Showing posts with label HT. Show all posts
Showing posts with label HT. Show all posts

Monday, November 9, 2020

Ashok Leyland Lynx 4200 bus from SLTB Hatton depot

This photo was taken on November 11, 2019, in Hatton, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ashok Leyalnd Lynx 4200 bus (HT 111 / ND-9392) at the Hatton bus stand. The bus acquired to the depot fleet in 2019 under a special leasing scheam. Allocated for the services between Elgin and Talawakelle on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2019 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇල්ජින් හා තලවාකැලේ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, September 7, 2020

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Hatton depot

This photo was taken on September 01, 2020, in Osborne Estate, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, 42 seater Ashok Leyland Viking 193 Tubro bus (HT 71  / NB-9907) at the Osborne Estate. Acquired to the SLTB fleet in 2014. Playing on a local route between Hatton  and Lakshapana via Nortonbridge. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඔස්බෝන් වතු යායේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හැටන්, නෝටන් (නෝටන්බ්‍රිජ්) හරහා ලක්‍ෂපාන අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, March 29, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/52 bus (NA-0970) at the Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇති අතර ශ්‍රී ලංගම යලි පිහිටුවීමෙන් පසු ලැබුණු ප්‍රථම ටාටා බස් කාණ්ඩය වන්නේ මෙවාය. රථය ලක්‍ෂපාන හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, October 24, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 909/36 bus (HT 40 / 62-9621) in the Hatton bus stand. Rehabilitated and modified (in 2012) by the depot workers to celebrate the President's induction. Awaiting to leave for Welioya and Pudukadu from Hatton. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් හැටන් ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කරන ලද්දකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ හැටන් සිට වැලිඔය හා පුදුකාඩු අතර ධාවනයට යොදවා තිබුණි. කෙසේ නමුදු මේ වන විට මෙම බස් රථය ධාවනයේ නොමැත. 

Rear view of the bus in depot premises. -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 16, 2017

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photo was taken on November 11, 2017 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (HT 99 / NC-9516) at Gampola. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ගම්පොල දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. රථය මහනුවර සිට හැටන් බලා ධාවනය වන අවස්ථාවකි.

Wednesday, June 21, 2017

සජීව ලිපිය: 2017 ජුනි මස 21 දින ප.ව. 6.00 ට කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී.

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අද දින සවස කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී, රාත්‍රී 7.30 ට හැටන් බලා ධාවනය වීමට නියමිතව ගාල් කර තිබුණු මෙම, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් බඳ සහිත නවතම බස් රථය (HT 106 / NC-9529) දැකීමට ලැබීමෙන් මහත් සතුටක් ඇතිවිය. මුලින් 2x2 ආසන සැකැස්මට පැමිණි මෙම රථය, පළල් බඳෙන් වැඩි ඵලදායිතාවක් ලැබෙන පරිදි 3x2 ආසන සැකැස්මට ඩිපෝව මගින් සකසා තිබීමද සතුටට කරුණකි. ඒ අනුව දැන් මෙම රථය ආසන 54කින් යුක්තය. දැනට හැටන් ඩිපෝවට 10 ක් නුවරඑළිය ඩිපෝවට 04 ක් මහරගම ඩිපෝවට 04 ක් ආදී වශයෙන් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවන් වෙත මෙම රථ ලබා දී ඇති බව සැලයි.

Monday, May 29, 2017

Ruby bodied TATA 1313 bus from SLTB Hatton depot

This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Ruby bodied TATA LPO 1313 / 37 bus (HT 02 / 61-1309) at Ginigathhena bus stand. Acquired in 1991 in PTS service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LPO 1313 / 37 රුබී බඳ සහිත බස් රථයක් ගිනිගත්හේන බස් නැවතුමේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකවී ඇති මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී සමාගම මගිනි. මෙම වර්ගයේ බස් රථ ඉතා සුළු ප්‍රමාණයක් ලංගම රථ ඇණිය සතුව පැවතී ඇති අතර ඒවායින්ද බොහොමයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව තිබේ.  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගිනිගත්හේන හා කලවැල්දෙණිය අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 09, 2016 in Ginigathhena, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.

Friday, March 10, 2017

Classic SLCTB bodied TATA 1210 bus from SLTB DTS Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Driver Training School (DTS), TATA 1210 SLCTB bodied bus (30ශ්‍රී3058) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් මෙරටදී නිපදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 30, 2016

හැටන් ඩිපෝ ඉංජිනේරු අංශය හිස්වේ...

This photo was taken on October 29, 2016 in Hatton, Central, LK.
Click for the full size picture.
ඊයේ දිනයේ පැවති දීපවාලී උත්සවය වෙනුවෙන්, ශ්‍රී ලංගම හැටන් ඩිපෝව මගින් ඩිපෝ අංගනයේ පැවති සියලුම බස් අලුත්වැඩියා කර මහජන සේවා වෙනුවෙන් යොදවා තිබුණි. එදින ඩිපෝ ඉංජිනේරු අංශය හිස්ව පැවතියේ මෙලෙසිනි. මහජන අවශ්‍යතා වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකළ සියලුම ඩිපෝ සේවක මහත්වරුන්ට ප්‍රණාමය!

