Showing posts with label CMBC. Show all posts
Showing posts with label CMBC. Show all posts

Saturday, March 14, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from CMBC Ratmalana depot

This photo was taken in 2000 in Kandy, Central, LK.
Click for the full size picture.
C.M.B.C. (Colombo Metropolitan Bus Company Ltd. / Now SLTB) Ratmalana depot, Wesco ISUZU MT111L bus (RL 192 / 62-5265) at the Kandy good shade bus stand in 2001. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ක.මෙ. බ.ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ශේඩ් බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ ලැබී ඇති මෙම බස් රථ මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් මාසයේ දී, මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, August 24, 2019

Wesco TATA LPO 1313/55 semi luxury bus from CMBC Moratuwa depot

This photo was taken on April 20, 2000 in Colombo 06, Western, LK, using a KODAK DC280.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Moratuwa depot, Wesco TATA LPO 1313/55 semi luxury (MR 88 / 62-7814) at Colombo 06 while playing to Galle under the route number 02. The image is copyright to the respective photographer -- ක. මෙ. බ. ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ වැල්ලවත්තේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 02 යටතේ කොළඹ සිට ගාල්ල බලා ධාවනයට යොදවා ඇති බව පෙනේ. ධාවනය අතරතුර සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් රථය අතර මැද නවතා පරීක්‍ෂාවකට ලක්වෙමින් ඇති බව පෙනේ . ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Wednesday, June 5, 2019

Lanka Ashok Leyland Viking bus from CMBC Moratuwa depot

This photo was taken in 1999 in Ratnapura, Sabaragamuwa, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Lanka Ashok Leyland Viking bus (MR 28 / 61-9061) at Ratnapura with a special hire in 1999. Body built by Lanka Ashok Leyland Ltd. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් විශේෂ චාරිකාවක් සමඟ රත්නපුර දී.  රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කොට ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Tuesday, December 25, 2018

Dimo TATA LP 1210/52 bus from CMBC Moaratuwa depot

This photo was taken in 2004 in Moratuwa, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now SLTB, Sri Lanka Transport Board) Moratuwa depot, Dimo TATA LP 1210/52 bus (MR 23 / 62-0098) at the Moratuwa bus stand in 2004. This photo is copyrighted to the respective photographer. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  මොරටුව ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LP 1210/52 බස් රථයක් 2004 වසරේ මොරටුව බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇති රථය එයින් වසර 10 කට පසු මෙලෙස දිස් වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, April 16, 2017

Ashok Leyland Viking Re-bodied bus from CMBC Ratmalana depot

This photo was taken in, 2004 in Central Bus Stand, Colombo, LK.
Click for the full size picture.
Colombo Metropolitan Bus Company (CMBC) Ratmanala depot, Ashok Leyland Viking Re-bodied bus (RL 20 / 62-1829) at the Central Bus Stand, Pettah. (The photo is copyright to the respective photographer) -- කලම්බෝ මෙට්‍රොපොලිටන් බස් සමාගමේ (ක.මේ.බ.ක.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 2001 වසරේ කරන ලද අනතුරු අළුත්වැඩියාවක දී මෙම ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද බඳ, පැරණි බස් රථයකින් සපයාගෙන බද්ධ කොට ධාවනයට එක් කර ඇත. ඡායාරූපය 2004 වසරේ පමණ ලබාගත්තකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. මෙම වටිනා ඡායාරූපය අප වෙත ඒවා තිබූ පොල් ඩේව්ලින් මහතාට විශේෂ ස්තූතිය)

Tuesday, April 5, 2016

SLCTB bodied Ashok Leyland Viking bus from CMBC Maharagama depot

This photo was taken in 2003 in Colombo, Western, LK.
Click on the image for the full size picture. 
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland viking bus playing to Pettah on route no 138. This photo was taken in 2003 in Colombo. (The photo is copyright to the respective photographer) -- කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස්  සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සැකසූ පැරණි අශෝක්  ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාර්ග අංක 138 යටතේ පිටකොටුව බලා ධාවනය වන අවස්ථාවක කොළඹ දී. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Sunday, May 25, 2014

Wesco ISUZU MT112 Luxury bus from CMBC Mattakkuliya depot

This photo was taken in 1997 in Mattakkuliya, Western, LK.
Click for the full size picture.
Colombo Metropolitan Bus company (CMBC / Now SLTB) Mattakkuliya depot, Wesco ISUZU MT112 luxury bus (MK 132 / 62-5642) in the depot premises with the launching ceremony in 1997. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer -- කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක. මේ. බ. ක. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී සිය මංගල ගමනට සූදානම්ව. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT112 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසා 1997 වසරේ ධාවනයට එක් කර ඇති මෙම බස් රථය වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවූ බව සැලයි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, March 30, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from CMBC Maharagama depot

This photo was taken on April, 2001 in Nugegoda, Western, LK.
Click for the full size picture.
Colombo Metropolitan Bus Company (CMBC / Now SLTB) Maharagama depot, SLCTB bodied Ashok Leyland Viking bus (23ශ්‍රී8449) playing to Nugegoda under on the route number 119. The image is copyrighted to the respective photographer. -- කලම්බු මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ (ක.මෙ.බ.ක / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව මගින් මාර්ග අංක 119 යටතේ මහරගම හා නුගේගොඩ අතර ධාවනය වූ,  ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නුගේගොඩ දී. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Sunday, September 29, 2013

Latec TATA LP 1510/52 bus from CMBC Thalangma depot

This photo was taken in 1999 in Kollupitiya, Colombo, Western, LK.
Click for the full size picture.
CMBC (Colombo Metropolitan Bus Company. Now Sri Lanka Transport Board) Thalangma depot, Latec TATA LP 1510/52 bus (TL 164 / 63-3059) at kollupitiya in 1999. Allocated for the services on the route No 177 between Kaduwela and Kollupitiya. -- ක. මේ. බ. ක. (කලම්බෝ මොට්‍රෝපොලිටන් බස් කම්පැනි. වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය)  තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් 1999 වසරේ කොල්ලුපිටියේ දී. රථය 1999 වසරේ දීම ඩිපෝවට ලැබුණු බස් රථයකි. මාර්ග අංක 177 ඔස්සේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබී ඇත.