Tuesday, April 16, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 02) - වාර ප්‍රවේශපත්‍ර -- SLTB Tickets (Part 02)

ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවේශ පත්‍ර පිලිබඳ පල වන ලිපි පෙලේ දෙවන ලිපිය, ලංගම වාර ප්‍රවේශ පත්‍ර පිලිබඳව පල කරීමට තීරනය කළෙමු. ශ්‍රී ලංගම විසින් ප්‍රධාන ආකාර 4 ක වාර ප්‍රවේශ පත්‍ර මගීන් වෙත නිකුත් කරයි.
1) ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රය - අය කිරීම මුළු ගාස්තුවෙන් 10% ක්
2) විශ්ව විද්‍යාල / කාර්මික විද්‍යාල ශිෂ්‍ය - අය කිරීම මුළු ගාස්තුවෙන් 30% ක්
3) වැඩිහිටි (දින 5 ක් සේවය කරන) - අය කිරීම මුළු ගාස්තුවෙන් 65% ක්
4) වැඩිහිටි (දින 6 ක් සේවය කරන) - අය කිරීම මුළු ගාස්තුවෙන් 65% ක්

මේ අතරින් ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රය සේවාව කැපී පෙනේ. රටේ ජාතක ප්‍රවාහන සේවය ලෙස දැයේ අනාගතය වන දරු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංගම ක්‍රියාත්මක කරන මහඟු සේවාවකි පාසල් වාර ප්‍රවේශපත්‍ර සේවාව. මුළු වටිනාකමින් 10% (ආසන්න වශයෙන්) ක මුදලක් පමණක් සිසු දරුවන්ගෙන් අය කර ඉතිරි වියදම ශ්‍රී ලංගම විසින් දරා ගනිමින් ශ්‍රී ලංගමය ලබා දෙන මෙම සේවාව, පාසල් අධ්‍යාපනය ලබන දරුවනට මහත් අස්වැසිල්ලකි. අදටත් බොහෝ දෙනෙකු හදවතින්ම ශ්‍රී ලංගමයට ආදරය කරන්නේ තමුන් අධ්‍යාපනය ලබන අවදියේ ශ්‍රී ලංගම වසින් ලබාදුන් මේ මහඟු දායකත්වය නිසාමය.

1979 වසරේ භාවිත වූ ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රයක් (ඡායාරූපය උපුටා ගත්තේ: facebook.com/OldeCeylon පිටුවෙනි)


2006 වසරේ නිකුත්කරන ලද ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍රයක්

2013 වසරේ නිකුත් කල නව වාර ප්‍රවේශ පත්‍රයක්

16 comments:

  1. ඇත්තටම ලංගමයේ සිසන් එකේ පිහිටෙන් ඉගෙන ගත්ත අයෙක් මම. ඔබ හරියටම හරි . සිසන් අරන් ලංගමේන් පාසල් ගිය අය තාමත් ලංගමට ආදරෙයි. අද කාලේ පාසල් වැන් වල යන අය අත් නොදකින සොදුරු බවක් එදා අපිට තිබුනා. උදේටපාසල් බස් එකට නැංගම ඒක අපේ රාජධානිය හවසත් එහෙමයි. අපි මේ බස් එක රැකගත්තේ අපේම දෙයක් වගේ. තව දෙයක් මම අවුරුදු 08 විතර සිසන් එකෙන් තමයි ඉස්කොලේ ගියේ. තාමත් ඉස්කුල් බස් එකේ වැඩ කරපු රියදුරෝ කොන්දොස්තරලා අපිට මාමලා නැත්නම් අයියලා . හරියට අපේම පවුලේ අය වගේ. උදේ 6 ට ගමෙන් පිටත් වෙන බස් එකේ රියදුරු තැන බස් එක ස්ටාට් කරන්න ඉස්සෙල්ලා අපි හැමෝම ඇවිත්ද කියලා බලනවා. නැත්නම් තව විනාඩි 05 ක් 10 විතර බලන් ඉදලා තමයි යන්නේ. කවුරු හරි කෙනෙක් පරක්කු වෙනවා යමු කිවිවොත් හොද දෙකක් අහගන්න පුලුවන්. කවුරු හරි ළමයෙක් දුවගෙන අවොත් මේ රියදුරු තැන කියන දෙයක් තමයි මිට පස්සේ උදේම දුවන් එන්න එපා හෙමින්එන්න. මම ඔයාලා එනකන් ඉන්නවානේ කියන එක. මේ මිනිස්සු ලංගමට ණයත් නැ රටට ණයත් නැ. අද ඔවුන් අපේ සැබැ විරයෝ. බණ්වාරවෙල ඩිපොවේ 4700 බස් එක කියන්නේ හරියට ගෙදර වගේ. ඉස්සර මේක දිව්වේ බොරලන්ද බණ්ඩාරවෙල. දැන් මම ඉස්කොලෙන් අයින් වෙලා අවුරුදු 15යි. ලගදි බණ්ඩාරවෙල ගියාම මේක හපුතලේ යන්න සුදානම. කාලෙකින් දැකපු නෑයා අමතක කරන්න බැරි නිසා මොටර් බයිසිකල් එක යාලුවෙකුට අරන් යන්න කියලා මම 4700 නැගලා හපුතල් ගිහින් ආපසු එකේම අවා. ගතකරපු පැය ගාන ගැන අදටත් දුකක් නැ . ඇත්තේ සතුටක්.
    ඇත්තටම නිදහස් අධ්‍යාපනය අර්ථවත් කල අයෝමය හස්තය ලංගම සිසන් එක.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි ලංගම අගය දන්නා අය ලංගම බස් අඩවිය සමඟ සිටින එක ගැන ගොඩක් සතුටුයි. අපේ පල වුන අදහස් වලදී බොහෝ දෙනෙක් ලංගම තමුන්ට ඉගෙන ගන්න උපකාර කරපු හැටි කියල තිබුන. මේ විශේෂ ලිපි පලවෙන්න හේතු උනෙත් ඒකම තමයි.. :)

