Showing posts with label KLW. Show all posts
Showing posts with label KLW. Show all posts

Wednesday, May 21, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 31, 2013, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Latec TATA LP 1510/52 bus (KLW 24 / GD-8026) at Kataragama. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the SBCL fleet in 2000. Here after a rehabilitation done by the depot workers under the 2013 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. 2013 වසරේ දෙසැම්බර් මස මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය හා බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වූ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. 

Wednesday, March 31, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kalawana depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA LP 1510/36 bus (KLW 40 / GE-1378) at Ratnapura. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in January 2021 while it was allocated for the services between Ratnapura and Idamgoda on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ රත්නපුර හා ඉඩම්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, August 2, 2019

SLTB Breakdown Service - Kalawana depot

This photo was taken on April 24, 2018 in Colombo 14, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී0879) in Colombo 14. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් කොළඹ 14 බණ්ඩාරනායක මාවතේ  දී. ශ්‍රී ලං.ම.ග.ම. බඳ එකලස් කල, ටාටා 1210 බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.  අමතර කොටස් රැගෙනයාම පිණිස පැමිණි අවස්ථාවකි.

Wednesday, July 18, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kalawana depot

This photo was taken on July 18, 2018 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KLW 61 / NB-8715) at Galle. Allocated for the services between Galle and Kalawana via Ambalangoda, Alutgama, Matugama and Baduraliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. රථය ගාල්ල හා කලවාන අතර (අම්බලන්ගොඩ, අළුත්ගම, මතුගම, බදුරලිය හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Monday, January 29, 2018

Wesco TATA LPO 1313/55 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco bodied TATA LPO 1313/55 bus (KLW 20 / 62-5410) in the depot premises. Rehabilitated and modified by depot workers (2009) to celebrate the former president's induction. Withdrawn from the services in 2017. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ පළමු පදවිප්‍රාප්තියේ දෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2009 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවන් වලදී රථයේ  පැති ජනේලද වෙනස් කොට ඇති  බව දක්නට ලැබේ.  එම අලුත්වැඩියාවෙන් වසර 08 කට පසු 2017 වසරේ මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කොට වෙන්දේසිය සඳහා නිර්දේශ කර ඇත.

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථයේ ඇතුලත -- Interior of the bus
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 3, 2017

Ashok Leyland Viking AC Luxury bus from SLTB Kalawana depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Ashok Leyland Viking AC Luxury bus (NB-2809) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා සේවා, ඉන්ධන සපයා ගැනීම, ගාල් කිරීම, මුදල් බැඳීම ආදිය සිදු කරන්නේ මහරගම ඩිපෝව හරහාය. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Sunday, August 27, 2017

Ruby bodied TATA 1510 C bus from SLTB Kalawana depot

This photo was taken on August 24, 2017 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA 1510 C bus (KLW 55 / NA-4829) at Kalawana bus stand. It's awaiting for the turn to leave for Gavaragiriya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ටාටා 1510 C බස් රථයක් කලවාන බස් නැවතුමේ දී. 2007 වසරේ ශ්‍රී ලංගම හා එක්ව ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රුබී කොච් බිල්ඩර්ස් පුද්ගලික සමගම විසිනි. රථය කලවාන සිට ගවරගිරිය බලා ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Saturday, June 4, 2016

SLTB Breakdown Service (Kalawana Depot)

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Kalawana depot, breakdown Service vehicle (23ශ්‍රී2863) in the depot premises. Classic Mercedes-Benz 1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කලවාන ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි මර්සිඩීස් බෙන්ස් බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Friday, April 8, 2016

Ashok Leyland Comet Minior bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) kalawana depot Ashok Leyland Comet minior bus (62-5585)  in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ ඉන්ධන පොම්පය අසල දී. රථය අයගම සහ කලවාන අතර ධාවනයට සූදානම් වන අවස්ථාවකි.

Friday, June 6, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Wesco TATA LP 1210/52 bus (KLW 15 / 62-2567) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec UK. Rehabilitated in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) සහ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත්තේ 1995 වසරේය. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් 2011 වසරේ දී කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 12, 2014

Ashok Leyland Viking AC luxury bus from SLTB Kalawana depot

This photo was taken on February 12, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, AZAD bodied Ashok Leyland Viking AC luxury bus (NB-5531) at the Colombo central bus stand. Ready to leave for Katunayaka via the E03 Expressway -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී . 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක (ගුවන්තොටුපොළ) හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, December 29, 2013

Ashok Leyland Lynx D type bus from SLTB Kalawana depot

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ashok Leyland Lynx D type bus (KLW 17 / NB-6183) in depot premises. Three of these buses received to the Kalawana depot in 2013.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ කලවාන ඩිපෝවට මෙම වර්ගයේ බස් රථ 03 ක් ලැබී ඇති අතර ඒවායින් ගම්මාන 03 ක් සඳහා නව සේවා ආරම්භ කල බව කලවාන ඩිපෝ කලමාණාකාරතුමා ලංගම බස් අඩවියට පැවසීය.

This photo was taken on December 28, 2013 in Kalawana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 1, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kalawana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA LP 1510/52 bus (KLW 35 / 63-4080) at Katharagama. Rehabilitated in 2012 by the Kalawana depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත්තේ 2000 වසරේය. ධාවනය සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කලවාන ඩිපෝවේ සේවක පිරිස විසින් 2012 වසරේ  පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Thursday, June 20, 2013

Ashok Leyland Viking Turbo bus from SLTB Kalawana depot

This photo was taken on April 25, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ashok Leyland Viking Turbo Intercooler bus (KLW 03 / NB-3328) at the Colombo Central Bus Stand. Allocated for the services under the route No. 120 between Kalawana and Colombo via Horana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයකක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය මාර්ග අංක 120 ඔස්සේ කලවාන හා කොළඹ අතර (හොරණ හරහා) ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Wednesday, January 25, 2012

Ashok Leyland Viking AC Luxury bus from SLTB Kalawana depot

This photo was taken on January 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Kalawana depot Ashok Leyland Viking AC luxury bus (NB-1949) at the Maharagama bus stand. Specially purchased to cover the newly opened Southern Expressway (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම) කලවාන ඩිපෝවට අයත්ය අශෝක්ට ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. 2011 නොවැම්බර් මස විවෘත්ත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා වෙනුවෙන් මම බස් රථ විශේෂයෙන්ම ලීසිං පදනම මත මිලදී ගෙන ඇත. මහරගම මා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි.