Monday, June 30, 2014

CTB bodied Mercedes-Benz LP 1113/42 bus from SLTB Badulla DTS

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot driver training school (DTS)CTB bodied Mercedes-Benz LP 1113/42 bus (23ශ්‍රී2399) in the depot premises. Acquired to the CTB fleet in 1966. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/42  වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා බස් රථයක මුහුණතට සමාන පෙනුමක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 29, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Horana depot

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7485) at the Kataragama bus stand. Acquired to the SLTB Horana depot in March 2014 under a special leasing scheme. Allocated for the services between Panadura and Kataragama via Ambilipitiya and Hoarana under the route number 64/2. Photo by: Sukhitha Chinthana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2014 වසරේ මාර්තු මස මෙම වර්ගයේ බස් රථ 05 ක් හොරණ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිල දී ගෙන ඇති අතර ඒවා විවිධ මාර්ග වල ධාවනයට එක් කර ඇත. හදිසි ධාවන අවශ්‍යතා මත ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ නොගන්වාම ඩිපෝව වෙත සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 64/2 යටතේ පානදුර හා කතරගම අතර (ඇඹිලිපිටිය හා හොරණ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූප: සුඛිත චින්තන

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.

Saturday, June 28, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on June 24, 2014 in Borella, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Bharat bodied Ashok Leyland Viking bus (UM 45 / 61-4121) at the Borella Junction. Acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බොරැල්ල මංසන්ධියේ දී. 1992 වසරේ දී එවකට සීමා සහිත මට්ටක්කුලිය ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව) මගින් ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස උඩහමුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝ සේවයක පිරිස දියත් කල වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 යටතේ නුගේගොඩ සිට බොරැල්ල බලා ධාවනයට යොදවා තිබුණි.

Friday, June 27, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Elpitiya depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7727) at the Matara bus stand. Recived to the SLTB Fleet in june 2014. Allocated for the services between Maharagama and Matara via the southern expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාද් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ ජුනි මස ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා මහරගම අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 25, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Kadawatha depot

This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Antony bodied TATA LP 1510/52 bus (KW 91 / NA-3220) at the Bambalapitiya SLTB bus stand. Allocated for the services between Kadawatha and Bambalapitiya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2006 වසරේ ධාවනයට එකවී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. රථය club193 සමූහයේ දැන්වීමකින් වර්ණවත් කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Notice of club193 -- බස් රථය ඇතුලත ප්‍රදර්ශනය කර ඇති club193 දැන්වීම.
This photo was taken on June 22, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 24, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Latec TATA LP 1210/52 bus (KP 73 / 61-9556) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ සකසා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

Monday, June 23, 2014

SLTB Breakdown Service - Nittambuwa depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (61-8280) in the depot premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Sunday, June 22, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Eravur depot

This photo was taken on May 20, 2014 in Kurunegala, North Western, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Eravur depot, Ashok Leyland Viking Hinopwer bus (NA-3855) at Kurunegala. Recently re-bodied by the Ekala Lakdiwa workshop. Playing to Puttalam from Kalmunai under the route number 48/81. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) එරාවුර් ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බව නිරීක්‍ෂණය වේ. මාර්ග අංක 48/81 යටතේ කල්මුණේ සිට පුත්තලම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: සුපුන් කාවින්ද.

Friday, June 20, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Hakmana depot

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, SLCTB bodied Ashok Leyland Viking bus (HM 01 / 29ශ්‍රී8000) in the depot premises. Acquired to the SLCTB Matale depotin 1982. Transferred to the SLTB Hakmana depot in November 1990 due to the 'Gam Udawa' program. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1982 වසරේ අප්‍රේල් මස 22 වන දින එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය 1990 නොවැම්බර් මස 17 දින ශ්‍රීලංගම හක්මණ ඩිපෝවට ලබා දී ඇත්තේ 'ගම් උදාව' වැඩසටහනට සමගාමීවය. තවමත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මුලටියන හා හක්මණ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 18, 2014

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kurunegala north depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot TVS bodied Ashok Leyand Vikng bus (KGN 22 / 61-2450) at the Kurunegala bus stand. Acquired to the service in 1991. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වූ TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවහාන සේවය යටතේ රථ ඇණියට එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. බඳ නිපදවා ඇත්තේ TVS coach builders සමාගම මගිනි. රථය 2014 වසරේ අප්‍රේල් මස වෙන්දේසිය සඳහා නිර්දේශ වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ගනේවත්ත සහ කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මෙහි පසුපස මුහුණතේ වීදුරු  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කොට ඇත)
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 16, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kelaniya depot

This photo was taken on April 15, 2014, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyland Viking Turbo 54 seater bus (KE 07 / NA-8858) at Kadugannawa. Playing to Colombo from Kandy under the route number 01. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කඩුගන්නාවේ දී. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at Danowita while it was running to Dehiwala from Kandy under route number 17. The photo was taken on February 11, 2022 -- මෙම බස් රථය 2021 වසරේ පෙබරවාරි මස 11 වන දින මාර්ග අංක 17 යටතේ මහනුවර සිට දෙහිවල බලා ධාවනය වන අවස්ථාවක දංඕවිට දී. 
This photo was taken on 11 February 2022, in Danowita, Western, LK using a Xiaomi Mi 9T
Click for the full-size picture

Sunday, June 15, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Tangalle depot

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7036) at Matara. Allocated for the services between Maharagama and Matara on the southern expressway. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යෙදවූ අවස්ථාවකි. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.

