Showing posts with label 1313+Wesco. Show all posts
Showing posts with label 1313+Wesco. Show all posts

Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-8179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Sunday, January 24, 2021

Wesco TATA LPO 1313/55 bus from SLTB Ratnapura depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Wesco TATA LPO 1313/55 bus (RP 10 / 62-5937) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1997 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. මේ වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය වේ.

Friday, September 27, 2019

Wesco TATA LPO 1313/55 bus from SLTB Wariyapola depot

This photo was taken on July 14, 2016 in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, Wesco TATA LPO 1313/55 bus (WR 28 / 62-5539) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) වාරියපොල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Saturday, August 24, 2019

Wesco TATA LPO 1313/55 semi luxury bus from CMBC Moratuwa depot

This photo was taken on April 20, 2000 in Colombo 06, Western, LK, using a KODAK DC280.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 semi luxury (MR 88 / 62-7814) at Colombo 06 while playing to Galle under the route number 02. The image is copyright to the respective photographer -- ක. මෙ. බ. ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ වැල්ලවත්තේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ කොළඹ සිට ගාල්ල බලා ධාවනයට යොදවා ඇති බව පෙනේ. ධාවනය අතරතුර සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් රථය අතර මැද නවතා පරීක්‍ෂාවකට ලක්වෙමින් ඇති බව පෙනේ . ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Thursday, November 1, 2018

Wesco TATA LPO 1313/55 bus from UBCo Badulla depot

This photo was taken in 2004, in Badulla, Uva, LK.
Click for the full size picture.
Uva bus company (U.B.Co.), Badulla depot Wesco TATA LPO 1313/55 bus (62-7835) at the Badulla bus stand in 2004. Awaiting to leave for Passara. Photo by: Malcolm Chase. -- ඌව බස් සමාගමේ (ඌ.බ.ස.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයක් 2004 වසරේ බදුල්ල බස් නැවතුමේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. රථය බදුල්ල සිට පස්සර ලබා කෙටි ධාවනයක යොදවා තිබුණු අවස්ථාවකි.  ඡායාරූපය: මැල්කම් චේස් මහතා

Friday, October 19, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on December 30, 2012 in Nuwara Eliya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Wesco TATA LPO 1313/55, modified bus (62-6298) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) නුවරඑළිය ඩිපෝව  යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගත් අවධියේ අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

Saturday, September 8, 2018

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Kelaniya depot

This photo was taken on October 08, 2012 in Colombo Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Wesco TATA LPO 1313/55, modified bus (KE 15 / 62-9327) at the Colombo central bus stand. Awaiting to leave for Dekatana on the route number 224/3. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කැලණිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණතට වෙනස්කම් සිදු කොට තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 224/3 යටතේ දෙකටන බලා ධාවනයට යොදවා තිබුණි.

in the depot premises in August 2014 -- 2014 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, August 23, 2018

Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus from SLTB Moratuwa depot

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus (62-6846) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයකි. 1997 වසරේ දෙසැම්බර් මස එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2014 වසරේ ජුලි මස මොරටුව ඩිපෝව විසින් රැගෙනවිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කොට තිබුනේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ මොරටුව ඩිපෝව යටතේද රථය ධාවනය වී ඇත්තේ අඩු වශයෙනි. එහෙයින් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය යටතේ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.

මෙම රථයේ වහලයේ කොටසක් විවෘත්ත කර මෙලෙස විශේෂ සංචාරයන්ට ගැලපෙන ලෙස බඳ සකසා ඇත්තේ ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ විසිනි. අනෙකුත් වැඩ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක් රථයට ඒක කිරීම ඩිපෝවේ අරමුණයි. ඉන් පසු විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය කුලී පදනම මත ලබා ගැනීම සඳහා 077 1 05 63 95 / 077 9 92 21 72 යන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2015 වසරේ මෙම බස් රථය සාමාන්‍ය ධාවනයේ පැවති අවධිය පිලිබඳ අප පල කල ලිපිය

Tuesday, October 17, 2017

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco bodied TATA LPO 1313/55, modified bus (62-7450) at Balangoda bus stand. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the former president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බලන්ගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බලන්ගොඩ බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2013 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණත, පැති ජනේල, ඉදිරි දොරටුව ආදියට වෙනස්කම් සිදු කොට තිබේ. මෙහි මුල් බඳේහි ඉදිරියෙන්ම පැමිණි ඉදිරි දොරටුව ඉදිරි රෝදයෙන් පිටුපසට වන්නට නැවත සකසා තිබීම විශේෂය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පින්නවල පාර හරහා නෙල්ලිවල බලා ධාවනයට යොදවා තිබුණි.

