Showing posts with label memories. Show all posts
Showing posts with label memories. Show all posts

Thursday, April 16, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 07

This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
සත් වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ ජනතා සන්තක ප්‍රවාහන සේවය කිරිඳිවැල ඩිපෝව හා බැඳුණු මතක සටහනකි. 1992 වසරේ සීමාසහිත කිරිඳිවැල ජනතා සන්තක ප්‍රවාහන සේවයේ සේවක පිරිස වසින් මෙම TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයෙන් (KD 35 / 61-4150) සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1992 වසරේ රන්දෙනිගල ප්‍රදේශයේ චාරිකාව අතරතුර ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කිරිඳිවැල ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල එම්. පී. රූපසිංහ මහතාය. සුදු වර්ණ සහිත කමිසයකින් ඔහුද ඡායාරූපයේ පෙනී සිටී. අප වෙත එවන ලද්දේ ලංගම බස් අඩවියේ පාඨක අනුර සෝමරතන මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවූ බස් රථයක් වන අතර TVS සමාගමේ එකලස් කරන ලද බඳකින් යුක්ත වී ඇත. රථය උදාගම් වැඩපිළිවෙළ යටතේ කෑරගල මහාබෝධිගම ගම්මානය ආරම්භක අවස්ථාවේදී, මාර්ග අංක 227 යටතේ යටතේ හේනේගම හා කොළඹ අතර ධාවනය සදහා යෙදවූවකි. එලෙස ධාවනය කරවීම සඳහා 1991 වසරේ දී බස්‍ රථය ඩිපෝව වෙත ලබා දී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් විසිනි. මෙම බඳ සහිත බස් රථ ඉතා සීමිත ගණනක් පමණක් ලංගම යටතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම තිබී ඇත.

චාරිකාව අතරතුර ලබාගත් තවත් ඡායාරූපයක්.
This photo was taken in 1992 in Randenigala, Central, LK.
Click for the full size picture.
ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Sunday, April 5, 2020

ලංගම මතක සටහන් - ලිපි අංක 06

This photo was taken in 1995 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.
සය වන මතක සටහන ලෙස ඔබට ගෙන එන්නේ පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල මධ්‍යම වැඩපොළ නොහොත් කෙස්කෝ (කහගොල්ල ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන්) වැඩපොළ හා බැඳුණු මතක සටහනකි. 1995 වසරේ කහගොල්ල වැඩපොළේ සේවක පිරිස විසන් වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස යොදාගත් මෙම මර්සිඩීස් බෙන්ස් OP312 වර්ගයේ (22ශ්‍රී4873) බස් රථයෙන් සුභසාධක චාරිකාවක් පැමිණි අපූරු මතක සටහනකි. මෙම ඡායාරූපය 1995 වසරේ අනුරාධපුර දී ලබගාන්නා ලද්දකි. මෙම මතක සටහනේ හිමිකරුවා වන්නේ එවකට කෙස්කෝ වැඩපොළේ ගබඩා භාරකරු ලෙස කටයුතු කල එන්. එච්. විමලසේන මහතාය. අප වෙත එවන ලද්දේ කවිස්සර සංජීව මහතා විසිනි.

මෙම බස් රථය පිලිබඳ අමතර යමක් සඳහන් කරන්නේ නම්, මෙය 1958 බස් ජනසතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක් වූ මර්සිඩීස් බෙන්ස් OP312 වර්ගයේ බස් රථයකි. තට්ටුව ජර්මනියේ නිෂ්පාදිත අතර බඳ ස්විස්ටර්ලන්ත වෝල් සමාගමේ නිමවා ඇත. බස් රථය ලංගම මහනුවර දකුණ ඩිපෝවට ලැබී ඇති අතර 1980 දශකයේ මුල භාගයේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝව යටතේ කෙටි දුර සේවා හා විශේෂ චාරිකා සඳහා යොදාගෙන ඇත. 1986 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ කහගොල්ල වැඩපොළට සේවක පිරිස් ප්‍රවාහනය සඳහා මෙම රථය ලබා දී ඇත. 1991 ජනතාකරණයෙන් පසු කහගොල්ල වැඩපොළ පුද්ගලික අංශයට (ලටෙක් සමාගමට) පවරා ඇති අතර මෙම ඡායාරූපය ලබාගන්නා අවධියේ (1994 න් පසු) වැඩපොළ රජය සතුව කෙස්කෝ හෙවත් කහගොල්ල ඉංජිනියරින් සර්විසස් කෝපරේෂන් නමින් පවත්වාගෙන ගොස් ඇත. කෙසේ වූවද 2000 වසරේ වැඩපොළ නැවත පුද්ගලික අංශයට පැවරී ඇති අතර පුද්ගලික අංශය මගින් වැඩපොළ වසාදමා එහි තිබුණු යන්ත්‍රසූත්‍ර ආදියද විකුණා දමා ඇති අතර මෙම බස් රථයද එලෙසම විකිණී ගොස් ඇත.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Friday, August 9, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 05

