Showing posts with label bus_ad. Show all posts
Showing posts with label bus_ad. Show all posts

Sunday, September 13, 2026

MG Alma bodied Ashok Leyland Leera luxury bus from SLTB Aambalantota depot

This photo was taken on August 29, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota Depot MG Alma-bodied Ashok Leyland Leera luxury bus (NE-3617) is seen at the Makumbura Multimodal Center (MMC), moments before departing for Hambantota. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Hambantota via Agunukolapelessa. The bus was specially painted in a “Senkadagalapura” themed livery, featuring artwork inspired by the Sri Dalada Maligawa, traditional Kandyan elephants, and other cultural motifs associated with the heritage of Kandy. The photograph was taken on 29 August 2026 at the Makumbura Multimodal Center, shortly after the bus commenced its journey towards Hambantota. -- ශ්‍රී ලංකා ගමනානගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන MG Alma බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලීරා වර්ගයේ බස් රථයක් මාකුඹුර බහිවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් (පොදු) සමාගම මගින් තාවකාලික කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථය මාකුඹුර හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවා සඳහා යොදවා තිබුණි. ශ්‍රී දළදා මාලිගාව, සාම්ප්‍රදායික මහනුවර ඇත් රූප සහ මහනුවර උරුමය හා බැඳුණු වෙනත් සංස්කෘතික අංග ඇසුරෙන් නිර්මාණය කළ සිතුවමක් සහිතව, "සෙංකඩගලපුර" තේමාවට අනුකූලව මෙම බස් රථය විශේෂයෙන් වර්ණ ගන්වා තිබුණි. මෙම ඡායාරූපය 2026 අගෝස්තු මස 29 වන දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී, බස් රථය හම්බන්තොට බලා සිය ගමන ආරම්භ කර මද වේලාවකට පසු ලබා ගන්නා ලදී.

Thursday, May 29, 2025

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot


This photo was taken on June 29, 2017, in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 1510/52 bus (KP 43 / 63-4875) at the Kuliyapitiya bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2000. This photo was taken in June 2017 while it was allocated on a local route between Galpola and Kupiyapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කුලියාපිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්පොල හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. 

Sunday, October 20, 2024

Ashok Leyland Viking 222 Hino Power bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ashok Leyland Viking  222 Hinopower bus (NA-3877) at the Alawwa bus stand. Acquired to the depot in 2006. This photo was taken in August 2018 while it was allocated for the services between Metiyagane and Alawwa under route number 513/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් අලව්ව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2006 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 513/1 යටතේ අලව්ව හා  මැටියගනේ අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, May 29, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Lanka Ashok Leyland Viking 193 bus (TL 113 / 62-2378) at Kollupitiya. The bus acquired to the PTS fleet in 1995. This photo was taken in November 2012 while it was allocated for the services between Kirindiwela and Kollupitiya under route number 202/177  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ල්ලුපිටිය දුම්රියපොළ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 202/177 යටතේ කොල්ලුපිටිය හා කිරිඳිවැල අතර ධාවනයට සපයා තිබුණි.
This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, January 30, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Chilaw depot

This photo was taken on March 09, 2017, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot Lanka Ashok Leyland Viking 193 bus (CL 36 / 63-2791) in the depot premises. The bus acquired to the WBC fleet in 1999. This photo was taken in March 2017 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1999 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2017 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පිරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Sunday, October 2, 2022

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Lanka Ashok Leyland Viking bus (MN 45 / 62-5547) in the depot premises. The bus was acquired to the North Regional Transport Board (NRTB) fleet in 1997. This photo was taken in September 2017 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී බඳ නිමවා ඇති රථය 1997 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :-Viking 193
Coach Builder :- Lanka Ashok Leyland Ltd in Sri Lanka
Wheel Base :- 4902 mm
Steering type :- Normal
Seating Capacity :- 42
Year of Manufacturing :- 1997
SLTB type :- B
Status :- In service

Information as at 23.09.2017

Sunday, September 11, 2022

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Mattakkuliya depot

This photo was taken on December 24, 2016, in Mattakkuliya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Ruby bodied TATA LP 1510/52 bus (MK 20 / 63-3952) in the depot peremises. The bus acquired to Colombo Metro bus company the fleet in 2000. This photo was taken in December 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2016 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණු අතර අදාළ අවධියේ ඩිපෝව සතුව පොදු සේවා යටතේ තිබුණු පැරණිම බස් රථයයි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/52
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel Base :- 5195 mm
Steering type :- Normal
Seating Capacity :- 42
Year of Manufacturing :- 2000
No of Buses :- 500
SLTB type :- B
Status :- No sufficient data

Information as at 11.09.2022

Thursday, October 14, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (KC 13 / 62-8335) in the depot premises. Acquired to the NRTB fleet in 1998. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්ව ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, March 23, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Gampaha depot

This photo was taken on April 22, 2018, in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3265) in the depot premises. Acquired to the GBC fleet in 2000. This photo was taken in April 2018 while it was allocated to the additional bus fleet of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2018 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබගාන්නා අවස්ථාවේ ඩිපෝවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයේ තිබුණි. 

