Showing posts with label BD. Show all posts
Showing posts with label BD. Show all posts

Thursday, March 25, 2021

Modified Ashok Leyland comet Minor open-top bus from SLTB Badulla depot

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, modified Ashok Leyland comet Minor open-top bus (GE-3869) in the depot premises. This vehicle operating under the Kalutara depot of the Kalutara Bus Company in 2000 was later taken away by the SLTB Badulla depot in 2019 and repaired and modified as a special tour bus in March 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ එවකට කළුතර බස් සමාගමේ කළුතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයන් සීමාකර තිබියෙදී 2019 වසරේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව විසින් රැගෙනවිත් මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස අලුත්වැඩියා කර 2021 වසරේ මාර්තු මස මෙලෙස ධාවනයට එක් කර ඇත. ඉදිරියේ දී ඇල්ල ඇතුළු සංචාරක කළාප ඉලක්ක කර විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග පවසයි.

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Tuesday, April 21, 2020

Antony bodied TATA LP 1510/52 bus from SLTB Badulla depot

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Antony bodied TATA LP 1510/52 bus (BD 128 / NA-5335) in the Homagama depot premises. Aquired to the SLTB fleet in 2007. Allocated for the services between Badulla and Colombo under the route number 99. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හෝමාගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2007 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2013 වසරේ දී ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස මාර්ග අංක 99 යටතේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි. ඉන්ධන අවශ්‍යතාවක් වෙනුවෙන් හෝමාගම ඩිපෝවට පැමිණි අවසථාවකි.

This photo was taken on April 26, 2013 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, January 6, 2020

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-2662) at the badulla bus stand. Allocated for the services between badulla and Akiriya. Today (06/01/2020) When the bus traveling towards Madolsima from Passara, had fallen off a precipice near the 6th-mile post on the Passara-Madulsima road at around 5.20 pm this evening. Twelve persons are reported dead from the accident. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇකිරිය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම ලිපිය පල වන අද දින (2020/01/06), සවස 17.20 ට පමණ  බදුල්ල සිට ඇකිරිය බලා ධාවනය වෙමින් තිබියෙදී එම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් ගමන් ගත්  අය  12 දෙනෙකු පමණ මිය ගොස් 36 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. බස් රථයද දැඩි ලෙස විනාශ වී ඇත. එම අවාසනාවන්ත අනතුරෙන් මිය ගිය සියළුම දෙනා වෙනුවන් ලංගම බස් අඩවියේ කණගාටුව පල කෙරෙන අතර තුවාල ලැබූ සියළුම දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

අනතුරේ බරපතල භාවය පිළිබඳ අදහසක් ගැනීම වෙනුවෙන් පහත ඡායාරූපය අද දෙරණ පුවත් අඩවියෙන් උපුටාගෙන මෙසේ පළකරමු. 

Friday, July 5, 2019

බදුල්ල 99 කොළඹ "ලක්සිරි" සේවය - ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය

1981 වසරේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ
29ශ්‍රී7479 දරණ මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථය.
මෙය ලක්සිරි සේවය වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂයෙන් එකලස් කරන ලද බස් රථයකි. 
ශ්‍රී ලංගම මගින් ක්‍රියාත්මක වන දුර සේවා පිල්බඳව සාකච්ඡා කිරීමේදී තවත් අවධානය ලක්වන සේවාවකි "99 ලක්සිරි සේවය". එය ලාංකේය ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය එය වන බැවිනි. එය විශේෂ සේවාවක් ලෙස කැපී පෙනීම උදෙසා එයට "ලක්සිරි" යන නාමය යෝජනා වී  ඇති අතර එහි අරුත වන්නේ "ශ්‍රී ලංකාවේ අසිරිය" යන්නයි. 1979 ඔක්තෝබර් 15 එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ මෙම සේවාව ඇරඹී ඇති අතර ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ එවකට ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ සභාපති අමර මල්වත්ත පීරිස් මහතාය. එතුමන් එම සංකල්පය උපුටාගෙන තිබුණේ 1978 වසරේ සිදුකල තායිලන්ත සංචාරයක අතරතුරදී බැංකොක් සිට චින්මායි දක්වා බස් ගමනකින් අත් දකින ලද බස් සේවාවක් ඇසුරුණි. වචනයෙන් පමණක් අර්ධ සුඛෝපබෝගී නොවී ඇති ලක්සිරි සේවාව එවකට පැවති සාමාන්‍ය බස් රථ වලට වඩා පහසුකම් රැසකින් සමන්විත වී ඇත.

Sunday, March 17, 2019

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1510/42 turbo bus (NA-7146) playing on the Wewelhinna 1/317 Badulla route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් බදුල්ලේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. මාර්ග අංක 1/317 යටතේ වේවැල්හින්න සිට බදුල්ල බලා ධාවනය වන අවස්ථාවකි.

