Showing posts with label GM. Show all posts
Showing posts with label GM. Show all posts

Wednesday, June 25, 2025

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Gampaha depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo bus (GM 50 / NB-4140) at Peliyagoda. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2012. This photo was taken in January 2023 while it was allocated for the services between Gampaha and Colombo under route number 200. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් පෑලියගොඩ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2012 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 200 යටතේ ගම්පහ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, March 23, 2021

Brij bodied Ashok Leyland Viking 193 bus from SLTB Gampaha depot

This photo was taken on April 22, 2018, in Yakkala, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Brij bodied Ashok Leyland Viking 193 bus (63-3265) in the depot premises. Acquired to the GBC fleet in 2000. This photo was taken in April 2018 while it was allocated to the additional bus fleet of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. 2018 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබගාන්නා අවස්ථාවේ ඩිපෝවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයේ තිබුණි. 

Tuesday, January 12, 2021

Ruby bodied TATA LP 909/36 bus from GBC Gampaha depot

This photo was taken on November 06, 2000, in Yakkala, Western, LK.
Click for the full-size picture.
Gampaha Bus Company (GBC/ now SLTB) Gampaha depot, Ruby bodied TATA LP 909/36 bus (GM 137 / 63-0575) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the GBC fleet in 1998. Allocated on a local route between Henegama and Gampaha. Photo by: Dilum Fernando -- ගම්පහ බස් සමාගමේ (ග.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1998 වසරේ දී එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. 2000 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හේනේගම හා ගම්පහ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: දිළුම් ප්‍රනාන්දු. 

Wednesday, July 25, 2018

SLTB Supply division - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha, Leyland Comet supply division vehicle (27ශ්‍රී4621) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 27ශ්‍රී4621 ලෙස අංක ලැබී ඇත.

Thursday, May 3, 2018

SLTB breakdown service - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (62-1359) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Sunday, April 29, 2018

SLTB bus stand - Gampaha

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Gampaha SLTB bus stand in April 2018. -- ගම්පහ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ගම්පහ ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ අප්‍රේල් මස 24 වන දින.

Monday, December 7, 2015

Ruby bodied TATA 909 bus from SLTB Gampaha depot

This photo was taken on November 25, 2015 in Gampaha, Western, LK, using a Canon  IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot TATA 909 Ruby bodied bus (GM 08 / 63-2112) at Gampaha bus stand. (Pic by: Primal Madusanka)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයක් ගම්පහ බස් නැවතුමේදී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ 1999 වසරේ ග්‍රාමීය සේවා සඳහා මෙරටට ගෙන්වා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Friday, August 28, 2015

Ashok Leyland Viking Hinopower bus from SLTB Gampha depot

This photo was taken on Auguast 03, 2012 in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Ashok Leyland viking Hinopower bus (NA-3470) playing on route 244 near Gampaha in August 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 244 යටතේ ගම්පහ නගරය දෙසට ධාවනය වෙමින්. ඡායාරූපය 2012 වසරේ අගෝස්තු මස ලබාගත්තකි.

Friday, March 20, 2015

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Gampaha depot

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Wesco TATA LPO 1313/55 modified bus (GM 01 / 62-7299) at Kararagama. Body built by Wesco with Dupel Metsec UK and acquired GBC fleet in 1998. Rehabilitated and modified by the depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. වෙස්කෝ සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් කල බස් රථයකි. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයන් සීමා කර තිබී ඇති රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දෙසැම්බර් මස ගම්පහ ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අළුත්වැඩියා කර ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියා වේ දී රථයේ මුහුණත මුල් පෙනුම මෙන්ම පැති ජනේල ද වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2014, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture

Friday, June 13, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in  Yakkala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Latec TATA LP 1510/52 bus (GM 52 / GA-6918) in the depot premises. Body built by Latec with Duple Metsec. Acquired to the depot fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එකතු වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දීය. වේරහැර වැඩපොළ වැසී යාමට පෙර එහි එකලස් කල අවසාන බස් රථ වන්නේ මේවාය.

