Showing posts with label MH. Show all posts
Showing posts with label MH. Show all posts

Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Saturday, December 2, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on April 26, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Wesco ISUZU MT111L bus (62-4293) at Homagama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the PTS fleet in 1996. This photo was taken in April 2013 while it was allocated for the services between Maharagama and Avissawella under route bumber 122.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් හෝමාගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට, බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ, වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය  1996 වසරේ  අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. 2013 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබුණි.

Sunday, November 21, 2021

MCW Metro double decker buses from SLTB Maharagama depot

This photo was taken in 2008 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, MCW (Metro Cammell Weymann) Metro double decker buses (MH 160 / NA-0773 and MH 177 / NA-0771) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. The two buses were parked at the depot when the photo was taken in 2008 and both were allocated to route number 112 (Kotahena - Maharagama). The NA-0773 bus has now been transferred to the Polonnaruwa depot. Photo by: Andy Izatt  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වී ඇති MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථ 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථ ද්විත්වය 2008 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබී ඇති අතර ඒවා ධාවනය කරවා ඇත්තේ මාර්ග අංක 112 යටතේ කොටහේන හා මහරගම අතරය. NA-0773 බස් රථය පසුකාලීනව ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව වෙත මාරු කර යවා ඇති අතර NA-0771 බස් රථය ධාවනයෙන් ඉවත් වී ඇත. ඡායාරූපය:  Andy Izatt.

Our previous article on the NA-0773 bus operating under the SLTB Polonnaruwa depot. -- ශ්‍රී ලං.ග.ම. පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන NA-0773 බස් රථය පිලිබඳ අප පෙර පළ ලිපිය.


Thursday, January 7, 2021

SLTB breakdown service - Maharagama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9910) at the Galle face green. An Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle and the conversion done by the Ekala Lakdiwa workshop. Allocated for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් ඒකල ලක්දිව වැඩපොළේ දී බඳ නිමවා කාර්මික සේවා රථය සකසා ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Monday, September 30, 2019

TVS bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, TVS bodied Ashok Leyland Viking AC luxury bus (ND-2369) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර අතර අතිරේක ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Sunday, September 8, 2019

King Long XMQ6127CY luxury bus from SLTB Maharagama depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, King Long XMQ6127CY luxury bus (ND-8704) at the Multi-Model Transport Hub, Makumbura. Allocated for the services on the southern expressway between Makumbura and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

Saturday, May 11, 2019

Prakash bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Prakash bodied Ashok Leyland Viking AC luxury bus (ND-1117) in the depot premises. Allocated for the Expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ප්‍රකාශ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වකිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අමතර සේවා සඳහා යොදවා තිබුණි. 2014 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම යටතේ ලියාපදිංචි වී ඇති රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇත.

Saturday, February 9, 2019

Veera bodied Ashok Leyland ULE luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE luxury bus (NB-7991) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, Veera බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Tuesday, January 15, 2019

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-5149) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Hambantota. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා හම්බන්තොට අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Thursday, November 15, 2018

New Ashok Leyland 12M SLTB Edition 50 seater bus form SLTB Maharagama depot

This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Today the Sri Lanka Transport board (SLTB) received 15 of new Ashok Leyland 12M SLTB Edition 50 seater buses and those are allocated to several depots. Maharagama depot also received two buses and one of those you can see on the picture. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 බස් රථ 15ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ මහරගම ඩිපෝවට ලැබුණු බස් රථ දෙකෙන් එකක් ඡායාරූපයෙ දැක්වේ. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කල බඳකින් යුතු මෙම බස් රථ 2x2 ආසන සැකැස්මට නිමවා ඇත.  Common-rail තාක්‍ෂණය සහිත එනිජිමකින් යුතු රථ තවත් යාවත්කාලීන රැසක් සහිතව පැමිණ ඇත. ඩිපෝවන් මගින් සම්පූර්ණ මුදල් ගෙවා වෙන් කර ගත් බස් රථ මෙලෙස ඩිපෝවන් වෙත බෙදා දී ඇත. ඒ යටතේ පොලොන්නරුව ඩිපෝවට බස් රථ හතක්, හැටන්  ඩිපෝවට බස් රථ දෙකක්, වෙන්නප්පුව ඩිපෝවට  බස් රථ දෙකක්,  මහරගම ඩිපෝවට බස් රථ දෙකක් හා කුලියාපිටිය ඩිපෝවට එක් බස් රථයක් ලෙස බෙදී ගොස් ඇත.

