Showing posts with label AP. Show all posts
Showing posts with label AP. Show all posts

Saturday, June 15, 2024

ISUZU U-LV324K bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, ISUZU U-LV324K bus (NA-1725) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. This photo was taken in August 2014 while it was allocated for the services between Kawarakkulama and Anuradhapura under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1993 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් මෙරටට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කවරක්කුලම හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළේදී සිදු කරන ලද බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස එවකට සිසු සැරිය වර්ණය යටතේ වර්ණ ගන්වා ධාවනයට සපයා තිබුණි.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, June 11, 2020

Wesco TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on Februay 10, 2012 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Wesco TATA LP 1210/52 bus (AP 31 / 62-2604) in the depot premises. Body built by Wesco with Duple Metsec UK and acquired to the fleet in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1995 වසරේ දී වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් කල බස් රථයකි. 2012 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවාවන් සඳහා යොදවා තිබුණි.

Wednesday, March 25, 2020

Ashok Leyland Lynx D type bus from SLTB Anuradhapura driver training school

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura driver training school (DTS), Ashok LYNX D type bus (NB-5674) in the Anuradhapura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත.

Sunday, October 21, 2018

Mercedes-Benz 3500 broadcasting unit vehicle from SLTB Anuradhapura depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Mercedes-Benz 3500 broadcasting unit vehicle (22ශ්‍රී0421) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ  රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ඩිපෝවේ ප්‍රචාරණ රථය ලෙස භාවිතා වන මෙය වත්මන් ශ්‍රී ලංගමය සතු පැරණිම වාහනයකි. 1958 දී මෙම රථය, ලොරි බස් රථයක් ලෙස ලංගම හා එකතු වන්නේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙරද මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. 1958 න් පසු ලංගම මහනුවර දකුණ ඩිපෝව යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පසුව මහනුවර දකුණ ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස භාවිතා වන අවධියේ බඳ අලුත්වැඩියාව පිණිස මැදවච්චිය වැඩපොළ වෙත යවා ඇති නමුත් 2016 වසර වන තෙක් අලුත් වැඩියාවට ලක් නොවූ තැන වැඩපොළ මගින් වෙන්දේසියට නිර්දේශ කොට ඇත. වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, අනුරාධපුර ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස මෙලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කර ඇත.

මෙම රථය ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය. ඡායාරූපය මත ක්ලික් කරන්න

Friday, June 1, 2018

SLTB breakdown service - Anuradhapura depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1394) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Friday, March 9, 2018

Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot

This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Anuradhapura depot, dimo TATA  LPO 1313/47 bus (62-1184) at Hunnasgiriya with a special tour in 1995. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථයක් 1995 වසරේ හුන්නස්ගිරියේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ මෙරටදී එකලස් කර ඇත්තේ ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගිනි. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Sunday, July 30, 2017

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Anuradhapura depot

This photo was taken in 1980's in Anuradhapura, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Anuradhapura depot, CTB bodied Ashok Leyland Comet bus (AP 67 / 23ශ්‍රී6581) at Anuradhapura in 1980's. Pic sent to us by: Sithija Sanoj -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක්  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1980 දශකයේ මුල භාගයේ දී අනුරාධපුර දී. රථය මාර්ග අංක 75 යටතේ අනුරාධපුර හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. කදුරුවෙල හා අනුරාධපුර ධාවනයට අමතරව මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවන වාරයක්ද එකල මෙම රථය සතු වූ බව සැලයි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය අප වෙත එවා තිබුනේ සිතිජ සනෝජ් විසිනි.

Wednesday, January 11, 2017

Latec TATA 1510 bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Latec TATA 1510 (DM bodied) bus (AP 56 / GE-8858) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම බස් රථයේ පැති ජනේල හා ප්‍රධාන ලාම්පු පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. රථය කලාඔය හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි.