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Saturday, March 14, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from CMBC Ratmalana depot

This photo was taken in 2000 in Kandy, Central, LK.
Click for the full size picture.
C.M.B.C. (Colombo Metropolitan Bus Company Ltd. / Now SLTB) Ratmalana depot, Wesco ISUZU MT111L bus (RL 192 / 62-5265) at the Kandy good shade bus stand in 2001. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ක.මෙ. බ.ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ශේඩ් බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ ලැබී ඇති මෙම බස් රථ මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් මාසයේ දී, මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, February 22, 2020

Ashok Leyland Comet Minor bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, Ashok Leyland Comet Minor bus (PP 15 / GE-0130) in the depot premises. Acquired to the fleet in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Sunday, February 16, 2020

Northern Counties bodied MCW MKII Metrobus from SLTB Rathmanala depot

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmanala depot, Northern Counties bodied MCW MKII Metrobus in Colombo. Received to the SLTB Fleet in 2005 as a Tsunami aid from UK. Playing on a city service between Kiribathgoda and Angulana under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන Northern Counties බඳ සහිත MCW MKII වර්ගයේ දෙමහල් බස් රථයක් මිලාගිරියේ දී. 2005 වසරේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන සුනාමි අධාරයක් ලෙස ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය 1987 වසරේ නිපදවූවකි. ප්‍රථමයෙන් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මතුගම ඩිපෝව වෙතද අනියුක්තව ධාවනය වී ඇත. එහෙත් පසුකාලීනව මතුගම ඩිපෝව මගින් ධාවනයන් සීමා කිරීම නිසා මෙලෙස 2017 වසරේ නැවත රත්මලාන ඩිපෝවට පවරාගෙන අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කර ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කිරිබත්ගොඩ සිට අඟුලාන බලා ධාවනය වෙමින් තිබුණි.

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, November 17, 2019

Latec TATA LP 1510/52 bus from SLTB Kandy north depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot Latec TATA LP 1510/52 bus (KN 80 / GA-9081) at Kataragama. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the president's induction -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2014 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ 5 වන විධායක ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලංගම බස් අඩවියේ සුභ පැතුම්. 

Saturday, August 24, 2019

Wesco TATA LPO 1313/55 semi luxury bus from CMBC Moratuwa depot

This photo was taken on April 20, 2000 in Colombo 06, Western, LK, using a KODAK DC280.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 semi luxury (MR 88 / 62-7814) at Colombo 06 while playing to Galle under the route number 02. The image is copyright to the respective photographer -- ක. මෙ. බ. ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ වැල්ලවත්තේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ කොළඹ සිට ගාල්ල බලා ධාවනයට යොදවා ඇති බව පෙනේ. ධාවනය අතරතුර සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් රථය අතර මැද නවතා පරීක්‍ෂාවකට ලක්වෙමින් ඇති බව පෙනේ . ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Saturday, August 10, 2019

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Thanamalwila depot

This photo was taken on March 19, 2019 in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanamalwila depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (TW 07 / NA-9041) at the Wellawaya bus stand. Allocated for the services between Wellawaya and Badulla under the route number 998/8. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තණමල්විල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගෙන ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් වැල්ලවාය බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 998/8 යටතේ වැල්ලවාය හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 30, 2019

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama depot

This photo was taken on June 17, 2019 in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Ashok Leyland Viking Hinopower bus (TL 82 / NA-5291) near the Bambalapitiya railway station. Allocated with the Bambalapitiya 190 Godagama evening office turn. Photo by Primal Madushanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල දී. 2007 වසරේ ධාවනයට එක්වූ බස් රථයකි. බම්බලපිටිය 190 ගොඩගම පස්වරු (පැය 17.00) කාර්යාල සේවාව යටතේ ධාවනයට යෙදවූ අවස්ථාවකි. මෙම ලිපිය ඉදිරිපත් කරන මා ද ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය තුල සිටීම විශේෂය. ඡායාරූපය ප්‍රීමාල් මධුසංක.

Friday, July 27, 2018

Lanka Ashok Leyland Viking modified bus from SLTB Homagama depot

This photo was taken on August 10, 2017 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Lanka Ashok Leyland Viking modified bus (HG 03 / 62-2178) at the Malabe bus stand. Awaiting to leave for the Dr. Neville Fernando teaching hospital under the route number 336. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාලබේ බස් නැවතුමේ දී. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. කෙසේ උවද පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථය මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 336 යටතේ කොට්ටාව සිට මාලබේ හරහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Monday, October 3, 2016

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Lanka Ashok Leyland Viking 193 bus (GG 22 / 62-1873) in the depot premises. Body built by Lanka Ashok Leyland and aquired to the PTS fleet in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිමවා 1995 වසරේ, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, August 7, 2015

Ashok Leyand Viking Hinopower bus from SLTB Mattakkuliya depot

This photo was taken on August 07, 2015 in Bambalapitiya, Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot Ashok Leyland Viking bus (NA-1133) near the Bambalapitiya government flats. Bus running under rout No. 167 Dehiwala - Thotalanga. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බම්බලපිටියේ දී. 2005 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම  බස් රථය මාර්ග අංක 167 යටතේ දෙහිවල හා තොටළඟ අතර ධාවනය වන අවස්ථාවකි.