Showing posts with label Lakdiwa. Show all posts
Showing posts with label Lakdiwa. Show all posts

Sunday, December 12, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2021, in Technical Junction, Maradana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 67 / NA-4176) at the Technical Junction, Maradana. The bus was acquired to the SLTB fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently.This photo was taken on 12th December 2021 while it was allocated for the services between Kalutara and Colombo under route number 400 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මරදාන ටෙක්නිකල් හන්දියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද නිරීක්ෂණය වේ. 2021 වසරේ දෙසැම්බර් මස 12 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 400 යටතේ ය.

Thursday, November 18, 2021

Antony bodied TATA LP 1510/52 bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014, in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Antony bodied TATA LP 1510/52 bus (WN 17 / NA-4356) at Walapane bus stand. The bus acquired SLTB the fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently. This photo was taken in November 2014 while it was allocated for the services between Walapane and Nildandahinna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද  නිරීක්ෂණය වේ. 2014 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා නිල්දණ්ඩාහින්න අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 7, 2021

SLTB breakdown service - Maharagama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9910) at the Galle face green. An Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle and the conversion done by the Ekala Lakdiwa workshop. Allocated for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් ඒකල ලක්දිව වැඩපොළේ දී බඳ නිමවා කාර්මික සේවා රථය සකසා ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Sunday, January 3, 2021

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mullaitivu depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ashok Leyland Viking 210 Turbo bus (MV 26 / NC-1127) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2014. Rehabilitated by the Ekala Lakdiwa workshop and the Mullaitivu depot workers as the bus met with a big accident in July 2018. The bus will re-allocate for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ උපයා ගෙවීමේ පදනම මත 2014 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2018 වසරේ ජුලි මස පුතුකුඩිරිප්පු හා කොළඹ අතර ධාවනය වෙමින් තිබියෙදී විශාල අනතුරකට ලක්වී ඇති මෙම බස් රථයේ බඳ ඒකල ලක්දිව වැඩපොළ මගින් පුනරුත්ථාපනය කර ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.
This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
The accedent site (2018 July) -- 2018 වසරේ ජුලි මස අනතුරට ලක්වූ බස් රථය

Saturday, May 23, 2020

Ashok Leyland Commet Minor modified bus from SLTB Homagama depot

This photo was taken on July 04, 2019 in Homagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Comet Minor modified bus (HG 66 / GD-9922) at Homagama. The bus acquired to the fleet in 2000. Rehabilitated and modified by the Lakdiwa Engineering workshop. Allocated for a temporary service between Homagama and Maharagama under the route number 138. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හෝමාගම දී. 2000 වසරේ ධාවනයට එක් වී ඇති රථය ඒකල ලක්දිව වැඩපොළ මගින් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 138 යටතේ හෝමාගම හා මහරගම අතර තාවකාලික ධාවන වාරයකට යොදවා තිබුණි.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, November 9, 2019

Re-bodied Ashok Leyland Viking bus from SLTB Trincomalee depot

This photo was taken on April 25, 2013 in Trincomalee, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, re-bodied Ahsok Leyand Viking bus (TM 01 / 60-5603) in the depot premises. Re-bodied by the Ekala Lakdiwa engineering (pvt) Ltd. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ශ්‍රීලංගම මගින් බඳ එකලස් කොට 1988 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ, මුල් බඳ පසුකාලීනව අබලන් වීම නිසා, රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු බස් රථයකින් සපයාගත් බඳක් බද්ධ කර මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබේ. අදාළ අලුත්වැඩියාව 2010 වසරේ සිදුකර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි. කෙසේ වූවද 2014 වසරේ මෙම රථය ධාවනයෙන් ඉවත්කොට ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ උපුල් සේනාධීර මහතාට විශේෂ ස්තූතිය.

Friday, September 20, 2019

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Walapane depot

This photo was taken on November 19, 2014 in Watumulla, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot TVS bodied Ashok Leyland Viking modified bus (63-3402) in the depot premises. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය, 2014 වසරේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී සිදුකල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මුහුණත මුල් පෙනුම මඳක් වෙනස්ව මෙසේ දිස් විය.

Sunday, July 14, 2019

Antony bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Antony bodied TATA LP 1510/52 bus (NA-3089) at the Multi-Model Transport Hub, Makumbura. Re-bodied by the Lakdiwa Engineering (Pvt) Ltd. in 2019. Allocated for the services between Kottawa (Makumbura) and Malabe under the route number 336. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. 2006 වසරේ ධාවනයට එක් වී ඇති රථය 2019 වසරේ ඒකල පිහිට්ටි ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගම මගින් පූර්ණ බඳ අළුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 336 යටතේ කොට්ටාව (මාකුඹුර) හා මාලබේ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, May 7, 2019

Lanka Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on September 02, 2012 in Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Lanka Ashok Leyland Viking bus (TL 114 / 62-2379) playing on the route number 177 from Kaduwela to kollupitiya near the Kollupitiya junction. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වන අවස්ථාවක කොල්ලුපිටිය මංසන්ධිය අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. 2012 වසරේ ඒකළ ලක්දිව ඉංජිනේරු සමාගම මගින් සිදු කල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර ඇත. 2017 වසර දක්වා ධාවනයේ පැවති මෙම රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත.

