ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත අනෙකුත් ක්ෂේත්‍ර වල නිපුණතාවයෙන් යුත් කාර්මික පිරිසක් බිහි කිරීම වෙනුවෙන් පුරෝගාමී වූ ප්‍රධාන පෙලේ වෘත්තීය සහ කාර්මික පුහුණු ආයතනයකි. 1959 වර්ෂයේ ජර්මානු ෆෙඩරල් ජනරජය (එවකට නැගෙනහිර ජර්මනිය), ශ්‍රී ලංකා ජනරජය සමඟ ඇති කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ආයතනය "ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලය යටතේය. ඒ අනුව ලංගමට අයත් වේරහැර මධ්‍යම වැඩපොළ භූමි භාගයේ ආයතනය ස්ථාපනය වී ඇත.
Showing posts with label history. Show all posts
Showing posts with label history. Show all posts
Sunday, April 19, 2020
Friday, July 5, 2019
බදුල්ල 99 කොළඹ "ලක්සිරි" සේවය - ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය
Monday, July 10, 2017
ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය
![]() |
| 1950 දශකයේ කොළඹ නගරයේ ධාවනය වූ ට්‍රෑම් කාර් රථයක් සහ ට්‍රොලි බස් රථයක් |
Thursday, June 11, 2015
බස් ජන සතුව 1958
Sunday, March 16, 2014
ලංගම මධ්‍යම වැඩපොළ, වේරහැර -- Central Workshop of Ceylon Transport Board, Werahara
![]() |
| Bus body assembly section of the Weraharaa Central Workshop in 1960's. The photo is copyright to the respective photographer-- වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ බඳ එකලස් කිරීමේ අංශය 1960 වසරේ |
වේරහැර මධ්‍යම වැඩපොළ යනු 1958 ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව, ලංගමට අවශ්‍ය බස් රථ සඳහා බඳ එකලස් කිරීම, අම්තරකොටස් නිපදවීම, අමතර කොටස් ගබඩා කිරීම හා බෙදාහැරීම මෙන්ම ධාවනයේ පවතින බස් රථ පූර්ණ අලුත්වැඩියා කිරීම යන අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන ලද වැඩපොළ සමූහයක එකතුවකි. එය ඉදිකරන අවධියේ දකුණු ආසියාවේ විශාලතම රථවාහන වැඩපොළ වූයේ එයයි. බඳ නිෂ්පාදයට අමතරව ලංගමය සඳහා අවශ්‍ය එන්ජින් උපාංග ඇතුළු බොහෝ අමතර කොටස් ද වැඩපොළ භූමියේ පිහිටි විවිධ ඒකක මගින් නිෂ්පාදනය කොට තිබේ.
Monday, December 2, 2013
Werahara Workshop built "Lanka 1" Bus -- අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"
Wednesday, August 14, 2013
ටකරන් බස් -- Classic Toy CTB bus
1970 හා 1980 දශකයේ කුඩා දරුවන් අතර ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයකි මේ ටකරන් බස්. ඉවත ලන ද්‍රවය උපයෝගී කොටගෙන සකසන මේ අපූරු සෙල්ලම් බස් වලින් සෙල්ලම් නොකළ දරුවෙක් එකල නැති තරම්. ඔබත් මේ සමඟ සෙල්ලම් කර තිබේ නම්, ඔබේ මතකයන් අවදි කරන්නයි මේ විශේෂ ලිපිය.
1973 වසරේ කැළණි විහාරය අසල සෙල්ලම් බඩු වෙළෙන්දෙක්. ඔහු විකිණීමට තබා ඇති ටකරන් බසය කොටු කර ඇත. පසෙකින් එකල ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් බස් රථයක් දිස් වේ.
1973 වසරේ කැළණි විහාරය අසල සෙල්ලම් බඩු වෙළෙන්දෙක්. ඔහු විකිණීමට තබා ඇති ටකරන් බසය කොටු කර ඇත. පසෙකින් එකල ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් බස් රථයක් දිස් වේ.
Saturday, July 27, 2013
Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය
![]() |
| This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK Click on the image for full size picture. |
Subscribe to:
Posts (Atom)






