Showing posts with label MT111+Wesco. Show all posts
Showing posts with label MT111+Wesco. Show all posts

Saturday, December 2, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on April 26, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Wesco ISUZU MT111L bus (62-4293) at Homagama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the PTS fleet in 1996. This photo was taken in April 2013 while it was allocated for the services between Maharagama and Avissawella under route bumber 122.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් හෝමාගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට, බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ, වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය  1996 වසරේ  අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. 2013 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, March 1, 2023

Wesco ISUZU MT111 L bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot Wesco ISUZU MT111 L bus (KN 52 / 62-4604) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. This photo was taken in April 2016 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයේ නිමවූ තට්ටුවකට බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් සර්විසස් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) මගින් බඳ නිමවා 1996 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වූවකි. 2016 වසරේ අප්‍රේල් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Thursday, June 25, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from NEBC Kattankudy depot

This photo was taken in 2000 in Colombo, Western, LK.
Click for the full size picture.
New Eastern Bus Company Ltd. (N.E.B.C./ Now SLTB) Kattankudy depot, Wesco ISUZU MT111L bus (KKY 05 / 62-4657) at the Colombo central bus stand in 2000. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1996. Allocated for the services between Kattankudy and Colombo under the route number 46. The photo is copyright to the respective photographer. -- නව නැගෙනහිර බස් සමාගමේ (න.නැ.බ.ස., වත්මන් ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දී, මාර්ග අංක 46 යටතේ කාත්තාන්කුඩි හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, March 14, 2020

Wesco ISUZU MT 111 L semi luxury bus from CMBC Ratmalana depot

This photo was taken in 2000 in Kandy, Central, LK.
Click for the full size picture.
C.M.B.C. (Colombo Metropolitan Bus Company Ltd. / Now SLTB) Ratmalana depot, Wesco ISUZU MT111L bus (RL 192 / 62-5265) at the Kandy good shade bus stand in 2001. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ක.මෙ. බ.ක. (කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ශේඩ් බස් නැවතුමේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1997 වසරේ ලැබී ඇති මෙම බස් රථ මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2000 වසරේ දෙසැම්බර් මාසයේ දී, මාර්ග අංක 01 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනයට යෙදවූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Thursday, April 19, 2018

Wesco ISUZU MT 111 L semi luxury bus from KLBC Panadura depot

This photo was taken in 2000 in Bambalapitiya, Western, LK.
Click for the full size picture.
Kalutara Bus Company (K.L.B.C. / Now SLTB) Panadura depot Wesco ISUZU MT111 L semi luxury bus (PN 151 / 62-4302) playing on the Galle road (under route no. 100 from Pettah to Panadura) at Bambalapitiya. The image is copyright to the respective photographer -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ බම්බලපිටියේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට පානදුර බලා ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

Tuesday, March 27, 2018

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on March 27, 2018 in Kesbewa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111 L bus (KB 37 / 62-4289) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම මධ්‍යම වැඩපොළ) මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය.

Tuesday, December 19, 2017

Wesco ISUZU MT111L bus from SLTB Udahamulla depot

This photo was taken on October 05, 2012 in kohuwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot Wesco ISUZU MT111L bus (UM 67 / 62-4395) at Kohuwala. Playing on the route No 17 from Dehiwala to Kurunegala. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK).  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව  යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කොහුවල දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය  1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 17 යටතේ දෙහිවල හා කුරුණෑගල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Saturday, October 14, 2017

Wesco ISUZU MT111 L semi luxury bus from GBC Ja-Ela depot

This photo was taken in 1997 in Ja-Ela, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company Ltd.  (GBC / Now SLTB) Ja-Ela depot, Wesco ISUZU MT111 semi luxury bus (JL 106 / 62-4470) playing on the Ja-Ela - Moratuwa semi luxury service. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 111 වර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ජා-ඇල හා මොරටුව අතර ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. මනා ඉඩප්‍රස්ථාවෙන් යුතු පළල් හා සුව පහසු ආසන, ආසන අතර මනා ඉඩ, කම්පන උරා ගන්නා ලී හා රබර් මිශ්‍ර තට්ටුව හා ගැස්සීම් අවම කරන මනා දුනු පද්ධතිය "අර්ධ සුඛෝපභෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කල බව එකල මෙම බස් රථ වලින් ගමන් පහසුව සලසාගත් මගී ජනතාව සාක්ෂි දරයි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Thursday, September 7, 2017

Modified Wesco ISUZU MT 111 L bus from SLTB Aluthgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot Wesco ISUZU MT 111 L modified bus (AL 35 / 62-4481) at Aluthgama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. රථයට ජවය සැපයෙන්නේද පසු කාලීනව බද්ධ කරන ලද අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයකින් වීම විශේෂත්වයකි.

