Showing posts with label history. Show all posts
Showing posts with label history. Show all posts

Sunday, April 19, 2020

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය -- Ceylon German Technical Training Institute (CGTTI)

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත අනෙකුත් ක්ෂේත්‍ර වල නිපුණතාවයෙන් යුත් කාර්මික පිරිසක් බිහි කිරීම වෙනුවෙන් පුරෝගාමී වූ ප්‍රධාන පෙලේ වෘත්තීය සහ කාර්මික පුහුණු ආයතනයකි. 1959 වර්ෂයේ ජර්මානු ෆෙඩරල් ජනරජය (එවකට නැගෙනහිර ජර්මනිය), ශ්‍රී ලංකා ජනරජය සමඟ ඇති කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ආයතනය "ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලය යටතේය. ඒ අනුව ලංගමට අයත් වේරහැර මධ්‍යම වැඩපොළ භූමි භාගයේ ආයතනය ස්ථාපනය වී ඇත.

Friday, July 5, 2019

බදුල්ල 99 කොළඹ "ලක්සිරි" සේවය - ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය

1981 වසරේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ
29ශ්‍රී7479 දරණ මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථය.
මෙය ලක්සිරි සේවය වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂයෙන් එකලස් කරන ලද බස් රථයකි. 
ශ්‍රී ලංගම මගින් ක්‍රියාත්මක වන දුර සේවා පිල්බඳව සාකච්ඡා කිරීමේදී තවත් අවධානය ලක්වන සේවාවකි "99 ලක්සිරි සේවය". එය ලාංකේය ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය එය වන බැවිනි. එය විශේෂ සේවාවක් ලෙස කැපී පෙනීම උදෙසා එයට "ලක්සිරි" යන නාමය යෝජනා වී  ඇති අතර එහි අරුත වන්නේ "ශ්‍රී ලංකාවේ අසිරිය" යන්නයි. 1979 ඔක්තෝබර් 15 එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ මෙම සේවාව ඇරඹී ඇති අතර ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ එවකට ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ සභාපති අමර මල්වත්ත පීරිස් මහතාය. එතුමන් එම සංකල්පය උපුටාගෙන තිබුණේ 1978 වසරේ සිදුකල තායිලන්ත සංචාරයක අතරතුරදී බැංකොක් සිට චින්මායි දක්වා බස් ගමනකින් අත් දකින ලද බස් සේවාවක් ඇසුරුණි. වචනයෙන් පමණක් අර්ධ සුඛෝපබෝගී නොවී ඇති ලක්සිරි සේවාව එවකට පැවති සාමාන්‍ය බස් රථ වලට වඩා පහසුකම් රැසකින් සමන්විත වී ඇත.

Monday, July 10, 2017

ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය

1950 දශකයේ කොළඹ නගරයේ ධාවනය වූ ට්‍රෑම් කාර් රථයක් සහ ට්‍රොලි බස් රථයක් 
1958 වසරේ ජනවාරි 01 වන දින, ඒ දක්වා දිවයිනේ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම් 70 ක් රජයට පවරා ගනිමින් ලංගම පිහිටවූ බව, අප පෙරදී පල කල 1958 බස් ජනසතුව ලිපිය ඇසුරු කල ඔබ දැනටමත් දන්නා කරුණකි. එහෙත් 1958 ට පෙර කොළඹ නගරය ආශ්‍රිතව පොදු ප්‍රවාහනය ගැන කතා කිරීමේදී බස් සමාගම් වලටම සීමා වීමට නොහැකි කරුණක් ඇත. මන්ද යත්, එවකට කොළඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ විශාල වගකීමක් කොළඹ මහා නගර සභාව සතුවද පැවති හෙයිනි. එම වගකීමට උර දෙමින් කොළඹ නගර සීමාවන් තුල ට්‍රෑම් සේවාව හා ට්‍රොලි බස් සේවාව පවතවාගෙන යාම කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට (Colombo Municipal Passenger Transport Department) භාර වී තිබී ඇත.

