Showing posts with label KGS. Show all posts
Showing posts with label KGS. Show all posts

Saturday, July 6, 2024

Latec TATA LP 1510/52 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Latec TATA LP 1510/52 bus (KGS 92 / GD-8168) at the Kurunegala bus stand. Body built by Latec (Pvt) Ltd in collaboration with Duple Metsec (UK) Ltd. The bus acquired to the WBC Kurunegala South fleet in 2000. This photo was taken in July 2012 while it was playing to the depot at the end of its turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LPO 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. එක්සත් රාජධානිය පදනම් කරගත් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම  මගින් බඳ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිමවා ඩිපෝව බලා ගමන් කරමින් තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 4, 2022

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (KGS 103 / NA-1743) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. 2014 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගත් අතර  එවකට ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Wednesday, April 1, 2020

Hino U-HT2MLAAKAI city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot Hino U-HT2MLAAKAI bus (NA-0557) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2014. Recently transferred from the SLTB Kadawatha depot -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ U-HT2MLAAKAI වර්ගයේ බස් රථයකි. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම කඩවත ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2014 වසරේ මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝවට අනියුක්ත කර ඇත. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් එවකට සුමිත් හේරත් මහතා ප්‍රමුඛ කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් අලුත්වැඩියා කොට ධාවනයට සපයා තිබුණි. ඡායාරූපය ලබාගන්නා අවසථාවේ සුළු අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 24, 2016

SLTB Breakdown service - Kurunegala south depot

This photo was taken on July 14, 2016 in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot TATA 909 breakdown service vehicle (63-1853) in the Kurunegala North depot premises. Rehabilitated and modified by Kurunegala south depot under the former depot engineer Mr. Sumith Herath.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කුරුණෑගල උතුර ඩිපෝ පරිශ්‍රයේ දී. මාතර ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු ටාටා 909 රුබී  බඳ  සහිත බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පරිවර්ථනයේ දී රථයට ටාටා 1510 ඇක්සල පද්දතියක් බද්ධ කර ඇති  අතර වායු තිරිංග පද්දතියක්ද සහිතව යාවත්කාලීන කර ඇත. ශ්‍රී ලංගමයේත්  කුරුණෑගල දකුණ ඩිපෝවේත් අභිවෘද්ධිය වෙනුවෙන් නව නිපැයුම් රැසක් සිදුකල කුරුණෑගල දකුණ ඩිපෝවේ හිටපු ඉංජිනේරු සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ධාවනයට එක්වූ තවත් රථයකි. 

This photo was taken on July 14, 2016 in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Before the repair -- අලුත්වැඩියාවට පෙර 
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Panasonic DMC-LS6.
Click for the full size picture.

Thursday, July 30, 2015

Repowered Hino KC-HU2MLCA city bus from SLTB Kurunegala South depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala South depot Hino KC-HU2MLCA Bus (NA-0576) in the depot premises. This bus repowered with an Ashok Leyland engine and synchromesh (Greatwall) gear box. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ විශේෂත්වය වන්නේ මෙය අශෝක් ලේලන්ඩ් එන්ජිමක් සහ ග්‍රේට්වෝල් වර්ගයේ synchromesh ගියර් පෙට්ටියක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. 2014 වසරේ මාර්තු මස අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කල මෙම බස් රථය, කඩවත ඩිපෝවෙන් රැගෙන ආ බස් රථයකි. රථයේ ඩීසල් පරිභෝජනයද ලීටරයට කි. මි. 3.5 දක්වා අඩු කරගෙන තිබීමද විශේෂත්වයකි. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් කුරුනෑගල දකුණ  ඩිපෝ ඉංජිනේරු අංශය මගින්  වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට ධාවනයට සපයා ඇත. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංගම ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පායි. මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඉංජිනේරු අංශයේ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

New engine of the bus -- රථයට බද්ධ කල අශෝක් ලේලන්ඩ් වර්ගයේ එන්ජිම (ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින් තිබියෙදී)
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, May 15, 2015

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Lanka Ashok Leyland Comet Minor (62-5549) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the WBC fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1997 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් කළ බස් රථයකි.