Sunday, May 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Anuradhapura

This photo was taken on April 19, 2016 in Nittambuwa, Western, LK, using a SAMSUNG SM-G530F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Ashok Leyland Viking Turbo bus (NC-1638) running under route 15 Anuradhapura - Colombo. (Pic by: Harsha Roshan Weerawarnakula) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාර්ග අංක 15 ඔස්සේ අනුරාධපුර හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක නිට්ටඹුවේ දී.  (ඡායාරූපය: හර්ෂ රොෂාන් වීරවර්ණකුල)

Friday, November 13, 2015

Ashok Leyland Viking Hinopower bus from SLTB Anuradhapura depot

This photo was taken on August 14, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking Hino Power bus (AP 62 / NA-1158) at Anuradapura town. Acquired in 2006 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් (Hino Power) බස් රථයක් අනුරාධපුර නගරයේ දී. මෙම බස් රථය අනුරාධපුර හා වව්නියාව අතර මාර්ග අංක 857 ඔස්සේ ධාවනයට යොදවා තිබූ අවස්ථාවකි. 2006 වසරේ ශ්‍රී ලංගම හා එකතු වී ඇත.

Sunday, August 9, 2015

Latec bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking bus (61-9113) at Anuradhapura. The body built by the Latec (Pvt) Limited with Duple Metsec (UK) Ltd. (Pic by Ishara Koralage) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර නගරයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් Duple Metsec තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වැඩපොළ වල දී සකසා ඇත. පසුකාළීන අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත. (ඡායාරූපය: ඉෂාර කෝරලගේ)

Tuesday, March 10, 2015

Anuradhapura depot Ashok Leyland Viking 193 Turbo bus with the special pilgrims service - අටමස්ථාන වන්දනා විශේෂ සේවය

This photo was taken on March 05, 2015 in Anuradhapura, North Central, LK, using a Nokia X2.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking 193 Turbo bus (NC-0053) with the special bus service for the convenience of devotees visiting Anuradhapura on pilgrimage. The bus service starting from two points, the railway station and the Anuradhapura old bus stand premises, will charge Rs. 70 per passenger to cover the entire Atamasthana and bring them back to the original starting point in any of these buses. Buses will be operated under a frequency of 45 minutes. They will cover the Sri Maha Bodhi, Ruwanweli Maha Seya, Jetawanaramaya, Kuttam Pokuna, Samadhi Buddha statue, Isurumuniya, Sadaham Seya, Mirisawetiya, Thuparamaya, Lankaramaya, Sandakadapahana and Abhayagiriya. Photos by: Janaka Nishantha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් අටමස්ථාන වන්දනා විශේෂ සේවය සමඟ. අටමස්ථාන වන්දනාවට සහභාගී වන බැතිමතුන්ට එක් පූජනීය ස්ථානයක සිට තවත් පූජනීය ස්ථානයක් දක්වා ගමන් පහසුව සැලසීම මෙම විශේෂ සේවයේ අරමුණයි. බස් සේවය අනුරාධපුර දුම්රිය ස්ථානය සහ පැරණි බස් නැවතුම්පොළ යන ස්ථාන වලින් ඇරඹේ. සම්පූර්ණ චාරිකාව සඳහා එක් මගියෙක්ගෙන් රුපියල් 70 ක මුදලක් අය කෙරෙන අතර ගමන් ආරම්භ කල ස්ථානයෙන්ම ගමන අවසන් කෙරේ. සෑම විනාඩි 45 කට වතාවක්ම බසයක් ධාවනය කෙරෙන අතර ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, කුට්ටම් පොකුණ, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඉසුරුමුණිය, සදහම් සෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය, සඳකඩපහණ සහ අභයගිරිය යන ස්ථාන චාරිකාවට ඇතුලත් ය. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූප: ජනක නිශාන්ත.
This photo was taken on March 05, 2015 in Anuradhapura, North Central, LK, using a Nokia X2.
Click for the full size picture.

Saturday, November 15, 2014

SLTB breakdown service - Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී2653) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් රථය සකසා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කාර්මික දෝෂයකට ලක්වූ බස් රථයක් ඩිපෝ අංගනයේ සිට ඉංජිනේරු අංශය වෙත ඈඳාගෙන යමින්.

