Showing posts with label RT. Show all posts
Showing posts with label RT. Show all posts

Sunday, June 30, 2024

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Maharagama depot

This photo was taken in 1977 in Maharagama, Western, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTW double decker bus (23ශ්‍රී2696) on the Highlevel road in1977 . This photo was taken while it was running under the route number 138 between Maharagama and Townhall. Even though it has been 11 years since it was put into service under the CTB, the bus is unique in its original appearance and a high state of maintenance. Photo by: John Miller. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් 1977 වසරේ හයිලෙවල් මාර්ගයේ දී. රථය 1966 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව, Park Royal Vehicles Ltd මගින් බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. ලංගමට ලැබුණු RT වර්ගයේ දෙමහල් බස් රථ අතරින් මෙම රථය සුවිශේෂී වී ඇත්තේ මම රථය වසර ගණනක්ම එහි මුල් පෙනුමෙන් මෙන්ම මනා නඩත්තු තත්වයකින් පැවතීම නිසාය. ධාවනයට එක්වූ දින සිටම එකම සේවක මඩුල්ලක් යටතේ රථය පැවතීම එම සුවිශේෂී බවට හේතු වී ඇත. ධාවනයට එක්වී ඇති දින සිටම මාර්ග අංක 138 ආවරණය කර ඇති මෙම රථය මුල් අවධියේ බොරලැස්ගමුව - නුගේගොඩ බාලිකා පාසල් බස් රථය ලෙස සේවා සලසා ඇත. රථයේ අවසාන කාල සීමාවේ මාර්ග අංක 112 යටතේ ද ධාවනය වී ඇති බව සැලයි. කෙසේ නමුත් 1980 දශකයේ අග භාගයේ මේම බස් රථය ආන්දෝලනාත්මක ලෙස ධාවන තත්වයේ තිබියේදීම වෙන්දේසි කොට ඇති අතර රථය පිලිබඳ  එවකට පාර්ලිමේන්තුවේ පවා කථිකා වී ඇත. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. අවිධ්මත් ලෙස වෙන්දේසි නොකිරුණි නම්, අද වන විට ලංගම දෙමහල් බස් රථ වංශකතාවේ අපූරු නියෝජනයක් වීමට මෙම රථයට හැකියාව තිබෙන්නට ඇත. ඡායාරූපය: John Miller. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. තොරතුරු සැපයීම: ප්‍රේම් පෙරේරා මහතා

Friday, October 2, 2020

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Jaffna depot

This photo was taken in 1972 in Jaffna, Northern, LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Jaffna depot, (Ex London transport) Leyland RTL double decker bus (22ශ්‍රී2692) in Jaffna. This photo was taken in 1972 while it was running under the route number 764 between Jaffna and Palaly. Photo by: John Shearman. Courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් යාපනයේ දී. රථය 1959 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වත්මන් ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එක් බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 764 යටතේ යාපනය හා පළාලි අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: John Shearman. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Monday, June 15, 2020

Single-deck converted AEC Regent RT double-deck bus from SLCTB Ratmalana depot

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Ratmalana depot, single-deck converted AEC Regent RT double-deck bus (23ශ්‍රී1350) at Piliyandala in March 1981. The bus Acquired to the CTB fleet in 1965 and converted to Single-deck in 1970's. Allocated for the services between Kottawa and Mount Lavinia under the route number 255. Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ, තනි තට්ටුවේ බසයක් ලෙස පරිවර්ථනය කරන ලද AEC Regent RT වර්ගයේ දෙමහල් බස් රථයක් 1981 මාර්තු මස පිළියන්දල දී. 1965 වසරේ ධාවනයට එක්වී ඇති රථය 1970 දශකයේ මැද භාගයේ මෙලෙස තනි තට්ටුවේ බසයක් ලෙස උඩුබද්දාව වැඩපොළේ දී පරිවර්ථනය කර ඇත. ඇතැම් ප්‍රදේශ වල දෙමහල් බස් රථ ධාවනය කරවීමේදී ඇති වූ යම් යම් ගැටළු සහගත තත්වයන් නිසා මෙලෙස දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කරවීමට ලංගම විසින් තීරණය කර තිබී ඇති අතර එම ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇත්තේ උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළයි. වැඩපොළ භූමියේ පූර්වයේ පැවති උඩුබද්දාව ඩිපෝව එම ස්ථානයෙන් ඉවත් කර එම බස් රථ වෙනත් ආසන්න ඩිපෝවන් වෙත අනියුක්ත කර එහි ප්‍රාදේශීය වැඩපොළ පිහිටුවා ඇත. මුල් කාලීනව එම වැඩපොළේ දී දෙමහල් බස් රථ තනි මහල් බස් රථ ලෙස පරිවර්ථනය කෙරෙන ක්‍රියාවලිය සිදු කර ඇත. 1981 වසරේ ඡායාරූපය ලබා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව හා ගල්කිස්ස අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම: buses worldwide මගින් ප්‍රකාශිත "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි.

