Showing posts with label Viking+Latec. Show all posts
Showing posts with label Viking+Latec. Show all posts

Thursday, October 14, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Kilinochchi depot

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (KC 13 / 62-8335) in the depot premises. Acquired to the NRTB fleet in 1998. This photo was taken in September 2017 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චි ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්ව ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

This photo was taken on September 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, April 27, 2021

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (EP 21 / 61-8902) in the depot premises. Acquired to the PTS fleet in 1994. This photo was taken in August 2016 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා ධාවනයට එක්ව ඇත. 2016 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Tuesday, January 1, 2019

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MY 64 / 62-8803) in the depot premises. Body built by Latec with Duple Metsec (UK). Recently received from SLTB Kesbewa depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක්ව ඇති රථය කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ කැස්බෑව ඩිපෝවට ලැබී ඇත. මෑතකාලීනව කැස්බෑව ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබියෙදී ධාවන අවශ්‍යතා මත මෙලෙස මහියංගණ ඩිපෝව වෙත ලබාගෙන අලුත්වැඩියා කොට ධාවනයට එක් කර ඇත.

This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2018 in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, November 2, 2017

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Tangalle depot

This photo was taken on November 07, 2013 in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot Latec Kesco bodied Ashok Leyland Viking bus (62-8982) in the depot premises. Body built by Latec (pvt.) Ltd. with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථවල බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලිකකරණය කරන ලද ලංගම වැඩපොළ එකලස් කර ඇත.

Sunday, April 30, 2017

Ashok Leyland Viking Latec Kesco bodied bus from SLTB Alutgama depot

This photo was taken on April 03, 2017 in Alutgama, Western, LK, using a Canon PowerShot SX410 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Latec Kesco bodied Ashok Leyland viking bus (61-2914) at Alutgama. Pic by: Mishen Navod. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ඩිපෝ අළුත්ගම දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. රථය මාර්ග අංක 400 යටතේ අළුත්ගම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය : මිශේන් නවෝද්

Wednesday, April 12, 2017

Ashok Leyland Viking Latec Kesco bodied bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Latec Kesco bodied Ashok Leyland viking bus (61-8802) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. මෙහි මුහුණත හා පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇත.

Saturday, September 19, 2015

Latec bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ashok Leyland Viking bus (MG 67 / 62-4031) at Kalutara. The body built by the Latec (Pvt) Limited with Duple Metsec (UK) Ltd. (Pics by Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කළුතර බස් නැවතුමේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් Duple Metsec තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වැඩපොළ වල දී සකසා ඇත. පසුකාළීන අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත. (ඡායාරූප: තරිඳු වික්‍රමරත්න)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 14, 2015 in Kalutara, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.

Sunday, August 9, 2015

Latec bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking bus (61-9113) at Anuradhapura. The body built by the Latec (Pvt) Limited with Duple Metsec (UK) Ltd. (Pic by Ishara Koralage) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර නගරයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් Duple Metsec තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වැඩපොළ වල දී සකසා ඇත. පසුකාළීන අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම වෙනස් වී ඇත. (ඡායාරූපය: ඉෂාර කෝරලගේ)

Tuesday, July 15, 2014

Latec Kesco Ashok Leyland Viking bus from SLTB Nittambuwa depot

This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot Latec Kesco bodied Ashok Leyland Viking bus (NT 131 / 62-0364) at the Nittambuwa bus stand. Body built by Latec (Pvt) Ltd with Duple Metsec (UK). Allocated on a local route between Nittambuwa and Lenagala under the route number 348. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නිට්ටඹුව බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී නිමවා 1994 වසරේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 348 යටතේ නිට්ටඹුව හා ලෙනගල අතර ධාවනයට යොදවා තිබුණි.