Thursday, January 3, 2019

SLTB Breakdown Service - Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1696) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ශ්‍රී ලං.ම.ග.ම. කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක් කර ඇති මෙම රථය මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. පසුව 1990 දශකයේ මැද භාගයේ බදුල්ල ඩිපෝවට ලබා දී ඇති රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, November 1, 2018

Wesco TATA LPO 1313/55 bus from UBCo Badulla depot

This photo was taken in 2004, in Badulla, Uva, LK.
Click for the full size picture.
Uva bus company (U.B.Co.), Badulla depot Wesco TATA LPO 1313/55 bus (62-7835) at the Badulla bus stand in 2004. Awaiting to leave for Passara. Photo by: Malcolm Chase. -- ඌව බස් සමාගමේ (ඌ.බ.ස.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයක් 2004 වසරේ බදුල්ල බස් නැවතුමේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. රථය බදුල්ල සිට පස්සර ලබා කෙටි ධාවනයක යොදවා තිබුණු අවස්ථාවකි.  ඡායාරූපය: මැල්කම් චේස් මහතා

Sunday, October 14, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NC-1526) in the depot premises. Allocated for the semi luxury service between Badulla and Negombo under the route number 99. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 99 ඔස්සේ බදුල්ල හා මීගමුව අතර අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, September 27, 2018

Ruby bodied TATA LPO 1313/47 special bus from SRILANGAMA Badulla depot

This photo was taken in 1987 in Wewessa Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SRILANGAMA) Badulla depot, Ruby bodied TATA LPO 1313/47 special bus (60ශ්‍රී5417) near the Wewessa Ella waterfall in 1987. The bus having a specially built body according to the requirements of the  Badulla - Colombo "Laksiri" service.  Photo taken form a SLTB 30th anniversary pocket calendar.  Special Thank goes to Mr. Kavissara Sanjeewa for the valuable photo and the information. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LPO 1313/47 වර්ගයේ විශේෂ බස් රථයක් (60ශ්‍රී5417) 1987 වසරේ දී  වේවැස්ස දිය ඇල්ල අසල දී. 1987 වසරේ මෙම වර්ගයේ විශේෂ බස් රථ දෙකක් බදුල්ල - කොළඹ "ලක්සිරි" සේවය වෙනුවෙන් විශේෂයෙන්ම ආනයනය කර ඇත. අනෙක් බසය වන්නේ 60ශ්‍රී5411 බස් රථයයි. ඩිපෝව මගින් රුබී සමාගමට ලබාදුන් අවශ්‍යතා අනුව මෙම විශේෂ බස් රථ ද්විත්වය නිමවා එවා ඇත. මෙම බස් රථ 2 x 3 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 52කින් සමන්විතව තිබී ඇති රථයේ සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථය සතුව තිබී ඇති අතර රථයේ ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ 1988 වසරේ ශ්‍රීලංගම ට 30 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සාක්කු දින දර්ශණයකිනි. ඡයාරූපය සහ වටිනා තොරතුරු සමූහය වෙනුවෙන් කවිස්සර සංජීව මහතාට විශේෂ ස්තූතිය.

Friday, September 7, 2018

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Badulla depot

This photo was taken on February 12, 2017 in Badulla, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Brij bodied Ashok Leyland Comet Minor bus (BD 34 / GD-9932) at the Badulla bus stand. Awaiting to leave for Kandegedara on a local route. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය පසුකාලීනව ජා-ඇල ඩිපෝව මගින් ධාවනය සීමා කර තිබියෙදී බදුල්ල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කොට තිබිණි. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

2018 වසරේ අගෝස්තු මස 27 වන දින අළුගොල්ලේදී වෙනත් රථයකට මාර්ගයේ ඉඩ දීමට ගිය අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාම නිසා රථයට දැඩි හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් පසුව සිදු කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුවේ දී, රථයේ තට්ටුවට සිදු වී ඇති දැඩි හානි සලකා රථය ධාවනයෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇති අතර රථයේ එන්ජිම ඇතුළු අමතර කොටස් යොදාගෙන වෙනත් බස් රථයක් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමට ඩිපෝව අපේක්ෂාවෙන් සිටී.

Wednesday, August 15, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Badulla depot

This photo was taken in April 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Badulla depot, Ruby bodied TATA LP 1210/52 bus (61-1975) at Badulla with a special tour in April 1991. Acquired to the service in March 1991. Special thank goes to Mr. Kavissara Sanjeewa for the pictures and the valuable information. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1991 වසරේ අප්‍රේල් මස බදුල්ලේ දී. 1991 වසරේ මාර්තු 25 වන දින සීමා සහිත බදුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් රු 975 000.00 ක මුදලක් එකවර ගෙවා මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස 1991 වසරේ අප්‍රේල් මස ධාවනයට එක් කර ඇත. මුල්කාලීනව කොළඹ - බදුල්ල, මහනුවර - බදුල්ල, අම්පාර - බදුල්ල වැනි වෙවාවන් වෙනුවෙන් යොදාගෙන ඇති රථය ඩිපෝවේ සුභසාධක චාරිකා රැසක් සඳහාද සිය දායකත්වය සපයා ඇති බව සැලයි. ඡායාරූප සහ තොරතුරු සඳහා විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මහතා.

