Showing posts with label BG. Show all posts
Showing posts with label BG. Show all posts

Thursday, February 25, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Balangoda depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (BG 147 / ND-9771) at Kadugannawa. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. Playing to Balangoda from Kandy under the route number 69. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69 යටතේ මහනුවර සිට බලන්ගොඩ බලා ධාවනය වෙමින් පැවතිණි.



Tuesday, January 5, 2021

Ruby bodied TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 909/36 bus (BG 52 / 62-9884) at the Galle face green. Body built by Ruby coach builders in India and acquired to the fleet in 1998. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින ධාවනයට එක් කර තිබේ.

Monday, April 13, 2020

Azad bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Balangoda depot

This photo was taken on October 21, 2019 in Balangoda, Sabaragamuwa, LK, using a Xiaomi Redmi 5.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Azad bodied Ashok Leyland Comet Minor modified bus (BG 136 / GE-0501) in the depot premises. Rehabilitated and modified by the depot in October 2019. Photo by Uvindu Apzara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව සතු අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වූ, කල්මුණේ ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. බලන්ගොඩ ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර 2019 ඔක්තෝබර් මස, මෙලෙස ධාවනයට එක් කිරීමට සූදානමින් තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. රථය මාර්ග අංක 114 යටතේ උඩවෙල අකරැල්ල හරහා පරගහමඩිත්ත අතර ධාවනයට නියමිතවී ඇත. ඡායාරූපය: උවිඳු අප්සර.

The bus, at the Kalmunai depot yard before the repair -- මෙම බස් රථය, අලුත්වැඩියාවට පෙර  කල්මුණේ ඩිපෝ පරිශ්‍රයේ දී.

Saturday, July 27, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Balangoda depot

This photo was taken on July 25, 2019 in Polgahawela, North Western, LK, using a Samsung SM-A505F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (NC-2127) on the Polgahawela flyover bridge. Allocated for the services between Balangoda and Kurunegala under the route number 69/3. Photo by Shehan Jayarathna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් පොල්ගහවෙල ගුවන් පාළම මත දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69/3 යටතේ බලන්ගොඩ  හා කුරුණෑගල අතර ධාවනයට යොදවා ඇත. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ෂෙහාන් ජයරත්න.

Thursday, November 30, 2017

Ruby bodied TATA LP 1510/42 modified bus from SLTB Balangoda depot

This photo was taken on November 27, 2017 in Ratnapura, Sabaragamuwa, LK, using a Samsung Galaxy J7 Nxt.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1510/42 modified bus (BG 68 / NA-4914) at the Ratnapura bus stand. (Photo by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇති බස් රථය පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී 2017 වසරේ දී බලන්ගොඩ ඩිපෝව මගින් පවරා ගනිමින් රථයේ පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාව සිදු කර ඇත්තේ රථයට ටාටා 1512 බස් රථයක පෙනුමක් ලැබෙන පරිදිය. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, October 17, 2017

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco bodied TATA LPO 1313/55, modified bus (62-7450) at Balangoda bus stand. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the former president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බලන්ගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බලන්ගොඩ බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2013 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණත, පැති ජනේල, ඉදිරි දොරටුව ආදියට වෙනස්කම් සිදු කොට තිබේ. මෙහි මුල් බඳේහි ඉදිරියෙන්ම පැමිණි ඉදිරි දොරටුව ඉදිරි රෝදයෙන් පිටුපසට වන්නට නැවත සකසා තිබීම විශේෂය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පින්නවල පාර හරහා නෙල්ලිවල බලා ධාවනයට යොදවා තිබුණි.

Rear side of this bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කතරගම දී) 
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 6, 2017

SLTB bus stand - Balangoda

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Balangoda SLTB bus stand in April 2017. -- බලන්ගොඩ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති බලන්ගොඩ හා මහරගම ඩිපෝවන්ට අයත් බස් රථ. 2017 වසරේ අප්‍රේල් මස 06 වන දින.

Tuesday, May 9, 2017

SLTB Supply Division (Balangoda depot)

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot TATA 1210 Supply Division lorry (68-2622) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලංගොඩ ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක්ඩි ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි නැවත ලියාපදිංචියේ දී ලැබුණු අංකය 68-2622 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 D බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Sunday, April 23, 2017

Modified Ashok Leyland Comet Minior bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Lanka Ashok Leyland Comet Minor Modified bus (62-1376) from SLTB Balangoda depot.  This bus rehabilitated and modified by depot workers (2016 Oct) to remark the Chairman's visit to the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලංගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්වී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව ඇත. 2016 වසර අග භාගයේ දී බලංගොඩ ඩිපෝ සේවක පිරිස විසින් බස් රථයේ බඳ, එන්ජින්, ගියර් පෙට්ටිය හා උප කට්ටල ආදිය සියල්ල අලුත්වැඩියා කර, පෙට්ටිගල - බලංගොඩ මාර්ගයේ ධාවනයට එක් කර ඇත්තේ 2016 ඔක්තෝබර් 26 දින ලංගම සභාපතිතුමන් ඩිපෝව වෙත පැමිණීම සනිටුහන් කිරීමටයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, April 9, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 07 - අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ එන්ජින් කට්ටලය (Ashok Leyland Viking Turbo Engine)

