Showing posts with label BruceH. Show all posts
Showing posts with label BruceH. Show all posts

Monday, June 15, 2020

Single-deck converted AEC Regent RT double-deck bus from SLCTB Ratmalana depot

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ratmalana depot, single-deck converted AEC Regent RT double-deck bus (23ශ්‍රී1350) at Piliyandala in March 1981. The bus Acquired to the CTB fleet in 1965 and converted to Single-deck in 1970's. Allocated for the services between Kottawa and Mount Lavinia under the route number 255. Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ, තනි තට්ටුවේ බසයක් ලෙස පරිවර්ථනය කරන ලද AEC Regent RT වර්ගයේ දෙමහල් බස් රථයක් 1981 මාර්තු මස පිළියන්දල දී. 1965 වසරේ ධාවනයට එක්වී ඇති රථය 1970 දශකයේ මැද භාගයේ මෙලෙස තනි තට්ටුවේ බසයක් ලෙස උඩුබද්දාව වැඩපොළේ දී පරිවර්ථනය කර ඇත. ඇතැම් ප්‍රදේශ වල දෙමහල් බස් රථ ධාවනය කරවීමේදී ඇති වූ යම් යම් ගැටළු සහගත තත්වයන් නිසා මෙලෙස දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කරවීමට ලංගම විසින් තීරණය කර තිබී ඇති අතර එම ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇත්තේ උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළයි. වැඩපොළ භූමියේ පූර්වයේ පැවති උඩුබද්දාව ඩිපෝව එම ස්ථානයෙන් ඉවත් කර එම බස් රථ වෙනත් ආසන්න ඩිපෝවන් වෙත අනියුක්ත කර එහි ප්‍රාදේශීය වැඩපොළ පිහිටුවා ඇත. මුල් කාලීනව එම වැඩපොළේ දී දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කෙරෙන ක්‍රියාවලිය සිදු කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: buses worldwide මගින් ප්‍රකාශිත "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි.

Tuesday, January 31, 2017

Mercedes-Benz 3500 bus from SLCTB Werahara central workshop staff service

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Werahara Central Workshop, Mercedes-Benz 3500 staff service bus (IC-1733) near the Nawa Piliyandala depot premises in March 1981. Acquired to the Wijaya bus company (Negombo) in 1953. (Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide.) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) වේරහැර මධ්‍ය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස ධාවනය වූ මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ බස් රථයක් 1981 මාර්තු මස වැඩපොළ පරිශ්‍රය (නව පිළියන්දල ඩිපෝව) අසලදී. මෙම බස් රථය 1953 වසරේ ජුලි මස මීගමුවේ විජය බස් සමාගම හා ධාවනයට එක් වී ඇති අතර 1958 බස් ජනතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක්ව ඇත.  (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.)

Sunday, February 3, 2013

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (29ශ්‍රී4632) in Kandy. Aquired in 1981 in SLCTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photographer: Bruce Harris) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Bruce Harris)