රථයේ පිටුපස මුහුණතේ මෙන්ම දකුණු පැත්තෙන් ද ආපදා දොරටු පිහිටුවා ඇත.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on November 15, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, October 4, 2018

Modified, Lanka Ashok Leyland Viking open-top single-decker bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Modified, Lanka Ashok Leyland Viking open-top single-decker bus (MH 23 / 63-2625) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, ලංකා අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මෙම රථය මෑත කාලීනව ධාවනයෙන් ඉවත්ව වෙන්දේසියට නිර්දේශ වී ඇත. එහෙත් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.

රථයේ නවීකරණ කටයුතු ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක්ද රථයට ඒක කිරීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව 011 2 85 03 31 / 077 1 05 63 80 යන අංක ඇමතීමෙන් ඔබටද තොරතුරු ලබා ගත හැක.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, September 29, 2018

Ashok Leyland 12M RE luxury bus from SLTB Maharagama depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Ashok Leyland 12M RE luxury bus (NF-7075) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Maharagama - Galle) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M RE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ අංගනයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මහරගම හා මාතර -මහරගම  සේවාවන් වෙනුවෙන් යොදා ගැනේ. වායු අවලම්බක පද්ධතියක් සහ පසුපස ඉන්ජිමක් රථය සතුය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, July 5, 2018

Veera bodied Ashok Leyland ULE luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 26, 2017 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE luxury city bus (NB-6623) at the Maharagama bus stand. Allocated for the services under the route E01 Mharagama - Matara via the southern Express Way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. රථය, දක්ෂිණ අධිවේගී මාර්ගය [E 01] ඔස්සේ මහරගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Tuesday, November 21, 2017

Ashok Leyland Eagle luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 26, 2017 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Prakash bodied Ashok Leyland Eagle luxury bus (ND-0209) at the Maharagama bus stand. The bus is allocated to the Kadawatha - Maharagama Expressway service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ප්‍රකාශ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ඊගල් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත හා මහරගම අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

Tuesday, June 27, 2017

New ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Maharagama depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (MH 110 / NC-9541) in the depot premises. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2X2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ.  ක්‍රය ශක්තිය සහිත ඩිපෝවන් සඳහා, ධාවන අවශ්‍යතාවය මත මෙම බස් රථ මිලදී ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලය මගින් අවසර ලබා දී ඇත. ඒ අනුව මහරගම ඩිපෝව මගින් බස් රථ 04ක් මිලදී ගෙන ඇති අතර හැටන් ඩිපෝව 10ක්, නුවරඑළිය ඩිපෝව 04ක් ආදී වශයෙන් මේ වන විට මිලදී ගෙන ඇත. ම.බ.ක. ඩිපෝව සඳහා බස් රථ 04ක් මිලට ගැනීමට නියමිත බව ලංගම ආරංචිමාර්ග සඳහන් කරයි. මහරගම ඩිපෝව මගින් මාතලේ, අනුරාධපුර, මඩකලපුව ඇතුළු ගමනාන්ත සඳහා නව බස් සේවා 04ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඩිපෝ කළමනාකාරතුමා අප සමඟ පැවසීය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 5, 2016

SLCTB bodied Ashok Leyland Viking bus from CMBC Maharagama depot

This photo was taken in 2003 in Colombo, Western, LK.
Click on the image for the full size picture. 
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland viking bus playing to Pettah on route no 138. This photo was taken in 2003 in Colombo. (The photo is copyright to the respective photographer) -- කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස්  සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ පැරණි අශෝක්  ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 138 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Monday, October 12, 2015