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 12, 2017

Wesco ISUZU MT 111 L bus from SLTB Yatinuwara depot

This photo was taken on May 25, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Wesco ISUZU MT111L bus (YT 100 / 62-3684) in Kandy. Body built by Wesco with Duple Metsec. Playing on a local route to Pilimathalawa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ බස් රථයක් මහනුවර දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මහනුවර හා පිළිමතලාව අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Saturday, September 3, 2016

Wesco ISUZU MT111L bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Wesco ISUZU MT111L bus (62-4564) at Galle. Body built by Wesco with Duple Metsec. Playing on a local route, between Galle and Katudampe under the route number 528. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L බස් රථයක් ගාල්ලේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 528 යටතේ ගාල්ල හා කටුදම්පේ අතර ධාවනයට යෙදවා ඇත.

Wednesday, September 30, 2015

Wesco ISUZU MT111 L bus from SLTB Thalangama depot

This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Wesco ISUZU MT111 L bus (TL 127 / 62-4384) at Borella bus stand. Body built by Wesco with Duple Metsec. The bus awaiting it's turn on route 174. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L  බස් රථයක් බොරැල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මාර්ග අංක 174 යටතේ කොට්ටාව හා බොරැල්ල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. දැනට තලංගම ඩිපෝව යටතේ ධාවනය වන එකම Wesco බස් රථය මෙය වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 28, 2015 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Saturday, December 6, 2014

Wesco ISUZU MT 111L bus from SLTB Negombo depot

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111L bus (NB 12 / 62-4307) in the Ja-Ela depot premises. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK and acquired to the fleet in 1996. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT 111L මාදිලියේ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්‍ෂණය යටතේ වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට සපයා ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව සාමාන්‍ය සේවා සඳහා යෙදවී ඇත.

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, October 10, 2014

Wesco ISUZU MT 111 L bus from SLTB Kalutara depot

This photo was taken on October 10, 2014  in Kaluthara, Western, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Wesco ISUZU MT 111L bus (KT 47 / 62-4477) at the Kalutara SLTB bus stand. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. acquired to the fleet in 1996. Photo by: Tharindu Wickramaratne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයක් කළුතර ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 111 L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec UK ) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ සකසා නිමවා ඇති රථය 1996 වසරේ ධාවනයට එක් වී ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වූවද පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

Monday, September 29, 2014

Wesco ISUZU MT111L bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Wesco ISUZU MT 111L bus (GP 47 / 62-3767) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1996. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK. Allocated for the services between Gampola and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT111L තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව අර්ධ සුඛෝපබෝගී රථයක් ලෙස ධාවනයට එක්වී පසුකාලීනව මෙලෙස සාමාන්‍ය ගාස්තු යටතේ කෙටිදුර සේවා සඳහා යෙදවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, April 25, 2014

Wesco ISUZU MT111L bus from SLTB Kadawatha depot

This photo was taken on April 24, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Wesco ISUZU MT111L bus (KW 28 / 62-4238) at the Bambalapitiya bus stand. Body built by Wesco with Duple Metsec (UK) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් බම්බලපිටිය බස් නැවතුමේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මුල් කාලීනව අර්ධ සුඛෝපබගී බස් රථයක් ලෙස ධාවනයවී ඇති අතර පසුකාලීනව සාමන්‍ය ගාස්තු යටතේ කෙටි දුර සේවා සඳහා යෙදවිණි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 10, 2014 in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, April 16, 2014

Wesco ISUZU MT 111 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot Wesco ISUZU MT 111 bus (BT 32 / 62-8422) at Katharagama. Rehabilitated in 2013 by the Batticaloa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT 111 වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කල ISUZU MT111 තට්ටුවකට වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර වැඩපොලේ දී බඳ සකසා මෙම බස් රථ නිමවා ඇත. මුලින් අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වූවද පසුකාලීනව සාමාන්‍ය ධාවනය සඳහා යොදවා ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දෙසැම්බර් මස මඩකලපුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියා වේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂාකොට ගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, March 18, 2014

Wesco ISUZU MT 111 L modified bus from SLTB Ja-Ela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Wesco ISUZU MT 111 modified bus (JL 01 / 62-9083) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111 වර්ගයේ බස් රථයක් කතරගම දී. බස් රථයේ බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇත. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ජා-ඇල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 28, 2014

Wesco ISUZU MT111L bus from SLTB Kurunegala north depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Wesco ISUZU MT111L bus (KGN 31 / 62-5457) at Kurunegala. Rehabilitated in 2013 by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් කුරුණෑගල දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙරටදී නිමවා ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති අතර 2013 වසරේ කුරුණෑගල උතුර ඩිපෝ සේවක පිරිස විසින් ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත. අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්‍ෂා කොට ගෙන තිබීම කැපී පෙනේ.

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 15, 2014

Wesco ISUZU MT111L bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Wesco ISUZU MT 111 L bus (62-4437) at the Hatton bus stand. Ready to leave for Kandy. Rehabilitated and modified by the depot workers in 2011 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී, මහනුවර බලා ධාවනය වීමට සූදාමින්. ජපානයෙන් ආනයනය කරන ලද තට්ටුවකට, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇති මෙම බස් රථය කලක් ධාවනයන් සීමා කර තිබී ඇති අතර 2011 වසරේ හැටන් ඩිපෝ සේවක පිරිස විසින් ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිස නැවත අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති වීදුරු වෙනස්කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.