Thursday, April 11, 2019

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Meetotamulla depot

This photo was taken on 1973 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Meetotamulla depot, ex London Transport Leyland RTW double-decker bus (23ශ්‍රී3078) in Colombo Fort. Allocated for the services on the route no. 166 between Angoda and Fort. Photo by: Andy on flickr -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Leyland  RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම දෙමහල් බස් රථය, ලන්ඩනයේ ධාවනය වී පසුව ලංගම මගින් මිලදී ගත්තකි. 1973 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 166 යටතේ අංගොඩ හා කොළඹ කොටුව අතර ධාවනයට යොදවා තිබී ඇත. කෙසේ වූවද මේ වන මාර්ග අංක 166 යටතේ කිසිදු ශ්‍රී ලංගම බස් රථයක් ධාවනය නොවේ. ඡායාරූපය: Andy on flickr.

Monday, December 26, 2016

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ratmalana depot, ex London Transport Leyland  RTW double-decker bus (23ශ්‍රී2690) in Colombo. Playing on route no. 100 Panadura - Colombo (Express Service) . (Pic by: Lloyd Rich on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්මලාන ඩිපෝව මගින් මාර්ග අංක 100 න් කොළඹ සිට පානදුර බලා සීග්‍රගාමී සේවා යටතේ ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේදීය. (ඡායාරූපය: ලොයිඩ් රිච්)

Saturday, May 21, 2016

Leyland RTL double decker bus from CTB Ratmalana depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot (Ex London transport) Leyland RTL double decker buses (23ශ්‍රී3277) in Colombo. This photo was taken on 1973 while running under rout no 100 Moratuwa - Pettah. Photo courtesy: Wiltsguy on flickr. -- 1973 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රත්මලාන ඩිපෝවට අයත්ව තිබූ Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී මාර්ග අංක 100 යටතේ මොරටුව හා පිටකොටුව අතර ධාවනය වෙමින්. මෙම බස් රථ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මෙම බස් රථය 1968 වසරේ ලංගම ට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කර පසුව ශ්‍රී ලංකාවට මෙම බස් රථ ලබාදී ඇත. අවාසනාවට මෙන් ශ්‍රී ලංගම සතුව දැනට මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. අනාගත පරපුරට දැකගනීම් පිණිස සංරක්ෂණය කල යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. (ඡායාරූපය: Wiltsguy on flickr)

Wednesday, January 27, 2016

Ex London Transport Leyland RTL Double-decker bus from CTB Panadura depot

This photo was taken on February 02, 1974 in Colombo, Western, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Panadura depot, ex London Transport Leyland RTL double-decker bus (පාන 45 / 22ශ්‍රී3239) near the Dickman's road post office in Colombo. Playing on route no. 106 Panadura - Kotahena. (Pic by: Trevor Rowe / Photo courtesy: RTW 501 (Les) on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) පානදුර ඩිපෝව යටතේ මාර්ග අංක 106 න් පානදුර සිට කොටහේන බලා ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ ඩික්මන් පාරේ තැපැල් කාර්යාලය ඉදිරිපිට දී. 1960 දශකයේ මුල භාගයේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. මුලින් ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වී 1969 වසරේ පානදුර ඩිපෝවට අනියුක්ත වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1974 වසරේ පෙබරවාරි මස 2වන දිනය. (ඡායාරූපය: ට්‍රේවර් රෝව් මහතා / උපුටා ගැනීම flickr අඩවියෙන්)