This photo was taken on April 09, 2009 in Ramboda,  Central, LK.
Click for the full size picture.
පස් වන මතක සටහන් ලිපිය ලෙස අප ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංගම හා බැඳුනු තවත් එක් අපූරු මතක සටහනකි. එනම් ඉතිහාසයේ පළමු වරට නුවරඑළිය නගරයට දෙමහල් බස් රථයක් ඇතුළු වීමේ මතක සටහනයි. ඒ අනුව 2009 වසරේ අප්‍රෙල් මස නුවරඑළිය වසන්ත උදානය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවේ 60ශ්‍රී6640 දරණ ලේලන්ඩ් රූට්මාස්ටර් වර්ගයේ විශේෂ සංචාර සේවා බස් රථය සහභාගී කරවා ඇති අතර 2008 වසරේ රම්බොඩ උමං මග ජනතා අයිතියට පත්වීමත් සමඟ එම පිවිසීමේ හැකියාව ලැබී ඇත. එවකට යටිනුවර ඩිපෝවේ ඉංජිනේරු වැඩ මූලික, සෙනරත් බණ්ඩාර මහතා විසින් රථය පදවාගෙන රම්බොඩ උමං මඟ ඔස්සේ  නුවරඑළිය වෙත පිවිසෙන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

සෙනරත් බණ්ඩාර මහතා බස් රථය සමඟ නුවරඑළිය නගරයේ දී.
This photo was taken on April 10, 2009 in Nuwara-Eiya, Central, LK.
Click for the full size picture.
විශේෂ ස්තූතිය: ප්‍රිමාල් මධුසංක

Wednesday, June 26, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 04

1958 වසරේ ජනවාරි මස  ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවේ ඉංජිනේරු අංශය ස්ථාපිත කිරීම සංඛේතවත් කරමින් ඉංජිනේරු අංශයේ සේවක පිරිස එක්ව ලබාගත් මෙම සමූහ ඡායාරූපය ලංගම මතක සටහන් අතර තවත් නොමැකෙන මතක සටහනක් වනු නොඅනුමානය. ඩිපෝව පිහිටුවීම සංඛේතවත් කරමින් ලබාදුන් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයක් ද පසුබිමේ දිස්වේ.

ඡායාරූපය අප වෙත ලබා දුන් රතනපුර ඩිපෝවේ ඉංජිනේරු අංශයට අපගේ ස්තූතිය.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Monday, June 10, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 03

This photo was taken in 1992 in Kappetipola, Uva, LK.
Click for the full size picture.
1992 වසරේ, සීමා සහිත කැප්පෙටිපොළ ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංගම කැප්පෙටිපොළ ඩිපෝව) වෙත මිල දී ගත් රුබී බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් (61-4233), ඩිපෝ පරිශ්‍රයේයේදී. බස් රථය ඩිපෝව වෙත ලබාගෙන දින කිහිපයකට පසු මෙලෙස ඡායාරූපය ලබාගෙන ඇත. මේ වන විට මෙම බස් රථය ධාවනයේ නොමැත.

එවකට කැප්පෙටිපොළ ඩිපෝවේ රියදුරු එම්. එම්. පී. අප්පුහාමි මහතා ඡායාරූපයේ පෙනී සිටී. මතක සටහන ඡායාරූපගත කර ඇත්තේ එන්. ඩි. එම්. අබේසේකර මහතා විසිනි. ලංගම බස් අඩවිය වෙත ලබාදෙන ලද්දේ එම්. එම්. පී. අප්පුහාමි මහතාගේ පුත් ප්‍රීමාල් මධුසංක මහතා විසිනි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Sunday, May 19, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 02

This photo was taken in February 25, 1978 in Jaffna, Northern, LK.
Click for the full size picture.
1978 වසරේ පෙබරවාරි මස 25 දින, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝව යටතේ ධාවනය වූ ලං.ග.ම. බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP 1113/42 බස් රථයක් (23ශ්‍රී2381), සේවක සුභ සාධන චාරිකාවක් අතරතුර යාපනය ප්‍රදේශයේදී. මෙම බස් රථය මුලින් බදුල්ල ඩිපෝව හා එක්වී ඇති අතර 1974 වසරේ බදුල්ල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස බිබිල ඩිපෝව පිහිටුවීමට සමගාමීව එම ඩිපෝව වෙත ලබා දී ඇති මුල්ම බස් රථ පහෙන් එකකි. 

ඉංජිනේරු කරුණාදාස, ඉංජිනේරු ගුණසේකර, ගබඩා භාරකරු අතුකෝරල ඇතුළු බිබිල ඩිපෝවේ සේවක මහත්වරුන් පිරිසක් ඡායාරූපයේ පෙනී සිටී. යාපනයේ පිහිටි චිත්‍රාගාරයක් හරහා ලබා ගෙන ඇති ඡයාරූපය බී. ආර්. ජිනදාස මහතා ගේ මතක සටහනකි. අප වෙත එවන ලද්දේ කවිස්සර සංජීව මහතා විසිනි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

Friday, May 3, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 01

This photo was taken in 1985 in Kandy, Central, LK.
Click for the full size picture.
1985 වසරේ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක්, උදෑසන පාසල් ධාවන වාරයට සූදානම්ව. ප්‍රසන්න බී. රත්නායක මහතා අප වෙත එවා තිබුණු මතක සටහනකි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com