Showing posts with label AT. Show all posts
Showing posts with label AT. Show all posts

Sunday, September 13, 2026

MG Alma bodied Ashok Leyland Leera luxury bus from SLTB Aambalantota depot

This photo was taken on August 29, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota Depot MG Alma-bodied Ashok Leyland Leera luxury bus (NE-3617) is seen at the Makumbura Multimodal Center (MMC), moments before departing for Hambantota. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Hambantota via Agunukolapelessa. The bus was specially painted in a “Senkadagalapura” themed livery, featuring artwork inspired by the Sri Dalada Maligawa, traditional Kandyan elephants, and other cultural motifs associated with the heritage of Kandy. The photograph was taken on 29 August 2026 at the Makumbura Multimodal Center, shortly after the bus commenced its journey towards Hambantota. -- ශ්‍රී ලංකා ගමනානගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන MG Alma බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලීරා වර්ගයේ බස් රථයක් මාකුඹුර බහිවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් (පොදු) සමාගම මගින් තාවකාලික කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථය මාකුඹුර හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවා සඳහා යොදවා තිබුණි. ශ්‍රී දළදා මාලිගාව, සාම්ප්‍රදායික මහනුවර ඇත් රූප සහ මහනුවර උරුමය හා බැඳුණු වෙනත් සංස්කෘතික අංග ඇසුරෙන් නිර්මාණය කළ සිතුවමක් සහිතව, "සෙංකඩගලපුර" තේමාවට අනුකූලව මෙම බස් රථය විශේෂයෙන් වර්ණ ගන්වා තිබුණි. මෙම ඡායාරූපය 2026 අගෝස්තු මස 29 වන දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී, බස් රථය හම්බන්තොට බලා සිය ගමන ආරම්භ කර මද වේලාවකට පසු ලබා ගන්නා ලදී.

Monday, September 5, 2022

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Ambalantota depot

This photo was taken on August 31, 2022, in Homagama, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-5467) at Katuwana road, Homagama. The bus was obtained from Lanka Ashok Leyland Company on temporary hire basis. Allocated for the Southern Expressway services between Makumbura and Hambantota. This photo was taken in August 2022 while it was parked. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් හෝමාගම කටුවාන මාර්ගයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හා හම්බන්තොට අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත.

Technical Specifications
Make :- Ashok Leyland
Model :- 12M FE
Coach Builder :- Automobile Corp. of Goa Ltd. (ACGL)
Steering type :- Power
Wheel Base :- 6200 mm
Year of Manufacturing :- 2017
SLTB type :- A
Status :- In service
Hired from Lanka Ashok Leyland Ltd

Information as at 05.09.2022

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, April 14, 2020

ISUZU Cubic ULV324L city bus from SLTB Ambalatota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic ULV324L city bus (AT 75 / NA-0561) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Special received form the Thalangama depot for the Hambantota - Mattala Airport service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් ULV324L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. මුලින් ශ්‍රී ලංගම උඩහමුල්ල ඩිපෝවටද දෙවනුව ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති බස් රථය, 2013 වසරේ මෙලෙස අම්බලන්තොට ඩිපෝවට අනියුක්ත කර ඇත්තේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ සේවාවන් සඳහා යෙදවීමටය. එම සේවාව ක්‍රියාත්මක නොවීමත් සමඟ රථය මෙලෙස හම්බන්තොට හා බඳගිරිය අතර ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළකල ලිපිය 

Monday, December 24, 2018

SLTB bus stand - Hambantota

This photo was taken on December 18, 2018 in Hambantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Hambantota SLTB bus stand in December 2018. -- හම්බන්තොට ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථ 2018 වසරේ දෙසැම්බර් මස 18 වන දින.

Sunday, December 16, 2018

Utkal bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot Ashok Leyland Viking Hinopower, Utkal bodied bus (AT 03 / NA-0801) at Kataragama. Rehabilitated by the depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Utkal බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී.  2005 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව අබලන්ව තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Friday, July 14, 2017

Wesco TATA 1313 bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Wesco TATA 1313 bus (AT 49 / 62-7448) in the depot premises. Body built by Wesco (Werahara Engineering Corporation Ltd.) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ සමාගම මගිනි.

Wednesday, April 12, 2017

Ashok Leyland Viking Latec Kesco bodied bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Latec Kesco bodied Ashok Leyland viking bus (61-8802) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. මෙහි මුහුණත හා පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇත.

