Showing posts with label 1210+ruby body. Show all posts
Showing posts with label 1210+ruby body. Show all posts

Sunday, May 19, 2024

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013, in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Ruby bodied TATA LP 1210/52 bus (MW 07 / 61-2141) at the Mawanella bus stand. The bus acquired to the PTS fleet in 1992. This photo was taken in October 2013 while it was allocated for the services between Ambadeniya and Mawanella under route number 417.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් මාවනැල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby  සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. 2013 වසරේ ඔක්තෝබර් මස 03 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 417 යටතේ  අඹදෙනිය හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, October 2, 2021

Ruby bodied TATA LP 1210/52 bus from RRBC Dambulla depot

This photo was taken in 2002 in Sigiriya, Central, LK.
Click for the full-size picture.
Rajarata Bus Company (RRBC / now SLTB) Dambulla depot, Ruby bodied Tata LP 1210/52 bus (DB 30 / 61-3578) at Sigiriya. The bus, which was launched in 1992 under the then PTS (Peoplized Transport Service), is made entirely in India. The body of the bus is manufactured by Ruby coachbuilders. At the time of taking the photograph in 2002, the bus was ready to run from Sigiriya to Dambulla. This photo is copyright to the respective photographer. Photo Courtesy: Almy -- රජරට බස් සමාගමේ (ර.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2002 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිගිරිය සිට දඹුල්ල බලා ධාවනයට සූදානම්ව තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡයරූපය උපුටා ගැනීම: Almy

Friday, September 11, 2020

Ruby bodied TATA 1210/36 SLCTB edition bus from SLCTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Kandy South depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (KS 210 / 29ශ්‍රී1340) in Kandy. Built in India according to the SLCTB specifications and acquired to the SLTB fleet in 1980. Allocated for the services between Deltota and Kandy under the route number 633. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම. ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ටාටා LP 1210/36 රූබී බඳ සහිත බස් රථයක්, මහනුවර දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 633 යටතේ දෙල්තොට හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්. 

Wednesday, February 5, 2020

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Kegalle depot

This photo was taken on February 04, 2020 in Kegalle, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus (KL 07 / 60ශ්‍රී3634) at the Kegalle bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, කෑගල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා සමඟිපුර අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත් දිනට ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම යෙදී ඇති හෙයින් බස් රථයේ ද ජාතික ධජයක් ප්‍රදර්ශනය කර ඇත.

Sunday, January 12, 2020

Ruby bodied TATA LP 1210/52 bus from PTS Kalutara depot

This photo was taken in 1992 in Kalutara, Western, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kalutara depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5045) at Kalutara with a special tour in April 1992. Acquired to the service in 1992. Photo taken from a PTS Kalutara calendar. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ / වත්මන් ශ්‍රී ලං.ග.ම. ) කළුතර ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ කළුතර දී. 1992 වසරේ සීමා සහිත කළුතර ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ ඩිපෝව මගින් පල කල දින දර්ශනයකිනි.

Thursday, December 6, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Negombo depot

This photo was taken in 1992 in Negombo, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Negombo depot, Ruby bodied TATA LP 1210/52 bus (30ශ්‍රී2992) at Negombo in April 1992. Acquired to the service in 1982 under the Sri Lanka Central Transport Board. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1992 වසරේ මීගමුවේ දී. 1982 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය මෙම වර්ගයේ මුල් කාලීනම බස් රථයකි. ඇතැම් විට පරීක්‍ෂණ ධාවනය වෙනුවෙන් මණ්ඩලය වෙත සපයන ලද්දක් විය හැකිය.

