Showing posts with label RP. Show all posts
Showing posts with label RP. Show all posts

Sunday, June 25, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Antony bodied TATA LP 1510/52 bus (RP 56 / NA-4338) at Ratnapura. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in January 2021 while it was alloctaed for the services between Kuruwita and Ratnapura under route number 470. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ  ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 470 යටතේ කුරුවිට හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, January 24, 2021

Wesco TATA LPO 1313/55 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Wesco TATA LPO 1313/55 bus (RP 10 / 62-5937) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1997 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. මේ වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය වේ.

Wednesday, June 26, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 04

1958 වසරේ ජනවාරි මස  ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවේ ඉංජිනේරු අංශය ස්ථාපිත කිරීම සංඛේතවත් කරමින් ඉංජිනේරු අංශයේ සේවක පිරිස එක්ව ලබාගත් මෙම සමූහ ඡායාරූපය ලංගම මතක සටහන් අතර තවත් නොමැකෙන මතක සටහනක් වනු නොඅනුමානය. ඩිපෝව පිහිටුවීම සංඛේතවත් කරමින් ලබාදුන් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයක් ද පසුබිමේ දිස්වේ.

ඡායාරූපය අප වෙත ලබා දුන් රතනපුර ඩිපෝවේ ඉංජිනේරු අංශයට අපගේ ස්තූතිය.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Friday, July 6, 2018

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ruby bodied TATA LP 1510/52 bus (RP 05 / NA-2827) in the depot premises. Allocated for the services between Sri Palabaddala and Ratnapura under the route number 477. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයට පිවිසෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය මාර්ග අංක 477 යටතේ ශ්‍රී පලාබද්දල හා රත්නපුර අතර ධාවනයට යොදවා ඇති ආකාරය දැක ගන්නට ලැබුණි.

Sunday, April 2, 2017

Ashok Leyland Comet Minior bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot Lanka Ashok Leyland Comet minior bus (RP 97 / 62-4594) at Ratnapura. Playing on a local route to Raththurugala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් රත්නපුර දී. රථය රත්නපුර සිට රත්තුරුගල බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.1996 වසරේ දෙසැම්බර් මස ධාවනයට එක් වූවකි.

Saturday, March 19, 2016

Classic Mercedes-Benz LP311/36 bus from CTB Ratnapura depot

This photo was taken in 1969 in Embilipitiya, Sabaragamuwa, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Ratnapura depot, classic Mercedes-Benz LP 311/36 bus plying on a rural route at Embilipitiya area in 1969. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වූ පැරණි මර්සිඩීස්-බෙන්ස්  LP 311/36 වර්ගයේ බස් රථයක් 1969 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින්. ජර්මනියෙන් ආනයනය කල මර්සිඩීස්-බෙන්ස්  LP 311/36 තට්ටුවක් මත ලංගම මධ්‍යම වැඩපොළවලදී බඳ සකසා මෙම බස් රථ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Saturday, July 18, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Ratnapura depot

This photo was taken on July 11, 2015, in Siripagama, Sabaragamuwa, LK, using a Sony LT22i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Viking 210 Turbo bus (RP 75 / NC-1652) at Siripagama. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Siripagama and Ratnapura. Pic by: Lovindu Lakmal Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් සිරිපාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2015 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තතේ 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිරිපාගම හා රත්නපුර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ලොවිඳු ලක්මාල් චතුරංග.

Saturday, October 25, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Lynx 3900 bus (NB-6719) in the depot premises. Acquired to the SLTB fleet in 20013. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ එරත්න හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, August 6, 2014

SLTB breakdown service - Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8358) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1984 වසරේ ධාවනයට එක්වූ  ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, July 11, 2014

Latec Kesco TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Latec Kesco bodied TATA LP 1210/52 bus (RP 123 / 61-8894) at the Ratnapura bus stand. Body built by Latec Pvt Ltd with Duple Metsec UK technology. Awiting to leave for Kahangama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්නපුර සිට කහංගම දක්වා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 17, 2014

Ashok Leyland Viking Turbo 54 saeter bus from SLTB Ratnapura depot

This photo was taken on April 15, 2014 in Kotiyakumbura, Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3306) at Kotiyakumbura. Playing under the route number 69 between Ratnapura and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ  ආසන 54 බස් රථයක් කොටියාකුඹුර ප්‍රදේශයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69 යටතේ රත්නපුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, March 26, 2014

Azad bodied Ashok Leyland Vikng bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Azad bodied Ashok Leyland Viking bus (63-3369) at the Ratnapura bus stand. Allocated on a local route to Madawala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුහුණත සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්‍ෂණය වේ. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ දී පූර්ණ බඳ අළුත්වැඩියාවකට ලක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මඬල හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, December 5, 2013

SLCTB bodied TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on September 12, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, SLCTB bodied TATA LP 1210/52 bus (RP 06 / 29ශ්‍රී1727) at Ratnapura bus stand. Ready to leave for Sri Palabaddala on the route number 477. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ  ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. 1980 වසරේ ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ එකලස් කොට ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 477 යටතේ ශ්‍රී පලාබද්දල හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 12, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 19, 2013

CTB bodied TATA LP 1210/36 bus from SLTB Ratnapura DTS

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot driver training school, CTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී5850) bus parked in-front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා LP 1210/36 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයක් ඩිපෝව ඉදිරිපිට දී. මෙහි බඳ ලංගම විසින් මෙරටදී නිමවා ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Friday, September 13, 2013

Ashok Leyland Lynx bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Lynx bus (NB-5650) at the Ratnapura bus stand. Awaiting to leave for Ketawala on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයට අයත් බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ  කැටවල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි. 2013 වසරේ ඩිපෝවල ලැබුණු බස් රථයකි.

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 2, 2013

Modified Latec TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Modified Latec TATA LP 1210/52 bus (62-0424) at Katharagama. This bus rehabilitated with a new Latec DM body by the Ratnapura depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  රත්නපුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම මෙරටදී මගින් බඳ සකසා ඇති මෙම බස් රථය ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු බස් රථය නැවත අලුත්වැඩියාවෙදී ලටෙක් DM බඳක් බද්ධ කර ඇත (ලටෙක් DM බස් රථ 2001 වසරේ සිට නිෂ්පාදනය වේ). ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් රත්නපුර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, May 3, 2012

Ashok Leyland Viking Turbo Intercooler (Leasing) bus from SLTB Ratnapura

This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathnapura depot Ashok Leyland Viking Turbo Intercooler bus (RP 144 / NA-8887) at Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දෙහිවල දී. උපයා කොටස් වශයෙන් ගෙවීමේ පදනම යටතේ 2011 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. රථය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල සේවා සඳහා යෙදවූ අවස්ථාවකි.

මෙම බස් රථය 2011 වසරේ බත්තරමුල්ල කොස්වත්තේ දී.
This photo was taken on December 28, 2011 in Battaramulla, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.