Showing posts with label 1210+Latec. Show all posts
Showing posts with label 1210+Latec. Show all posts

Sunday, June 11, 2023

Latec TATA LP 1210/52 bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014, in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot Latac TATA 1210/52 bus (AB 49 / 62-0639) at Ambalangoda bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. This photo was taken in April 2014 while it was allocated for the services between Dorala and Ambalangoda under route number 876.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා 1210/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2014 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 876 යටතේ දොරල හා අම්බලන්ගොඩ අතර ධාවනයට සපයා තිබුණි. රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

Sunday, August 2, 2020

Latec Kesco bodied TATA LP 1210/52 bus from GBC Kirindiwela depot

This photo was taken in 1998, in Kirindiwela, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC) Kirindiwela depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KD 52 / 61-6889) at Kirindiwela. Body built by Latec Kesco with Duple Metsec (UK) and acquired to the PTS Kirindiwela fleet in 1993. Allocated for the services between Hanwella and Kirindiwela under the route number 182. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- ගම්පහ බස් සමාගමේ (සී/ස ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වී ඇති ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කිරිඳිවැල දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 1998 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 182 යටතේ කිරිඳිවැල සිට හංවැල්ල බලා ධාවනයට සූදානමින්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

Wednesday, April 8, 2020

Latec TATA LP 1210/52 bus from SLTB Kalmunai depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Latec TATA LP 1210/52 bus (KM 03 / 61-7360) at Katragama. Body built by Latec with Duple Metsec UK. Rehabilitated in 2012 by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුණේ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ නිමවා ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත්තේ පස් වන විධායක ජනාධිපතිතුමාගේ දෙවන ප්‍රදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 24, 2019

Latec TATA LP 1210/52 bus from KBC Kandy south depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full size picture.
Kandy bus company (KBC) Kandy south depot, Latec TATA LP 1210/52 bus (KS 172 / 61-7335) at Kandy in 2003. Playing on a local route between Pilimathalawa and Kandy. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එලස් කොට එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 10 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පිළිමතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, February 27, 2016

Wesco (Latec) TATA 1210 bus from WBC Wennappuwa depot

This photo was taken in 1998 in Wayamba, LK.
Click on the image for full size picture.
WBC (Wayamba Bus Company / Now SLTB), Wennappuwa depot Wesco (Latec) TATA 1210 bus (WP 24 / 62-2892) in 1998. (The photo is copyright to the respective photographer) -- ව.බ.ස. (වයඹ බස් සමාගම / වත්මන් ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ (ලටෙක්) ටාටා 1210 බස් රථයක් 1998 වසරේ දී. 1995 වසරේ ධාවනයට එකතු වූ බස් රථයකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Thursday, September 24, 2015

Latec TATA 1210 bus from SLTB Wennappuwa depot

This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot Latec TATA 1210 bus (WP 10 / 61-7028) in-front of the depot. Body built by Latec with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1210 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයට ඇතුළු වෙමින්. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළ වලදී මේවයේ බඳ එකලස් කර ඇත. මේවා 1993-1994 කාල සීමාවේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක්වී ඇත. 1994 වසරෙන් පසු පැමිණි බස් රථ "Wesco" යන නාමය සහිතව පැමිණ තිබේ. මෙම බස් රථයේ පැති ජනේල පසු කාලීනව වෙනස් ව තිබුනද ඡායාරූපය ලබාගත් අවස්ථාව වන විටත් එහි මුල් ස්වරූපය බොහෝ සෙයින් ආරක්ෂා වී තිබේ.

Sunday, July 5, 2015

Latec TATA LP 1210/52 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Latec TATA LP 1210/52 bus (KL 76 / 61-6732) at Kegalle town on October 2013. Body built by Latec with Duple Metsec (UK) and aquired to the SLTB fleet in 1993. Allocated for the services between Udagama and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩගම හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 20, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Dambulla depot

This photo was taken on  June, 2011 in Habarana, North Central, LK using a Canon DIGITAL IXUS 85 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Latec TATA LP 1210/52 bus (DB 33 / 61-7115) at Habarana in June 2011. Body built by Latec pvt Ltd. with Duple Metsec UK. Photo by: Shankar S -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් හබරණ ප්‍රදේශයේ දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී බඳ සකසා 1993 වසරේ ධාවනයට එක් කොට ඇත. 2011 වසරේ ජුනි මස ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය: ශංකර් එස්.