Wednesday, August 15, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Badulla depot

This photo was taken in April 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Badulla depot, Ruby bodied TATA LP 1210/52 bus (61-1975) at Badulla with a special tour in April 1991. Acquired to the service in March 1991. Special thank goes to Mr. Kavissara Sanjeewa for the pictures and the valuable information. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1991 වසරේ අප්‍රේල් මස බදුල්ලේ දී. 1991 වසරේ මාර්තු 25 වන දින සීමා සහිත බදුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් රු 975 000.00 ක මුදලක් එකවර ගෙවා මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස 1991 වසරේ අප්‍රේල් මස ධාවනයට එක් කර ඇත. මුල්කාලීනව කොළඹ - බදුල්ල, මහනුවර - බදුල්ල, අම්පාර - බදුල්ල වැනි වෙවාවන් වෙනුවෙන් යොදාගෙන ඇති රථය ඩිපෝවේ සුභසාධක චාරිකා රැසක් සඳහාද සිය දායකත්වය සපයා ඇති බව සැලයි. ඡායාරූප සහ තොරතුරු සඳහා විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මහතා.

1991 වසරේ මාර්තු මස 25 වන දින බස් රථය මිලදී ගෙන ඩිපෝව වෙත රැගෙන එන අතරතුර හපුතලේ දී. ඩිපෝ පරීක්‍ෂක තුමන් මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ද රථය ඉදිඉයෙන් සිටී. 
This photo was taken in March 25, 1991 in Haputhale, Uva, LK.
Click for the full size picture.
පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව ඇති රථයෙ බඳ, 63-4102 දරණ ටාටා 1510 වර්ගයේ තට්ටුවකට බද්ධ කර මේ දක්වා ධාවනයේ යෙදේ. 

Tuesday, June 12, 2018

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Kappetipola depot

This photo was taken on December 30, 2012 in  Welimada, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 1210/36 bus (61-3733) at the Welimada bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වැලිමඩ හා හපුතලේ අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය පසු කාලීනව හඟුරන්කෙත රියදුරු අභ්‍යාස විද්‍යාලයට සපයා දී ඇති අතර ඒ පිලිබඳ අප පල කල සම්පූර්ණ ලිපිය >> මෙතැනින් <<

Tuesday, September 5, 2017

Ruby bodied TATA 1210 LP 52 B bus from SLCTB Matale depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Matale depot, Ruby bodied TATA 1210 LP 52 B bus (ML 172 / 29ශ්‍රී1981) playing on the Dambulla - Matale road in 1980's. (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මාතලේ ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා 1210 B වර්ගයේ බස් රථයක් දඹුල්ලේ සිට මාතලේ බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. මෙම බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. මැනුම් අනුව රූබී සමාගම මගින් නිෂ්පාදිතය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්)

Thursday, June 1, 2017

Ruby bodied Classic TATA 1210 C bus from SLTB Bandarawela depot

This photo was taken on July 25, 2016 in Bandarawela, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot TATA LP 1210 / 42  Ruby bodied bus (BW 06 / 29ශ්‍රී4066) at Bandarawela bus stand. body built in India by Ruby, according to the SLCTB design. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා TATA LP 1210 / 42 රුබී බඳ සහිත බස් රථයක්, බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති මෙම රථ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පල්ලෙවෙල බලා ධාවනය වීමට සූදානමින්.

Saturday, December 17, 2016

Ruby bodied TATA 1210 C bus from SLTB Hanguranketa DTS

This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketa driver training school (DTS), Ruby bodied TATA 1210 c bus (HK 25 / 61-3733) at in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හඟුරන්කෙත ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 17, 2016 in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, June 14, 2016

TATA 1210 Ruby bodied bus from SLTB Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA 1210 bus (BW 28 / 61-3977) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. මේ වන විට මෙය ධාවනයෙන් ඉවත්ව ඇති බව සැලයි.

Monday, February 16, 2015

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Balangoda depot, Ruby bodied TATA LP 1210/32 SLTB edition bus (60ශ්‍රී3590) at the Balangoda bus stand. Built in India according to the SLTB specifications and acquired to the SLTB fleet in 1986. Allocated for the services on a local route between Polwattahena and Balangoda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, බලන්ගොඩ බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පොල්වත්තහේන හා බලන්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 12, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Bandarawela depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී1511) at the Badulla bus stand. Body built by Ruby coach builders in India according to the SLCTB specifications and acquired to the fleet in 1980. Allocated for the services on a local route between Neluwa and Badulla under the route number 224. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1980 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර එවකට ශ්‍රී ලංමගම පිරිවිතරයන්ට අනුව රුබී සමාගම මගින් එකලස් කල බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා හිමිදිරි උදෑසන ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නෙළුව බලා ධාවනය ආරම්භ කරමින්.