Ashok Leyland Comet Minor TVS bodied staff bus from SLTB Maharagama depot

This photo was taken on July 23, 2015 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior TVS bodied bus (MH 42 / 62-6113) at Battaramulla. This bus currently using for staff services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බත්තරමුල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ TVS Coach builders සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ මෙම මාදිලියේ බස් රථ දෙකක් ලංගම සතුව ඇති අතර අනෙක් බස් රථය මහනුවර දකුණ ඩිපෝව සතුය. කෙසේ වුවද මෙම බස් රථයේ මුහුණත මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත. වර්තමානයේ පොදු සේවා සඳහා යොදා නොගැනෙන මෙම බස් රථය බොහෝවිට ඩිපෝවට අදාළ රාජකාරී ගමන් සඳහා යොදා ගැනේ.

Saturday, January 3, 2015

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (MH 18 / 63-1321) at Kataragama. The bus acquired to the CMBC Mattakkuliya depot fleet in 1999. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, BRIJ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ Brij & Associates සමාගමේ නිමවා 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මහරගම ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 9, 2014

Utkal bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Utkal bodied Ashok Leyland Viking 193 bus (63-3593) at Narahenpita. Acquired to the CMBC fleet in 2000. Allocated for the staff service between Narahenpita and Ingiriya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාරාහේන්පිට සිට ඉංගිරිය බලා කාර්යාල ප්‍රවාහන සේවා යටතේ ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 17, 2014

ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශීකයේ හොඳම ඩිපෝව අහිමි වෙයි ද?

වර්තමානයේ ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකයේ හොඳම ඩිපෝව යැයි කියූ සැනින් ඔබ දෙවරක් සිතිය යුතු නැත. ඒ ශ්‍රී ලංගම මහරගම ඩිපෝවයි. 2004 වසර වන විට මෙට්‍රොබස් සමාගම යටතේ කණගාටුදායක තත්වයකට පත්ව තිබුණු මහරගම ඩිපෝව අතිගරු ජනාධිපතිතුමා ගේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2005 වසරේ සිට මේ දක්වා පැමිණි ගමන්මග ඉතා ප්‍රශංසනීයය. ඩිපෝ කළමණාකාරතුමන්ලා මෙන්ම සේවක මහතුන්ගේද දැඩි කැපවීම මත මේ වන විට ඩිපෝව කොළඹ ප්‍රදෙශිකයේ ආර්ථික ස්ථාවරත්වය අතින් හොඳම ඩිපෝව මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම ඩිපෝවක් බවට පත්ව ඇත.

මේ වන විට මහරගම ඩිපෝව අත් කරගෙන ඇති ආර්ථික ස්ථාවර භාවය නිසාම ඩිපෝවේ සේවක සුභසාධන කටයුතු පැසසිය යුතු මට්ටමක පවතී. ඩිපෝවේ සේවක මහත්වරුන් 458 ක් පමණ සේවයෙහි යෙදෙන අතර ඔවුන්ගේ සේවක සුභ සාධක සමිතිය සතුව රු 10000000ක මුදලක් පවතින බව ඔවුන් පැවසුවේ ආඩම්බරයෙනි. ඩිපෝවේ දෛනික අදායම ලක්ෂ 13 ක් පමණ වන අතර දුර සේවා සඳහා තදබදයක් පවතින සති අන්තයේ එය ලක්ෂ 15 දක්වා ඉහල යන බව අපට දැනගන්නට ලැබුණි. සේවක සුභසාධනයෙන් නොනැවතී ආර්ථික අපහසුතා පවතින අවට ඩිපෝවන් වෙත මහරගම ඩිපෝව දක්වන ඉන්ධනමය, මූල්‍යමය පහසුකම් සුළුපටු නොවේ.

තත්වය එසේ තිබියෙදී ඩිපෝ කලමාණාකාරිත්වය සහ සේවක පිරිස දැඩි කනස්සල්ලට මෙන්ම කම්පනයට ලක් කරමින් ඩිපෝ භූමිය බස් නැවතුමක් සඳහා පළාත්සභාවට පවරා ගැනීමේ සූදානමක් පවතී. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් සකසා අවසන් බව ඩිපෝ සේවක මහත්වරුන් පවසයි.

