Showing posts with label KW. Show all posts
Showing posts with label KW. Show all posts

Monday, January 13, 2025

Hino U-HT2MLAAKAI city bus from SLTB Kadawatha depot

This photo was taken on May 04, 2012, in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (KW 77 / NA-0564) parked at the Ragama bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Allocated for the city services between Kadawatha and Ragama under the route number 222. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් රාගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 222 යටතේ කඩවත හා රාගම අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 25, 2020

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KW 08 / 61-5552) at the Kadawatha bus stand. Body built by Azad coach builders in India and acquired to the PTS Kadawatha in 1993. Allocated for the services on a local route between Delgoda and Kadawatha under the route number 210. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කඩවත බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1993 වසරේ එවකට සීමාසහිත කඩවත ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 210 යටතේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ දෙල්ගොඩ හා කඩවත අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on June 23, 2013, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, April 27, 2020

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kadawatha depot

This photo was taken on 1989 in Galle Face Green, Colombo, Western, LK.
Click for the full size picture.
SRILANGAMA (now SLTB) Kadawatha depot, Kitamura bodied ISUZU ECR 500 bus (KW 31 / 60ශ්‍රී3167) at the Galle Face green with a special hire. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. Photo by Chandrarathne Rajapakshe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටිය අසල දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ විශේෂ චාරිකාවක් සඳහා යෙදවුණු අවස්ථාවක දීය.

ඡයාරූපය: 1989 වසරේ ශ්‍රීලංගම කඩවත ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල, වසර 36 ක ලංගම සේවාව සම්පූර්ණ කර මේ වන විට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රරතන රාජපක්‍ෂ මහතා විසිනි. ඡයාරූපය අප වෙත ලබා දුන්නේ එතුමාගේ පුත් චතුර රාජපක්‍ෂ මහතාය.

Sunday, June 4, 2017

Hino KC-HU2MLCA city buses from SLTB kadawatha depot

This photo was taken on Auguast 14, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA buses (NA-0576 and NA-0547) parked at the Bambalapitiya SLTB bus stand. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese Government. Both are allocated for the city service between Kadawatha and Bambalapitiya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථ ද්විත්වයක් බම්බලපිටිය ශ්‍රී ලංගම බස් නවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථ ද්විත්වයම මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, August 12, 2016

Hino KC-HU2MLCA Luxury Bus form SLTB Kadawatha depot

This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kawatha depot  KC-HU2MLCA luxury bus (NA-0579) in the depot premises. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government. This bus rehabilitated and modified by Kadawatha depot workers. Repainted with the TOEI (Transportation Bureau of the Tokyo Metropolitan Government) color code. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. කඩවත ඩිපෝව යටතේ සාමාන්‍ය සේවයේ යොදවා තිබී ඇති මෙම බස් රථය 2015 වන තුරුම සාමාන්‍ය ධාවනයේ තිබී ඇත. කඩවත ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය මෙන්ම බඳ අලුත්වැඩියාවකට ලක්කර පිටත වටරවුම්  අධිවේගී මාර්ගය හරහා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත හා ගාල්ල අතර මාර්ග සුඛෝපබෝගී ධාවනයට එක් කිරීමට සූදානමින් සිටී. මෙම බස් රථයේ වායුසමන පද්ධතියේ අලුත්වැඩියාවන් කීපයක් හැරුණු කල අන් සියලු අලුත්වැඩියාවන් ඩිපෝ පරිශ්‍රයේ දීම සිදුකර තිබේ. ශ්‍රී ලංකාවට ලැබීමට පෙර ටෝකියෝ නාගරික ප්‍රවාහන කාර්යංශය යටතේ පැවති වර්ණ රටාවෙන්ම වර්ණ ගන්වා තිබීමද විශේෂත්වයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත. මෙහි නාගරික සේවාවන්ට ගැලපෙන පරිදි සකසා තිබුණු ආසන 29 සැකැස්ම, පසුපස දොරටුව ස්ථීරව වසා දමා අධිවේගී ධාවනයට යෝග්‍ය වන ලෙස ඩිපෝව මගින් සකසා ඇත.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 11, 2016 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

With normal service in 2012 -- 2012 වසරේ මෙම බස් රථය සාමාන්‍ය ධාවනයේ දී
This photo was taken on June 15, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the previous post.

Thursday, February 18, 2016

Ashok Leyland Lynx bus from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Ashok Leyland Lynx bus (KW 07 / NB-5822) near the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය අසල දී. රථය මාර්ග අංක 362 යටතේ රාගම හා කඩවත අතර ධාවනයට යොදවා ඇත.

Saturday, January 2, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Kadawatha depot

This photo was taken on January 01, 2016 in Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) kadawatha depot Ashok Leyland Viking Hinopower bus (KW 96 / NA-3639) parked in the Bambalapitiya bus stand. The bus awaiting it's turn on route 154 Kadawatha - Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බම්බලපිටිය බස් නැවතුමේ දී. රථය තම මුල් ධාවන වාරය කඩවත සිට මාර්ග අංක 200/135 යටතේ නාරාහේන්පිට බලා පැමිණ, පසුව මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය සහ කඩවත අතර ධාවනය වේ. මෙලෙස බම්බලපිටිය බස් නැවතුමෙහි ගාල් කර ඇත්තේ මාර්ග අංක 154 යටතේ ධාවන වාරය ලැබෙන තෙක්ය.

Saturday, September 26, 2015

SLTB Breakdown Service (Kadawatha Depot)

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, classic Ashok Leyland Cheetah breakdown service vehicle (KW 02 / 30ශ්‍රී5341) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් පැරණි, අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම අශෝක් ලේලන්ඩ් චීටා බස් රථ 1983 වසරේ ශ්‍රීලංගම හා එක්ව ඇති අතර ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිපදවූ මුල්ම බස් රථ වර්ගය වේ. පසුකාලීන වෙනස්කම් නිසා එහි මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත.