අනෙක් පසින් දිස් වන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ එකලස් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. මෙම බස් රථ දෙක වර්ග දෙකකට හා කාණ්ඩ දෙකකට අයත් වුවද ඩිපෝ ඇණි අංක GM 52 හා GM 53 ලෙසින් එකාසන්නයේ පිහිටීමද විශේෂත්වයකි. GM 52 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය පිලිබඳ අප පෙර පළ කල ලිපියට මෙතනින් පිවිසෙන්න >> Lakdiwa Re-constructed Ashok Leyland Bus

Friday, April 4, 2014

ISUZU U-LV324K bus from SLTB Gampaha depot

This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU U-LV324K bus (GM 04 / NA-1727) at the Colombo central bus stand.  Acquired to the SLTB fleet in 2005 as a Tsunmai aid from the Government of Japan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු U-LV324K වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී.  2005 වසරේ ශ්‍රී ලං.ග.ම. රථ ඇණියට එක්වී ඇති බස් රථය, මෙරටට ලැබී ඇත්තේ ජපන් රජයෙන් ලැබෙන සුනාමි ආධාරයක් වශයෙනි. 1993 වසරේ නිෂ්පාදිත මෙම බස් රථය ජපානයේ ටෝකියෝ නගරයේ පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් භාවිත කර ඇත. මෙම බස් රථ අදටත් ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. මෙම බස් රථයේ වායුසමන පද්ධතියද අලුත්වැඩියාකොට සුඛෝපභෝගී ධාවනයට ඒක කිරීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් ලංගම බස් අඩවියට පැවසිය.

This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ගම්පහ ඩිපෝ ඉංජිනේරු අංශයේ කේ. සමන්ත ප්‍රනාන්දු මහතා, රථයේ වත්මන් රියදුරු.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, September 9, 2013

ISUZU Cubic city bus from SLTB Gampaha depot

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU Cubic city bus (GM 05 / NA-0608) at Jawatta near the Thurstan college cricket grounds. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ඉසුසූ Cubic වර්ගයේ බස් රථයක් ජාවත්ත තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. බොහොමයක් මෙම බස් රථ ලංගමට ලබාදීමේදී වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත කර ලබා දී ඇතත් මෙම රථයේ වායු සමාන යන්ත්‍ර ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ඇත.

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 9, 2013

Wesco ISUZU MT112 bus from SLTB Gampaha depot

This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot Wesco ISUZU MT112 bus (GM 06 / 63-0214) at the Gampaha bus Stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT112 වර්ගයේ බස් රථයක් ගම්පහ බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත (වායුසමන උපාංග සහ වහලය මැද ආපදා දොරටු තවමත් දැකගත හැක)
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, February 13, 2013

SLTB breakdown service - Gampaha depot

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Leyland Comet breakdown service vehicle (22ශ්‍රී9659) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සැකසූ ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Wednesday, January 9, 2013

Colombo Rider Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot Ashok Leyland Viking Colombo Rider bus (GM 59 / GC-1253) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව සිදු කරන ලද අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත ඇතුළු මුල් පෙනුමට වෙනස්කම් සිදුව ඇති බව දක්නට ලැබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, December 19, 2012

Azad bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Azad bodied Ashok Leyland Viking bus (GM 34 / 63-3368) at the depot premises. This bus rehabilitated by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථයේ බඳ නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. මෙම බස් රථයද ජනාධිපති පදවිප්‍රාප්තිය නිමිතිකොට ගෙන පුනරුත්ථාපානය කර ඇත. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 14, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Gampaha depot

This photo was taken on July 7, 2012  in Kilinochchi, North, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, 54 seater Ashok Leyland Viking Tubro bus (GM 65 / NB-1245) at Kilinochchi. The bus allocated to the Jaffna 15 Colombo service. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කිලිනොච්චියේ දී. රථය මාර්ග අංක 15 යටතේ යාපනය හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2011 වසරේදී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Wednesday, August 15, 2012

LAL bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on Auguast 03, 2012  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Viking bus (GM 53 / 30ශ්‍රී7211) at Gampaha bus stand. This bus re-constructed by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1984 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් එකලස් කර ඇත්තේ ශ්‍රීලංගම සම්මතයන්ට අනුකූලවය. පසුකාලීනව මෙම බස් රථය ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම විසින් සිදු කළ සම්පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස නැවත ධාවනයට එක් කොට තිබෙන අතර 2011 වසරේ ගම්පහ ඩිපෝවේ ජනපති පදවිප්‍රාප්ති බස් රථය ලෙස නම් කර තිබේ.


This photo was taken on Auguast 03, 2012  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, May 3, 2012

Latec TATA 1510 bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Gampaha depot Latec TATA 1510 bus (GM 43 / 63-4377) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම බස් රථ වලද බඳ (body) ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම (Duple Metsec) එක්ව පුද්ගලික කරණය කරන ලද ලංගම මධ්‍ය වැඩපොළ වලදී එකලස් කර ඇත. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 26, 2012

TVS bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on December 31, 2011 in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot Ashok Leyland Viking TVS bodied bus (62-6530) at Gampaha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ගම්පහ නගරයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ TVS සමාගම විසිනි. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ තිබී පසුව ශ්‍රී ලං.ග.ම. හා එක්ව ඇත.