Friday, March 6, 2015

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Ruby bodied TATA LP 909/36 bus (63-2088) at the Kurunegala bus stand. Body built by Ruby coach builders in India and acquired to the WBC fleet in 1999. Allocated for the services between Galagedara and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගලගෙදර හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 9, 2014

SLTB modified Ashok Leyland Viking 193 bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Ashok Leyland Viking 193 bus (KGS 83 / 63-2742) in the depot premises. The bus acquired to the fleet in 1999. Rehabilitated and modified in 2014 by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක්... නම් නොවේ. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබුණු 63- කාණ්ඩයට අයත් 1999 වසරේ ධාවනයට එක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර 2014 වසරේ දී ධාවනයට එක් කර තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. ධාවනය සීමාකර තිබුණු රථ මෙලෙස ඵලදායිව අළුත්වැඩියා කර ධාවනයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on November 16, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

Friday, July 18, 2014

Re-powered ISUZU U-LV324K city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot, ISUZU U-LV324K bus (NA-1754) near the st' Anne's college Kurunegala. The bus re-powered with an ISUZU 6BD1 engine. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසල බස් නැවතුමේ දී. මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ මෙය ISUZU 6BD1 එන්ජිමක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. මෙය කැලණිය ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. (තවමත් පැරණි ඩිපෝ ඇණි අංකය බසය මත දැක ගත හැක). 2014 වසරේ මාර්තු මස ISUZU 6BD1 එන්ජිමක් (වෙස්කෝ ISUZU බස් රථ වල ඇති එන්ජිම) බද්ධ කල මෙම බස් රථය, මේ වන විට අති සාර්ථකව ධාවනයේ යෙදේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල සිට වදාකඩ බලා ධාවනයට සූදානමින් තිබුණි. රථයේ ඩීසල් පරිභෝජනයද යහපත් මට්ටමකට අඩු කරගෙන තිබීම විශේෂත්වයකි. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංගම ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පාන අතර මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඩිපෝ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

New MT111 engine of the bus -- රථයට බද්ධ කල MT111 වර්ගයේ එන්ජිම (ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින් තිබියෙදී)
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 11, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Latec TATA LP 1210/52 bus (61-8762) near the Kurunegala railway station. Body built by Latec (pvt) Ltd with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසල දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාවතගම හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, March 11, 2014

Ashok Leyland Commet Minor modified bus from Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Ashok Leyland Comet Minor modified bus (KGS 155 / GE-0503) in the depot premises. Rehabilitated and modified by the depot in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව සතු  අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වූ, කන්තලේ ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කිරීමට සූදානමින් තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. භාවිතයට නොගෙන ඉවත් කොට තිබූ ජනතා දේපොළ මෙලෙස ඵලදායිව ජනතා සේවයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on October 06, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

Monday, March 3, 2014

Hino HT2MMAA luxury bus form SLTB Kurunegala south depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Hino HT2MMAA luxury bus (NA-1703) at Kataragama. Acquired to the SLTB in 2005 as a Tsunami aid from the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් 'Hino HT2MMAA වර්ගයේ බස් රථයක් කතරගම නගරයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාරයක් වශයෙන් මෙරටට ලැබී ඇත. තලංගම ඩිපෝව යටතේ ධාවනයන් සීමාකාර තිබියෙදී මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කොට තිබෙන්නේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර (2013) සැමරීම පිණිසයි. පුනරුත්ථාපනයේ දී රථයේ වායුසමන පද්දතියද අලුත්වැඩියා කොට තිබීම විශේෂත්වය කි. වර්තමානයේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
කටුනායක බලා ධාවනය වීමට සූදානම් ව පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක
This photo was taken on February 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක
This photo was taken on February 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.

Wednesday, August 28, 2013

Hino KC-HU2MLCA bus form SLTB Kurunegala south depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Hino KC-HU2MLCA bus (KGS 105 / NA-1820) at Kurunegala town. Acquired  to the SLTB feet in 2004  as a Tsunami aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයක් කුරුණෑගල නගරයේ දී. කලක් ජපානයේ භාවිතා කර, 2005 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කෙටිදුර මාර්ග අංක 571 යටතේ ධාවනයට යොදවා තිබුණි.