Friday, July 11, 2014

Latec Kesco TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Latec Kesco bodied TATA LP 1210/52 bus (RP 123 / 61-8894) at the Ratnapura bus stand. Body built by Latec Pvt Ltd with Duple Metsec UK technology. Awiting to leave for Kahangama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත්, ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රත්නපුර සිට කහංගම දක්වා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on July 10, 2014 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 24, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Latec TATA LP 1210/52 bus (KP 73 / 61-9556) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ සකසා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Sunday, April 27, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 22, 2014 in Lahugala, Polonnaruwa, North Central, LK, using a Nikon D5200.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Latec TATA LP 1210/52 bus (PL 25 / 62-0372) on the Parakrama Samudrya bund near Kalahagala. Body built by Latec with Duple Metsec. Playing on a local route between Kaduruwela and Abanganga under the route number 847. Photo by Rajitha Perera -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කලහගල ආසන්නයේ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1994 වසරේය. චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 847 යටතේ කදුරුවෙල හා අඹන්ගඟ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

Friday, April 11, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Latec TATA LP 1210/52 bus (61-8762) near the Kurunegala railway station. Body built by Latec (pvt) Ltd with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසල දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාවතගම හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 24, 2014

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec Kesco bodied TATA LP 1210/52 bus (HT 100 / 61-6883) in the depot premises. Body repaired and modified by the SLTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කොට ඇත. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ (ප්‍රාදේශීය වැඩපොළේ) දී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත මෙලෙස සේවයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මස්කෙළිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, October 9, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Giriulla depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Latec TATA LP 1210/52 bus (GU 47 / 61-9248) at Katharagama. Body built by Latec with Duple metsec. Rehabilitated in 2012 by the Giriulla depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය,  ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දෙසැම්බර් මස ගිරිඋල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Sunday, October 6, 2013

Wesco TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 1999 in Sigiriya, Matale, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC, Now SLTB - Sri Lanka Transport Board) Dambulla depot, Wesco TATA LP 1210/52 bus (62-2866) at the bottom of Lion's Rock, Sigiriya in 1999. Body built by Wesco with Duple Metsec (UK) and aquired to the PTS fleet in 1995. This photo was taken in 1999 while it was allocated for the services between Dambulla and Seegiriya. -- රජරට බස් සමාගමේ (ර. බ. ස. , වත්මන් ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් සීගිරිය අසලදී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කල බස් රථයකි. 1999 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ සීගිරිය හා දඹුල්ල අතර ධාවනයට යොදවා ඇත.

Sunday, August 4, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Nikaweratiya depot

This photo was taken on Auguast 03, 2013 in Kobeyigane, Wayamba, LK, using a Samsung WB100
Click for the full size
Sri Lanka Transport Board (SLTB) Nikaweratiya depot, Latec TATA LP 1210/52 bus (NK 22 / 61-9616) at the Kobeigane bus stand. Body built by the Latec with Duple Metsec (UK). Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම. ) නිකවැරටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කොබෙයිගනේ බස් නැවතුමේ දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ එකලස් කර ධාවනය එක් කල බස් රථයකි. පසුකාලීනව ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පුර්ණ බඳ අලුත්වැඩියාවක් සිදු කර මෙලෙස ධාවනයට එක් කොට තිබේ.

Tuesday, April 30, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot,  Latec TATA LP 1210/52 bus (61-8939) at Katharagama. Body built by Latec with Duple metsec. Rehabilitated (in 2012) by the Wennappuwa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා  LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ සැකසූ මෙම බස් රථ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1993 වසරේය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දෙසැම්බර් මස වෙන්නප්පුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, March 2, 2013

Modified Latec TATA LP 1210/52 bus from SLTB Ratnapura depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Modified Latec TATA LP 1210/52 bus (62-0424) at Katharagama. This bus rehabilitated with a new Latec DM body by the Ratnapura depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  රත්නපුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම මෙරටදී මගින් බඳ සකසා ඇති මෙම බස් රථය ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත්තේ 1998 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු බස් රථය නැවත අලුත්වැඩියාවෙදී ලටෙක් DM බඳක් බද්ධ කර ඇත (ලටෙක් DM බස් රථ 2001 වසරේ සිට නිෂ්පාදනය වේ). ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් රත්නපුර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 13, 2013

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Kurunegala north depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot Latec Kesco bodied TATA LP 1210/52 bus (KGN 38 / 61-8292) at the Kurunegala bus stand. Body built by Latec (Pvt.) Ltd with the Duple Metsec (UK) technology. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථවල බඳ, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොලේ දී එකලස් කර ඇත. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, August 13, 2012

Latec TATA LP 1210/52 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018, in Divulapitiya, Western, LK, using a Canon  PowerShot SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot Latec TATA LP 1210/52 bus (DP 10 / 61-9459) in the depot premises. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. Rehabilitated and modified in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනානමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් කොට ඇති අතර ඒවා ඩිමෝ වර්ගයේ බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

The bus at the Kurunegala bus stand in 2012 while it was allocated for the services between Kunrunegala and Katunayake. -- මෙම බස් රථය 2012 වසරේ කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා කටුනායක අතර ධාවනයට යොදවා තිබුණි. 
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.