Saturday, August 9, 2014

UTKAL bodied Ashok Leyland Viking 193 buses from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, UTKAL bodied Ashok Leyland Viking 193 buses (KW 43 / 63-3607 , KW 44 / 63-3608) parked in the depot premises. Acquired in 2000 to the GBC (Gampaha Bus Company) fleet.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 UTKAL බඳ සහිත බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම (ග.බ.ස.) යටතේ ධාවනයට එක් වී ඇත. බස් රථ ද්විත්වයට ආසන්න ලියාපදිංචි අංක සහ ඇණි අංක ලැබී තිබීම විශේෂත්වයකි.

Wednesday, June 25, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Kadawatha depot

This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Antony bodied TATA LP 1510/52 bus (KW 91 / NA-3220) at the Bambalapitiya SLTB bus stand. Allocated for the services between Kadawatha and Bambalapitiya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2006 වසරේ ධාවනයට එකවී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. රථය club193 සමූහයේ දැන්වීමකින් වර්ණවත් කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Notice of club193 -- බස් රථය ඇතුලත ප්‍රදර්ශනය කර ඇති club193 දැන්වීම.
This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 25, 2014

Wesco ISUZU MT111L bus from SLTB Kadawatha depot

This photo was taken on April 24, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Wesco ISUZU MT111L bus (KW 28 / 62-4238) at the Bambalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් බම්බලපිටිය බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබගී බස් රථයක් ලෙස ධාවනයවී ඇති අතර පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවිණි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 10, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 1, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kadawatha depot

This photo was taken on February 25, 2014  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Latec TATA LP 1510/52 bus (KW 53 / 63-4350) at the Bambalapitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, බම්බලපිටිය බස් නැවතුමේ දී. රථය, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කොට 1999 වසරේ ධාවනයට එක් කොට ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 25, 2014  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 3, 2013

SLTB breakdown service - Kadawatha depot

This photo was taken on June 27, 2013 in Kadawatha, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Ashok Leyland Viking breakdown service vehicle (23ශ්‍රී8129) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on June 27, 2013 in Kadawatha, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.

Tuesday, May 7, 2013

Hino KC-HU2MLCA bus from SLTB Kadawatha depot

This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Hino KC-HU2MLCA bus (KW 78 / NA-0570) at the Bambalapitiya SLTB bus stand.  Acquired in 2005 in SLTB service. Rehabilitated and modified by the Kadawatha depot workers to celebrate the President's induction in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝවට අයත් 'Hino KC-HU2MLCA  වර්ගයේ බස් රථයක් බම්බලපිටිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. කලක් ධාවනයෙන් ඉවත්ව තිබූ මෙම බස් රථය, නැවත පූර්ණ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම පිණිසයි. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට එක් කර තිබුණි.

This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2013  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 12, 2012

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Bharat bodied Ashok Leyland Viking bus (KW 38 / 63-3000) parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලෙන්ලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ Bharat සමාගම මගින් එකලස් කරන ලද්දකි. මෙම බස් රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත.

අවසන් යාවත්කාලීනය: 2014 අගෝස්තු මස 08 වන දින

Sunday, August 12, 2012

Modified Lanka Ashok Leyland Viking bus from SLTB Kadawatha depot

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Lanka Ashok Leyland Viking modified bus (KW 17 / 62-2029) in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලෙන්ලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස්රථයේ පසුකාලීනව සිදුකල අලුත්වැඩියාවක් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත.

Friday, June 15, 2012

Hino KC-HU2MLCA city bus from SLTB Kadawatha depot

This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Hino KC-HU2MLCA bus (KW 83 / NA-0579) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2016 අගෝස්තු 12 යාවත්කාලීනය: මෙම බස් රථය පසුකාලීනව වායු සමන අලුත්වැඩියා කර අධිවේගී ධාවනය සඳහා යොදවන ලදී. අලුත් වැඩියාවෙන් පසු මෙම බස් රථය පිළිබඳව අප පළ කල ලිපිය මෙතැනින්

Thursday, April 26, 2012

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Kadawatha depot

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (KW 56 / 63-4564) at the Bambalapitiya SLTB bus stand. Body built by Ceymo Lanka (Ltd.) and acquired to the fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2011to celebrate the president's induction. Allocated for the services between Kadawatha and Bambalapitya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී, බහු ජාතික සමාගමක් සමඟ එක්ව සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ධ සිමෝ ලංකා සමාගම මගින් බඳ නිමවා ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් 2011 වසරේදී ඩිපෝවේ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර නැවත ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණතට මෙන්ම පසුපස මුහුණතටද වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා කඩවත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 29, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Monday, March 19, 2012

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Kadawatha depot

This photo was taken on December 12, 2011, in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB), Kadawatha depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (63-4563) at the Bambalapitiya junction SLTB bus stand. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the GBC fleet in 2000. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs.This photo was taken in December 2011 while it was allocated fot the services between Kadawatha and Bambalapitiya under route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේදී ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. පසුකාලීනව ජනාධිපතිතුමා ගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කඩවත ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති අතර අදාළ අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, March 3, 2012

Azad bodied Ashok Leyland Comet Minor bus from SLTB Kadawatha depot

This photo was taken on December 12, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KW 06 / 61-5582) in the depot premises. Body built by Azad coach builders in India and acquired to the PTS Kadawatha fleet in 1993. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ එවකට  ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ඡායාරූප ලබා ගන්නා අවස්ථාවන් වල දී අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.
This photo was taken on February 24, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on February 24, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210. 
Click for the full-size picture.