Showing posts with label 909. Show all posts
Showing posts with label 909. Show all posts

Tuesday, February 21, 2023

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ruby bodied TATA LP 909/36 bus (NT 113 / 63-0827) at the depot Engineering section. The bus acquired to Gampaha bus company the fleet in 1998. This photo was taken in January 2014 while it was parked for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ  බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාව වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Tuesday, January 12, 2021

Ruby bodied TATA LP 909/36 bus from GBC Gampaha depot

This photo was taken on November 06, 2000, in Yakkala, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC/ now SLTB) Gampaha depot, Ruby bodied TATA LP 909/36 bus (GM 137 / 63-0575) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the GBC fleet in 1998. Allocated on a local route between Henegama and Gampaha. Photo by: Dilum Fernando -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. 2000 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හේනේගම හා ගම්පහ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු. 

Tuesday, January 5, 2021

Ruby bodied TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 909/36 bus (BG 52 / 62-9884) at the Galle face green. Body built by Ruby coach builders in India and acquired to the fleet in 1998. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින ධාවනයට එක් කර තිබේ.

Sunday, December 20, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2014, in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ruby bodied TATA LP 909/36 bus (AL 53 / 63-0792) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2014 වසරේ සැප්තැම්බර් මස ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Wednesday, May 6, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Bandarawela depot

This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 909/36 bus (BW 70 / 63-2104) at the Badulla bus stand. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Badulla and Ballaketuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2013 වසරේ පෙබරවාරි මස බදුල්ල බස් නැවතුමේදී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බල්ලකෙටුව හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, April 23, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Ja-Ela depot

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Ruby bodied TATA LP 909/36 bus (63-0569) in the depot premises. Allocated for the services between Ja-Ela and Gampaha under the route number 201 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 201 යටතේ ජා-ඇල සහ ගම්පහ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, December 31, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Moratuwa depot

This photo was taken on February 16, 2017 in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ruby bodied TATA LP 909/36 bus (MR 149 / 63-2339) at Moratuwa. Playing to Villorawatta on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් මොරටුව නගර යේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මොරටුව සිට විල්ලෝරාවත්ත බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, October 27, 2019

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Southern (Ruhunu) regional office (SUR)

This photo was taken on December 18, 2018 in Ambalantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern (Ruhunu) regional office Ruby bodied TATA LP 909/36 staff bus (62-9575) in the Ambalantota depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දකුණු (රුහුණු) ප්‍රාදේශීය කාර්යාලයට අයත් රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. මේ වන විට රථය රුහුණු ප්‍රාදේශිකයේ හදිසි ජංගම පරීක්‍ෂණ ඒකකය යටතේ පරිහරණය කෙරෙන අතර පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනේ.

Monday, October 21, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Yatimuwara depot

This photo was taken on August 29, 2013 in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Ruby bodied TATA LP 909/36 bus (63-1159) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බඳ අලුත්වැඩියාවක් වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශය වෙත යොමු කොට තිබුණු අතර අලුත්වැඩියාවන් අවසන් අදියරේ පැවතුණි.

Sunday, September 22, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013 in Minuwangoda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (DP 74 / 63-2398) at the Minuwangoda bus stand. Awaiting to leave for Divulapitiya under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් මිනුවන්ගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මිනුවන්ගොඩ සිට ඩිපෝව ලබා ධාවනය වීමට සූදානමින් තිබුණි. රථය සාමාන්‍යයෙන් මාර්ග අංක 257 යටතේ මීරිගම හා දිවුලපිටිය අතර ධාවනයට යෙදවූවකි.

Monday, September 2, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018 in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 909/36 bus (63-0645) at Wariyagoda bus stop. Awaiting to leave for Weragoda under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් අලව්ව වාරියගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වේරගොඩ බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Saturday, July 20, 2019

SLTB Supply division - Kirindiwela depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot TATA LP 909/36 supply division vehicle (61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ ධාවනයට එක් වූ ජායි බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. 

මෙම රථය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය.

Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 29, 2019

Latec Kesco TATA LP 909/36 staff bus from SLTB Uva regional office (URO)

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office Latec Kesco TATA LP 909/36 staff bus (63-1308) in the Monaragala depot premises. Body built by Kesco (pvt) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ කෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට ඌව බස් සමාගම හා එක් වී ඇත. ලටෙක් සමාගම මගින් පූර්වයෙහි ගෙන්වූ කොටස් උපයෝගී කර ගනිමින් එවකට රජයට පවරාගෙන තිබුණු කෙස්කෝ සමාගම මගින් එකලස් වී ඇති මෙම රථය, ඒ යටතේ එකලස් වූ අවසාන බස් රථයයි. ඌව බස් සමාගම යටතේ සුදු වර්ණයෙන් ධාවනයට එක් වී ඇති රථය මුල් අවධියේ සිට මේ දක්වාම පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය වේ.

Saturday, January 5, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018 in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied TATA LP 909/36 bus (63-2280) at Giriulla bus stand. Awaiting to leave for Bammanna via a rural route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ගිරිඋල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ බම්මන්න බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Tuesday, November 13, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, Ruby bodied TATA LP 909/36 bus (63-0578) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි.

Wednesday, October 24, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 909/36 bus (HT 40 / 62-9621) in the Hatton bus stand. Rehabilitated and modified (in 2012) by the depot workers to celebrate the President's induction. Awaiting to leave for Welioya and Pudukadu from Hatton. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් හැටන් ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කරන ලද්දකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හැටන් සිට වැලිඔය හා පුදුකාඩු අතර ධාවනයට යොදවා තිබුණි. කෙසේ නමුදු මේ වන විට මෙම බස් රථය ධාවනයේ නොමැත. 

Rear view of the bus in depot premises. -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 9, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kandy North depot

This photo was taken on May 04, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, Ruby bodied TATA LP 909/36 bus (KN 87 / 63-2118) in Kandy. Playing to goods shed bus stand under the route number 692/8 from Yahalathanna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් මහනුවර නගරයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය යහලතැන්න සහ මහනුවර අතර මාර්ග අංක 692/8 යටතේ ධාවනයට යොදවා තිබුණි.

Friday, October 5, 2018

SLTB Supply division - Udadumbara depot

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot Latec TATA LP 909/36 supply division vehicle (61-9910) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 909/39 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Friday, July 13, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on December 08, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 909/36 bus (MW 11 / 63-2401) at the Mawanella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය මාවනැල්ල සහ දිප්පිටිය අතර සේවා සඳහා යොදවා තිබුණි.