Wednesday, August 12, 2015

SLTB Supply division (Ratmalana depot)

Ceylon Transport Board (CTB) Ratmalana depot, Leyland RTW supply division vehicle (23ශ්‍රී3124) at Mount Lavinia in 1970's. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං. ග. ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ සම්පාදක සේවා රථයක් 1970 දශකයේ  අග බාගයේ ගල්කිස්සේ දී. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ලේලන්ඩ් RT වර්ගයේ තට්ටු  දෙකේ බස්  රථයක් පරිවර්තය කිරීමෙන් සකසා ඇත.

Wednesday, June 3, 2015

Leyland RTW double-decker bus from CTB Ratmalana depot

This photo was taken in 1972 in Colombo, Western LK.
Click for the full-size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot, ex London transport Leyland RTW double-decker bus (23ශ්‍රී2093) in Colombo in 1972. Aquired to the CTB fleet in 1965. Playing to Moratuwa under the route number 100 on the Galle road. Photo by: Lloyd Rich. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ Leyland RTW වර්ගයේ දෙමහල් බස් රථයක් 1972 වසරේ කොළඹ දී. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ ධාවනයවී 1965 වසරේ ලංගම වෙත මිලදීගෙන ඇති රථය මාර්ග අංක 100 යටතේ මොරටුව හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. පසෙකින් ඇති මීතොටමුල්ල ඩිපෝවට අයත්ව තිබුණු Isuzu TX 50B වර්ගයේ 23ශ්‍රී6240 දරණ බස් රථය මාර්ග අංක 134 යටතේ ගල්කිස්ස දක්වා ධාවනය වූවකි. ඡායාරූපය: ලොයිඩ් රිච් මහතා

Sunday, July 27, 2014

Leyland RTL double decker bus from CTB Maharagama depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී3102) in Colombo. This photo was taken in 1973 while it was running under the route number 112 between Mharagama and Kaduwela. Photo courtesy: Wiltsguy on flickr. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී. මෙම බස් රථය 1968 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. ශ්‍රී ලංකාවට ලැබෙන විට මෙම රථ බොහොමයක් වසර 15 ක සේවා කාළය සම්පූර්ණ කොට තිබී ඇත. එනම් මෙම බස් රථ 1950 දශකයේ මුල භාගයේ ධාවනයට එක් වූ ඒවාය. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වර්තමාන ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 112 යටතේ මහරගම හා කඩුවෙල අතර ධාවනය වෙමින් තිබී ඇත. එවකට මාර්ග අංක 112 බස් සේවය මහරගම, ඩික්මන් පාර, කොල්ලුපිටිය, කොටුව, කොටහේන, වැල්ලම්පිටිය හරහා කඩුවෙල දක්වා ක්‍රියාත්මක වී ඇත. අනාගත පරපුරට දැකගනීම් පිණිස එක් බස් රථයක් හෝ සංරක්ෂණය විය යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. ඡායාරූපය: Wiltsguy on flickr

Tuesday, August 6, 2013

Ex London Transport AEC Regent RT Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1963 in Colombo, Western, LK.
Click on the image for full size
Ceylon Transport Board (CTB) Ratmalana depot, Ex London Transport AEC Regent RT double-decker bus (22ශ්‍රී1446) playing to Lunawa on the route number 101 in 1963. Photo credit goes to the original photographer. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු, AEC Regent වර්ගයේ දෙමහල් බස් රථයක් කොළඹ දී. සම්පූර්ණයෙන්ම එංගලන්තයේ නිෂ්පාදිත මෙම රථ 1958 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව ලැබී ඇත. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ සේවයෙන් පසුව මෙම රථ ලංගම වෙත මිලදී ගෙන ඇත. රථය මාර්ග අංක 101 යටතේ ලුනාව බලා ධාවනය වන අවස්ථාවකි. 1960 දශකයේ මුල් භාගයේ ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපයේ හිමිකම එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.