Showing posts with label rebodied. Show all posts
Showing posts with label rebodied. Show all posts

Sunday, January 28, 2024

Re-bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on March 30, 2012, in Mahamodara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, re-bodied Ashok Leyland Comet Minor bus (GE-0155) at Mahamodara. The bus acquired to the fleet in 2000. Due to the damage caused by the Tsunami disaster in 2004, a body procured from an old bus has been grafted and repaired. This photo was taken in March 2012 while it was allocated  for the services on a local route between between Delkada and Galle.  Currently, this is used as a service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මහමෝදර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය හේතු කොට ගෙන රථයේ මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කොට ධාවනයට සපයා තිබුණි. 2012 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. 2020 වසරේ කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති මෙම රථය වර්තමානයේද ධාවනයේ පවතී.

Monday, June 15, 2020

Single-deck converted AEC Regent RT double-deck bus from SLCTB Ratmalana depot

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ratmalana depot, single-deck converted AEC Regent RT double-deck bus (23ශ්‍රී1350) at Piliyandala in March 1981. The bus Acquired to the CTB fleet in 1965 and converted to Single-deck in 1970's. Allocated for the services between Kottawa and Mount Lavinia under the route number 255. Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ, තනි තට්ටුවේ බසයක් ලෙස පරිවර්ථනය කරන ලද AEC Regent RT වර්ගයේ දෙමහල් බස් රථයක් 1981 මාර්තු මස පිළියන්දල දී. 1965 වසරේ ධාවනයට එක්වී ඇති රථය 1970 දශකයේ මැද භාගයේ මෙලෙස තනි තට්ටුවේ බසයක් ලෙස උඩුබද්දාව වැඩපොළේ දී පරිවර්ථනය කර ඇත. ඇතැම් ප්‍රදේශ වල දෙමහල් බස් රථ ධාවනය කරවීමේදී ඇති වූ යම් යම් ගැටළු සහගත තත්වයන් නිසා මෙලෙස දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කරවීමට ලංගම විසින් තීරණය කර තිබී ඇති අතර එම ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇත්තේ උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළයි. වැඩපොළ භූමියේ පූර්වයේ පැවති උඩුබද්දාව ඩිපෝව එම ස්ථානයෙන් ඉවත් කර එම බස් රථ වෙනත් ආසන්න ඩිපෝවන් වෙත අනියුක්ත කර එහි ප්‍රාදේශීය වැඩපොළ පිහිටුවා ඇත. මුල් කාලීනව එම වැඩපොළේ දී දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කෙරෙන ක්‍රියාවලිය සිදු කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: buses worldwide මගින් ප්‍රකාශිත "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි.

Saturday, November 9, 2019

Re-bodied Ashok Leyland Viking bus from SLTB Trincomalee depot

This photo was taken on April 25, 2013 in Trincomalee, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, re-bodied Ahsok Leyand Viking bus (TM 01 / 60-5603) in the depot premises. Re-bodied by the Ekala Lakdiwa engineering (pvt) Ltd. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ශ්‍රීලංගම මගින් බඳ එකලස් කොට 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා, රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ. අදාළ අලුත්වැඩියාව 2010 වසරේ සිදුකර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි. කෙසේ වූවද 2014 වසරේ මෙම රථය ධාවනයෙන් ඉවත්කොට ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ උපුල් සේනාධීර මහතාට විශේෂ ස්තූතිය.

Monday, July 23, 2018

Re-bodied Ashok Leyland Viking (Colombo Rider) staff bus from SLTB Gintota workshop

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota provincial Workshop, Ashok Leyland Viking (Colombo Rider) Re-bodied bus (63-4570) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළ යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයකි. රුහුණු ප්‍රාදේශිකයේ ධාවනයෙන් ඉවත් කරන ලද කලම්බෝ රයිඩර් බස් රථයකට එම ප්‍රාදේශිකයෙන්ම සපයා ගත් වෙනත් බස් රථයක බඳක් බද්ද කර මෙලෙස සේවක ප්‍රවාහන රථයක් ලෙස නැවත ධාවනයට එක් කර ඇත. බඳ අලුත්වැඩියාව සිදු කර ඇත්තේ පෙට්ටිගලවත්ත ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළ මගනි

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Sunday, September 25, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Kesbewa depot

This photo was taken on June 16, 2016 in Boralesgamuwa, Western, LK, using a Xiaomi 2014811.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking Colombo Rider Re-bodied bus (KB 39 / GB-5485) at Boralesgamuwa. Re-bodied by (using a Latec Kesco) the depot. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ (Kesco) වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඩිපෝව මගිනි. සෙත්ස්රිරිපාය කාර්යාල සේවා යටතේ ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Monday, May 23, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on April 24, 2016 in Homagama, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Viking Re-bodied bus (HG 37 / GB-5675) in the depot premises. Previously this had a Colombo Rider body.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේද ඩිපෝව මගිනි.