 
This photo was taken on September 03, 2012 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 5, 2014

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Hakmana depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Latec Kesco bodied Ashok Leyland viking bus (HM 02 / 61-3235) at the Matara bus stand. Allocated for the services between Kamburupitiya and Matara under the route number 353/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුම් පොළේ දී. 1992 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 353/4 ඔස්සේ කඹුරුපිටිය හා මාතර අතර ධාවනයට යොදවා ඇත.

Friday, January 24, 2014

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Latec re-bodied Ashok Leyland Viking bus (AP 32 / 29 ශ්‍රී 9247) at the Anuradhapura bus stand. Awiting to leave for Puwarsankum on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයක් වූ මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් නව බඳක් එකලස් කර නැවත ධාවනයට එක් කර ඇත. මෑත කාළීනව සිදු වූ අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර සිට පුවර්සන්කුලම බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 14, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Meethotamulla depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MM 55 / 62-8884) at the central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කර ඇත. රථයේ මුහුණත පසු කාලීන අලුත්වැඩියාවක දී මදක් වෙනස් කර ඇති බව නිරීක්ෂණය වේ. මාර්ග අංක 143 ඔස්සේ හංවැල්ල හා පිටකොටුව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 27, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Ambalangoda depot

This photo was taken on February 13, 2011 in Ambalangoda, Southern, LK, using a Canon EOS REBEL T2i
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Latec Kesco bodied Ashok Leyland viking bus (AB 26 / 61-8740) at Ambalangoda. Photo courtesy: CalamariGirl on Flickr -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අම්බලන්ගොඩ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. පසු කාලීන අලුත්වැඩියාවක දී මුහුණත මුල් පෙනුම මදක් වෙනස් කර ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය : CalamariGirl on Flickr.

Wednesday, October 2, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Angoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (AG 25 / 62-8334) at Kataragama. Body built by Latec (pvt) Ltd. with Duple Metsec (UK) technology.  Rehabilitated by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. 1998 වසරේ දී ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ මම බස් රථ වල බඳ එකලස් කර ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 දී ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ජනතා සේවයට සපයා ඇත. වර්තමානයේ මාර්ග අංක 175 ඔස්සේ කොහිලවත්ත හා කොල්ලුපිටිය අතර ධාවනය වේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 30, 2013

Latec Kesco re-bodied Ashok Leyland Viking bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Latec Kesco re-bodied Ashok Leyland viking bus (60-5744) at Galle. Playing on the route no 530 from Galle to Baddegama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ගාල්ලේ දී. මෙහි මුල් බඳ ශ්‍රීලංගම වේරහැර වැඩපොළේ එකලස් කරන ලද්දක් වන අතර පසුකාලීනව සිදුවූ අනතුරක් හේතුවෙන් එය විනාශ වී ඇත. පසුව ලටෙක් සමාගම වෙත පවරා තිබුණු කැප්පෙටිපොළ, කහගොල්ල වැඩපොළ වෙත යවා ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙම බඳ එම චැසිය මත එකලස් කර ඇත. රථය මාර්ග අංක 530 යටතේ ගාල්ල හා බද්දේගම අතර ධාවනයට යොදවා තිබුණි. පසු කාලීන අලුත්වැඩියාවක දී මුල් පෙනුම මඳක් වෙනස් කර ඇති බවද නිරීක්ෂණය වේ.

Friday, September 6, 2013

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking bus (29ශ්‍රී8257) in the depot premises. The body re-bodied by the Latec (Pvt) Limited. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. පැරණි බස් රථයක් වූ මෙහි ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කල මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් (පුද්ගලික කරණය කරන ලද ශ්‍රී ලංගම කහගොල්ල වැඩපොළේ දී) නව බඳක්  සකසා නැවත ධාවනයට එක් කර ඇත.

