Thursday, August 23, 2018

Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus from SLTB Moratuwa depot

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Modified Wesco TATA LPO 1313/55 open-top single-decker bus (62-6846) in the depot premises. Modified by the depot workers in August 2018 for special tours. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයකි. 1997 වසරේ දෙසැම්බර් මස එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2014 වසරේ ජුලි මස මොරටුව ඩිපෝව විසින් රැගෙනවිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කොට තිබුනේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ මොරටුව ඩිපෝව යටතේද රථය ධාවනය වී ඇත්තේ අඩු වශයෙනි. එහෙයින් ශ්‍රී ලංගම විශේෂ බස් රථ ව්‍යාපෘතිය යටතේ මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස නවීකරණයකොට රථයට නව වටිනාකමක් ලබා දී ඇත.

මෙම රථයේ වහලයේ කොටසක් විවෘත්ත කර මෙලෙස විශේෂ සංචාරයන්ට ගැලපෙන ලෙස බඳ සකසා ඇත්තේ ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ විසිනි. අනෙකුත් වැඩ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදුකොට ඇත. ඉදිරියේදී හැකිලිය හැකි වහළයක් රථයට ඒක කිරීම ඩිපෝවේ අරමුණයි. ඉන් පසු විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීමට ඩිපෝව සූදානමින් සිටී. මෙම රථය කුලී පදනම මත ලබා ගැනීම සඳහා 077 1 05 63 95 / 077 9 92 21 72 යන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.

This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on August 23, 2018 in Moratuwa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2015 වසරේ මෙම බස් රථය සාමාන්‍ය ධාවනයේ පැවති අවධිය පිලිබඳ අප පල කල ලිපිය

2 comments:

  1. උත්පල,
    මම දන්න තරමින් මේ බස් 4ක් තියෙනවා දැනට ලංගමය ට ඒ MH, HR, සහ MR කියන ඩිපෝ වලට තනි තට්ටුවේ බස් විදිහටත් RL ඩිපෝවේ තට්ටු දෙකේ බස් එකකුත් .

    එතකොට තවත් මේ විධියට බස් හදන්න CTB එකට අදහසක් තියෙනවාද කියලා දැනගන්න කැමතියි.

    (MH අයගේ බස් එකත් මතක් කරලා දාන්න )

    ReplyDelete
    Replies
    1. තෝරාගත් ඩිපෝ වලට දෙනවා කියල තමයි ආරංචි. ඔබට මීගමුව ඩිපෝවේ තට්ටු දෙකේ බස් රථය මග හැරී ඇත.

      Delete