Showing posts with label MM. Show all posts
Showing posts with label MM. Show all posts

Tuesday, September 29, 2020

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Meethotamulla depot

This photo was taken on September 07, 2020, in Bambalapitiya, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition (MM 34 / NA-6989) at the Bambalapitya junction. The bus acquired to the SLTB fleet in 2008. Allocated for the services between Bambalapitiya and Dematagoda under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධියේ දී. 2008 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇති ප්‍රථම අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි බඳ රුබී සමාගම මගින් නිමවා ඇත්තේ ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලවය. වත්මන් රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව පාසල් ධාවන වාර සඳහා ධාවනය වන බස් රථ (සිසු සැරිය බස් රථ) වෙන් කොට හඳුනා ගැනීම සඳහා මෙලෙස කහ වර්ණ ගන්වා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා දෙමටගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, April 11, 2019

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Meetotamulla depot

This photo was taken on 1973 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Meetotamulla depot, ex London Transport Leyland RTW double-decker bus (23ශ්‍රී3078) in Colombo Fort. Allocated for the services on the route no. 166 between Angoda and Fort. Photo by: Andy on flickr -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Leyland  RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම දෙමහල් බස් රථය, ලන්ඩනයේ ධාවනය වී පසුව ලංගම මගින් මිලදී ගත්තකි. 1973 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 166 යටතේ අංගොඩ හා කොළඹ කොටුව අතර ධාවනයට යොදවා තිබී ඇත. කෙසේ වූවද මේ වන මාර්ග අංක 166 යටතේ කිසිදු ශ්‍රී ලංගම බස් රථයක් ධාවනය නොවේ. ඡායාරූපය: Andy on flickr.

Thursday, December 17, 2015

Ruby bodied TATA 1510 c bus from SLTB Meethotamulla depot

This photo was taken on October 15, 2015 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot TATA 1510 c Ruby bodied bus (MM 49 / NA-4804) at Malabe bus stand. The bus awaiting it's turn on route 164 Malabe - Town Hall. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපොවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් මාලබේ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 164 යටතේ මාලබේ හා පුරහල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 15, 2015 in Malabe, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Wednesday, January 7, 2015

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Meethotamulla depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, TVS bodied Ashok Leyland Viking 193 bus (MM 23 / 63-3662) in the Kataragama depot premises. Acquired to the CMBC fleet in 2000. Rehabilitated and modified by the Meethotamulla depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම හා එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් මීතොටමුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමට යම් වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, December 4, 2014

SLTB breakdown service - Meethotamulla depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, ISUZU TX 50B breakdown service vehicle (23ශ්‍රී6170) in the depot premises. CTB bodied ISUZU TX 50B bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් ISUZU TX 50B වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1974 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, January 21, 2014

Ashok Leyand Viking HinoPower bus from SLTB Meethotamulla depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ashok Leyland Viking HinoPower bus (MM 25 / NA-3379) at Kataragama. Rehabilitated by the depot workers (2013) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මීතොටමුල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2006 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසු කාලීනව එන්ජිමේ සහ බඳෙහි හට ගත් දෝෂ හේතුවෙන් ධාවනය සීමා කර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දී මීතොටමුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක් කර තිබේ. රථය දුර ගමන් සේවා සඳහා යෙදවීමට යෝග්‍ය වන පරිදි අලුත්වැඩියාකොට ඇත.

Friday, December 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Meethotamulla depot

This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ashok Leyland Viking Turbo 54 seater bus (MM 01 / NB-1175) in the depot premises. Allocated for the services between Balangoda and Colombo under the route number 98. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 98 යටතේ බලන්ගොඩ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 14, 2013

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Meethotamulla depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Latec Kesco bodied Ashok Leyland Viking bus (MM 55 / 62-8884) at the central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කර ඇත. රථයේ මුහුණත පසු කාලීන අලුත්වැඩියාවක දී මදක් වෙනස් කර ඇති බව නිරීක්ෂණය වේ. මාර්ග අංක 143 ඔස්සේ හංවැල්ල හා පිටකොටුව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 7, 2013

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Meethotamulla

This photo was taken on September 13, 2013  in Ganegama, Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (MM 28 / NA-3421) at Ganegama. Having a small brake while playing under the route No.03 from Colombo to Ambilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝ පවර් වර්ගයේ බස් රථයක් ගනේගම දී. 2006 වසරේ ධාවනයට එක්වී ඇති රථයට දුර ගමන් සඳහා ඔබින පරිදි උස් ඇන්ද සහිත ආසන පෙළක් ඩිපෝව මගින් සවි කොට තිබේ. රථය මාර්ග අංක 03 ඔස්සේ කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වන අතරතුර කෙටි විවේකයක් වෙනුවෙන් රැඳී සිටි අවස්ථාවකි.

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, August 9, 2013

Azad bodied Ashok Leyland Viking modified bus from SLTB Meethotamulla depot

This photo was taken on August 09, 2013 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Azad bodied Ashok Leyland Viking modified bus (MM 43 / 63-3354) at Bambalapitiya junction. Allocated for the services on the route number 154 between Dematagoda and Bambalapitiya. Rehabilitated and modified by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් මීතොටමුල්ල ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ අග භාගයේ දී පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුමෙන් වෙනස් කොට රථයට නව බස් රථයක ස්වරූපය ලබාදීමට උත්සහ කර ඇති බව පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This bus under the Dematagoda flyover bridge -- මෙම බස් රථය දෙමටගොඩ ගුවන්පාලම යටදී.
This photo was taken on January 17, 2013 in Dematagoda, Colombo, Western, LK, using a Samsung VG120.
Click for the full size picture.

Rear view of the bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම කතරගම දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 27, 2012

Wesco ISUZU MT 111L bus from SLTB Meethotamulla depot

This photo was taken on April 26, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
 Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot Wesco ISUZU MT 111 L bus (MM 44 / 62-4288) at Bambalapitiya SLTB bus stand. The bus acquired to the CMBC fleet in 1996. This photo was taken in Apirl 2012 while it was parked at the  Bambalapitiya SLTB bus stand. Allocated for the services between Bambalapitiya and Dematagoda under the route number 154. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 111L  වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. ජපානයේ නිෂ්පාදීත තට්ටුවක් මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වේරහැර වැඩපොළේ දී බඳ එකලස් කර, 1996 වසරේ දී අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත්තේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. පසුකාලීනව මෙම බස් රථය වර්ෂ අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවන් වලදී මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 23, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Wednesday, March 28, 2012

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Meethotamulla depot

This photo was taken on August 12, 2011, in Himbutana,  Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Azad bodied Ashok Leyland Viking 193 bus (MM 84 / 63-3355) at Himbutana. This bus was given to the CMBC Meethotamulla depot in the year 2000.  At the time of taking the photograph in August 2011, the bus was running to Malabe from Townhall under the route number 164. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් හිඹුටාන මංසන්ධියේ දී. අසාඩ් සමාගම මගින් ඉන්දියාවේදී බඳ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 164 යටතේ පුරහල සිට මාලබේ බලා ධාවනය වෙමින් පැවතිනි.