Showing posts with label Viking+Utkal. Show all posts
Showing posts with label Viking+Utkal. Show all posts

Monday, April 27, 2020

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalmunai depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalmunai depot, Utkal bodied Ashok Leyland Viking bus (KM 13 / 63-3184) at the Kalmunai bus stand. Acquired to the fleet in 1999 under the NEBC (New Eastern Bus Company) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කල්මුනේ ඩිපෝවට අයත්, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

Sunday, December 16, 2018

Utkal bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot Ashok Leyland Viking Hinopower, Utkal bodied bus (AT 03 / NA-0801) at Kataragama. Rehabilitated by the depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, Utkal බඳ සහිත බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී.  2005 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව අබලන්ව තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Saturday, August 11, 2018

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Utkal bodied Ashok Leyland Viking bus (KT 70 / 63-3743) at Kataragama. Body built by Utkal Automobiles (pvt.) Ltd. Acquired to the service in 2000. Rehabilitated by the depot workers in 2014 to celebrate the president's induction -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයෙ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2014 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 10, 2017

UTKAL bodied Ashok Leyland Viking, Modified bus from SLTB Mahiyangana depot

This photo was taken on February 05, 2016 in Mahiyangana, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, UTKAL bodied Ashok Leyland Viking bus (63-2824) at Mahiyanganaya. Body built by UTKAL. Acquired in 2000 to the service. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහියංගණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මහියංගණයේ දී. මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වන්නේ 2000 වසරේදී පමණය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙහි මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇත. 

Tuesday, January 24, 2017

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot, UTKAL bodied Ashok Leyland Viking bus (KBG 38 / 63-3162) at Medawachchiya bus stand. Body built by UTKAL. Acquired in 2000 to the service. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මැදවච්චිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මැදවච්චිය බස් නැවතුමේ දී. මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම්  හා එකතු වන්නේ 2000 වසරේදී පමණය. 

(කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය)

Friday, January 15, 2016

Ashok Leyland Viking Utkal Bodied bus from SLTB Udahamulla depot

This photo was taken on February 08, 2015 in Beruwala, Western, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking Hinopower, Utkal bodied bus (UM 97 / NA-3385) at beruwala  Playing on the route No  32. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බේරුවල දී. 2006 වසරේ ලංගම රථ ඇණියට එක්වී ඇති, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථය UTKAL වර්ගයේ බඳකින් යුක්තය. මාර්ග අංක 32 යටතේ කතරගම හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Wednesday, March 25, 2015

Utkal bodied Ashok Leyland Viking 193 bus from SLTB Teldeniya depot

This photo was taken on November 05, 2014, in Teldeniya, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Utkal bodied Ashok Leyland Viking 193 bus (TD 24 / 63-3726) in front of the depot. The bus acquired to the KBC fleet in 2000. Allocated for the services between Kandy and Teldeniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් ඩිපෝව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර හා තෙල්දෙණිය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, January 31, 2015

UTKAL bodied Ashok Leyland Vikng 222 Hinopower bus from SLTB Welisara depot

This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, UTKAL bodied Ashok Leyland Vikng 222 Hinopower bus (WS 19 / NA-4684) in the depot premises. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Kurunegala and Colombo under the route number 05. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) වැලිසර ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලේනඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ Utkal සමාගම මගින් නිමවා 2007 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 05 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 14, 2013 in Welisara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 9, 2014

Utkal bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Utkal bodied Ashok Leyland Viking 193 bus (63-3593) at Narahenpita. Acquired to the CMBC fleet in 2000. Allocated for the staff service between Narahenpita and Ingiriya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාරාහේන්පිට සිට ඉංගිරිය බලා කාර්යාල ප්‍රවාහන සේවා යටතේ ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, September 3, 2014

Utkal bodied Ashok Leyland Viking 193 modified bus from SLTB Theldeniya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Theldeniya depot, Utkal bodied Ashok Leyland Viking 193 modified bus (TD 22 / 63-2717) at Kataragama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ ඉන්දියාවේ Utkal Automobiles සමාගමේ නිපදවා ඇත. 1999 වසරේ එවකට මහනුවර බස් සමාගම හා එක්ව ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 දී තෙල්දෙණිය ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 9, 2014

UTKAL bodied Ashok Leyland Viking 193 buses from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, UTKAL bodied Ashok Leyland Viking 193 buses (KW 43 / 63-3607 , KW 44 / 63-3608) parked in the depot premises. Acquired in 2000 to the GBC (Gampaha Bus Company) fleet.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 UTKAL බඳ සහිත බස් රථ ද්විත්වයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම (ග.බ.ස.) යටතේ ධාවනයට එක් වී ඇත. බස් රථ ද්විත්වයට ආසන්න ලියාපදිංචි අංක සහ ඇණි අංක ලැබී තිබීම විශේෂත්වයකි.