Tuesday, April 26, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on August 01, 2014 in Katharagama, Southern, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalanthota depot Ashok Leyland Viking Hinopower bus (AT 17 / NA-4611) at Kataragama. Playing to Kataragama from Katuwana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. රථය කටුවන හා කතරගම අතර ධාවනය වන අවස්ථාවකි. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Thursday, July 9, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013, in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalatota depot, Lanka Ashok Leyland Viking 193 bus (AT 81 / 61-6313) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the PTS fleet in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී නිමවා 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී 2013 වසරේ දී අළුත්වැඩියා කර නැවත ධාවනයට සපයා තිබේ.

This photo was taken on December 30, 2013, in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, July 19, 2014

SLTB breakdown service - Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Leyland Comet breakdown service vehicle (22ශ්‍රී9654) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1961 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, April 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Viking Turbo 54 seater bus (AT 61 / NB-1197) in the depot premises. Allocated for the services under the route No.69 between Hambantota and Matale via Ambilipitiya, Ratnapura, Avissawella, Kegalle and Kandy. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 69 යටතේ මාතලේ හා හම්බන්තොට අතර ධාවනයට යොදවා තිබුණේ ඇඹිලිපිටිය, රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල හා මහනුවර හරහාය. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, April 6, 2014

SLTB breakdown service - Ambalantota depot

This photo was taken on December 12, 2011 in Ambalantota, Southern, LK, using a Sony DSC-S930.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (61-9116) at Ambalantota. Photo by: Thiwanka Jayasinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් අම්බලන්තොට දී. 1994 වසරේ ධාවනයට එක්වූ ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමන් සකසා ඇත. ඡායාරූපය: තිවංක ජයසිංහ.

Saturday, January 4, 2014

Mattala Airport - Hambanthota bus service from SLTB Ambalantota

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, ISUZU Cubic and Hino KC-HU2MLCA buses in the depot premises. These buses acquired to the Ambalantota depot in 2013 (from Moratuwa, Kadawatha and Thalangama depots) for the Mattala Airport - Hambanthota service. This service is not operational now. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ISUZU Cubic සහ  Hino KC-HU2MLCA වර්ගයේ බස් රථ කිහිපයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ 5 ක් 2013 වසරේ මත්තල ගුවන්තොටුපොළ විවෘත්ත වීමට සමගාමීව අම්බලන්තොට ඩිපෝවට (මොරටුව, කඩවත හා තලංගම ඩිපෝ වලින්) ලැබී ඇත්තේ,  මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තොට අතර ධාවනය කරවීම සඳහාය. උඩහමුල්ල ඩිපෝවේදී පූර්ණ අලුත්වැඩියාවකින් පසු (වායුසමන පද්ධතිද සහිතව) මෙම බස් රථ අම්බලන්තොට ඩිපෝවට ලබා දී තිබේ. කෙසේ වෙතත් ගැටළු කිහිපයක් මුල්කොටගෙන  මෙම සේවාව වර්තමානයේ ක්‍රියාත්මක නොවන අතර මෙම බස්රථ නැවත උඩහමුල්ල ඩිපෝවට රැගෙන යාමට නියමිත බව පැවසේ.

අම්බලන්තොට ඩිපෝව යටතේ සාමාන්‍ය ධාවනයට යොදවා ඇති තලංගම ඩිපෝවෙන් ලබාගත් බස් රථය. මෙම බස් රථය තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අවධියේ අප පළ කල ලිපිය: ISUZU Cubic City Bus from Thalangama Depot
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of  a bus -- බස් රථයක ඇතුලත
This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Saturday, December 21, 2013

Ashok Leyland Viking modified bus from SLTB Ambalantota depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalanthota depot, Ashok Leyland Viking modified bus (AT 46 / 63-2692) at Kataragama. Rehabilitated and modified in 2012 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) අම්බලන්තොට ඩිපෝව මගින්, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කරන ලද අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය නව බස් රථයක් ලෙස දිස් වන පරිදි අලුත්වැඩියා කර ඇති බව නිරීක්ෂණය වේ.

Monday, October 15, 2012

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on October 08, 2012, in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Viking 222 Hinopower bus (AT 14 / NA-4017) at the Colombo central bus stand. Acquired to the SLTB fleet in 2007. This photo was taken in 2012 while it was waiting to leave for Hambantota under route no 32. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ හම්බන්තොට බලා ධාවනයට වීමට සූදානමින් තිබුණි.