Friday, August 29, 2014

CTB bodied Leyland Comet bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, CTB bodied Leyland Comet bus (23ශ්‍රී2360) in the depot premises. Acquired to the CTB Fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයකි. බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගම යටතේ නිපදවූ තට්ටුවකට වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේදී බඳ සකසා 1966 වසරේ ලංගම යටතේ ධාවනයට එක් වී ඇත. මුල් අවධියේ කොළඹ හා අනුරාධපුර අතර ධාවනය වී ඇති මෙම බස් රථය මෑත කාලීනව අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී තිබී ඇති අතර අවසානයේ ධාවනයෙන් ඉවත් කර වෙදේසි කිරීමට නිර්දේශ වී ඇත. එහෙත් ඩිපෝව හා මෙම බස් රථය අතර බැඳී පවතින අතීත වටිනාකම තේරුම් ගත් ඩිපෝ සේවක පිරිස, රථය වෙන්දේසියෙන් ඉවත් කොට නැවත පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට සපයා ඇත. පිටත මෙන්ම ඇතුලතින්ද රථයේ මුල් පෙනුම ආරක්ෂා වන පරිදි අලුත්වැඩියා කර ඇති මෙම අපූරු රථය, දුටුවන් අතීතයට රැගෙන යනු නිසැකය.


This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 26, 2014

Ashok Leyland viking Hinopower bus from SLTB Anuradhapura depot

This photo was taken on August 06, 2013 in Anuradhapura, North Central, LK using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking Hinopower bus (AP 70 / NA-1136) playing on the Anuradhapura 856/2 Thanthirimale route. Photo by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ මාර්ග අංක 856/2 ඔස්සේ අනුරාධපුර හා තන්තිරිමලේ අතර ධාවනය වන, අශෝක් ලේලන් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් අනුරාධපුර ප්‍රදේශය පසු කරමින්. සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

2005 වසරේ පෙබරවාරි මස 16 වන දින අනුරාධපුර ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය, තම ජනතා සේවයේ 08 වන වසර සැමරීමට ඔන්න මෙන්න කියා තිබියෙදී 2014 පෙබරවාරි මස 15 වන දින බීමත් පුද්ගලයෙකු විසින්, අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තබා හානි කරන ලදී.

අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තැබුණු බස් රථය
This photo was taken on February 15, 2014 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.

2015 ජනවාරි යාවත්කාලීනය 
පසුව මෙම රථයට පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධකොට අලුත්වැඩියා කර යලි ධාවනයට සපයා ඇත. 

Friday, January 24, 2014

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Latec re-bodied Ashok Leyland Viking bus (AP 32 / 29 ශ්‍රී 9247) at the Anuradhapura bus stand. Awiting to leave for Puwarsankum on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයක් වූ මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් නව බඳක් එකලස් කර නැවත ධාවනයට එක් කර ඇත. මෑත කාළීනව සිදු වූ අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර සිට පුවර්සන්කුලම බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 16, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5445) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයට ලඟා වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. ලංගම වහරේ දී "කාදර් ටාටා" යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත.

Saturday, September 21, 2013

Wesco TATA LPO 1313/55 bus from SLTB Anuradhapura depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Wesco TATA LPO 1313/55 bus (62-8187) at the Medawachchiya. Awaiting to leave for Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 බස් රථයක්  මැදවච්චිය නව බස් නැවතුම්පොළේ දී. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති රථයෙ බඳ එකලස් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, September 5, 2013

SLTB supply division - Anuradhapura depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking supply division vehicle (30ශ්‍රී0819) in the SLTB Medawachchiya Workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් මැදවච්චිය ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ එන්ජින් අලුත්වැඩියා අංශයේ දී. 1983 වසරේ ධාවනයට එක්වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Thursday, August 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, dimo TATA LPO 1313/47 bus (AP 25 / 62-1509) at Anuradhapura. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ නිපදවා ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1994 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.