Thursday, October 27, 2016

Ruby bodied TATA 1510 D bus from SLTB Hatton depot.

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA 1510 D Ruby bodied bus (HT 17 / GE-1365) at Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ සලංකන්ද හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි. මීගමුව ඩිපෝව යටතේ ධාවනය වී ඇති මෙම බස් රථය මෙලෙස හැටන් ඩිපෝව මගින් පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත.

Thursday, September 8, 2016

Badulla Samawayaya rebodied TATA 1510 bus from SLTB Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, TATA 1510 bus (HT 60 / NA-4904) awaiting it's turn to Nawalapitiya at the Hatton bus stand. The body re built by SLTB bus Samawayaya, Badulla.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාවලපිටිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 13, 2016

Ruby bodied TATA 1510 C bus from SLTB Hatton depot

This photo was taken on December 17, 2014 in Nortonbridge, Hatton, Central, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA 1510 c Ruby bodied bus (HT 57 / NA-4795) at Nortonbridge bus stand. (Pic by: Daminda Prasangika)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් ඩිපොවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් නෝටන්බ්‍රිජ් බස් නැවතුමේ දී. රථය ගිනිගත්හේන හා කලවැල්දෙනිය අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, October 24, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photos was taken on May 29, 2015 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking Turbo bus (HT 96 / NC-2100) at Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් අවිස්සාවේල්ලේ දී. රථය හැටන් සිට කොළඹ බලා ධාවනය වන්නකි.  2014 වසරේ ඇරඹි බස් රථ 2200 වැඩසටහන යටතේ ලැබුණු ආසන 54 කින් යුතු බස් රථයකි.

Monday, March 16, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Hatton depot

This photo was taken on January 19, 2013, in Hatton, Central, LK, using an Olympus VG120, D705.
Click for the full-size picture.
Sri Lanka Transport board (SLTB) Hatton depot, Lanka Ashok Leyland Viking 193 bus (HT 71 / 63-2778) at Delhouse (Nallathanniya). Acquired to the fleet in 1999. Allocated for the sevices between Hatton and Delhouse (Nallathanniya). Photo by: Ishara Koralage -- ශ්‍රී ලකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලංකා අශෝක් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් නල්ලතන්නියේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හැටන් හා නල්ලතන්නිය අතර ධාවනයට යොදවා ඇති අතර ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට හැටන් දුම්රිය ස්ථානයෙන් බැස මෙම බස් සේවාව භාවිතා කර නල්ලතන්නිය වෙත ලඟා වීමේ පහසුව පවතී. ඡායාරූපය: ඉෂාර කෝරළගේ

Sunday, August 17, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Hatton depot

This photo was taken on August 15, 2014 in Hatton, central, LK, using a Nokia Lumia 920
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-3543) at Hatton. The bus acquired to the fleet in 2006. Allocated for the services between Samimale and Hatton on a local route. Photo by : Janaka Wijesinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් හැටන් බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සාමිමලේ හා හැටන් අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ජනක විජේසිංහ

Monday, August 11, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking 210 Turbo bus (HT 23 / NA-8899) at the Hatton bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Hatton and Colombo under the route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේ ඩිපෝව මගින් උපයා ගවීමේ පදනම මත මිලදී ගෙන ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

Friday, May 23, 2014

SLTB supply division - Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA LP 1210/36 supply division vehicle (30ශ්‍රී9502) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී9502 වේ. 1985 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රීලංගම බඳක් සහිත බස් රථයක් පරිවර්ථය කර සැකසා ඇත.

Monday, February 24, 2014

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec Kesco bodied TATA LP 1210/52 bus (HT 100 / 61-6883) in the depot premises. Body repaired and modified by the SLTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කොට ඇත. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ (ප්‍රාදේශීය වැඩපොළේ) දී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත මෙලෙස සේවයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මස්කෙළිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 15, 2014

Wesco ISUZU MT111L bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Wesco ISUZU MT 111 L bus (62-4437) at the Hatton bus stand. Ready to leave for Kandy. Rehabilitated and modified by the depot workers in 2011 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී, මහනුවර බලා ධාවනය වීමට සූදාමින්. ජපානයෙන් ආනයනය කරන ලද තට්ටුවකට, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථය කලක් ධාවනයන් සීමා කර තිබී ඇති අතර 2011 වසරේ හැටන් ඩිපෝ සේවක පිරිස විසින් ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිස නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති වීදුරු වෙනස්කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 26, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Hatton depot

This photo was taken on January 14, 2014 in Hatton, central, LK, using a Panasonic DMC-FX50.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (HT 54 / NB-1160) at Thawakale. Acquired to the depot in 2011 under a leasing scheme. Playing under the route No.18 Colombo - Thalawakale via Hatton. Photo by: Niroshan Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපොවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මාර්ග අංක 18 යටතේ කොළඹ හා තලවකැලේ අතර ධාවනය වන අවස්ථාවක තලවාකැලේ දී. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.