Saturday, June 14, 2014

YUTONG ZK6930H luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on June 11, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), YUTONG ZK6930H luxury bus (NB-7606) in the Maharagama depot premises. Allocated for the services on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සති අන්ත සේවා යටතේ මාතර හා මහරගම අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි.

Friday, June 13, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in  Yakkala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Latec TATA LP 1510/52 bus (GM 52 / GA-6918) in the depot premises. Body built by Latec with Duple Metsec. Acquired to the depot fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එකතු වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දීය. වේරහැර වැඩපොළ වැසී යාමට පෙර එහි එකලස් කල අවසාන බස් රථ වන්නේ මේවාය.

අනෙක් පසින් දිස් වන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ එකලස් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. මෙම බස් රථ දෙක වර්ග දෙකකට හා කාණ්ඩ දෙකකට අයත් වුවද ඩිපෝ ඇණි අංක GM 52 හා GM 53 ලෙසින් එකාසන්නයේ පිහිටීමද විශේෂත්වයකි. GM 52 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය පිලිබඳ අප පෙර පළ කල ලිපියට මෙතනින් පිවිසෙන්න >> Lakdiwa Re-constructed Ashok Leyland Bus

Thursday, June 12, 2014

Antony bodied TATA LP 1510/52 bus from SLTB Udadumbara depot

This photo was taken on June 04, 2014  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ududumbara depot, Antony bodied TATA LP 1510/52 bus (UD 26 / NA-3322) at the Colombo central bus stand. Allocated for the services between Wasgamuwa and Colombo under route number 38. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපොවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 38 යටතේ වස්ගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 10, 2014

CTB bodied Mercedes-Benz LP312/32 modified bus from SLTB head office

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, CTB bodied Mercedes-Benz LP312/32 Staff bus (23ශ්‍රී3962) in the Thalangama depot premises. Acquired to the CTB Kegalle depot in 1970. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP312/32  වර්ගයේ E කාණ්ඩයට අයත් බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1970 වසරේ ලංගම කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇති මෙම බස් රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි. ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා රථය යොදා ගනී.

Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kotmale depot

This photo was taken on January 05, 2014 in Ambepussa, Sabaragamuwa, LK, using a Sony Cyber-shot™ DSC-H100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-1215) at Ambepussa. Playing to Pundaluoya from Colombo under the route number 19. Acquired to the depot in 2012 under a leasing scheme. Photo by: Supun Kavinda -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අඹේපුස්ස ප්‍රදේශය පසු කරමින්. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 19 යටතේ පුඬළුඔය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: සුපුන් කාවින්ද

Friday, June 6, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco TATA LP 1210/52 bus (KLW 15 / 62-2567) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec UK. Rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) සහ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2011 වසරේ දී කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, June 5, 2014

SLTB supply division - Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot TATA LP 1210/36 supply service vehicle (30ශ්‍රී1478) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ රත්නපුර ඩිපෝවට යටතේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී1470 වේ.

Wednesday, June 4, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Embilipitiya depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Emblipitiya depot Ashok Leyland Viking Hinopower bus (EMB 63 / NA-3458) at the Ambalantota SLTB bus stand. Awaiting to leave for Embilipitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් අම්බලන්තොට ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඇඹිලිපිටිය බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Tuesday, June 3, 2014

Ruby bodied TATA LP 1510/25 bus form SLTB Deraniyagala depot

This photo was taken on March 27, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/25 bus (DR 33 / 63-4086) at the Colombo central bus stand. Allocated for the services between Avissawella and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගමේ දැරණියගල ඩිපෝව හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට සූදාමින් තිබුණි.

Monday, June 2, 2014

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)Wennappuwa depot, SRILANGAMA bodied TATA LP 1210/52 bus (WP02 / 60ශ්‍රී5271) at Nattandiya. Playing on a local route between Marawila and Nattandiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් නාත්තන්ඩිය නගරයේ දී. 1988 වසරේ ශ්‍රීලංගම හා එක් වී ඇති මෙම බස් රථය, ශ්‍රීලංගම යටතේ  බඳ සැකසූ අවසාන බස් කාණ්ඩයට අයත් ය. රථය මාරවිල හා නාත්තන්ඩිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 1, 2014

Yutong ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6930H Luxury bus (NB-7358) at the Tangelle Stand. Allocated for the expressway services between Tangalle and Colombo. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් තංගල්ල බස් නැවතුමේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ල හා කොළඹ අතර (කඩුවෙල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.