Wednesday, April 16, 2014

Wesco ISUZU MT 111 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot Wesco ISUZU MT 111 bus (BT 32 / 62-8422) at Katharagama. Rehabilitated in 2013 by the Batticaloa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT 111 වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කල ISUZU MT111 තට්ටුවකට වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර වැඩපොලේ දී බඳ සකසා මෙම බස් රථ නිමවා ඇත. මුලින් අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වූවද පසුකාලීනව සාමාන්‍ය ධාවනය සඳහා යොදවා ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දෙසැම්බර් මස මඩකලපුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියා වේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂාකොට ගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. මේ බස් වලත් වායුසමන පද්ධති හදලා.නගරාන්තර සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් කරා නම් ලොකු දෙයක්.ඉන්දියාවෙන් ගෙනාපු බස් වගේ නෙමෙයි මේවා ගොඩක් ශක්තිමත්.මෙ බස් රථ වලින් සමහර ඒවා modify කරලා තියෙන විදිය දැක්කාම ආස හිතෙනවා.ආඩම්බර හිතෙනවා අපේ රටේ සුපිරි වැඩකාරයෝ ඉන්නවා නේද කියලා.

    ReplyDelete