Friday, August 2, 2013

Re-powered Hino KC-HU2MLCA bus from SLTB Kurunegala south depot

This photo was taken on August 01, 2013  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot, re-powered Hino KC-HU2MLCA bus (NA-1819) at Kurunegala. The bus re-powered with an Ashok Leyland engine. Reapir work done by the Kurunegala south depot engineering division. Playing on a local route to Galagedara.  --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙය අශෝක් ලේලන්ඩ් එන්ජිමක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. මෙහි තිබූ අර්ධ ස්වයංක්‍රීය ගියර් පද්ධතිය වෙනුවට ග්‍රේට්වෝල් බස් රථයකින් සපයා ගත් සාමාන්‍ය ගියර් පද්ධතියක් සවි කර ඇති අතර වානේ පටි යොදා ගනිමින් ගියරයේ චලනයන් පසුපස පිහිටි එන්ජින් කට්ටලය වෙත සම්ප්‍රේක්ෂණය කෙරෙන ආකාරය අපූරුය. 2013 වසරේ මාර්තු මස අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කල මෙම බස් රථය, එම මස අම්පාරේ පැවතී දැයට කිරුල ප්‍රදර්ශනය සඳහා සේවක පිරිස් ප්‍රවාහනය සඳහාද අති සාර්ථකව යොදාගෙන තිබේ. මේ දාක්වාම ඉතා සාර්ථකව ධාවනයේ යෙදේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුනෑගල සිට ගලගෙදර බලා ධාවනය වෙමින් තිබුණි. රථයේ ඩීසල් පරිභෝජනයද ලීටරයට කි. මි. 3.5 දක්වා අඩු කරගෙන තිබීමද විශේෂත්වයකි. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලං.ග.ම. ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පායි. මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඉංජිනේරු අංශයේ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

This photo was taken on August 01, 2013  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 12, 2013

TVS bodied Ashok leyland Viking Modified bus from SLTB Kurunegala south depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, TVS bodied Ashok Leyland Viking modified bus (KGS 143 / 62-6525) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද මෙය 62 - කාණ්ඩයට අයත් 1998 වසරේ ලියාපදිංචි බස් රථයකි. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ තිබී පසුව මීගමුව ඩිපෝව වෙත ලැබී ඇති මෙම බස් රථය, ධාවනයන් සීමාකොට තිබියෙදී මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝව විසින් රැගෙනවිත් සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකොට ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. නව බස් රථයක ඇති ස්වරූපය රථයට ලැබෙන පරිදි බඳ පුනරුත්ථාපනයකර ඇති ආකාරයෙන්, ඩිපෝ ඉංජිනේරු අංශය සතු හැකියාව මනාව පෙන්නුම්කොට තිබේ. කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු, සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදුකොට තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 2, 2013

ගැජමැටික්ස් - ලිපි අංක 01 - බස් රථයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පෙන්වන ආකෘතිය

This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුනෑගල දකුණ ඩිපෝවට අයත්, බස්රථයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වට පෙන්වන ආකෘතියකි. බස් රථයක් ධාවනය වන විට එහි එන්ජිම, ගියර් පද්දතිය ඇතුළු අනෙකුත් උපාංග ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මෙම අපූරු මෙවලම පරික්ෂා කරන්නෙකුට හැකියාව ලැබේ. මෙය විදුලි මෝටර මගින් චලනය වෙමින් ධාවනය වන අවස්ථාවේ උපාංග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මනාව පෙන්වයි. වාහනයක අභ්‍යන්තර ක්රියාකාරිතව පිලිබඳ හදාරන්නෙකුට ඉතා වටිනා මෙවලමක් ලෙස දැක්විය හැක.

රෝද සවිකර, කාර්මික සේවා රථයක් යොදාගෙන ඕනෑම තැනකට ඇදගෙන යා හැකි පරිදි මෙම උපකරණය නිර්මාණය කර තිබීම නිසා දිවයින පුරා ඇති කාර්මික ප්‍රදර්ශන වලට ගෙනයාමේ හැකියාව මෙම ආකෘතිය සතුය. ලංගම ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මනාව පිළිඹිබු කරන මෙම ආකෘතිය,  කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් ඉංජිනේරු අංශයේ සේවක පිරිස විසින් නිර්මාණය කර ඇත.




ආකෘතිය පිටුපසින් දිස් වන ආකාරය.
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ආකෘතියෙන් පිළිඹිබු වන එන්ජිමේ හරස්කඩ (චලනය වෙමින් ක්‍රියාකාරිත්වය පෙන්වයි)
This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

නරඹන්නන් හට ක්‍රියාකාරිත්වය පැහැදිලි කරදෙන කු. ද. ඩිපෝවේ ඉංජිනේරු අංශයේ මහත්වරුන්. (2013 දැයට කිරුල ප්‍රදර්ශයෙදී)
This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 21, 2012

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kurunegala south depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Ruby bodied TATA LP 1210/52 bus (KGS 22 / 61-3875) at the Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ ඩිපෝ ව්‍යවහාරයේ දී කාදර් ටාටා නමින් හඳුන්වයි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ගෝනගම හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.


This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 25, 2012

SLTB breakdown service - Kurunegala south depot

This photo was taken on September 18, 2012  in Lake Crescent, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී0876) in Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් TATA LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථය කොළඹ ලේක් චන්ද්‍රවංකයේ දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

This photo was taken on September 18, 2012  in Lake Crescent, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Interior of the Breakdown Service vehicle -- මෙම රථයේ ඇතුලත
This photo was taken on September 18, 2012  in Lake Crescent, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.