Rear side of this bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කතරගම දී) 
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 27, 2017

Wesco TATA LPO 1313/55 bus from SLTB Kilinochchi depot

This photo was taken on Septemer 23, 2017 in  Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot Wesco TATA LPO 1313/55, modified bus (63-3090) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොචිච්ය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ පැති වීදුරු  සහ ප්‍රධාන ලාම්පු ආදිය වෙනස් වී ඇත. පැති වීදුරු සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් කරන ලද ග්‍රේට්වෝල් බස් රථයකිනි.

Friday, July 14, 2017

Wesco TATA 1313 bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Wesco TATA 1313 bus (AT 49 / 62-7448) in the depot premises. Body built by Wesco (Werahara Engineering Corporation Ltd.) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ සමාගම මගිනි.

Friday, March 24, 2017

Modified Wesco TATA 1313 bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Wesco TATA 1313 modified bus (BW 30 / 62-5133) at Bndarawela town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබී ඇත.

Thursday, November 24, 2016

Modified Wesco TATA 1313 Padaviprapthi bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Wesco TATA 1313 modified bus (JF 80 / 62-7592) at Kararagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කතරගම දී. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු, පැති ජනේල ආදිය වෙනස් වී ඇත. පැති ජනේල සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් වූ ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයකිනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, August 16, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Rambukkana depot

This photo was taken on August 14, 2016 in Polgahawela, North Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA 1313 modified bus (RB 69/ 62-6885) at Polgahawela bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, July 5, 2016

Kurunegala Workshop rebodied Wesco TATA 1313 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Wesco TATA 1313 bus (NT 96 / 62-7136) at Nittambuwa bus stand. This bus rehabilitated and modified by SLTB Kurunegala provincial worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නිට්ටඹුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් නිට්ටඹුව බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. බඳ අබලන්ව පැවතී ඇති මෙම බස් රථය කුරුණෑගල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, February 15, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Kegalle depot

This photo was taken on October 31, 2015 in Kegalle, Sabaragamuwa, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot,  Wesco TATA 1313 modified bus (KL 25 / 63-0016) at Kegalle bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කෑගල්ල බස්  නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය මාර්ග  අංක 682 යටතේ වේරගොඩ හා කෑගල්ල  අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Thursday, January 21, 2016

Wesco TATA 1313 bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Wesco TATA 1313 bus (MHO 37 / 62-7661) at Maho bus stand. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් මහව බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. සියඹලංගමුව හා මහව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, August 14, 2015

Wesco TATA 1313 bus from SLTB Ampara depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Wesco TATA 1313 bus (62-5307) at Ampara bus stand. Body built by Wesco with Duple Metsec. (Pic by: Primal Madusanka)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මධ්‍යම කඳවුර හා අම්පාර අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Tuesday, June 23, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Moratuwa depot

This photo was taken on March 02, 2015, in Milagiriya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 bus (MR 13 / 62-6846) playing on the Galle road towards Moratuwa under the route number 100. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the CMBC Meetotamulla depot fleet in 1997. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් මිලාගිරියේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1997 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන්ධා සීමාකර තිබී ඇති මෙම බස් රථය, හිටපු ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මොරටුව ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර 2014 වසරේ දෙසැම්බර් මස මෙලෙස ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි.

2018 අගෝස්තු 23 යාවතකාලීනය:  මෙම බස් රථය 2018 වසරේ අගෝස්තු මස විශේෂ සංචාර සේවා බස් රථයක් ලෙස යාවතකාලීන කරන ලද අතර ඒ පිලිබඳ අප පල කළ ලිපිය මෙතනින්

Thursday, May 7, 2015

Wesco TATA LPO 1313/55 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Wesco TATA LPO 1313/55 bus (AB 33 / 62-7490) at the Ambalangoda bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the RBC fleet in 1998. Allocated for the services between Ambalangoda and Galle under the route number 388/1.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ නිමවා 1998 වසරේ, අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකි රථය ඡායාරූප ලබාගත් අවස්ථාවන් වල දී මාර්ග අංක 388/1 යටතේ අම්බලන්ගොඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා ඇත.

Rear view of the bus (near the Galle Fort)  -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (ගාලු කොටුව අසල දී)
This photo was taken on March 27, 2014, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.