Monday, January 20, 2014

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Matale depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, Utkal bodied Ashok Leyland Viking bus (63-2716) at Kataragama. Body built by Utkal Automobiles (pvt.) ltd. and acquired to the fleet in 1999. Rehabilitated by the depot workers in 2013 to celebrate the president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයෙ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2013 වසරේ මෙලෙස ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම නිමිත්තෙනි.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, October 6, 2013

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Utkal bodied Ashok Leyland Viking bus (UM 17 / 61-3868) at Dehiwala. Allocated for the services on the route no 176 Dehiwala - Hettiyawatta. Originally acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් දෙහිවල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇත. මෙම බස් රථ 1992 වසරේ දී, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මතුගම, හෝමාගම සහ මට්ටක්කුලිය යන ඩිපෝවලට පමණක් ලැබී ඇති අතර පසුකාලීනව මට්ටක්කුලිය ඩිපෝවෙන් මෙම බස් රථය මෙලෙස උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල හා හෙට්ටියාවත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, September 26, 2013

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on May 30, 2013 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Utkal bodied Ashok Leyland Viking bus (KT 63 / 63-2724) at the Horana bus stand. Recently repaired by the depot. Awaiting to leave for Kalutara. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කළුතර ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති, UTKAL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් හොරණ බස් නැවතුම්පොළේ දී. 1999 වසරේ ධාවනයට එක් වී ඇති රථය මේ වන විට සිසු සැරිය බස් රථයක් ලෙස භාවිතා වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කළුතර බලා ධාවනයට සූදානමින් තිබුණි.

Sunday, June 9, 2013

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Badulla depot

This photo was taken on April 11, 2013 in Wevalhinna, Badulla, Uva, LK, using a Sony Ericsson st18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Utkal bodied Ashok Leyland Viking bus (63-2827) at Wevalhinna, Badulla. Playing to Wewalhinna on a local route. (Photo by: Daminda Prasangika)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් වේවැල්හින්න බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාව් නිෂ්පාදිත රථයේ බඳ  Utkal සමාගම මගින් එකලස් කර ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Wednesday, April 17, 2013

Ashok Leyland Viking UTKAL bodied bus from SLTB Siyambalanduwa sub Depot

This photo was taken on March 28, 2013  in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot,  Ashok Leyland Viking Hinopower UTKAL bodied bus (NA-4061) at Ampara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියඹලාණ්ඩුව උප ඩිපෝවට (මොනරාගල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස ක්‍රියාත්මක වේ) අයත් අශෝක් ලේලේනඩ් වයිකින්ග් බස් රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ UTKAL සමාගම මගින් නිපදවා ඇත.

Wednesday, March 13, 2013

UTKAL bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Wariyapola depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, UTKAL bodied Ashok Leyland Viking Hinopower bus (WR 48 / NA-4114) at the Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලේනඩ් වයිකින්ග් බස් රථයක් කුරුනෑගල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ ඉන්දියාවේ UTKAL සමාගම මගින් නිපදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, July 1, 2012

Utkal bodied Ashok Leyland Viking 222 bus from SLTB Mattakkuliya depot

This photo was taken on June 11, 2012  in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Utkal bodied Ashok Leyland Viking 222 bus (MK 81 / NA-3857) in Colombo. Acquired to the SLTB fleet in 2006. This photo was taken in June 2012 while it was Playing under the route no 99 from Welimada to Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයකි. මෙහි බඳ ඉන්දියාවේ UTKAL Coach builders සමාගම මගින් නිපදවා ඇත. 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකවී ඇත. 2012 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 99 යටතේ වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවතුණි.

Monday, June 4, 2012

Utkal bodied Ashok Leyland Viking 193 bus from SLTB Wennappuwa depot

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Utkal bodied Ashok Leyland Viking 193 bus (WP 38 / 63-3228) at the Chilaw bus stand. Acquired to the Wayamba bus company Ltd. fleet in 1999. This photo was taken in May 2012 while it was parked in the Chilaw bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් හලාවත බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථ වල බඳ ඉන්දියාවේ UTKAL සමාගම මගින් නිපදවා ඇත. 1999 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ මැයි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හලාවත බස් නැවතුමේ ගාල් කොට තිබුණි.  

This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Monday, May 14, 2012

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Puttalam depot

This photo was taken on May 01, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Puttalama depot, UTKAL bodied Ashok Leyland Viking bus (PT 78 / NA-4051) at Battaramulla Koswatta. Playing on a special journey.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. මෙම බස් රථයේ බඳ (body) ඉන්දියාවේ UTKAL සමාගම විසින් නිපදවා ඇත. පිටුපසින් පැමිණෙන අනෙක් බසය බණ්ඩාරවෙල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේම බස් රථයකි. එහි බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ රූබි (RUBY) සමාගම මගිනි. මෙම රථ විශේෂ චාරිකාවන් සඳහා පැමිණි අවස්ථාවකි.