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 එන්ජින් 500  ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පිහිටි ඩිපෝවන් වෙත බෙදා දීම සඳහා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ (H-Series) එන්ජින් කට්ටල 500ක් ගෙන්වීමට නියමිත අතර එහි මුල් අදියරේ එන්ජින් 95ක් මේ වන විටත් ඩිපෝවන් වෙත බෙදා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ බලංගොඩ ඩිපෝවට ලැබුණු එන්ජින් කට්ටලයක් මෙලෙස, ඩිපෝ  එන්ජින් අලුත්වැඩියා ඒකකයේ දී ඡායාරූපගත කර ගැනීමට ලැබුණි. මෙම එන්ජින් කට්ටලය දුර සේවා සඳහා යොදවා ඇති නව බස් රථයකට බද්ද කිරීමට නියමිත බවත් එම නව බස් රථයේ පෙර පැවති ටර්බෝ එන්ජින් කට්ටලය මේ වන විට NA-4099 බස් රථයට බද්ධ කර එම බස් රථය ධාවනයට සූදානම් කර ඇති බවත් ඩිපෝ ඉන්ජිනේරුතුමා පැවසීය.

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ටර්බෝ ජවයෙන් ධාවනයට සූදානම්ව සිටින NA-4099 ඩිපෝ ඉංජිනේරු අංශයේදී.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 22, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Balangoda depot

This photo was taken on December 26, 2016 in Pereliya, Southern, LK, using a Canon IXUS 160.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, 54 seater Ashok Leyland Viking Tubro bus (BG 111 / NB-9454) at Pereliya. Playing to Galle under the route No. 64/2 (Galle -Balangoda) (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පැරෑලියේ දී. රථය බලන්ගොඩ හා ගාල්ල අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: නවීන් දර්ශන)

Thursday, August 20, 2015

New Ashok Leyland Lynx double door bus from SLTB Balangoda depot

This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot New Ashok Leyland Lynx (double door) bus (BG 131 / NC-2977) at Balangoda bus stand. (Pic by: Janaka Nishantha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලංගොඩ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවා ඩිපෝවන් වෙත සපයා දී ඇත. (ඡායාරූප: ජනක නිශාන්ත)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.

Monday, February 16, 2015

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1210/32 SLTB edition bus (60ශ්‍රී3590) at the Balangoda bus stand. Built in India according to the SLTB specifications and acquired to the SLTB fleet in 1986. Allocated for the services on a local route between Polwattahena and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, බලන්ගොඩ බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පොල්වත්තහේන හා බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 16, 2015

Antony bodied TATA LP 1512/42 Turbo bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2014 in Kataragama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Antony bodied TATA LP 1512/42 turbo bus (BG 112 / NB-9939) at Kataragama. Body built by Antony Coach builders and acquired to the depot in December 2014 under a special leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1512/42 Turbo වර්ගයට අයත් බස් රථයක් කතරගම දී. රථයේ බඳ ඉන්දියාවේ Antony Garages Pvt. Ltd සමාගමේ නිෂ්පාදිතය. විශේෂ ධාවන අවශ්‍යතා මත 2014 වසරේ දෙසැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇත.

Friday, October 31, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec TATA LP 1510/52 bus (GD-7471) in the depot premises. Body built by Latec with Duple Metsec UK. Acquired to the fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර මධ්‍ය වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් කරන ලද බස් රථයකි.

Monday, April 28, 2014

Latec re-bodied TATA LP 1210/52 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec re-bodied TATA LP 1210/52 bus (23ශ්‍රී9710) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයකි. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳක් සහිතව ධාවනයට එක්වී ඇති මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව, පුද්ගලීකරණය කරන ලද කැප්පෙටිපොල වැඩපොල වෙත යවා නව ලටෙක් කෙස්කෝ බඳක් බද්ධ කර ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා එම බඳෙහි මුල් පෙනුමද බොහෝ සෙයින් වෙනස් වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිත විය.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 23, 2013

SLTB Breakdown Service - Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Mercedes benz LP 312/32 breakdown service vehicle (26ශ්‍රී2100) in the depot premises. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම මගින් බඳ සැකසූ බස් රථයක් රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Thursday, September 19, 2013

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Balangoda depot

This photo was taken on September 15, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Ashok Leyland Viking Turbo 42 seater SLTB edition bus (BG121 / NA-6990) at Anuradhapura. Allocated for a temporary service under the route No.57/69  between Anuradhapura and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් අනුරාධපුර දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථ ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයයි. ශ්‍රී ලංගම විසින් ලබාදුන් පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කර ඇති මෙම බස් රථ සතුව උස් ඇන්ද රහිත ආසන 42ක් ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය මාර්ග අංක 57/69 ඔස්සේ බලන්ගොඩ හා අනුරාධපුර අතර තාවකාලික ධාවන වාරයක් වෙනුවන් යොදවා ඇත.

This photo was taken on September 15, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Tuesday, September 17, 2013

Latec TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec TATA LP 909/36 bus (BG 68 / 62-3198) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් යොදාගෙන ලටෙක් සමාගම විසින්, පුද්ගලීකරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ එකලස් කර ඇති මෙම බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 15, 2013

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco TATA LPO 1313/55 modified bus (BG 85 / 62-5961) at Katharagama. Rehabilitated and modified by the Balangoda depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත්වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙන් බලන්ගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල්  පෙනුමට වෙනස්කම් සිදුවී ඇත.

මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝවේ බස් රථ සේදුම් අංගනයේ දී
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.