bus from SLTB kataragama depot

This photo was taken on June 11, 2024, in Kurunegala, North Western, LK, using a Canon EOS 60D.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54-seater Ashok Leyland Viking 210 bus (NC-1141) acquired for the depot under the 2200 bus Project in 2015. The bus, fully manufactured in India, was operating under route number 10/2 from Kataragama to Kurunegala at the time the photo was taken in June 2024, in Kurunegala. Photo by: Binod Rajapaksa
On the early morning of May 11, 2025, this bus, which was operating from Kataragama to Kurunegala via Nuwara Eliya, veered off the Nuwara Eliya - Gampola main road and plunged into a precipice near the Garandi Ella area in Kotmale. The tragic accident claimed the lives of 22 individuals and left over 35 others injured. The bus was completely destroyed in the incident.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2024 වසරේ ජුනි   මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 10/2 යටතේ කතගම සිට කුරුණෑගල බලා ධාවනය වී ඇත. ඡායාරූපය :  බිනෝද් රාජපක්‍ෂ.
2025 වසරේ මැයි මස 11 වන දින අලුයම මෙම බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන අතරතුර නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර අදාළ අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

The damaged bus is at the scene of the accident. Photo Courtesy: Accident 1st -- අනතුරෙන් විනාශ වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයේදී. ඡායාරූපය උපුටා ගැනීම: Accident 1st 

Sunday, January 19, 2025

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on March 15, 2024, in Katharagama, Southern, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Irzar TVS bodied Ashok Leyland Viking 193 bus (63-3746) at Kataragama. The bus acquired to the depot fleet in 2000.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ Irzar TVS සමාගම විසිනි. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2024 මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාර අවසන් කර ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, March 3, 2021

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Karatagama depot

This photo was taken on December 31, 2013, in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Brij bodied Ashok Leyland Comet Minor bus (KTG 86 / GD-9933) at the Kataragama bus stand. Body built by Brij and Associates in India and acquired to the fleet in 2001.This photo was taken in 2013 while it was allocated for the services between Buttala and Kataragama via Gonaganara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත එහි මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2013 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා බුත්තල අතර ධාවනයට යොදවා තිබුනේ ගෝනගංආර හරහාය. 

Wednesday, August 8, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Latec TATA LP 1510/52 bus (KTG 84 / GD-7467) in the depot premises. Rehabilitated by the depot workers in 2013 to celebrate the president's induction -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් ඩිපෝ පරිශ්‍රයේ දී.  මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2000 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2013 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි. අළුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

Saturday, September 30, 2017

Ashok Leyland Viking Turbo bus from SLTB Kataragama depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KTG 10 / NC-1199) at the Jaffna central bus stand. The bus allocated to the Kataragama 218 Jaffna service via Monaragala, Bibila, Mahiyanganaya, Polonnaruwa, Habarana, Anuradhapura, Medawachchiya, Vavniya, and Kilinochchi. This will be the longest route of the transport board for the time being  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 218 යටතේ යාපනය හා කතරගම අතර (මොණරාගල, බිබිල, මහියංගනය, පොළොන්නරුව, හබරණ, අනුරාධපුරය, මැදවච්චිය, වව්නියාව, කිළිනොච්චිය හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

කතරගම 218 යාපනය බස් සේවාව

කතරගම යාපනය බස් සේවාව යනු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන දිගුම ධාවනයයි. සේවාව සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනු ලබන්නේ ශ්‍රී ලංගම කතරගම ඩිපෝව මගින් වන අතර මේ සඳහා බස් රථ යුගලයක් යොදා ගැනේ. මාර්ගය යටතේ ධාවනය වන මුළු දුර ප්‍රමාණය කි. මි. 550ක් වේ. මෙම ගමන් මාර්ගය මගින් මොණරාගල, බදුල්ල, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියාව, මුලතිව්, කිළිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක 09 ආවරණය වේ. සමස්ථ ධාවන කාලය පැය 12කට ආසන්නය. කතරගම දේවාලයේ වතාවත් සඳහා යන උතුරේ මගී ජනතාවට අතිමහත් සේවාවක් මෙම බස් රථ මගින් ඉටු වන බව සැලයි. යාපන ගමන අවසානයේදී බස් රථ රාත්‍රී ගාල් කෙරෙනුයේ ශ්‍රී ලංගම යාපනය ඩිපෝ පරිශ්‍රයේ ය.

බස් රථ පිටත්වීම 
කතරගමින්       19.20
යාපනයෙන්      18.20

ආශ්‍රිත: අපේ ලංගම

Sunday, June 12, 2016

ලංගමෙන් කප්පම්..

This photo was taken on June 02, 2016 in Katharagama, Southern, LK, using a Canon EOS 5D Mark 111.
Click for the full size picture.
බුත්තල කතරගම මාර්ගයේ ධාවනය වන රථ වාහන වලින් කප්පම් වශයෙන් ආහාර වර්ග ලබාගැනීමට මග දෙපස වනාන්තර ප්‍රදේශ වල වෙසෙන වන අලින් පුරුදුව සිටී. මාර්ගයේ පොදු ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම බස් රථ වලටද දැන් මෙය සුපුරුදු කරුණක් බවට පත්ව තිබේ. වන අලින්ට කප්පම් දීම සඳහා මග දෙපස කඩ පොළකින් පළතුරක් දෙකක් මිලට ගැනීමට කොන්දොස්තර මහත්වරුන්ද දැන් හුරුව ඇත. එලෙස බුත්තල සිට කතරගම බලා ධාවනය වන කතරගම ඩිපෝවට අයත් බස් රථයකින් කප්පම් ලබාගන්නා වන අලියෙකු සන්දිම දේවප්‍රිය මහතාගේ කැමරා කාචයේ සටහන්ව තිබූ අපූරුව.

