Showing posts with label Y1965. Show all posts
Showing posts with label Y1965. Show all posts

Monday, June 15, 2020

Single-deck converted AEC Regent RT double-deck bus from SLCTB Ratmalana depot

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ratmalana depot, single-deck converted AEC Regent RT double-deck bus (23ශ්‍රී1350) at Piliyandala in March 1981. The bus Acquired to the CTB fleet in 1965 and converted to Single-deck in 1970's. Allocated for the services between Kottawa and Mount Lavinia under the route number 255. Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ, තනි තට්ටුවේ බසයක් ලෙස පරිවර්ථනය කරන ලද AEC Regent RT වර්ගයේ දෙමහල් බස් රථයක් 1981 මාර්තු මස පිළියන්දල දී. 1965 වසරේ ධාවනයට එක්වී ඇති රථය 1970 දශකයේ මැද භාගයේ මෙලෙස තනි තට්ටුවේ බසයක් ලෙස උඩුබද්දාව වැඩපොළේ දී පරිවර්ථනය කර ඇත. ඇතැම් ප්‍රදේශ වල දෙමහල් බස් රථ ධාවනය කරවීමේදී ඇති වූ යම් යම් ගැටළු සහගත තත්වයන් නිසා මෙලෙස දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කරවීමට ලංගම විසින් තීරණය කර තිබී ඇති අතර එම ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇත්තේ උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළයි. වැඩපොළ භූමියේ පූර්වයේ පැවති උඩුබද්දාව ඩිපෝව එම ස්ථානයෙන් ඉවත් කර එම බස් රථ වෙනත් ආසන්න ඩිපෝවන් වෙත අනියුක්ත කර එහි ප්‍රාදේශීය වැඩපොළ පිහිටුවා ඇත. මුල් කාලීනව එම වැඩපොළේ දී දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කෙරෙන ක්‍රියාවලිය සිදු කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: buses worldwide මගින් ප්‍රකාශිත "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි.

Saturday, March 23, 2019

AEC RFW coach from CTB Udubaddawa tourist depot

This photo was taken in 1965 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Udubaddawa tourist depot, AEC RFW (standing for Regal Four Wide) Coach (23ශ්‍රී1437) in Kandy. -- 1965 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) විශේෂ සංචාර සේවා ඇණිය සඳහා එංගලන්තයෙන් ආනයනය කර ඇති, උඩුබද්දාව විශේෂ සංචාර ඩිපෝවට අයත්ව තිබුණු AEC RFW වර්ගයේ බස් රථයක මහනුවරදී ලබාගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් එකල සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර මේවායේ බඳ බ්‍රිතාන්‍ය AEC සමාගම මගින් නිමවා ඇත. එම සමාගම මගින් මෙම වර්ගයේ බස් රථ 15 ක් නිපදවා ඇති අතර එයින් 13 ක් ලංගම විශේෂ සංචාර ඇණිය සඳහා මිලදී ගෙන ඇත. එම රථ 23-1431 සිට 23-1443 අතර ලියාපදිංචි අංක ලැබී ඇත. මෙම බස් රථ වල එන්ජිම බසයේ මැද පිහිටා ඇති අතර එන්ජිමට අවශ්‍ය වාතාස්‍රය ලබාගැනීමට ඉදිරි රෝදයට පිටුපසින් ඇති සිදුර භාවිතා කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Wednesday, June 3, 2015

Leyland RTW double-decker bus from CTB Ratmalana depot

This photo was taken in 1972 in Colombo, Western LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot, ex London transport Leyland RTW double-decker bus (23ශ්‍රී2093) in Colombo in 1972. Aquired to the CTB fleet in 1965. Playing to Moratuwa under the route number 100 on the Galle road. Photo by: Lloyd Rich. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ දෙමහල් බස් රථයක් 1972 වසරේ කොළඹ දී. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ධාවනයවී 1965 වසරේ ලංගම වෙත මිලදීගෙන ඇති රථය මාර්ග අංක 100 යටතේ මොරටුව හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. පසෙකින් ඇති මීතොටමුල්ල ඩිපෝවට අයත්ව තිබුණු Isuzu TX 50B වර්ගයේ 23ශ්‍රී6240 දරණ බස් රථය මාර්ග අංක 134 යටතේ ගල්කිස්ස දක්වා ධාවනය වූවකි. ඡායාරූපය: ලොයිඩ් රිච් මහතා

Saturday, October 5, 2013

SLTB breakdown service - Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Mercedes-Benz LP1113 Breakdown Service vehicle (28ශ්‍රී1231) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1965 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සැකසු මර්සිඩීස් බෙන්ස්  LP1113 වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 23, 2012

AEC RFW coach from CTB Specail Tours

This photo was taken in January 1972 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Special Tours, AEC RFW (standing for Regal Four Wide) Coach in Kandy. (Photo courtesy: andywsx on Flickr) -- 1960 දශකයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම / වත්මන් ශ්‍රී ලංගම) විශේෂ සංචාර සේවා ඇණිය සඳහා එංගලන්තයෙන් ආනයනය කර ඇති AEC RFW වර්ගයේ බස් රථයක මහනුවරදී ලබාගන්නා ලද පින්තූරයකි. මුල් කාලීනව මෙම රථ උඩුබද්දාව විශේෂ සංචාර ඩිපෝව යටතේ පවතී ඇති අතර එකල සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත. මේවායේ බඳ බ්‍රිතාන්‍ය  AEC සමාගම මගින් නිපදවා ඇත. එම සමාගම මගින් මෙම මාදිලියේ බස් රථ 15 ක් නිපදවා ඇති අතර එයින් 13 ක් ලංගම විශේෂ සංචාර ඇණිය සඳහා මිලදී ගෙන ඇත. මෙම ඡායාරූපය 1972 වසරේ දී ලබාගත්තක් බව උපුටාගත් අඩවියේ පළවී තිබුණි. මෙම බස් රථ වල එන්ජිම බසයේ මැද පිහිටා ඇති අතර එන්ජිමට අවශ්‍ය වාතාස්‍රය ලබාගැනීමට ඉදිරි රෝදයට පිටුපසින් ඇති සිදුර භාවිතා කර ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.