Friday, August 8, 2014

Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 SLCTB edition bus (29ශ්‍රී4208) at Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications and Acquired to the fleet in 1980. Allocated for the services between Kuttiyagolla and Badulla on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා 1210/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව බඳ සකසා 1980 වසරේ ධාවනයට එක් කර ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුට්ටියගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, May 24, 2014

Ruby bodied TATA LP 1210/36 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Badulla depot, Ruby bodied TATA LP 1210/36 bus (60ශ්‍රී3668) at the Badulla bus stand. Built in India according to the SLTB specifications. Acquired to the fleet in 1986 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, රූබී බඳ සහිත ටාටා LP 1210/36 රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ස්ප්‍රිංවැලි බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

The bus near the Demodara railway station -- දෙමෝදර දුම්රිය ස්ථානය අසලින් ගමන් කරන බස් රථය.
This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, March 7, 2014

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2013 in Kataragama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied TATA LP 1210/52 bus (KTG 35 / 61-4675) at Kataragama. Allocated for the services between Kataragama and Sella Kataragama -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය විය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සෙල්ලකතරගම හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, January 12, 2014

Ruby bodied TATA LP 1210/32 (E type) bus from SLTB Teldeniya depot

This photo was taken on December 28, 2013 in Loolwatta, Kandy, Central, LK, using a NIKON D5100.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Teldeniya depot, Ruby bodied TATA LP 1210/32 (E type) bus (TD 16 / 60ශ්‍රී3612) playing to Loolwatta. Assembled in India according to the SLTB specifications. Photo by: Tharanga Samarasekara. Special Thanks to Mr. Shalinka Jayasinghe -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙනිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 ඉන්දියානු රුබී  බඳ සහිත බස් රථයක්, ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ලූල්වත්ත බලා ධාවනය වෙමින්. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථය  සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡායාරූපය: තරංග සමරසේකර / අප වෙත ඒවා තිබූ ශාලින්ක ජයසිංහ මහතාට විශේෂ ස්තූතිය.

This bus at the  Loolwatta bus stop in 2007.  Photo by: Danushka Senadheera -- මෙම බස් රථය 2007 වසරේ ලූල්වත්ත බස් නැවතුමේ දී. ඡායාරූපය: දනුෂ්ක සේනාධීර
This photo was taken on December 02, 2007 in Loolwatta, Kandy, Central, LK, using a JVC GZ-MG575.
Click for the full size picture.

Thursday, December 26, 2013

Ruby bodied TATA LP 1210/32 bus from SLTB Badulla depot

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Bodulla depot, Ruby bodied TATA LP 1210/32 bus (60ශ්‍රී3703) at the Badulla bus stand. Body built by Ruby coach builders according to the SLCTB specifications. Ready to leave for Oththekade on a local route -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/36 වර්ගයේ  රුබී  බඳ සහිත බස් රථයක්, බදුල්ල බස් නැවතුමේ දී. 1986 නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත්තේ ශ්‍රී ලංමගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ලංගම වර්ගීකරණයන්ට අනුව මෙම බස් රථ E කාණ්ඩයට අයත්ව ඇති අතර ලංගම සතුව  රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඔත්තෙකඩේ බලා ධාවනය වීමට සූදානමින්. බදුල්ල ඩිපෝව මගින් මෙවැනි කුඩා ප්‍රමාණයේ බස් රථ රැසක් ධාවනය කරවමින් බදුල්ල ආශ්‍රිත කඳුකර ග්‍රාමීය මාර්ග රැසක ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසා දෙයි.

This photo was taken on November 28, 2013 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 16, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5445) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයට ලඟා වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. ලංගම වහරේ දී "කාදර් ටාටා" යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත.