Showing posts with label Y2005. Show all posts
Showing posts with label Y2005. Show all posts

Monday, January 13, 2025

Hino U-HT2MLAAKAI city bus from SLTB Kadawatha depot

This photo was taken on May 04, 2012, in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (KW 77 / NA-0564) parked at the Ragama bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Allocated for the city services between Kadawatha and Ragama under the route number 222. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් රාගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 222 යටතේ කඩවත හා රාගම අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, June 15, 2024

ISUZU U-LV324K bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ISUZU U-LV324K bus (NA-1725) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. This photo was taken in August 2014 while it was allocated for the services between Kawarakkulama and Anuradhapura under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කවරක්කුලම හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළේදී සිදු කරන ලද බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස එවකට සිසු සැරිය වර්ණය යටතේ වර්ණ ගන්වා ධාවනයට සපයා තිබුණි.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, February 28, 2023

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Aluthgama depot

This photo was taken on June 17, 2020, in Aluthgama, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot, Ashok Leyland Viking  193 Hinopower bus (AL 65 / NA-1170) in the depot premises. Acquired to the depot in 2005. This photo was taken in June 2020 while it was parked in the depot. Allocated for the services between Aviththawa and Aluthgama under route number 24/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ඩිපෝවට ලබා දී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් සවරූපය තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. මාර්ග අංක 24/2 යටතේ අවිත්තාව හා  අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 17, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Nawalapitiya depot

This photo was taken on January 17, 2021, in Nagasthenna, Central, LK, using a NIKON D780.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (NW 76 / NA-0961) at Nagasthenna bus stop. The bus acquired SLTB Nuwaraeliya depot fleet in 2005. This photo was taken in January 2021 while it was allocated for the services between Nagasthenna and Nawalapitiya. Photo by: Daraka Sampath -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් නාගස්තැන්න බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම නුවරඑළිය යටතේ ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාගස්තැන්න හා නාවලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make:- Tata Motors in India
Model:- LP 1510/52
Coach Builder:- Ruby Coach Builders Ltd in India
Engine:- NA 697 DI (naturally aspirated) 6 cylinders
Wheel Base:- 5195 mm
Steering Type:- Power
Seating Capacity:- 42
Year of Manufacture:- 2005
Number of Buses:- 727
SLTB type :- B
Current Status:- In Service

Information as at 23.11.2021

Friday, February 4, 2022

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (KGS 103 / NA-1743) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. 2014 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගත් අතර  එවකට ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, November 21, 2021

MCW Metro double decker buses from SLTB Maharagama depot

This photo was taken in 2008 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, MCW (Metro Cammell Weymann) Metro double decker buses (MH 160 / NA-0773 and MH 177 / NA-0771) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. The two buses were parked at the depot when the photo was taken in 2008 and both were allocated to route number 112 (Kotahena - Maharagama). The NA-0773 bus has now been transferred to the Polonnaruwa depot. Photo by: Andy Izatt  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වී ඇති MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථ 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථ ද්විත්වය 2008 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබී ඇති අතර ඒවා ධාවනය කරවා ඇත්තේ මාර්ග අංක 112 යටතේ කොටහේන හා මහරගම අතරය. NA-0773 බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර NA-0771 බස් රථය ධාවනයෙන් ඉවත් වී ඇත. ඡායාරූපය:  Andy Izatt.

Our previous article on the NA-0773 bus operating under the SLTB Polonnaruwa depot. -- ශ්‍රී ලං.ග.ම. පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන NA-0773 බස් රථය පිලිබඳ අප පෙර පළ ලිපිය.


Monday, April 19, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Uva regional office

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Ashok Leyland Viking  193 Hinopower bus (URO 03 / NA-1097) in the Badulla depot premises. Acquired to the SLTB Thanamalwila depot in 2005. Recently taken by the regional office and re-powered with a new engine. This photo was taken in October 2018 while it was allocated for the services between Badulla and Colombo under route number 98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ශ්‍රී ලංගම තණමල්විල ඩිපෝවට ලබා දී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස ඌව ප්‍රාදේශීය කාර්යාලයට පවරාගෙන ඇත. නව ටර්බෝ එන්ජින් කට්ටලයක් බද්ධ කර උස් ඇන්ද සහිත ආසන සකසා රථය මෙලෙස දුර සේවා සඳහා යෝග්‍ය වන පරිදි අලුත්වැඩියා කර ඇත. 2018 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 98 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඒ වන විට දුර සේවා වල නියුතු වූ පැරණි බස් රථ අතලොස්සෙන් එකකි.

Sunday, February 21, 2021

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 1510/52 bus (AW 31 / NA-1626) at Alawwa. The bus acquired to the depot fleet in 2005. Allocated for the services between warakapola and Karawanella under route number 671. The bus was on its way to the depot when the photo was taken in 2018. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 671 යටතේ වරකාපොල හා කරවනැල්ල අතර ධාවනයට යොදවා ඇති රථය 2018 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝව බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, January 17, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Horowpothana depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HP 15 / NA-1120) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2005. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටිය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Sunday, July 12, 2020

Mitsubishi Fuso Aero Star city bus from SLTB Matara depot

This photo was taken on February 16, 2017, in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Mitsubishi Fuso Aero Star city bus (NA-1811) in the super luxury tourist transport service depot yard. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවයේ බස් ගාලේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ වායුසමන පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රැගෙනවිත් තිබුණි.