      Delete
  2. මටත් ඇත්තටම පොඩි කාලෙ ඉදන්ම Season එකේ පාසල් ගිය කෙනෙක් හැටියට ලන්ගම ගැන ගොඩක් ආඩම්බරයි. ඔබගේ Blog සටහනත් සුපිරියි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුව දැක්කේ අද! දැන් අඩවියේ ලිපි 600 විතර තියෙන නිසා මගහැරිලා වෙන්න ඕනේ! ස්තූතියි ඔබට!! :)

      Delete
  3. මට ඉතාම සතුටුයි උත්පල ඔබ මේ ගන්න උත්සාහය ගැන. ඒ වගේම කමෙන්ට්ස් දාන අයත් ඉතාම උනන්දුවක් දක්වන බව පේනවා. මගේ පියා වැඩ කලෙත් ලංගම ප්‍රධාන කාර්යාලයේ. පෙන්සන් ගියේ 1987 වගේ. 70-80 වගේ කාල වල ලංගම බස් වල අතීතය ඉතාම සුන්දරයි. උදේ පාන්දර පාසල් යාමේ පටන් නැවත ගෙදර ඒම...සුන්දර අතීතයක් පසක් කරනවා. මට මතකයි කතරගම යන්න අපිට පාස් හම්බවුනා. ඔබ පළකර තිබෙන ටිකට්, පාස්, ටිකට් යන්ත්‍ර ඒ අතීතයට අපිව අරගෙන යනවා. ඒ කාලයේ හිටපු රියදුරු කොන්දොස්තර මහත්වරුත් හරිම හොඳයි. අපි පාසල් ගියෙත් සීසන් ටිකට් අරගෙන. ලංගමට අපි ණයගැතියි. ලංගම සදා දිනේවා! උත්පල ඔබ කරන්නේ ඉතා මහගු සේවයක්

    ReplyDelete
  4. සුන්දර වැඩක්. ඔබට ජය!

    ReplyDelete
  5. වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට පියවර මොනාද කියන්න පුලුවන්ද

    ReplyDelete
  6. අපෝ දැන් නම් ලංගම ⁣සේවක මහත්වරු ඇත්තම මහත්වරු නෙවෙයි. වාර ප්‍රවේශ පත්‍ර වලට අකමැත්තෙන් දරුවන්ව බස් වලට නංවගන්නෙ නැති තත්වයක් අද තියෙන්නේ.. පාසල් ලගින් නවත්වන්නැතුව අද්දලා යන ලංගම බස් තමයි වැඩිම. දරුවො වාර ප්‍රවේශ පත්‍ර වලට මුලින් ගෙවීම් කරලා වැඩි දවස් ගනනක් ිිිිටිකට් අරගෙන පෞද්ගලික බස්රථ වලයි එන්න සිද්දවෙලා තියෙන්නෙ.. පිරිමි දරුවන්ට මේ ප්‍රශ්නය වැඩියි. සීසන් නිසා කොන්දොස්තර මහත්වරු පවා දරුවන්ට හොදින් සලකන්නේ නැහැ පරුෂ වචන කියනව නිතරම , නිකරුණේ.. දරුවො පාරවල් අයිනේ හිටගෙන දුක් විඳිනවා ලංගම නතර කරන්නෙ නැති නිසා. සත්‍ය සිද්ධි මේ. අප⁣ට මේවා වාර්තා කරන්න තැනක්නැති එක තමයි ප්‍රශ්නේ්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත....මමත් ගොඩක් කලකිරිල ඉන්නෙ....මගෙ දුව අද දවසම නුවර පැනි දෙනියෙ බස් ගහන තැන සීසන් කවුන්ටරේ රස්තියාදු වෙලා ආපහු ආවා.....

