Showing posts with label Badulla Samawayaya body. Show all posts
Showing posts with label Badulla Samawayaya body. Show all posts

Tuesday, September 21, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)  Thanamalwila depot, Ashok Leyland Viking 210 Turbo bus (TW 20 / NB-8279) at the Wellawaya bus stand. The bus was acquired to the SLTB fleet in 2014. The bus was traveling from Tissamaharama to Colombo on December 31, 2017, when it met with a serious accident in the Thanamalwila area. The vehicle was severely damaged in the accident and the conductor Namal Kaushalya died on the spot. The vehicle was later sent to the Badulla Regional Workshop for repairs and was put back into operation in March 2018 after a complete overhaul. This photo was taken at the Wellawaya bus stand on March 19, 2019, and at the time of taking the photo, the bus was ready to run towards Thanamalwila. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙම බස් රථය, 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින තිස්සමහාරාම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී, තණමල්විල ප්‍රදේශයේ දී දරුණු අනතුරකට ලක්වී ඇත. අනතුරින් රථයේ කොන්දොස්තර වරයා ලෙස සේවය කල නාමල් කෞශල්‍ය මහතා ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර මගීන් රැසක්ද තුවාල ලබා ඇත. එම අන්නතුරෙන් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර අලුත්වැඩියාව සඳහා රථය ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ (සමවායය) වෙත යොමු කර ඇත. පූර්ණ අලුත්වැඩියාවකින් පසු 2018 වසරේ මාර්තු මස නැවත ධාවනයට එක්වී ඇති රථය, 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ වැල්ලවායේ සිට තණමල්විල බලා ධාවනයට සූදානමින් තිබුණි.

This bus which was sent to the SLTB Badulla Regional Workshop for repairs after the accident -- අනතුරෙන් පසු අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළ වෙත යැවුණු මෙම බස් රථය වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken in January 2018, in Badulla, Uva, LK.
Click for the full-size picture.

Thursday, September 8, 2016

Badulla Samawayaya rebodied TATA 1510 bus from SLTB Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, TATA 1510 bus (HT 60 / NA-4904) awaiting it's turn to Nawalapitiya at the Hatton bus stand. The body re built by SLTB bus Samawayaya, Badulla.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාවලපිටිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, November 10, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Latec TATA LP 1510/52 bus (HG 64 / 63-3457) in the depot premises. Body built by Latec with Duple Metsec UK. Acquired to the fleet in 2000. Body repaired by the SLTB bus Samawayaya in Badulla recently.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෑත කාලීනව රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 17, 2014

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ampara depot

This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, TVS bodied Ashok Leyland Viking bus (63-1271) at the Ampara bus stand. Recently re-bodied by the SLTB bus Samawayaya, Badulla (Badulla provincial workshop). Allocated for the services on a local route between Wadinagala and Ampara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෑත කාලීනව ශ්‍රී ලංගම බාදුල්ල බස් සමවායයේදී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු රථය මෙලෙස ධාවනයට එකතු කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය වඩිනාගල හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, March 26, 2014

Azad bodied Ashok Leyland Vikng bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Azad bodied Ashok Leyland Viking bus (63-3369) at the Ratnapura bus stand. Allocated on a local route to Madawala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුහුණත සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්‍ෂණය වේ. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ දී පූර්ණ බඳ අළුත්වැඩියාවකට ලක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මඬල හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 24, 2014

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec Kesco bodied TATA LP 1210/52 bus (HT 100 / 61-6883) in the depot premises. Body repaired and modified by the SLTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කොට ඇත. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ (ප්‍රාදේශීය වැඩපොළේ) දී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත මෙලෙස සේවයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මස්කෙළිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 20, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Ampara depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Ashok Leyland Viking  Hinopower bus (NA-1501) at the Ampara bus stand. Body re-built by SLCTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුමේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත.

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බදුල්ල බස් සමවායය ලාංඡනය.
Click for the full size picture.

Friday, October 12, 2012

Wesco TATA LPO 1313/55 bus from SLTB Badulla depot

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot Wesco TATA LPO 1313/55 bus (62-5032) at the Colombo central bus stand. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the UBCo fleet in 1997. Recently, the body rebuilt by the SLTB Badulla provincial workshop. This photo was taken in 2012 while it was allocated for the services between Badulla and Colombo under route number 99. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථයේ බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී නිමවා ඇත. 2012 වසරේ දී ශ්‍රී ලංගම බදුල්ල ප්‍රාදේශීය වැඩපොළේ දී (ලංගම බස් සමවායය) පූර්ණ බඳ අළුත්වැඩියාවකට ලක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, October 7, 2012

Samawayaya re-bodied TATA LP 1510/52 bus from Kesbewa depot

This photo was taken on September 05, 2012  in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Samawayaya re-bodied TATA LP 1510/52 bus (63-4170) plying on the route no 120 at Kohuwala. This re-bodied by SLTB Badulla provincial workshop (bus Samawayaya) due to a bomb blast in 2008. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 120 යටතේ පුරහල බලා ධාවනය වන අවස්ථාවකි. බැලූ බැල්මට මෙය රුබී බඳ සහිත ටාටා 1210 බසයක් මෙන් දිස් වන්නේ මෙම බස් රථයට එම බස් රථයකින් සපයා ගත බඳක් බද්ධ කර පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර තිබීම නිසාවෙනි. මෙම බස් රථය 2008 වසරේ අප්‍රේල් මස 25 වන දින,  පිළියන්දල නගරයේදී (කහපොළ බලා ධාවනය වීමට සුදානම්ව තිබියෙදී) රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු, ශ්‍රී ලංගම මගින් බදුල්ල ප්‍රාදේශීය වැඩපොලේ නොහොත් බස් සමවායයේ පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කැස්බෑව ඩිපෝ බස් රථ සේදුම් අංගනයේ දී)
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මෙම බස් රථය බෝම්බ ප්‍රහාරයට ලක් වූ අවස්ථාව. - The 2008 Piliyandala bombing of  the "63-4170" commuter bus carried out on April 25, 2008 in Piliyandala, Sri Lanka, a suburb of Colombo. The bombing killed 26 and injured at least 64. Attacked by the LTTE terrorists (Now Inactive. Militarily defeated by the Sri Lankan Armed Forces in May 2009)
This photo was taken on April 25, 20008 in Piliyandala, Western, LK.
Click for the full size picture.