Sunday, December 20, 2015

Lakdiwa Re-bodied Ashok Leyland Viking (Colombo Rider) bus from SLTB Kalutara depot

This photo was taken on December 11, 2015 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyland Viking Re-bodied bus (KT 73 / 63-4290) at Kalutara bus stand. Re-bodied by Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලංගම මගින් බඳ එකලස් කල පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ ඔක්තෝබර් මස පානදුර බස් නැවතුමේ දී
This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, June 26, 2015

Lakdiwa Workshop re-bodied Ashok Leyland Viking 193 (Colombo Rider) bus from SLTB Moaratuwa depot

This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moaratuwa depot, Lakdiwa Workshop re-bodied Ashok Leyland Viking 193 bus (MR 38 / GB-5483) at Moratuwa. Previus Colombo Rider body removed and re-bodied by the Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). Allocated for the services between Moarada and Moratuwa under the route number 142. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති අතර පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා වෙස්කො ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයකින් සපයා ගන්නා ලද බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට සපයා ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, September 9, 2014

SLTB modified Ashok Leyland Viking 193 bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Ashok Leyland Viking 193 bus (KGS 83 / 63-2742) in the depot premises. The bus acquired to the fleet in 1999. Rehabilitated and modified in 2014 by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක්... නම් නොවේ. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබුණු 63- කාණ්ඩයට අයත් 1999 වසරේ ධාවනයට එක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර 2014 වසරේ දී ධාවනයට එක් කර තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. ධාවනය සීමාකර තිබුණු රථ මෙලෙස ඵලදායිව අළුත්වැඩියා කර ධාවනයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on November 16, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

Wednesday, July 16, 2014

Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus (HG 47 / NA-3377) in the depot premises. Original Bharat built body destroyed due to a fire on board in 2012. Re-bodied by SLTB provincial workshop Bandarawela. Body taken from a Gampola depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4006). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම බස් රථය 2012 වසරේ කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී හපුතලේ ප්‍රදේශයේ දී බසය තුල ගින්නක් හට ගැනීම නිසා මෙහි මුල් භාරත් (Bharat coach) වර්ගයට අයත් බඳ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. පසුව බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී වෙනත් බඳක් බද්ධ කර ඇති අතර එය සපයාගෙන ඇත්තේ ගම්පොල ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කරන ලද ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත 63-4006 දරණ බස් රථයෙනි.
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before the repair. Photo by: Maduranga Sadarasinghe) -- ගින්නෙන් හානි වූ බස් රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ භූමියේ දී. ඡායාරූපය: මදුරංග සදරසිංහ
This photo was taken on December 2012 in Bandarawela, Uva, LK.
Click for the full size picture.

Saturday, July 12, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Maho depot

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Viking Re-bodied bus (MHO 38 / 62-8372) at Maho. Allocated for the services between Galtanwewa and Maho on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ(ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. 1998 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව, ධාවනයෙන් ඉවත් වූ බස් රථයකින් සපයා ගන්නා ලද ලංගම මගින් එකලස් කල බඳක් බද්ධ කර නැවත ධාවනයට සපයා තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්ටැංවැව හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 15, 2012 in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, May 5, 2014

Rebodied Lanka Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Moratuwa , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Lanka Ashok Leyland Viking modified bus (MR 42 / 62-2012) at Moratuwa. Allocated on a local route between Modara and Moratuwa under the route number 142. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මොරටුව ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මොරටුව බස් නැවතුම අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කරන ලද්දකි. එහෙත් පසුකීලීනව මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස වෙනත් බස් රථයකින් සපයා ගත් ලංගම මගින් එකලස් කළ බඳක් බද්ධ කොට ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 142 යටතේ මෝදර හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 07, 2012  in Moratuwa , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, April 28, 2014

Latec re-bodied TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec re-bodied TATA LP 1210/52 bus (23ශ්‍රී9710) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයකි. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳක් සහිතව ධාවනයට එක්වී ඇති මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව, පුද්ගලීකරණය කරන ලද කැප්පෙටිපොල වැඩපොල වෙත යවා නව ලටෙක් කෙස්කෝ බඳක් බද්ධ කර ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා එම බඳෙහි මුල් පෙනුමද බොහෝ සෙයින් වෙනස් වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිත විය.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, March 11, 2014