Saturday, October 20, 2018

SLTB breakdown service - CBS depot

This photo was taken on October 20, 2018 in Bambalapitiya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-9174) at Bambalapitiya junction. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.ක. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක්,  ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Friday, January 5, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kegalle depot

This photo was taken on September 03, 2017 in Polgahawela, North Western, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 909/36 bus (KL 31 / 63-1112) at the Polgahawela bus stand. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd, Ekala.  Pic by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. මෙම බස් රථයේ බඳ, ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

Friday, January 27, 2017

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot Ashok Leyland Viking Colombo Rider bus (GA-6202) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දඹුල්ල ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. 2016 වසරේ අග භාගයේ දී මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යෙදවීමට නියමිතව ඇත.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, October 15, 2016

Lakdiwa Workshop rebodied Ashok Leyland Viking HinoPower bus from SLTB Horowpothana depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot Ashok Leyland HinoPower bus (NA-4217) at the Anuradhapura bus Stand. This bus rebodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned / SLTB Central workshop Ekala, Ja-ela). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hino Power වර්ගයේ බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක / ශ්‍රී ලංගම මධ්‍යම වැඩපොළ, ඒකල, ජා-ඇල) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත. රථය මාර්ග අංක 835/1 යටතේ අනුරාධපුර හා හොරොව්පොතාන අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, September 22, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Angoda depot

This photo was taken on September 14, 2016 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Colombo Rider Ashok Leyland bus (AG 41 / GB-5492) at Bambalapitiya. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු බම්බලපිටියේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. 2013 වසරේ අංගොඩ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අළුත්වැඩියා කෙරුනේ මෙම බස් රථයයි

Thursday, May 12, 2016

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Colombo Rider Ashok Leyland bus (HG 18 / GB-4447) in the depot premises. This bus re-bodied by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෙම බස් රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ (body) අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත.

Saturday, March 5, 2016

Lanka Ashok Leyland Viking bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Lanka Ashok Leyland Viking bus (AL 05 / 62-2165) at Alutgama bus stand. Body bulit in Sri Lanka by Lanka Ashok Leyland Limited. This bus rehabilitated by Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned) . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් බස් රථයක් අළුත්ගම බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී (හෝමාගම වැඩපොළේ දී) එකලස් කර ඇත. පසුකාලීනව බඳ අබලන් වීම නිසා ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කර ඇත.

Sunday, December 20, 2015

Lakdiwa Re-bodied Ashok Leyland Viking (Colombo Rider) bus from SLTB Kalutara depot

This photo was taken on December 11, 2015 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyland Viking Re-bodied bus (KT 73 / 63-4290) at Kalutara bus stand. Re-bodied by Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලංගම මගින් බඳ එකලස් කල පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ ඔක්තෝබර් මස පානදුර බස් නැවතුමේ දී
This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, October 16, 2015

Lakdiwa Workshop Re-bodied Latec TATA 1510 bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Avussawella Depot Latec TATA 1510 Bus (AV 15 / 63-4374) in the depot premises. Body re-built by Ekala Lakdiwa Engineering Pvt Ltd (Government Owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ, ඉන්දියාවෙන් ගෙන්වූ ටාටා 1510 තට්ටුවක් මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කල ශ්‍රී ලංගම වේරහැර මධ්‍ය වැඩපොළේ දී මෙම බස් රථ වල බඳ එකලස් කොට තිබේ. මෙය මුල් කාලීනව මාර්ග අංක 23 යටතේ මස්කෙළිය හා කොළඹ අතර ධාවනය වී ඇත. 2009 වසරේ සිදුවූ අනතුරක් නිසා ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය පසුකාලීනව ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවක් සිදුකර 2013 වසරේ මෙලෙස නැවත ඩිපෝවට සපයා දී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, June 26, 2015

Lakdiwa Workshop re-bodied Ashok Leyland Viking 193 (Colombo Rider) bus from SLTB Moaratuwa depot

This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moaratuwa depot, Lakdiwa Workshop re-bodied Ashok Leyland Viking 193 bus (MR 38 / GB-5483) at Moratuwa. Previus Colombo Rider body removed and re-bodied by the Lakdiwa Engineering (Pvt) Ltd, Ekala (Government owned). Allocated for the services between Moarada and Moratuwa under the route number 142. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති අතර පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා වෙස්කො ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයකින් සපයා ගන්නා ලද බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට සපයා ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගිනි.

This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 24, 2015, in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.