බස් නැවතුමක් සෑදීමේ ව්‍යාපෘතිය විවේචනය කිරීමට ප්‍රථම, දැනට ඩිපෝව මගින් ප්‍රදේශයේ ජනතාවට සිදුවන සේවාවන් පිළිබඳව විමසා බැලීමට කැමැත්තෙමු. මහරගම ඩිපෝව සතුව දැනට බස් රථ 100 ක පමණ රථ ඇණියක් පවතී. මේ ලිපිය පල කරන අවස්ථාව වන විට ඉන් බස් රථ 85ක් ධාවනයේ තිබුණි. ඩිපෝව මගින් මාර්ග 34 ක බස් ධාවන කටයුතු සිදු කෙරන අතර ඉන් 15ක් දුර ගමන් සේවාය. ග්‍රාමීය මාර්ග 10 ක පමණ කුඩා ප්‍රමාණයේ බස් රථ ධාවනය කෙරන අතර කොළඹ ප්‍රාදේශිකයේ ප්‍රශන්සනීය ලෙසම ග්‍රාමීය සේවා සපයන ඩිපෝවක් ලෙස මහරගම ඩිපෝව හැඳින්විය හැක.
මහරගම ඩිපෝව යටතේ ග්‍රාමීය මාර්ග වල ධාවනය වන බස් රථ
ඩිපෝව මගින් පාසල් 12ක සිසු සිසුවියන් සඳහා සේවා ක්‍රියාත්මක අතර සබරගමු හා රුහුණු සරසවි වල අධ්‍යාපන කටයුතු සඳහා යන සිසු සිසුවියන් ගේ පහසුව වෙනුවෙන් ද සේවා ක්‍රියාත්මකය. මහරගම ඩිපෝව මගින් ජනතාවගේ පහසුව සඳහා පවත්වාගෙනයන සේවාවන් අතර මහරගම පිළිකායතනයේ සිට ඇරඹෙන බස් සේවාද ප්‍රමුඛතාවක් ගනී. මාර්ග අංක 138 ඔස්සේ පිළිකා රෝහලේ සිට පිටකොටුව දක්වා බස් සේවා ක්‍රියාත්මක අතර මහනුවර, ඇඹිලිපිටිය, කුරුණෑගල, මාතර, පල්ලෙබැද්ද, බලංගොඩ වැනි ප්‍රදේශ සඳහා දුර සේවා ක්‍රියාත්මකය. පිළිකායතනයේ ප්‍රතිකාර සඳහා එන ජනතාවට ඒවායින් ඉටුවන සේවය මෙතකැයි කිව නොහැක. මාර්ග අංක 919 යටතේ පිළිකායතනය, ආයුර්වේද රෝහල හරහා නව රෝහල දක්වා ක්‍රියාත්මක වන සේවාවද කැපී පෙනේ. ආගමික වශයෙන් වැදගත් කැලණිය, බෙල්ලන්විල, කළුතර වැනි පූජනීය ස්ථාන දක්වා ඩිපෝවෙන් විශේෂ සේවා ක්‍රියාත්මය. තවද නගරය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යපන ආයතනය, ජල සම්පාදන මණ්ඩලය වැනි රජයේ කාර්යාල වල සේවය කරන සේවක මහත්වරුන් ප්‍රවාහනය සඳහා ද ඩිපෝව මගින් සේවා ක්‍රියාත්මක කර ඇත. යුධ හමුදාව හා ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත බස් රථ සැපයීමද ඩිපෝව මගින් සිදු කරේ. පසුගියදා මහරගම තරුණ සේවා පරිශ්‍රයේ පැවති යොවුන් පාර්ලි‌‌මේන්තුව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම භාර වූයේ ද මහරගම ඩිපෝවටය.

මහරගම ඩිපෝවේ සේවාවන් අතර තවත් කැපී පෙනෙන සේවාවකි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සේවාව. මේ වනවිට උපයා ගෙවීමේ පදනම මත ලබාගත් සුඛෝපභෝගී බස් රථ 08 ක ඇණියක් ඩිපෝව සතුය. මෙම ලිපිය පල කරන අවස්ථාවේද නවතම සුඛෝපබෝගී බස් රථයක් ඩිපෝවට ගෙනැවිත් තිබුණු අතර තවත් බස් රථයක් සඳහා මුදල් බැඳ තිබුණි.
කටුනායක අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කල අවස්ථාවේ ධාවනය වූ මහරගම ඩිපෝවට අයත් අධි සුඛෝපබෝගී බස් රථයක්.
උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව ලබාගත් නවතම අධි සුඛෝපබෝගී බස් රථය.
තම ඩිපෝවේ සුඛෝපබෝගී සේවාවන්ට අමතරව, මහරගම හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන අනෙකුත් ඩිපෝවන්හි සුඛෝපබෝගී බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන සම්පාදනය, සුළු අලුත්වැඩියා මෙන්ම ඇතැම් බස් රථ වලින් උපයා ගන්නා මුදල් හුවමාරු වන්නේ ද මහරගම ඩිපෝව හරහාය. මේ ලිපිය පලවන අවස්ථාව වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල හා මාතර දක්වා ශ්‍රී ලංගම බස් රථ 30 ක් ධාවනයේ යොදවා තිබුණි.
මහරගම ඩිපෝ භූමියේ ගාල් කර ඇති ශ්‍රී ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවාවට අයත් බස් රථයක්.
ඉහත සේවා පිලිබඳ සලකා බැලීමේ දී මහරගම ඩිපෝ භූමියේ වටිනාකම ඔබට මැනවින් පසක් වනු ඇත. එය හුදෙක් මහරගම ඩිපෝවට පමණක් නොව ප්‍රදේශයේ සමස්ත මගී ජනතාවට මෙන්ම සමස්ත ලංගමටම වැදගත් වන භූමි කොටසකි.
මහරගම ඩිපෝ භූමිය
ඩිපෝ ප්‍රධාන කාර්යාලයේ අමුත්තන් රැඳී සිටින ස්ථානය
දැනට ඩිපෝ භූමියේ පිහිටා ඇති දෑ මෙසේය.
  • ඩිපෝ ප්‍රධාන කාර්යාලය
  • ගිණුම් කාර්යාලය 
  • ආරක්ෂක කාර්යාලය 
  • ඉංජිනේරු කාර්යලය 
  • ඩිපෝ ප්‍රධාන ගබඩාව (සම්පාදක අංශය)
  • සේවක විවේකාගාර 3ක් 
  • ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතිය
  • ආපන ශාලාව 
  • රියදුරු පුහුණු හා දේශන ශාලාව
  • ඉන්ධන පිරවුම්හල හා තෙල් ගබඩාව
  • රථ පාලන මැදිරිය
  • සුළු අළුත්වැඩියා අංශය 
  • වඩු/ පින්තාරු/ බොඩි අළුත්වැඩියා/ දුණු/ ටයර් අංශය 
  • කම්මල්/ පොම්ප/ සේවා/ විදුලි/ බැටරි අංශය
  • ගියර් පෙට්ටි හා බරවැඩ අංශය (දෙමහල්)
  • එන්ජින් අළුත්වැඩියා හා නිල වාහන ඒකකය
  • සුළු අළුත්වැඩියා අංශය අසල තඩාග වල 
  • ඉංජිනේරු අංශය ඇතුලත තඩාග වලවල් 8 ක් 
  • පහල බරවැඩ අංශය තුල තඩාග වලවල් 2 ක් 
  • ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ටැංකි (භූගත) 2 සහ පොම්ප 1 ක්
  • අමතර ඉන්ධන පිරවුම් ටැංකි 2 ක් (භූගත)
  • බස් රථ සේදීමේ අංශය 
  • බස් ගාල් කිරීමේ අංගන 3 යි 
ඩිපෝව ආරම්භ කරන අවධියේ මාර්ගයේ දෙපස අක්කර 4 බැගින් අක්කර 8ක් ව පැවති ඩිපෝ භූමිය, පසුකාලීනව මාර්ගයේ එක් පසක අක්කර 4 ක භූමියට පමණක් සීමා කර ඉතිරි ඉඩම ජල සම්පාදන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ල වැනි ආයතන පිහිටුවීම සඳහා පවරාගෙන තිබුණි. දැන් මේ සූදානම් වන්නේ තම ඩිපෝවේ ඉතිරි ඉඩකඩත් අත්පත් කර ගනීමට යැයි ඩිපෝ සේවකයෝ කනස්සල්ලෙන් පැවසීය.