Ashok Leyland Commet Minor modified bus from Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Ashok Leyland Comet Minor modified bus (KGS 155 / GE-0503) in the depot premises. Rehabilitated and modified by the depot in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව සතු  අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වූ, කන්තලේ ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කිරීමට සූදානමින් තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. භාවිතයට නොගෙන ඉවත් කොට තිබූ ජනතා දේපොළ මෙලෙස ඵලදායිව ජනතා සේවයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on October 06, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

Saturday, February 22, 2014

Re-bodied Ahsok Leyand Viking bus from SLTB Matara depot

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot re-bodied Ahsok Leyand Viking bus (MT 63 / 63-2596) in the depot yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ එකලස් කොට 1999 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ.

This photo was taken on November 07, 2013 in Matara , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 24, 2014

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Latec re-bodied Ashok Leyland Viking bus (AP 32 / 29 ශ්‍රී 9247) at the Anuradhapura bus stand. Awiting to leave for Puwarsankum on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයක් වූ මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් නව බඳක් එකලස් කර නැවත ධාවනයට එක් කර ඇත. මෑත කාළීනව සිදු වූ අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර සිට පුවර්සන්කුලම බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, January 8, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, re-bodied Ashok Leyland Viking bus (MT 38 / 61-1605) at the Marata bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිලදී ගෙන ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීන අලුත්වැඩියාවකදී එහි මුල් බඳ ඉවත් කර මෙම ලංගම මාදිලියේ බඳ බද්ධ කර ඇති බව නිරීක්ෂණය වේ.

මෙම බස් රථය 2012 ජුලි මස, මාතර බස් නැවතුමේ දී.
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, December 13, 2013

Latec Re-bodied TATA LP 1510/36 bus from SLTB Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Latec Re-bodied TATA LP 1510/36 bus (NW 63 / GE-1358) at Nawalapitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) නාවලපිටිය ඩිපෝවට අයත්  LP 1510/36 බස් රථයක් නාවලපිටිය බස් නැවතුම්පොළේ දී. මුලින් TATA 1510 රුබී (Ruby) බඳක් සහිතව පැමිණි මෙම බස් රථය අනතුරකට ලක්ව පෙරලී යාම නිසා, (එවකට ලටෙක් සමාගම සතු) කහගොල්ල වැඩපොළ වෙත යවා ඇති අතර වැඩපොළේ දී මුල් බඳ ඉවත් කර අලුතින්ම ලටෙක් බඳක් සවිකර මෙලෙස නැවත ධාවනයට එකතු කර තිබේ.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 15, 2013

Lakdiwa re-bodied TATA LP 1210/42 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Lakdiwa re-bodied TATA LP 1210/42 bus (KL 36 / 30ශ්‍රී9557) in the depot premises. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා  LP 1210/42 වර්ගයේ බස් රථයකි. ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ පුනරුත්ථාපනය කර ඇති මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ එක් බස් රථයකින් ලබාගත් තට්ටුවකට වෙනත් බස් රථයකින් ලබාගත් බඳක් බද්ධ කර තිබීමයි. අලුත්වැඩියාව පිණිස වැඩපොළට යවා ඇති බස් රථයේ මුල් තට්ටුව අබලන්ව කැඩී යාම නිසා කෑගල්ල ඩිපොවේම ධාවනයෙන් ඉවත් කර තිබුණු 30ශ්‍රී9557 බස් රථයේ තට්ටුව ඒ වෙනුවට යොදවා අලුත්වැඩියාව සිදු කර ඇත.

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 30, 2013

Latec Kesco re-bodied Ashok Leyland Viking bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Latec Kesco re-bodied Ashok Leyland viking bus (60-5744) at Galle. Playing on the route no 530 from Galle to Baddegama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ගාල්ලේ දී. මෙහි මුල් බඳ ශ්‍රීලංගම වේරහැර වැඩපොළේ එකලස් කරන ලද්දක් වන අතර පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් එය විනාශ වී ඇත. පසුව ලටෙක් සමාගම වෙත පවරා තිබුණු කැප්පෙටිපොළ, කහගොල්ල වැඩපොළ වෙත යවා ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙම බඳ එම චැසිය මත එකලස් කර ඇත. රථය මාර්ග අංක 530 යටතේ ගාල්ල හා බද්දේගම අතර ධාවනයට යොදවා තිබුණි. පසු කාලීන අලුත්වැඩියාවක දී මුල් පෙනුම මඳක් වෙනස් කර ඇති බවද නිරීක්ෂණය වේ.