Friday, June 12, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012 in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking 193 Hinopower, bus (NA-1184) at Piliyandala. Acquired to the SLTB fleet in 2005. Playing to Piliyandala from Bandaragama under the route number 162/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් පිළියන්දල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 162/1 යටතේ බණ්ඩාරගම සිට පිළියන්දල බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, April 14, 2020

ISUZU Cubic city bus from SLTB Ambalatota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic city bus (AT 75 / NA-0561) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Special received form the Thalangama depot for the Hambantota - Mattala Airport service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම උඩහමුල්ල ඩිපෝවටද දෙවනුව ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2013 වසරේ මෙලෙස අම්බලන්තොට ඩිපෝවට අනියුක්ත කර ඇත්තේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ සේවාවන් සඳහා යෙදවීමටය. එම සේවාව ක්‍රියාත්මක නොවීමත් සමඟ රථය මෙලෙස හම්බන්තොට හා බඳගිරිය අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළකල ලිපිය 

Wednesday, April 1, 2020

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (NA-0557) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014. Recently transferred from the SLTB Kadawatha depot -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම කඩවත ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2014 වසරේ මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝවට අනියුක්ත කර ඇත. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් එවකට සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සුළු අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Sunday, February 16, 2020

Northern Counties bodied MCW MKII Metrobus from SLTB Rathmanala depot

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmanala depot, Northern Counties bodied MCW MKII Metrobus in Colombo. Received to the SLTB Fleet in 2005 as a Tsunami aid from UK. Playing on a city service between Kiribathgoda and Angulana under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන Northern Counties බඳ සහිත MCW MKII වර්ගයේ දෙමහල් බස් රථයක් මිලාගිරියේ දී. 2005 වසරේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන සුනාමි අධාරයක් ලෙස ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය 1987 වසරේ නිපදවූවකි. ප්‍රථමයෙන් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මතුගම ඩිපෝව වෙතද අනියුක්තව ධාවනය වී ඇත. එහෙත් පසුකාලීනව මතුගම ඩිපෝව මගින් ධාවනයන් සීමා කිරීම නිසා මෙලෙස 2017 වසරේ නැවත රත්මලාන ඩිපෝවට පවරාගෙන අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කර ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කිරිබත්ගොඩ සිට අඟුලාන බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 9, 2019

Azad bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Kantale depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Azad bodied Ashok Leyland Viking Hinopower, bus (NA-1326) at Kataragama. Rehabilitated by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Azad බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී. 2005 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනය සීමා කොට තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 දී ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Sunday, August 4, 2019

Hino HT2MLAA city bus from SLTB Pothuhera driver training school

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Pothuhera driver training school Hino HT2MLAA city bus (NA-1709) in the driver training school premises.  Acquired to the SLTB fleet in 2004 as an aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, හිනෝ HT2MLAA වර්ගයේ බස් රථයක් විද්‍යාල පරිශ්‍රයේ දී. 2004 වසරේ ජපාන රජයෙන් ලැබුණු සුනාමි අධාරයක් යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය එරාවුර් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති අතර පසු කාලීනව කුරුණෑගල දකුණ ඩිපෝවට රැගෙනවිත් ඇත්තේ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම පිණිසයි. එහෙත් කුරුණෑගල දකුණ ඩිපෝවේ හිටපු ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට මාරු කර යැවීමත් සමඟ මෙම බස් රථය රියදුරු අභ්‍යාස විද්‍යාලය වෙත පවරාගෙන මෙලෙස අළුත්වැඩියා කර ඇත. රථයේ එන්ජින් කට්ටල මෙන්ම බඳද ඒ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති අතර ඉංජිනේරු තුමාගේ දැනුම මෙන්ම ඍජු ශ්‍රම දායකත්වයද අලුත්වැඩියාවට ලැබී ඇත. කෙසේ නමුදු පින්තාරුව ඇතුළු සමස්ථ අලුත්වැඩියාවට වැය වී ඇත්තේ රුපියල් එක්ලක්‍ෂ පන්දහසක (රු. 105,000.00) මුදලක් පමණි. තම රාජකාරීමය වපසරීන්ගෙන්  බැහැරව මෙම බස් රථයට යලි ජවය සැපයීම සඳහා කැප වූ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සැමට ලංගම බස් අඩවියේ ප්‍රණාමය.

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

The bus under the repair in 2017 -- 2017 වසරේ බස් රථය අලුත්වැඩියා වෙමින්
This photo was taken on December 12, 2017 in Pothuhera, North Western, LK.
Click for the full size picture.

Friday, March 29, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/52 bus (NA-0970) at the Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇති අතර ශ්‍රී ලංගම යලි පිහිටුවීමෙන් පසු ලැබුණු ප්‍රථම ටාටා බස් කාණ්ඩය වන්නේ මෙවාය. රථය ලක්‍ෂපාන හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, December 16, 2018

Utkal bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot Ashok Leyland Viking Hinopower, Utkal bodied bus (AT 03 / NA-0801) at Kataragama. Rehabilitated by the depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Utkal බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී.  2005 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව අබලන්ව තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Saturday, March 17, 2018

Hino KC-HU2MLCA luxury bus from SLTB Negombo depot

This photo was taken on February 01, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino KC-HU2MLCA luxury bus (NB 89 / NA-1717) at the central bus stand, Pettah. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government. This bus rehabilitated by the Negombo depot workers. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් "හිනෝ KC-HU2MLCA" වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. පසුකාලීනව මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කර ඇත.

Sunday, June 4, 2017

Hino KC-HU2MLCA city buses from SLTB kadawatha depot

This photo was taken on Auguast 14, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (NA-0576 and NA-0547) parked at the Bambalapitiya SLTB bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Both are allocated for the city service between Kadawatha and Bambalapitiya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථ ද්විත්වයක් බම්බලපිටිය ශ්‍රී ලංගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථ ද්විත්වයම මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.