මහරගම ඩිපෝව පවතින භූමිය බස් නැවතුම්පොළක් සඳහා සුදුසුද යන්න ඉන් පසුව සලකා බැලිය යුතුය. ඩිපෝව පිහිටා තිබෙන්නේ ප්‍රධාන මංසන්ධියේ සිට කි. මි. 1 කට ආසන්න දුරකිනි. මෙලෙස ප්‍රධාන නගරයෙන් ඈතට වන්නට පිහිටවූ බස් නැවතුම් මේ දක්වා කිසිදු සාර්ථක භාවයක් අත්කරගෙන නැත. ආසන්නතම උදාහරණයක් හෝමාගමින් ලැබේ. විශාල මුදලක් වැය කොට නගරයට ඈතින් බස් නැවතුමක් ඉදි කල ද අද එය බස් ගාලකට පමණක් සීමා වී ඇත. සියලු බස් ආරම්භ වන්නේ නගරයේ පිහිටි පැරණි ලංගම බස් නැවතුමෙන් හා තවත් කුඩා බස් නැවතුම් කිහිපයකිනි.

මීලඟට සලකාබැලිය යුත්තේ මහරගම නගරයේ බස් නැවතුම්පොළක් සඳහා වෙනත් සුදුසු භූමියක් නොමැතිද යන්නයි. මේ පිලිබඳව අප විමසා සිටි අවස්ථාවේ ඩිපෝ සේවක මහත්වරුන් පැවතුවේ, නගරයේ ප්‍රධාන පාරට යාබද ඉඩමක මේ වන විට සති පොළක් ඉදි වෙමින් පවතින බවයි. මෙලෙස නගරයේ කාර්ය බහුල මන්සධියක සති පොළක් ඉදි කිරීම කොතරම් දුරට යෝග්‍ය දැයි ඩිපෝ සේවකයින් ප්‍රශ්න කරයි. තවද සති පොළ පැවැත්වෙන්නේ සතියකට දින 3ක් පමණක් බව ඔවුන් කියා සිටී. පොළට යාබදව අවුරුදු 33 ක් පැරණි සුපිරි වෙළඳ සංකීරණයක් පවතී. එම ගොඩනැගිල්ල හා පොළ භූමය ඒකාබද්ධ කොට එම ඉඩමෙහි බස් නැවතුම ඉදිකොට එහි ඉහළ මාලයේ සුපිරි වෙළඳ සංකීර්ණය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගත හැකි බව ඔවුන් පෙන්වා දේ. තව මේ සඳහා සුදුසු වෙනත් ඉඩම් ඕනෑ තරම් පවතින බවට ඔවුන් උදාහරණ ඕනෑතරම් පෙන්වා දේ.

මහරගම ඩිපෝ සේවක මහත්වරුන්ගේ එකම ආයචයනය තම ඩිපෝව හා එහි භූමිය ආරක්ෂා කර දෙන්න, යන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් අද දින උදෑසන අධිෂ්ඨානය බෝධි පූජා පිංකමක් පවා සංවිධානය කර තිබුණි. ලංගම බස් අඩවිය වශයෙන් අප ඔබට මේ විශේෂ ලිපිය ගෙන ඒමේ අරමුණ වූයේ, මේ පිලිබඳ නිසි බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම පිණිස හා අහිංසක සේවයන් ගේ ඉල්ලීම මතය. මන්ද මෙය හුදෙක් ශ්‍රී ලංගම මහරගම ඩිපෝවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයටම බලපාන ගැටළුවක් වන හෙයිනි. මේ පිලිබඳ බලධාරීන් ගේ නිසි අවධානය යොමු වී මහරගම ඩිපෝවට තව දිගු කලක් තම ජනතා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය හා ශක්තිය ලැබේවායි පතමු.