      Delete
  7. හැබැයි සීසන් ගන්න දරුවන්ව ඉතාමත් අසරණ කරන බස් මහත්තුරු ඉන්නවා.....ඒ වගෙම නුවර සීසන් මහත්තුරු දරුවන්ව ගොඩක් රස්තියාදු කරනවා....අද මාර්තු 28 මගෙ දුව උදේ 11 ට සීසන් ගන්න ගියෙ නුවර පැනිදෙනිය බස් ගහන තැන සීසන් දෙන තැනට.....12 ට එන්න කිව්වා...ගියා 1 ට එන්න කිව්වා..ගියා.....2 ට එන්න කිව්වා ....පැය ගානක් පාරෙ...හරි වෙලාවක් කියනෙත් නෑ...අනික් ඩිපෝවෙන් දෙන්නෙත් නෑ....ඇයි මේ කෙනෙහිලි කම්...පොඩි පැටවුන්ට...

    ReplyDelete
    Replies
    1. ඔව් නුවර නම් අන්තිමයි පුදුම විදිහට ලමයි රස්තියාදු කරන්නේ මාරම අකාර්යක්ෂම තාවයක් තියෙන්නේ එයාල බස්වල අයිතිකාරයෝ වගේ කවුන්ටර් එකේ හැසිරෙන්නේ

      Delete
  8. අපිට ටෙක් සීසන් දෙන්නෙත් නෑ

    ReplyDelete
  9. දවස් 30 ම වැඩිහිටි එක ගන්න බැරිද

    ReplyDelete
  10. මට අසාධාරණයක් උනා සීසන් එකට

    ReplyDelete
  11. දැන් සීසන් එක සෙනසුරාදයි ඉරිදයි කපන්නේ නැහැ... ඒ මදිවට.මාතලේ ඩිපෝවේ කොන්දොස්තර මාමා කෙනෙක් අද උදේ මට කිව්වා සුදු ඇදුමින් ක්ලාස් යන්නලු එතකොට මේ මාසේ සල්ලී දීලා සීසන් ගත්තේ උන් කියන විදිහට සුදු ඇදුමින් යන්නද යකෝ සුදු ඇදුමින් කවුද ක්ලාස් යන්නේ මට.මේ පොඩි වයසෙදිම ජීවිතේ එපා වෙලා🥺සල්ලී තියෙන.මිනිස්සුනට.නම් මේවා ගානක්වත්.නැහැ ඒත් අපි දුප්පත්... උදේ අර කොන්දොස්තර එහෙම කිව්වට පස්සේ මං ක්ලාස් එකේ හිටියෙත් හිතකින් නෙමෙ එනකොට මං බස් එකෙ එන ගමන් ඇඩුවා😭 ඒ තරමට එපා වෙලා මේ රටේ මිනිස්සු මහ නරක මිනිස්සූ එකෙක්ට එකෙක්.නෑ හරි පාලකයෙක් නැහැ😪 මං අනික මාතලේ ඉදන් නුවරට යන්න ඕනී ... එටාකොට.මේ මාසේ සීසන් එක ආයේ වැඩක්ම.නැහැ.නේ කාට කියන්නද.මේවා දැන්.මට බස් වියදම මාසෙට රුපියල් 6000ක් විතර යනවා තව මාස 8ක් වගේ.මං ක්ලාස් යන්න ඕනී.. දවස් 7ක් ක්ලාස් තියෙනවා....දවසට රුපියල් 260ගානේ දවස් 23 කට වගේ හදලා බලන්න.. මං කියන්නේ බොරුද කියලා අනේ ඇයි අපිට මෙහම කරන්නේ😭🥺 මට මැරෙන්න.හිතෙනවා එතකොට.මේ නරක කුරිරු මිනිස්සූ එක්ක ඉන්න ඕනී.නැහැ.නේ මගෙ තාත්තී ලොකු ජොබ් එකක් කරන් නැහැ මං මේ කතාව කිව්වට කිසි වැඩක් වෙන්නේ නැහැ කියලා මං හොදටම දන්නවා ඒත් හිතේ තියන දුකටමයී.මේ කියන්නේ 😭 අපි හෙන අසරන මිනිස්සූ.මේක සමහර අයට.නම් විහිලුවක් වගේ පේන්නේ ඒ .ඒ මිනිසුන්ගේ හිත් දියුණු නැති.නිසා __අන්තිමේට.මට ඉගෙනීමත්.නවත්තන වෙයී කරුණාකරලා අපිට පිහිට වෙන්න .. අපිත් මේ රටේ ජීවත් වෙන්න ඕනී ඔයාලා.කරන වැඩ.නිසා අපි අන්තෙටම අසරණ වෙලා අපිට.මෙහ ම.කරන්න එපා මගේ.😭

    ReplyDelete