Showing posts with label HR. Show all posts
Showing posts with label HR. Show all posts

Thursday, December 9, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018, in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyalnd Lynx 3900 bus (HR 53 / NB-5855) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2018 while it was allocated for the services between Karandana and Horana under route number 449. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ හොරණ හා කරඳන අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 449 යටතේය.

Friday, October 12, 2018

SLTB bus stand - Horana

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Horana SLTB bus stand in June 2018. -- හොරණ ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති හොරණ සහ කළුතර ඩිපෝවන්ට අයත් බස් රථ 2018 වසරේ ජුනි මස 26 වන දින. පසෙකින් ඇති ලා නිල් පැහැති බස් රථය බැලු බැල්මට ශ්‍රී ලංගමට අයත් නොවන රථයක් ලෙස දිස් වූවද එය ශ්‍රී ලංගම හොරණ ඩිපෝව යටතේ ධාවනය වන NB-7489 දරණ බස් රථයයි.

Saturday, September 22, 2018

SLTB breakdown service - Horana depot

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GE-0141) in the depot premises. Bharat bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, භාරත් කොච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Tuesday, June 26, 2018

SLCTB bodied Ashok Leyland Viking open-top single-decker bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, SLTB bodied Ashok Leyland Viking open-top single-decker bus (29ශ්‍රී8907) in the depot premises. Modified by the depot workers in 2018 June. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයකි. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙය මුල් කාලීනව හොරණ කොළඹ මාර්ගයේ ධාවයන වී ඇති බව සැලයි. 2010 වසරේ ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් නැවත අලුත්වැඩියා වී ධාවනයට එක් වන මෙය මෑත කාලීනව නව බස් රථ ලැබීමත් සමඟ ඩිපෝ අංගනයට සීමා වී තිබී ඇත. ඒ අනුව ඩිපෝ ඉංජිනේරු තුමන් ඇතුළු ඩිපෝ සේවක පිරිසට පැමිණි අදහසකට අනුව රථයේ වහලය විවෘත්ත කර එයට නව මුහුණුවරක් හා වටිනාකමක් එක් කිරීමට මේ වන විට ඩිපෝව සමත්ව ඇත. මෙම රථය විශේෂ සංචාර සඳහා කුලී පදනම මත ලබා දීම ඩිපෝවේ අරමුණයි. ඉදිරියේදී රථය ලංගම අභිමානයත් රැගෙන වීථි පුරා සැරිසරනු ඇති.

This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ ඇතුලත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සපයා ගත් රුමේනියානු දුම්රිය මැදිරි වල ආසන මෙලෙස නවීකරණය කර රථයට සවි කර ඇත
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

රථයේ රියදුරු කුටිය
This photo was taken on June 26, 2018 in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

මෙම රථය 2012 වසරේ සාමාන්‍ය ධාවනයේ
This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full post.

Tuesday, February 27, 2018

SLTB breakdown service - Horana depot

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot,  Leyland Comet engineering service vehicle (23ශ්‍රී3567) in the Panadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් පානදුර ඩිපෝ අංගනයේ දී. රථය  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Sunday, January 14, 2018

SLTB supply division - Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Ashok Leyland Viking supply division service vehicle (30ශ්‍රී0585) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී0585 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසාගෙන ඇත.

Wednesday, November 15, 2017

Antony bodied TATA LP 1510/52 bus from SLTB Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Antony bodied TATA LP 1510/52 bus (HR 40 / NA-3112) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

Wednesday, August 19, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Horana depot

This photo was taken on July 11, 2015 in Pettah, Western, LK, using a Sony Ericsson C905.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Ashok Leyland Viking Turbo bus (HR 12 / NB-9550) at Pettah. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ පිටකොටුවේ දී. රථය මාර්ග අංක 120 යටතේ හොරණ හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Tuesday, November 18, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Latec TATA LP 1510/52 bus (HR 141 / GE-7556) at the Horana bus stand. Body built by Latec with Duple Metsec UK and acquired to the fleet in 2000. Allocated for the services between Horana and Matugama under the route number 458/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2000 වසරේ දී පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 458/4 යටතේ හොරණ හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, August 18, 2014

SLCTB bodied Ashok Leyland Viking from SLCTB Hoarana depot

This photo was taken on 1981 in  Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB, Now Sri lanka Transport Board- SLTB) Horana depot, SLCTB bodied Ashok Leyland viking bus (HR 58 / 23ශ්‍රී8369) playing in Colombo under the route number 125. The bus acquired to the fleet in 1977. Photo by: Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම., වර්තමානයේ ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලංමගම විසින් බඳ සකසා ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් 1981 වසරේ කොළඹ දී. 1977 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 125 යටතේ කරඳන හා කොළඹ අතර ධාවනය වී ඇත.

Sunday, June 29, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Horana depot

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7485) at the Kataragama bus stand. Acquired to the SLTB Horana depot in March 2014 under a special leasing scheme. Allocated for the services between Panadura and Kataragama via Ambilipitiya and Hoarana under the route number 64/2. Photo by: Sukhitha Chinthana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2014 වසරේ මාර්තු මස මෙම වර්ගයේ බස් රථ 05 ක් හොරණ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිල දී ගෙන ඇති අතර ඒවා විවිධ මාර්ග වල ධාවනයට එක් කර ඇත. හදිසි ධාවන අවශ්‍යතා මත ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ නොගන්වාම ඩිපෝව වෙත සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 64/2 යටතේ පානදුර හා කතරගම අතර (ඇඹිලිපිටිය හා හොරණ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූප: සුඛිත චින්තන

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.