Thursday, June 11, 2015

බස් ජන සතුව 1958

මුල්ම ජනසතු බස් රථය. ලංගමය පිහිටුවීම සංඛේතවත් කරමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් කෙටි දුරක් ගමන් කල බස් රථයයි. මර්සිඩීස් බෙන්ස් O 321 HL මාදිලියේ බස් රථයක් වන මෙහි එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇත. නිට්ටඹුව ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය වර්තමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතුය.
උපුටා ගැනීම:ලංගමට පනහයි කෘතියෙන්
ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පසු, අනාගත පුළුල් දැක්මකින් යුත් ශ්‍රී ලාංකික බුද්ධිමත් පොදු ජනතාව ජාතික අවුරුදු උත්සවයක් නොවන දිනයක කිරිබත් කැවුම් කොකිස් අතිරස සමඟ කෙසෙල් අනුභව කර ඇත්තේ කීප අවස්ථාවක දී පමණි. ආසන්නම උදාහරණය 2009 වසරේ මැයි මස 18 වන දින මව්බිම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් දිනයයි. 1958 වසරේ ජනවාරි 01 වන දා ද සුවිශේෂ වූ තවත් එෙයිතිහාසික දිනයකි. එවකට අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මැතිතුමාගේ තීරණයකට අනුව පෙරදා (1957 දෙසැම්බර් 31) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහන සේවාවන්ට අයත් බස් රථ ජනතාව සන්තකය. එදිනද ජනතාව කිරිබත් කෑවේ බස් නැවතුම් පොළවලය, කඩපිල් වලය, පදික වේදිකා වලය, තුං මං සතර මං හන්දි වලය. බස් ජනසතුව එතරම් ජනතාවට සතුටු දායක වූයේ මන්ද යන්න 1958 ට පෙර ශ්‍රී ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පත්ව තිබූ තත්වය පිරික්සන ඕනෑම අයෙකුට වැටහේ.

Sunday, March 16, 2014

ලංගම මධ්‍යම වැඩපොළ, වේරහැර -- Central Workshop of Ceylon Transport Board, Werahara

Bus body  assembly section of the Weraharaa Central Workshop in 1960's. The photo is copyright to the respective photographer-- වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ බඳ එකලස් කිරීමේ අංශය 1960 වසරේ 
වේරහැර මධ්‍යම වැඩපොළ යනු 1958 ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව, ලංගමට අවශ්‍ය බස් රථ සඳහා බඳ එකලස් කිරීම, අම්තරකොටස් නිපදවීම, අමතර කොටස් ගබඩා කිරීම හා බෙදාහැරීම මෙන්ම ධාවනයේ පවතින බස් රථ පූර්ණ අලුත්වැඩියා කිරීම යන අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන ලද වැඩපොළ සමූහයක එකතුවකි. එය ඉදිකරන අවධියේ දකුණු ආසියාවේ විශාලතම රථවාහන වැඩපොළ වූයේ එයයි.  බඳ නිෂ්පාදයට අමතරව ලංගමය සඳහා අවශ්‍ය  එන්ජින් උපාංග ඇතුළු බොහෝ අමතර කොටස් ද වැඩපොළ භූමියේ පිහිටි විවිධ ඒකක මගින් නිෂ්පාදනය කොට තිබේ.

Monday, December 2, 2013

Werahara Workshop built "Lanka 1" Bus -- අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"


ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්‍රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.

Wednesday, August 14, 2013

ටකරන් බස් -- Classic Toy CTB bus

1970 හා 1980 දශකයේ කුඩා දරුවන් අතර ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයකි මේ ටකරන් බස්. ඉවත ලන ද්‍රවය උපයෝගී කොටගෙන සකසන මේ අපූරු සෙල්ලම් බස් වලින් සෙල්ලම් නොකළ දරුවෙක් එකල නැති තරම්. ඔබත් මේ සමඟ සෙල්ලම් කර තිබේ නම්, ඔබේ මතකයන් අවදි කරන්නයි මේ විශේෂ ලිපිය.

1973 වසරේ කැළණි විහාරය අසල සෙල්ලම් බඩු වෙළෙන්දෙක්. ඔහු විකිණීමට තබා ඇති ටකරන් බසය කොටු කර ඇත. පසෙකින් එකල ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් බස් රථයක් දිස් වේ.


Saturday, July 27, 2013

Ketawatta Panadura Bus service from SLTB Panadura depot -- පානදුර කැටවත්ත බස් සේවය

This photo was taken on July 23, 2013 in Beragala, Badulla, Uva, LK
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura Depot Ashok Leyland Viking Brij body bus (PN 83 / NA-1124). The Bus running under route 64 Panadura- Ketawatta via Badulla. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.