1991 වසරේ මාර්තු මස 25 වන දින බස් රථය මිලදී ගෙන ඩිපෝව වෙත රැගෙන එන අතරතුර හපුතලේ දී. ඩිපෝ පරීක්‍ෂක තුමන් මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ද රථය ඉදිඉයෙන් සිටී. 
This photo was taken in March 25, 1991 in Haputhale, Uva, LK.
Click for the full size picture.
පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව ඇති රථයෙ බඳ, 63-4102 දරණ ටාටා 1510 වර්ගයේ තට්ටුවකට බද්ධ කර මේ දක්වා ධාවනයේ යෙදේ. 

Friday, August 26, 2016

Ashok Leyland Comet Minior bus from SLTB Badulla depot

This photo was taken on May 02, 2016 in Badulla, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot Ashok Leyland Comet minior bus (62-3589) at Badulla. Playing on a local route to Haliela -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බදුල්ලේ දී. රථය බදුල්ල සිට හාලිඇල බලා ධාවනය  වන අවස්ථාවකි.

Wednesday, December 30, 2015

SLTB Breakdown Service (Badulla Depot)

This photo was taken on December 20, 2015 in Badulla, Uva, LK.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, breakdown Service vehicle (29ශ්‍රී1509) at Badulla. Classic TATA 1210 CTB bodied bus converted as a breakdown service vehicle.(Pic by: Madushan Chamiranga)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බදුල්ල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් බදුල්ලේ දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. (ඡායාරූපය: මදුශාන් චමිරංග)

Sunday, March 1, 2015

Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Badulla depot

This photo was taken on 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Badulla depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus (61-0144) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the PTS fleet in 1991. Photo courtesy: Madushan Chamiranga Kodikara -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයකි. රථයේ බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණ කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යෙදවී ඇත. ඡයාරූපය: මදුෂාන් චමිරංග.

Monday, January 5, 2015

Latec TATA LP 1510/52 modified bus from SLTB Badulla depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Latec TATA LP 1510/52 modified bus (BD 51 / GD-6554) at Katharagama. Body built by Latec with Duple Metsec UK. The bus acquired to the UBCo fleet in 2000. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගමදී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් බදුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් වී ඇති අතර මුහුණතට වෙනස් මුහුණුවරක් ලබා දී තිබේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 6, 2014

SLCTB bodied Mercedes-Benz OF 1113/44 special bus from SLCTB Badulla depot

This photo was taken on 1981 in Ella, Uva, LK.
Click for the full size picture.
This photo was taken on 1981 in Ella, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Badulla depot  SLCTB bodied Mercedes-Benz OF 1113/44 special bus (29ශ්‍රී7479) near the Rawana water falls, Ella in 1981. This bus specially added for the Badulla Colombo Laksiri service under the route number 99. Photo by: K. P. Siripala. Special thank goes to Kavissara Sanjeewa. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) බදුල්ල ඩිපෝවට අයත්ව තිබුණු, මර්සිඩීස්-බෙන්ස් OF 1113/44 වර්ගයේ ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සැකසූ විශේෂ බස් රථයක් 1981 වසරේ රාවණා ඇල්ල අසළ දී. රථය තම මංගල ගමන ඩිපෝව බලා පිටත්වන අතර ලබාගත් ඡායාරූප වේ. මෙම බස් රථයේ ඇති විශේෂත්වය වන්නේ මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර "ලක්සිරි සේවය" වෙනුවෙන් විශේෂයෙන් සකසා තිබීමයි. බඳ එකලස් කොට ඇත්තේ ශ්‍රී ලං.ම.ග.ම. එකළ මධ්‍යම වැඩපොළ මගිනි.  ඡායාරූප: කේ. පී. සිරිපාල මයා. විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මයා.

Saturday, September 6, 2014

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, SRILANGAMA bodied TATA LP 1210/52 bus (60ශ්‍රී5302) at the Badulla bus stand. The bus acquired to the fleet in 1988. Allocated for the services between Kandegedara and Badulla on a local route under the route number 313. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇති මෙම බස් රථ, ශ්‍රීලංගම යටතේ බඳ සැකසූ අවසාන බස් කාණ්ඩයට අයත් වේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන වීදුරු වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 313 යටතේ කන්දෙගෙදර හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, August 8, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී4208) at Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications and Acquired to the fleet in 1980. Allocated for the services between Kuttiyagolla and Badulla on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1210/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව බඳ සකසා 1980 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුට්ටියගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 30, 2014

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Badulla DTS

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot driver training school (DTS)CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2399) in the depot premises. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/42  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා බස් රථයක මුහුණතට සමාන පෙනුමක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 24, 2014

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 bus (60ශ්‍රී3668) at the Badulla bus stand. Built in India according to the SLTB specifications. Acquired to the fleet in 1986 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, රූබී බඳ සහිත ටාටා LP 1210/36 රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ස්ප්‍රිංවැලි බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

The bus near the Demodara railway station -- දෙමෝදර දුම්රිය ස්ථානය අසලින් ගමන් කරන බස් රථය.
This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.