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 18, 2013

Latec Kesco bodied Ashok Leyland Viking Modified bus from SLTB Kandy south depot

This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot,  Latec Kesco bodied Ashok Leyland Viking Modified bus (KS 16 / 62-4820) in Kandy. Rehabilitated and modified by depot workers (2009) to celebrate the President's induction. photo by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණ යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී මෙම බස් රථයේ බඳ එකලස් කර ඇත. ධාවනය සීමා කර තිබුණු මෙම බස් රථය ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට ඒක කර ඇත්තේ, 2009 වසරේ දී ජනාධිපතිතුමා ගේ පළමු පදවිප්‍රාප්තියේ සතර වන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට වෙනස් කම් සිදු කර ඇති බව නිරීක්‍ෂණය වේ

This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 20, 2009 in Kandy, Central, LK, using a Nokia N3.
Click  for the full size picture.

Saturday, August 10, 2013

Latec bodied Ashok Leyland Viking bus from SLTB Maharagama depot

This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Latec bodied Ashok Leyland viking bus (MH 47 / 60-6093) at Dehiwala. This bus runs on route no 119 Maharagma - Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ලටෙක් බස් රථයක් දෙහිවල දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ඒකල වැඩපොළේ දී නිපදවා ඇත්තේ ලටෙක් බස් රථ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සිදුකල පරීක්ෂණයක් ලෙසයි. එමනිසා මෙය මෙම මාදිලියෙන් මුල්කාලීනව පැමිණි බස් රථයකි. මෙම බස් රථය වර්තමානයේ මාර්ග අංක 119 යටතේ දෙහිවල හා මහරගම අතර ධාවනය වේ.

පසු සටහන:
119 මාර්ගයේ පුද්ගලික බස් රථ හා ලංගම බස් රථ ඒකාබද්ද කාලසටහනක් ක්‍රියාත්මක වන අතර, ලංගම බස් රථ සඳහා අවශ්‍ය නිසි ධාවන වාර නොලැබෙන බවට ලංගම සේවකයෝ මැසිවිලි නගති. මගී ගහනය අධික අවස්ථාවල ධාවන වාර ලංගමට නොලැබෙන බවද මගී ගහනය අඩු ධාවන වාර බොහෝ විට ලංගම බස් රථ වලට ලැබෙන බවද සේවකයෝ පවසති. මේ නිසා බොහෝ විට පුද්ගලික බස් රථ පිටුපසින් හිස් ව තම බස් ධාවනය කරවීමට සිදු වී ඇති බවට ලංගම සේවකයෝ පවසති. පුද්ගලික බස් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත මෙලෙස ජාතික ප්‍රවාහන සේවය පාඩු ලැබීමට සැලස්සීම සැබවින්ම කනගාටුවට කරුණකි. මේ සම්බධව නිසි බලධාරීන්ගේ අවධානය යොමුවේවායි පතමු.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පිටුපස වීදුරුව සමඟ ආපදා දොරටුවක් ඇත)
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 25, 2013

Latec Kesco bodied Ashok Leyland Viking modified bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Latec Kesco bodied Ashok Leyland Viking modified bus (MR 140 / 62-8595) at Mount Lavinia. Playing to Pettah on the route No. 100.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිනින්ග් බස් රථයකි. මෙහි බඳ, පුද්ගලිකකරණය කරන ලද ලං.ග.ම. වැඩපොළ වලදී ලටෙක් සමාගම මගින් නිපදවා ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් (Duple Metsec) සමාගමේ තාක්ෂනය යටතේය. ඩිපෝව මගින් මෑතකාලීනව සිදුකල අලුත්වැඩියාවන් නිසා බසයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 08, 2012  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 19, 2012

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Ratmalana depot

This photo was taken on June 14, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (RL 20 / 62-2799) at Bambalaptoya. Acquired to the PTS Ratmalana fleet in 1995. This photo was taken in June 2012 while it was waiting at Bambalaptiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ රථයේ බඳ නිමවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දීය. 1995 වසරේ එවකට සීමා සහිත රත්මලාන ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්ව ඇත. 2012 වසරේ ජුනි මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ තම ධාවන වාරය පැමිණෙන තෙක් බම්බලපිටියේ ගාල් කොට තිබුණි.

This photo was taken on June 14, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.