Sunday, February 23, 2014

Dimo TATA LP 1210/52 modified bus from SLTB Hoarana depot

This photo was taken on December 01, 2013 in Horana, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Dimo TATA LP 1210/52 modified bus (HR 46 / 62-0552) at the Horana bus stand. Body repaired and modified by the Elaka Lakdiwa workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. විවිධ හේතුන් මත මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. මෑත කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ සිදුකළ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙම බස් රථය මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

Monday, February 10, 2014

Bharat bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Bharat bodied Ashok Leyland Viking bus (HR 121 / 63-3002) at Kararagama. Rehabilitated (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Bharat Coach Builders සමාගමේ නිෂ්පාදිතය. ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, 2012 වසරේ දී හොරණ ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Sunday, December 15, 2013

ACCL bodied Ashok Leyland Viking bus from SLTB Horana depot

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, ACCL bodied Ashok Leyland Viking bus (61-3870) at the Bulathsinhala bus stand. Acquired to the Horana depot in 2012 from the Mattakkuliya depot. The bus ready to leave for Niggaha via Pahiyangala under the rout number 286/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන, ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බුලත්සිංහල බස් නැවතුමේ දී. රථය 2012 වසරේ හොරණ ඩිපෝවට ලැබී ඇත්තේ මට්ටක්කුලිය ඩිපෝවෙනි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 286/1 යටතේ බුලත්සිංහල හා නිග්ගහ අතර ධාවනයට යොදවා තිබුණි. ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකට පාහියංගල බලා යන මගීන්ට බුලත්සිංහල සිට මෙම බස් රථයෙන් ගමන්පහසුව සලසාගත හැක.

This photo was taken on December 01, 2013 in Bulathsinhala, Kalutara, Western, LK, using a Samsung S5230W 
Click for the full size picture.

Sunday, October 27, 2013

Bharat bodied Ashok Leyland Hinopower bus from SLTB Horana depot

This photo was taken on October 02, 2013 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hoarana depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (HR 109 / NA-4075) near the Racecourse, Colombo 07. Playing to Bulathsinhala  from Colombo on the route no. 120. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කොළඹ 07, තුරඟ තරඟ පිටිය ආසන්නයේ දී. රථය මාර්ග අංක 120 ඔස්සේ කොළඹ සිට බුලත්සිංහල බලා ධාවනය වන අවස්ථාවකි. 2006 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

Tuesday, August 27, 2013

SLCTB bodied Ashok Leyland Viking modified bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, SLCTB bodied Ashok Leyland Viking modified bus (HR 99 / 29ශ්‍රී8907) at the Horana bus stand. Rehabilitated and modified by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. 1982 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ එකලස් කර ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනය සීමා වී තිබුණු මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ පළමු පදවිප්‍රාප්තියේ සිව්වන වසර (2009) සැමරීම පිණිස ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතා ඇතුළු හොරණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස සේවයට එක් කර ඇත.

This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 05, 2012 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 11, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Horana depot

This photo was taken on April 21, 2012 in Katharagama, Uva, LK, using a Sony Ericsson LT26i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking Turbo 54 seater bus (HR 100 / NA-8861) at the Kataragama bus stand. Allocated for the services under route No. 64/2 between Kataragama and Panadura  via Tissamaharamaya, Hambanthota, Ambalanthota, Ambilipitiya, Udawalawa, Ratnapura, Ingiriya, Horana and Bandaragama. Photo by: Heshan Dissanayaka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී.  රථය මාර්ග අංක 64/2 ඔස්සේ කතරගම හා පානදුර අතර  (තිස්සමහාරාමය, හම්බන්තොට, අම්බලන්තොට, ඇඹිලිපිටිය, උඩවලව, රත්නපුර, ඉංගිරිය, හොරණ හා බණ්ඩාරගම හරහා) ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව ලබාගත් බස් රථයකි. ඡායාරූපය: හෙෂාන් දිසානායක

Saturday, April 13, 2013

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HR 51 / NA-1104) at the Horana bus stand. The bus acquired to the fleet in 2005. Allocated for the services between Horana and Colombo under the route number 120. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනොපවර් වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 120 යටතේ හොරණ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, March 3, 2013

TVS bodied Ashok Leyland Viking modified bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board  (SLTB) Horana depot, TVS bodied Ashok Leyland Viking bus (HR 16 / 62-5462) at the Horana bus stand. Rehabilitated and modified by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 1997 වසරේ ධාවනයට එක්වී පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය, ප්‍රවාහන අමාත්‍යංශ උපදෙස් මත හොරණ ඩිපෝව මගින් පුනරුත්ථාපානය කර නැවත ධාවනයට එකතු කර තිබේ. අලුත්වැඩියාවේ දී මුහුණත පියන ලටෙක් ටාටා DM බස් රථයකින් සපයාගෙන තිබේ.

This photo was taken on September 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 1, 2012

SLCTB bodied Ashok Leyland Viking modified buses from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking SLCTB bodied buses (HR 99 / 29ශ්‍රී8907 and HR 93 / 30ශ්‍රී6153)  at the Horana bus stand. These buses rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථ යුගලයක් හොරණ බස් නැවතුමේ දී. මේවා ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට එක් කල බස් රථ වේ. අලුත්වැඩියාවන් වලදී රථ වල මුහුණත මුල් පෙනුමට යම් වෙනස් කරම් කර ඇති බව දක්නට ලැබේ.