NA-7053 / KTG 99 දරණ මෙම බස් රථය 2009 වසරේ ලංගම හා එක්වී ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ මුල්ම කාණ්ඩයට අයත් ආසන 42 කින් යුතු බස් රථයකි.

Thursday, February 11, 2016

Wesco ISUZU MT112 bus from SLTB Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Wesco ISUZU MT112 bus KTG 74 / 63-3111) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ අංශයේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Saturday, May 23, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kataragama depot

This photo was taken on December 30, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (KTG 120 / NB-8263) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Batticaloa and Kataragama under route number 4/98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ අගෝස්තු මස ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 4/98 යටතේ කතරගම හා මඩකලපුව අතර ධාවනයට යොදවා ඇත.

Monday, February 2, 2015

SLTB supply division - Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ashok Leyland Viking 154 supply division vehicle (23ශ්‍රී8517) in the depot premises. SLCTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලංමගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, January 20, 2015

SLTB bus stand - Tissamaharamaya

This photo was taken on December 30, 2014 in Tissamaharama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Tissamaharama SLTB bus stand in December 2014. -- තිස්සමහාරාම ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති කතරගම ඩිපෝවට අයත් බස් රථ 2014 වසරේ දෙසැම්බර් මස 30 වන දින.

Monday, October 20, 2014

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Kataragama depot

This photo was taken on September 13, 2013  in Dippitigala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus (KTG 97 / NA-7037) at Dippitigala. The bus acquired to the SLTB fleet in 2008. Allocted for the services between Colombo and Kataragama under the route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දිප්පිටිගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් සැකසූ බඳකින් සමන්විතය. ශ්‍රී ලංගම හා එක් වූ පළමු අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 132 ක් ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 03 ඔස්සේ කොළඹ හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, October 5, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KTG 24 / 29ශ්‍රී8692) at Kataragama bus stand. The bus acquired to the fleet in 1982. Photo by: Ishara Koralage -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සකසා 1982 වසරේ ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා සෙල්ල කතරගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

Thursday, August 14, 2014

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kataragama depot DTS

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (63-1916) in the Kataragama depot premises. The bus acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on for the full size picture.

Monday, April 7, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Latec TATA LP 1510/52 bus (KTG 82 / 63-4371) playing to Kataragama on the Buttala-Kataragama road. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, බුත්තල සිට කතරගම බලා ධාවනය වන අවස්ථාවක්. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1999 වසරේ වකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ පැති වීදුරු පසුකාලීනව වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 1, 2014

SLTB breakdown service - Kataragama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Leyland Comet breakdown service vehicle (27ශ්‍රී8856) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1962 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ රථයක් පරිවර්ථනය කර රථය සකසා ඇත. කාර්මික සේවා රථයක් ලෙස නැවත ලියාපදිංචියේ දී වත්මන් අංකය ලැබී ඇත.

Friday, March 7, 2014

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2013 in Kataragama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied TATA LP 1210/52 bus (KTG 35 / 61-4675) at Kataragama. Allocated for the services between Kataragama and Sella Kataragama -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය විය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සෙල්ලකතරගම හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 1, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Kataragama depot

This photo was taken in November 2013 in Deniyaya, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ashok Leyland Viking Hinopower bus (KTG 36 / NA-3981) at Deniyaya. Photo by: Sandaruwan Kudahetty. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දෙනියාය ආසන්නයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. රථය දෙනියාය හා කතරගම අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඡයාරූපය: සඳරුවන් කුඩාහෙට්ටි.

Monday, July 1, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking (C type) bus (KTG 08 / 23ශ්‍රී8286) at Kataragama. Rehabilitated and modified by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන  ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ C කාණ්ඩයේ බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්ව තිබුණු රථය කතරගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාදිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙනි. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට ඇති බව දක්නට ලැබේ.

Rear view of the bus (Pic by Daminda Prasangka) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 27, 2013 in Katharagama, Southern, LK.
Click for the full size picture.

Sunday, June 16, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot SLCTB bodied Ashok Leyland Viking bus (KTG 88 / 29ශ්‍රී0441) at the Kataragama bus stand. (Photo by: Ishara Koralage) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සකසන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇත රථය ඡායාරූප ලබාගත් අවසථාව වන විටත් වසර 37ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඡායාරූපය: ඉෂාර කෝරලගේ

Wednesday, March 20, 2013

Latec Kesco bodied Mercedes-Benz OF 1113 modified bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Latec Kesco bodied Mercedes-Benz OF 1113  bus (KTG 90 / 61-1743) coming our from the depot premises. Body built by Latec with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂණය යටතේ මෙරටදී නිපදවා ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙනය. 1990 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙහි මුල් පෙනුම වෙනස් වී ඇත.